Wednesday, February 21, 2018

(9) අපිළිවෙල සටහන් - 01

සමහර දේ කියාගෙන කියාගෙන යා හැකිය.. එසේ කිව යුතු බොහෝ දෑ මගේ සිතෙහි පිනුම් ගසයි.. නමුත් ඒවා ලිපි ලෙස එකින් එක තේමාවලට වෙන් කල නොහැක..
එම නිසා අලුත්ම ලේබලයක් ඇරඹුවෙමි..

"අපිලිවෙල සටහන්"..

**************************

මම ජීවිතය විදිනවද කියලා මම මගෙ හිතෙන්ම ඇහුවා. හිත කියනවා විදින්න කොහෙද වෙලාවක්. ඔයා කැමති කැමති දේ කරන්න ගියොත් මේවා අතපසු වෙනවා..

මට අපේ නෙට්වර්ක් සබ්ජෙක්ට් එකේ ලෙක්චරර් මධුරංග සර් මතක් උනා.. සර් අපිට උගන්නන්න ආපු දවසෙ ඉදලා පාඩම් වලට අමතරව අපේ ජීවිත වලට හොද දෙයක් දෙන්න උත්සහ කලා.. සර් නිතරම කියපු දෙයක් තමයි සතියකට අපි පොත් දෙකක්වත් කියවන්න ඕනෙ කියලා.. එහෙම කරන අයට අත උස්සන්න කිව්වා. අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් හිටියෙ.
ඊට පස්සෙ සර් හේතු ඇහුවා.. කැටගරි වලට වෙන් කලා.. පොත් කියවන්න ආසයි ඒත් හොයා ගන්න බැරි අය.. කියවන්න වෙලාවක් නැති අය.. ඔන්න ඔහොම කීපයක් තිබුනා.. මම වගේම බොහෝ අය හිටියා එක කැටගරි එකකට වත් යන්නෙ නැතුව.. හිතා ගන්න බැරුව.. මම මට වෙලා තියෙන්නෙ ඕවයින් මොකද්ද කියලා නිවාඩු පාඩුවේ හිතන්න ඉඩ තියා ගත්තා..
පොත් නැති අයට පොත් ඩවුන්ලෝඩ් කර ගන්න සර් සයිට් එකක් පවා කිව්වා. ටයිම් එක මැනේජ් කර ගන්න හැටි වීඩියෝ එකක් පෙන්නුවා..

ඉතින් ඊලඟ සතියෙත් සර් ඇවිත් අර ප්‍රශ්නෙම අහලා අත උස්සන්න කිව්වම සතියකට පොත් දෙකක් කියවපු අයගෙ වැඩි වීමක් තිබුනෙ නෑ..

ප්‍රෝග්‍රැමින්, මැත්ස් ලෙක්චර් වලින් පිරුනු කාර්‍යබහුල ඉගැන්වීම් රටාවක හිර වෙලා ඉන්න අපිට, නෙට්වර්ක් ලෙක්චර් එක අතරෙ ජීවිතේ ගැන දේවල් කියලා දෙන සර්, මගෙ ෆේවරිට් ලෙක්චරර්ස්ලගෙ ලිස්ට් එකේ දෙවනි තැනට වෙනකන් ඉහල ගියා..
හිහි..  ඒක නෙමේ කියන්න ගියෙ.. ඉතින් මම නිවාඩු පාඩුවෙ කල්පනා කරන්න ගත්තා..
පොතක් හම්බ උනාම කන්න බොන්න වත් ඕන නැති මම ඇයි සර් කියන එක කරන්න බැරි.. ඉතින් මම හිතුවා.. හරි පොත් කොහොම හරි හොයා ගත්තා කියමු.. ඔන්න පොතක් හම්බ උනා කියන්නෙ මට ඒක කියවනකන් ඉවසිල්ලක් නැති වෙනවා. ලෙක්චර්ස් ඉවර වෙලා හවස ආව ගමන් කාලා බීලා මම පොත අතට ගන්නවා.. මට උනක් තියෙනවා පොතක් ගත්තම කියවලා ඉවර කරනකන් නින්ද යන්නෙ නෑ.. ඉතින් ඔන්න එදා දවසෙ කියවලා ඉවර කරන්න බැරි උනොත් ඊළග දවසෙ... ඊට පස්සේ එක රහ වැටුනම මට තව පොත් ඕනෙ.. ඒ විතරක් නෙමේ පොතක් කිවෙව්වම එවෙලෙ ඉදලා ගොඩක් වෙලා යනකන් මගෙ හිත ඒකෙ සිදුවීම් ගැන තර්ක කරනවා.. හිතනවා ගොඩක්.. අලුත්ම අලුත් අදහස් මතු වෙනවා.. එතකොට කථා ලියන්න හිතෙනවා. මම ඇබ්බැහි වෙනවා..
ඔහොම හිතලා ඉවර වෙනකොටම මගෙ යටි හිත කිව්වා අම්මෝ ඒක නම් කරන්න ඕන් නෑ මුදී කියලා. පොත් කියවන්න සෙමෙස්ටර් වැකේෂන් එක තියෙනවනෙ කියලත් යටි හිත කිව්වා. මම හා කිව්වා.

