Saturday, December 24, 2016

සමාව

සලාාාං..
සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය ඉමල්කා අතින් ඈ  මාමාට ගෙන යමින් සිටි තේ කෝප්පය බිම වැටිනි..
යක්ශාවේශයෙන් එතැනට පැමිනි ඇගේ නැන්දා කෙස් වැටියෙන් දැරිය අල්ලා ගත්තාය..
"අදත් එකක් බින්දා මේකි.. ගෙයි තියෙන ඒවා විනාස කරන්න ආපු හැතිරි හිටපං උබට අද මං.. "
"අනේ නැන්දෙ ගහන්න එපා.. "
එක පිට එක කමුලට වැදුනු පහරවල් අතරින් ඉමල්කා කෑගැසුවා ය..
යක්ශාවේශ වූ ගැහැනිය ඉමල්කාගේ කෙස් වැටිය තදින් අල්ලා හිස දැවමය පුටු ඇන්දේ අනින්නට විය..
"ආයෙ මේ ගෙදර බඩු මුට්ටු විනාස නොකරන්න හොද පාඩමක් උගන්නන්නං උබට මං.. "
කදුලු වලින් තෙමුන ඉමල්කාගේ ඇහි පිල්ලම මතට බේරී ආ රුධිරය,  පුටුවේ වැදීමෙන් තුවාල වූ ඇගේ හිසින් ගලන්නක් විය.. සියල්ල භ්‍රමනය වෙමින් පෙනෙද්දී ඉමල්කා සිහිසුන්ව බිම වැටිනි..
තවත් මොහොතකින් දෑස් විවර වී සිහිය විත් බලන විට කිසිවෙකුත් එතැන නොවීය..
"අත්තම්මෙ.. "
සිහින් කෙදිරියක් ඉමල්කාගේ මුවින් නිකුත් විය.. අපහසුවෙන් නැගිට කුස්සිය ආසන්නයේ වූ ගබඩා කාමරයට යා ගැනීමට ඈට හැකිවිය.. 
ඇදේ නිදා උන් අත්තම්මා, ඉමල්කා දැකීමෙන් අපහසුවෙන් නැගිටීමට උත්සහ ගත්තාය..
"සීවරං දෙයියනේ අදත් අර ගෑනි උබට ගැහැව්විවද.. "
අත්තම්මාගේ දෑසට කදුළු නැගී ඇත..
"උබගෙ අම්ම අප්පටවත් ඉන්න තැනක ඉදං පේන්නැද්ද මේව්වා.."
ඉමල්කා අත්තම්මාට තුරුලු වී හැඩුවාය.. පහර කෑමෙන් ලත් ගතේ තුවාලයට වඩා සිතේ තුවාල, මව පියා නැති කුඩා දැරියට රිදුම් දුන්නාය..
"ඇයි අත්තම්මෙ නැන්දා මට ගහන්නෙ.. "
"මට නිවි සැනහිල්ලෙ ඇස් දෙක පියා ගන්න බෑ මගෙ දුවේ.. මාත් නැති කාලෙක උබට යන කල ගැන හිතද්දි.."
                         ***
ඉමල්කා කුඩා ජනේලයෙන් පිටත බලා හිදින්නීය.. හඳ අලංකාර ලෙස පායා ඇත.. අවසානයට අත්තම්මාත් සමග මාස ගනනාවකට පෙර සිල් අරගෙන ආපසු එන ගමනේ දී ඈ බලා සිටි සදෙහි රුව අදත් එලෙසම විය.. ඇගේ ජීවිතයට මදක් හෝ ආලෝකයක් ගෙන ආ  අත්තම්මා, මෙලොවින් නික්මයාමෙන් පසු අදුරු වූ ඇගේ පුංච් සිතට ඉන් පසු බිඳක් හෝ එලියක් වැටුනේ නැත..
