Monday, May 1, 2017

බෝඩිමේ මුල් දවස..

නුපුරුදු බෝඩිම් කාමරය තුළ
හුදකලා වී බලා සිටියෙමි
නොහදුනන අය අතර තනිවී..

ගෙවී යන දිගු දිනය කෙලවර
දුටිමි සුපුරුදු ඔබව
කවුලුව තුලින් එබී බලා හිනැහෙන..
හැඳුනුම්කරු මා දන්නා එකම..
ආයුබෝවන් හිරු..
ඔබත් සමු ගනියි තව මොහොතකින්..

~මුතූ~

කැම්පස් එකේ මුල්ම දවසෙ වෙල්කම් එකෙන් පස්සෙ ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් ඉවර වුනාම අම්මයි මමයි මගේ බෝඩිමට ආවා.. ගෙනිච්ච බඩු ටිකත් පිළිවෙලට තියලා අම්මා ගියා ගෙදර යන්න රෑ වෙන නිසා.

වෙලාව හවස දෙකට කිට්ටුයි. අපේ කැම්පස් එකේ ළමයෙකුටයි කියලා මේ බෝඩිමෙන් හිටියෙ මම විතරයි. තව තුන් දෙනෙක් ඉන්නවා කිව්වා ජොබ් කරන අක්කලා. ඉතින් එයාලා එද්දි හවස් වෙනව කියලත් මෙහෙන්  කිව්වා. නෑදෑ ගෙදරක ඇරෙන්න වෙන කොහෙවත් තනියම හිටපු නැති මට ඒ මොහොතෙ ලොකු පාලුවක් දැනුනා..

බෝඩිමේ අක්කලා කොයි වගේද දන්නෙත් නෑ, තැනත් නුපුරුදුයි. අමුතුම හැඟීමක මම හිරවෙලා හිටියෙ. තව චුට්ටක් හවස් වෙද්දි මම හිටපු රූම් එකේ ජනේලෙන් පෙනුන දර්ෂනේ තමයි ඔය..
මගේ මූන එක පාරටම හිනාවකින් පිරිලා හිතෙන් මෙහෙම කියවුනා..
අනේ..ඉර ඔයා තමයි මෙහෙ මම කලින් අදුනන එකම එක්කෙනා..

ඊට පස්සෙ ෆොටෝ එකක් අරන් මම ඒ ආපු අදහසක පද කීපයකට නැගුවා..

ම්ම්.. අදට හරියටම සතියක් වෙනවා ඇවිත්. මෙහෙ හැමදේම හොදයි. දරන්න බැරි එකම දේ රස්නෙ තමයි. නාන්න එන වතුර තිසා වැවේ වතුර. ඒ වැව් සුවද අමුතුම මිහිරියාවක් හදවතට එකතු කරනවා.

මම මේ කැම්පස් ජීවිතේට ගොඩක් කැමතියි. තාම ඇකඩමික් පටන් ගත්තෙ නෑ.. හෙට තමයි පටන් ගන්නෙ. ගෙදර ඇවිත් හිටියත් මම හරිම ආසාවෙන් ඉන්නෙ හෙට ආයෙම කැම්පස් එකට යන්න..

මේ පණ්ඩුලගම. මගේ බ්ලොග් එක කියෙව්වා නම් ඔයා දන්නවා ඇති ඉතිහාසයට මම කොච්චර කැමතිද කියලා. (මගේ සීගිරි ප්‍රබන්ධය එහෙම.) ඉතින් මම මෙහෙ අතීතය හොයන්න උත්සහ කලා. නෙට් එකේ සර්ච් කලා.. ඒත් අතීතයේ මේ පණ්ඩුල ගාම යේ වැදගත්කම හොයා ගන්න බැරි වුනා.. මම උත්සහ කරනවා..

ඇත්තටම මම හීනෙකින්වත් මෙහෙ එන්න හිතලා තිබුනෙ නෑනෙ.. ඌව කැම්පස් අහු වෙයිමයි කියලා බලන් හිටියා. ඒත් අන්තිමේ දි මම නැවතුනෙ මෙහෙ. ඌවෙ ගියා නම් රාවනා අතීතයේ දේවල් හොයාවි මම.  හිහි..

අපේ බෝඩිම කිට්ටුවම පන්සලක් තියෙනවා. බෝඩිමේ ඉදලා කැම්පස් එකට යන පාරෙ තව එකක්. කැම්පස් එක පහු කරලා චුට්ටක් යනකොට තව එකක්. ඒ වගේ එක ලග පන්සල් තුනක් දැකපු පලවෙනි වතාව මම. ඉතින් ඒවයෙ පෞරාණික වැදගත්කම් හොයන්න ආසයි.
ඉතින් මේ කියවන ඔයාලා හිතයි මම කරන්නෙ පුරාවිද්‍යා කෝස් එකක්ද කියලා.. හිහී.. නැහැ. මම අයිටී තමයි කරන්නෙ. මම අයිටී පැත්තට ගොඩක් ආසයි. පුරා විද්‍යාව මගෙ හොබි එක වගේ වෙලා ඉතින්..


1 comment:

  1. ම්ම්ම්. ඔව් ලියමු බලන්න ඉතිරු ටිකත්

    ReplyDelete