Tuesday, September 12, 2017

සිතුවිලි..

මුලු හවස් වරුවම වැස්සා.. පුදුම සීතලක් පරිසරයම වහගෙන.. කවියක් සිතුවිල්ලක් ලියන්න හිත දෙපාරක් නොහිතම පොරකනවා.. තව.. වැස්ස වෙලාවක.. තව.. හද එලිය ජනේල් වීදුරුව පසාරු කරගෙන ඇදට වැටිලා තියෙන රෑක.... වචන වලින් කියන්න බැරි තරම් හරි සතුටු හිතෙන හැඟීම් වලින් හිත පිරෙනවා... මගේ සිතුවිලි වලට පන දෙන්නෙ මේ පරිසරය..

ආදරය කරන කෙනා මට මුන ගැහිලා තිබ්බ නම් මේ වෙලාවෙ මම එයා එක්ක චැට් එකක් දාවි.. සමහරක් විට මම කවියක් ලියාවි එයාට... මම කවියක් යවනකොට එයා රිප්ලයි කවියක් එවනව නම්... මේ සොබාදහම ගැන මම තරම්ම සංවේදියි නම්.. යාන්ත්‍රික මිනිසෙක් නොවී ඒ ලස්සන හදවත හැමෝම අගේ කරනවා නම්... එහෙම කෙනෙක් කොහෙද ඉන්නෙ.. තාමත් ඔහුව මුන ගැහුනෙ නෑ... තාමත් නෑ..

මම නිදහසේ ඉන්නකොට මම අතින් ලියවෙනවා අඩුයි... ඒත් ගොඩක් බිසී උනාම හිත එහෙන් මෙහෙන් පැනලා දුවගෙන ඇවිත් අදහස් ලියන්න පොර අල්ලනවා... ම්ම්.. එග්සෑම් එකේ තව සබ්ජෙට් එකක් 17 තියෙනවා. පාඩම් කර කර ඉන්න ගමන් මේ ලියන්න හිතුනා..  17 වෙනිදයින් පස්සෙ ලොකු නිවාඩුවක්.. අනිත් අය ගොඩක් ආසාවෙන් බලන් ඉන්න නිවාඩුවක්.. ඇත්තටම මම කැමති නැහැ.. දෙවනි සෙමෙස්ටර් එක 17 න් පටන් ගන්නවනම්.. ඒ තරමට කැමතියි.. මට ඕනෙ නෑ තවත් පාලු කාලයක් ගත කරන්න..

මේ ලියන අකුරු කාටවත් වැඩක් නැහැ...ඒත් මට මේවා කියවන්න කවුරුවත් නෑ... හැමතැනම තනිකම කියන දේ පිරීලා.. නිවාඩු කාලෙක ඒක තදින්ම දැනේවි.. ඒත් කැම්පස් එකේ යාලුවො එක්ක ඉද්දි කාලෙ  යනවා කියන එක දැනෙන්නෙ නෑ.. ඇත්තටම පලවෙනි සෙමෙස්ටර් එක ඉවර උනා දැනුනෙත් නෑ...

හොදම යාලුවා කියන තැනට කවුරුත් නොගන්න තීරණය කලා මම.. ඒක ඇත්තටම දුකක්.. වෙන් වෙන්න උනාම දරා ගන්න අමාරුයි. ඒක මම හොදටම අත්විදිනවා මේ දවස් වල.. මම නංගිට ඕක කිව්වම එයා කිව්වා යාලුවො කියන අය ජීවිතේට ඕනෙ.. නැත්නම් අපි ගල් වගේ වෙනවා තනියම ජීවත් වෙන්න ගියාම කියලා..

උමා ගියාට පස්සෙ හිත හයිය කරගෙන මගේ අරමුන ගැන විතරක් හිතලා ඒකට වැඩ කරන්නයි හිතන් හිටියෙ.. ඒත් මම ගල් වෙනවට මම බයයි... මම යාන්ත්‍රික වෙනවට මම බයයි. මම ටිකක් හරි බිසී වේගෙන එනකොට මේ වගේ දුවගෙන එන්නෙ ඒ නිසා වෙන්න ඇති කියලා මට මේ දැන් හිතුනා..
ජීවිතේ කථා කර කර ලගින්ම ඉන්න ඕනෙ කෙනෙක්ගෙ අඩුව යාලුවකුට පුරවන්න බැහැ.. ඒකට අපි වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනෙ..

1 comment:

  1. [මේ ලියන අකුරු කාටවත් වැඩක් නැහැ...ඒත් මට මේවා කියවන්න කවුරුවත් නෑ... ]
    කාරණා තුනක් කියන්න කැමතියි...
    එකක් තමයි මේ ප්‍රකාශයෙන් ඔබේ බ්ලොග් එකට ඇවිත් කියෝන සහ කියව කමෙන්ටු දාන අයගේ හිත නරක වෙන්නත් ඉඩ තියෙනවා. මම ඉන්නේ ඒ කැටගරි දෙකේම.
    අනිත් එක තමයි, මම හරියට දන්නේ නැහැ ඔබේ ඒ නිගමනයට පාදක වෙච්ච කාරණාව මොකද්ද කියලා. මොකක් නමුත් ඒ මුලාශ්‍රය වැරදි ඇති. තව සොයා බලන්න.
    අවසාන එක තමයි ලිවිම කියන්නේ තෘප්තියක්. එතැනදී කියවන්නා අනුව හැඩගැසෙනවාට වඩා උචිත වන්නේ ඔබේ ලිවිම ඔබ රසවිඳීමයි. කමෙන්ටු වල හොඳ හෝ නරක මත සියල්ල වෙනස් කරන්න එපා.

    යහළුවන් ඈත්වීම කියන්නේ දුකක්. ඇත්තටම දුකක්. සමහර වෙලාවට මිනිස්සුන්ට ඒක තමන්ට වෙනකල් තේරුම් ගන්නත් බැහැ. සමහරුන්ට තමන්ට උනාට, ටික දවසකින් එය මගහැරුනාම මතක නැති වෙනවා තමන් හිටියේ කොහොමද කියලා.

    මතකතියාගන්න ඕනේ දෙයක් තමයි... තනිකම හෝ පිරිසක් එක්ක ඉඳීම කියන්නේ තාවකාලිකයි. ඔය තනිකමට හෙමින් යමක් සිදුවෙයි. එතකල් ඉවසන්න, ඒ වෙනසට ඉඩ දෙන්න... ඒ වෙනුවට ලියන්න!

    ReplyDelete