"ඉමල්කා.. ඔයා තරුවෙ ගාපු පාප්ප වේලෙනවා!! "
රුවිනිගේ කෑ ගැසීමෙන් ඉමල්කා පියවි ලොවට පැමිනුනාය.. චොක්ලට් දැමීම සඳහා රුවිනි කුඩා කවර අලවමින් සිටියාය..
"අහ්. ඔව්නෙ."
ඉමල්කා වහා මේසය වෙත ගොස් තරුව කාඩබෝඩ් එකෙහි ඇලවූවා ය.
"හරි. තරු ටික කපන්න විතරයි තියෙන්නෙ.. "
ඉමල්කා කියුවාය..
නත්තල් ගස ලමා නිවාසට ගෙන ආවේ එදින උදේ වරුවේයි.. නත්තල් ගස හැඩ කිරීම ඉමල්කාටත් මේ ලමා නිවාසයේ ඇගේ අලුත් මිතුර මිතුරියන්ටත් පැවරී තිබිනි..
නත්තල් ගසත් එය හැඩ කිරීමට ගෙන ආ සර සර හඩක් නැගෙන දිලිසෙන කොල, කාඩ්බෝඩ්, සීනු සියල්ල දෙස ඔවුන් ඉහලට ගත් හුස්ම පහලට හෙලීම අමතක කොට බලා සිටියෝය..
"ඔයාට නත්තල් සීයා මොන විදිහෙ තෑග්ගක් දෙයිද දන්නෙ නැහැ.. අපි ලියුම් යවන කාලෙ ඔයා හිටියෙ නෑනෙ.. අපි හැමෝම නත්තල් සීයට ලියුම් ලිව්වා අපිට ඕනෙ තෑගි ගැන කියලා.. සිස්ට මිෂෙල් ඒ ලියුං නත්තල් සීයට යවනවා..  "
රුවිනි කියුවාය..
ඉමල්කාට මේ සියල්ල විශ්මය දනවන දෑය.. නත්තල් ගසක්, නත්තල් සීයා..
නැන්දාත් මාමාත් ඉමල්කාව මේ පල්ලියේ ළමා නිවාසයට ගෙනැවිත් දමා සති දෙකක පමන කාලයක් ගත වී ඇත.. අත්තම්මා සමග සවස මල් පුදා බුදුන් වැද පුරුදු  ඇයට මෙහි පැමිනි මුල් දිනම නිදා ගැනීමට පෙර ඔවුන් කරන යාඥාව විශ්මයක් විය..
රුවනීත් අනෙක් මිතුරියනුත් පවසන පරිදි හෙට නත්තල් සීයා ගෙන් ඔවුන්ට තෑගි ලැබෙන දිනයයි..
                      ***
වසර පහලවකට පසු...
"ඉමල්කා.. දූ සෙල්ලම්බඩු පෙට්ටි ටික කොහෙද ....? "
"මම ඒ ටික යසෝමාට කියලා වාහනේට දැම්මෙව්වා.. ආ අම්මා සැන්ටගෙ ඇදුම් ටික පියදාසට දුන්නද..? "
"ඔව් දූ.. පියදාස ඔන්න හවස ඇදගෙන නැටුවෙ.. "
මානෙල් සිනාසෙමින් කිවාය.
විසි දෙහැවිරිදි ඉමල්කා හා ඇගේ මව්පියන් මේ සූදානම් වන්නේ පල්ලියේ ලමා නිවාසයට දෙන දානයටයි..
රවී ප්‍රනාන්දු, මානෙල් ප්‍රනාන්දු හා ඔවුන්ගේ දියණිය ඉමල්කා උදෑසනින්ම ලමා නිවාසය බලා පිටත් විය..
සැන්ටා ලෙස ඇද පැළද ගත් පියදාස  කුඩා දරුවන්ට තෑගි බෙදා දෙන්නට විය.. දරුවන්ගේ සතුට දැක  ඉමල්කාගේ දෙනත් වලට කදුළු නැගුනේ ඉබේටමය..
"ඉමල්කා..? "
පිටු පසින් ඇසුනු හඩ ඔස්සේ ඈ හැරී බැලුවාය..
"සිස්ට මිෂෙල්! "
"හ්ම්..අවුරුදු පහලවකට පස්සෙ... කෙල්ල දැන් ගොඩක් ලොකුයිනෙ.. "
ඉමල්කාගේත්, සිස්ට මිෂෙල්ගේත් මතකය අතීතයට ගියේ එකවිටමයි..
අවුරුදු පහලවකට පෙර ඒ සුන්දර නත්තල් දිනයේ රුවිනිත් අනෙක් මිතුරියනුත් ඔවුන්ට ලැබුනු තෑගි වලින් විනෝද වන මොහොතේ පුංචි ඉමල්කා ඇයට ලැබුනු බෝනික්කාත් තුරුළු කරගෙන කුඩා ජනේලයෙන් එපිට බලා සිටියාය.. 
"දූ.. ඇයි ඔයා මෙතන තනියම.. "
ඇයට පිටුපසින් ඇසුනු කාන්තාවගේ හඩ නිසා ඉමල්කා හැරී බැලුවාය..
හැරී බැලූ ඉමල්කාගේ මුහුන දෙස ඈ විශ්මයෙන් බලා සිටියාය..
"නතාෂා.. ? "
"මගේ නම ඉමල්කා.. "
දැරිය අහිංසක ලෙස පැවසුවේ තමා ඉදිරිපිට තමාට වෙනත් නමකින් ආමන්ත්‍රනය කරන කාන්තාවට ය..
ඇගේ දෙනෙත් වල කදුලු පිරී තිබුනේ ඇයි දැයි ඉමල්කාට වැටහුනේ නැත.. ඈ ඉමල්කාව වැළදගෙන සිප ගත්තාය..
ඉමල්කාට මේ කිසිවක් තේරුම් ගත නොහැකි විය.. අත්තම්මාත්, මෙහි පැමිනි පසු සිස්ට මිශෙලුත් හැරෙන්නට වැඩිහිටි කිසිවෙකුත් ඇයට මේ තරම් සෙනෙහසක් දක්වා නැත..
"රවී.. "
ඇය ඇගේ සැමියාට කථා කිරීමට ගියේත් දෑසට නැගුනු කදුළු එසේ තිබියදීමයි..
වසරකට පෙර ඔවුන්ගේ ජීවිත වලින් සඳහටම සමුගත් ඔවුන්ගේ නතාෂා දියනියගේ හැඩරුව ගත් ඉමල්කා දෙස  ඔවුන් බලා සිටියේ විශ්මයත් සෙනෙහසත් පිරුනු දෑස් වලිනි..
මොහොතකින් සිස්ට මිෂෙල්, ඉමල්කාව ඈ අසලට කැඳවා ගත්තාය.. පුංචි දියණියගේ අත මෘදුව අල්ලාගත් ඈ මෙසේ කියුවාය..
"දන්නවද ඉමල්කා.. හොඳම නත්තල් තෑග්ග හම්බවෙලා තියෙන්නෙ ඔයාට.. ඔයාට ගොඩක් ආදරේ අම්මෙකුයි තාත්තෙකුයි දෙවියන් වහන්සෙ අද ඔයාට මුන ගස්සලා තියෙනවා...  එයාලා කැමතියි ඔයාව එයාලගෙම දුවෙක්  විදිහට හදාගන්න.. "
රවී ප්‍රනාන්දු හා ඇගේ බිරිද මානෙල්, ඉමල්කා ගේ නීත්‍යානුකූල මව්පියන් බවට පත් වූයේ එලෙසයි..
අතීත මතක වල සැරිසැරූ සිත ඉන් මුදවා ගෙන ඉමල්කා  තම කටහඩ අවදි කලාය..
"සිස්ට මගේ නැන්දා ගැන.. මම සිස්ටට මෙහෙ හිටපු කාලෙ කියලා තියෙනවා නේද එයා ගැන..
අපි ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් මම ගියා නැන්දව බලන්න.. නැන්දට අංශභාගෙ හැදිලා.. "
                       ***
"දැං අවුරුදු එකහමාරක් තිස්සෙ ඔහොමයි දුවේ..  "
මාමා ඉමල්කාට කියුවේය..
එක් පසකට කඩා හැලුනු මුව සහිතව නැන්දා ඈ දෙස බලා හිදී.. ඇත්තෙන්ම ඉමල්කාගේ නෙත් කදුළින් පිරී ගියේය..
"නැන්දෙ.. මම... ඉමල්කා.. නැන්දට අදුනන්න පුළුවන්ද..?"
ඉමල්කා සෙමින් විමසුවාය..
අතීත සිදුවීම් නිසා පසුතැවිලිමත් වන නැන්දාගේ දෑස් තේරුම් ගත් ඉමල්කා මෙසේ පැවසුවාය..
"නැන්දෙ ඒ කිසිම දේකට මම නැන්දත් එක්ක තරහා නෑ.. "
ඉමල්කා එම නිවසින් පිටව ආවේ යම් මුදලක් මාමාගේ අත තැබීමෙන් පසුවයි.. නැන්දාගේ රෝගී වීමෙන් පසු ඔවුන්ට මුදල් අතින්ද අඩුපාඩු ඇතිවී ඇති බව ඉමල්කාට දැනී තිබිනි..
ඉන් පසු ඇයට හැකි වේලාවන්වලදී ඉමල්කා කිහිප වරක්ම එහි ගියාය..
                       ***
"නැන්දා අත්තම්මට සැලකුවෙ නෑ.. මට නපුරුකම් කලා.. ඒත් නැන්දා ගැන මට වෛරයක් නැහැ සිස්ට.. ඉස්සර අත්තම්මත් එක්ක කරනවා වගේ මම පන්සල් ගිහින් බෝධි පූජා කලා.. මේ අම්මයි තාත්තයි එක්ක පල්ලියෙ යාඥා කලා නැන්දා වෙනුවෙන්.. නැන්දා එයා කරපු දේවල් ගැන පසුතැවෙනවා.. නැන්දට කථා කරගන්න බැරි උනාට මට ඒක දැනුනා.. සිස්ට.. මම නැන්දට සමාව දුන්නා ඒ හැමදේටම.. "
                     ***
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
"අපට විරුද්ධව පව් (ක්‍රියා) කරපු කෙනෙකුට, අප්‍රසන්න ක්‍රියා පටිපාටියක් ඇත්තෙකුට, සැබවින්ම සමාව දීමට අකමැත්ත, තිත්තකම, හා කෝපය අප තුල නොතිබිය යුතුය.. "
                  (ශුද්ධ වූ බයිබලය.)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
                     ***
කිතුනු මිතුර මිතුරියන් සැමටම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!
~මුදී~

Saturday, December 10, 2016

දෝණි.....

දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය..
"අනූපා, ඔයාට මම කියනවා විශ්වාස නැහැනෙ.. ඔන්න අසෙලියා රෙස්ටුරන්ට් එකට ඇවිත් අද ඇස් දෙකෙන්ම බලා ගන්න.. "
අනූපා වෙව්ලන ගතින් යුතුව අසෙලියා රෙස්ටුරන්ට් බලා පිටත් වූවාය. 
චන්දිමාගේ වදන් සත්‍ය බව තම දෑසින් දකිත්ම ඉහ වහා ගිය කෝපයකින් අනූපාගේ හදවත්  අභ්‍යන්තරය පිලිස්සෙන්නට විය..
රංග, ඔහු සමග සිටි යුවතියගේ උර වටා දෑත් දමාගෙන ප්‍රේමනීය කථා බහක හිද නැවත මෝටර් බයිසිකලය වෙත නැග දෙදෙනාම පිටත් විය. ඒ යනතුරුත් ඔවුන් කරා ළගා වීමට පය එසවීමට තරම්වත් අනූපාට ශක්තියක් නොතිබිනි. නොනවත්වා තම දෑසින් ගලන කදුලු වලට බාධා නොකරමින් ඇය ඔහේ ඇවිද ගියාය..
වසරකට පෙර ඇයට රංගව මුන ගැසුනු ආකරයත්, ඔවුන් මිතුරන් වූ ආකාරයත් ඉන්පසු ආදරවන්තයන් ලෙස ගත කල කාලයත්, කල් ගත වත්ම ඔහුගේ වෙනස් වීමත් සිනමා පටයක රූප රාමු මෙන් අනූපා ගේ මනසේ මැවෙන්නට විය..
'මොකද්ද මේ සිද්ධ වුනේ.. දෙවියනේ.. රංගට බෑ එහෙම කරන්න.. '
නමුත් ඇගේ හදවත නොපිලිගන්නා සත්‍ය ඇය සාක්ෂි සහිතව දෑසින්ම දැක ඇත..
රල ගහන සයුර මානයට ඇය අවසිහියෙන් මෙන් පැමින ඇත..
'මට රංග නැතුව ජීවත් වෙන්න බැහැ.. මට තව මොහොතක් වත් ජීවත් වෙන්න බෑ.. '
මුහුන මත කදුලු වැල් සටහන් සහිත මෙම  යුවතිය තවත් මොහොතකින් ගල් කුලෙන් පහතට පැන තම ජීවිතයට සමු දීමට තිර අදිටනක උන්නාය.. තව මොහොතකින් ඇගේ ප්‍රානය වාතලයටම මුසු වී හමා යනු ඇත. හදවතේ උපන් එකම තීරණයට ඉඩ දී ඇය බුද්ධියට මාංචු දමා තිබිනි..

"දුවේ.... "
පිටුපසින් නැගුනු කටහඩින් අනූපා තිගැස්සුනාය.. අප්පච්චි..
නැත. ඇයට අමතනු ඇසුනේ ඇගේ පියා නොවේ.. පියාගේ හඩට සමාන හඩක් ඇති මැදිවිය ඉක්ම වූ පුද්ගලයෙක් ඇය හිදි ගල මතට පැමිනෙමින් සිටී..
'මොකද්ද දරුවො මේ කරන්න යන අපරාදෙ.. '
අවසානයේදී ඇයව වෙරලට ඔබ්බෙන් වූ සිමෙන්ති බංකුව මතට කැදවාගෙන ඒමට ඔහු සමත් විය.. කදුලු වැල් වලට නැවත පන දෙමින්ම ඈ ඇගේ කථාව ඔහු හමුවේ කියා සිටියාය..
'පුතේ... ඔයා අද කරන්න හදපු දේ මීට  අවුරුදු දහයකට කලින් මගෙ දරුවා කලා.. ඒත්.. එත් මට එයාව බේර ගන්න බැරි වුනා.. '
ඔහුගේ දෑස් අගත් කදුලු පිරී තිබෙනු අනූපා දුටුවා ය..
'මම ප්‍රින්සිපල් කෙනෙක්.. අපිට දෝනිව හම්බ වෙද්දි මට  අම්පාරෙ ස්කෝලෙකට පත්වීම හම්බ වුනා විතරයි.. පහසුකම් හුඟක් අඩු වුනත් මගේ නෝනා වචනෙකින් වත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.. දෝනිව හම්බ වුනාට පස්සෙ එයා ජොබ් එකෙනුත් අයින් වුනා.. අපිට ගොඩක් දුක් විදින්න වුනා එහෙ ජීවත් වුන කාලෙ.. දෝනි අපට හිටිය එකම දරුවා..
මට නුවරට මාරුව හදා ගන්න පුලුවන් වුනා දෝනි මොන්ටිසෝරි යන කාලෙ. එයාව නුවර ගර්ල්ස් ස්කූල් එකකට දා ගන්න පුලුවන් උනා.. කිසිම අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ එයාගෙ අම්මමයි මමයි...
මේ දේ සිද්ද වුනේ දෝනි ඒ ලෙවල් ක්ලාස් එකේ ඉන්න කාලෙ.. එයා පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අපි දැන ගත්තා. මම මට පුලුවන් හැම විදිහෙන්ම මම එයාට තේරුම් කරලා දෙන්න හැදුවා ඒක එයාට ගැලපෙන සම්බන්ධයක් නෙමේ කියලා.. අපි කවදාවත් දෝනිට පාරක් ගහලා නෑ.. ඒත් එදා මගෙ නෝනා හොදටම ගැහුවා දෝනිට.. පහු වෙනිදා උදේ වෙත්දි දෝනි ගෙදර හිටියෙ නෑ. එයා හිතුවක්කාරෙට ගිහිල්ල තිබුනා අර ලමයත් එක්ක..
ඊට මාස දෙකකට පස්සෙ දවසක මෙතැන.. මේ වෙරලෙන්ම මගෙ දෝනිගෙ මිනිය හම්බවුනා. අද දූ මූන දීපු සිදුවීමම එදා එයාටත් සිද්ද වෙලා තිබුනා.. දෝනි ලියලා තියපු ලියුමකින් අපි ඒ හැම දේම දැන ගත්තෙ.. එදා දෝනි ඒ මෝඩ තීරනේ ගන්නෙ නැතුව අපි ලගට ආවනං.... මට මගෙ දරුවා සදහටම නැති වුනා දුවේ... '
ඉකිබිදුමක් ඔහුගේ මුවින් නිකුත් විය..
අනූපා ඇගේ බුද්ධියට දමා තිබූ  මාංචු හැර දැම්මාය..
ඔව්.. රංග ඒ ගෑනු ලමයත් එක්ක..ඒ නැත්නම් තවත් කෙනෙක් එක්ක සතුටින් ඉදීවි මම නැති වුනත්.. ඒත් මගේ තාත්තා.. දවසක මේ අංකල් වගේම මේ මුදු වෙරලෙ අඩා වැටෙයි මම හින්දා...
නැහැ.. ඒකට ඉඩ තියන්නෙ නෑ මම...
අනූපා ඇගේ බුද්ධියෙන් නැගෙන හඩට සවන් දුන්නාය..
ඇය නිවසට පැමිනෙන විට අප්පච්චී ගේට්ටුව අසල බලා හිදිනු ඈතදීම දුටුවා ය..
'දූ අද පරක්කු නිසා මං මේ බලන් හිටියෙ..
මූන කට හෝදගෙන එන්නකො කෑම කන්න.. අම්මයි මමයි හිටියා දූ එනකංම කෑම කන්න.. '
අප්පච්චී කියුවේය..
තමා ක්‍රියාත්මක කිරීමට ගිය අනුවන තීරනය ගැන අනූපා දහස් වාරයක් තම සිතින් පසුතැවුනාය.. ඇයට ඒ මොහොතෙහි එම මිනිසා මුන ගැසුනේ නැත්නම්...මේ මොහොත වන විට ඇගේ අම්මාගේත් අප්පච්චීගෙත් හැඩුම් වැලපුම් මේ නිවස අරක්ගන්නට තිබිනි...
                     ***********
                      දෝනි,
ඔයා ආදරෙන් පැරදුනාම ජීවිතෙන්
                සමු දෙන්න එපා.
එයා වෙන කෙනෙක් සමග ඉදීවි..
               ඒත් ඔබේ පියාට
      ඔබ වැනි කුමරියක් නැවත
                 හමු නොවේවි..
                   ***************
අහම්බෙන් නෙත ගැටුනු ඡායාරූපයකට, කථාවක් නිර්මානය කලෙමි..
~මුදී~