සර් අපිට ටයිම් මැනේජ් කර ගන්න කියලා දුන්න වීඩියෝ එකේ තිබුන විදිහට අපි දවසෙ වැදගත් දේවල් ටාගට් කරන්න ඕනෙ.. අනිත් පුංචි පුංචි වැඩ අතර මැද්දට අපි අරක කරන්න ඕනෙ. සර් කිව්වෙ පොත කියවන එක අවශ්‍ය දෙයක් කර ගන්න කියලා..

මම මෙහෙම හිතුවා....

චොක්ලට් එකක් එක්ක කසාය කෝප්පයක්  බොන්න තිබ්බොත් (මම අදහස් කලේ එකිනෙකට පරස්පර කියන එක.) චොක්ලට් එක රස විදින්න කවදාවත් හම්බ වෙන්නෙ නෑ.. ඒක දැනෙන්නෙම නෑ.. ඔන්න කසාය එක ගුඩුස් ගාලා බීලා.. හිමීට චොක්ලට් එක හප හප රස විදින්න ඇත්නම්..

ඉතින් ඒ නිසා මම හිතුවා පොත් කියවන එක වැකේෂන් එකේ කරන්නම් කියල..
සෙකන්ඩ් සෙමෙස්ටර්එන්ඩ් එග්සෑම් එක තව සති දෙකක් ඇතුළත ඉවරයි. දැන් සති දෙකක විතර ඉදන් අලුත්ම පොත් තුනක් මගෙ කබඩ් එකේ හිර කරලා තියෙනවා වැකේශන් එක එනකම්. වෙන දෙයක් තියා පාඩම් කරන්න කම්මැලි උනාම මම කබඩ් එක ඇරලා පොත් තුන දිහා බලනවා. ඉස්සෙල්ලා එග්සෑම් හොදට කරගෙන වැකේෂන් එකේ මම එන්නම්කෝ කියලා මම ඒ තුන් දෙනාට කියනවා..

මම ඉදලා ඉදලා ලියපු කථාවක් කියවලා සමින්ද අයියා කිව්වා නංගි ලියන එක අතෑරලා ඉන්න එක තමන් තමන්ටම කරන වැරැද්දක් කියලා.. මොකද කාලෙකින් ලියපු නිසා ඒකේ අඩුපාඩු ගොඩක් තිබුනා.. මම කියවන එක ලියන එක හැමදේම අත් අරිනවා ඇකඩමික් පටන් ගන්නකොටම. ඒක මම කරන්නෙ මගෙම හොදටනෙ..
ජොබ් එකක් කරනකොට නම් මගේ කියවීමේ හොබි එක කරන්න පුළුවන් වෙයි.. (කියල හිතනවා සහ බලාපොරොත්තු වෙනවා.. )

අපි මේ යන ෆීල්ඩ් එකට අනුව පොඩි පොඩි හොබි වලට වෙනස් වෙන්න තියෙනවා නම් අපිට ලොකු දෙයක් හම්බ වෙනවා..
මම ඉස්සෙල්ලා කිව්ව මගෙ ෆේවරිට් ලෙක්චරර්ස් ලිස්ට්  එකේ ෆස්ට් ප්ලේස් ඉන්න අපේ යොවිනි මැඩම්. මැඩම් අපිට කියලා තියෙන දෙයක් තමයි ඉගෙන ගන්න දේවල් එදිනෙදා ජීවත් වෙද්දි පාවිච්චි කරන්න කියලා.. අපිට ගැටලුවක් හම්බ උනොත් ඒක විසදන්න කෝඩ් එකක් ලියන්න පුලුවන්ද ට්‍රයි කරන්න.. ඒ වගේ දේවල්..

මම පුරුදු වෙලා ඉන්නවා මේ ඉගෙන ගන්න දේවල් තව වැඩි වෙන විදිහට හොබි කරන්න. ප්‍රශ්න කොල කැලි වල ලියලා තුන්ඩු දාලා යන එන ගමන් එකක් අරන් උත්තර දෙන්න පුලුවන්ද බලන වැඩ වගේ ඒවා..

ඉතින් මගේ ඇතුළෙ ඉන්න පාඨකයා, ලේඛකයාට කාලෙකට එලියට එන්න නොදී කාලෙකට තහංචි වට්ට ගන්න එක හරි  කියලා මම අන්තිමට තීරණය කලා.. (එළියට ආවොත් මට මාවම පාලනය කර ගන්න බැරි නිසා.)

~මුදී~

6 comments:

  1. අනේ දෙයියනේ කියලා ආයෙත් ලියලා.. අර ෆේස්බුක් එකට දාපු හොල්මන් කතාව එහෙම මේකට දැම්මා නම් මොකද නංගී.. ඔය කියනවා වගේ නෙවෙයි හලෝ.. කියවන්න උවමනාවක් තියේ නම් ඒ කෙනා කියවනවා. නිකමට ගන්න ඔයා ෆේස් බුක් යන පැය ගණන. ඒවා ඔක්කොම 0 කරලා ඒ පැය ගණන පොතක් කියවන්න දැම්ම නම් මොකද කියලා මං නම් හිතන්නේ...

    ReplyDelete
  2. ඔහොම බිසී වෙලා මටත් ලිවිම තදින්ම මගහැරුනා. ජොබ් එකක් කරනකොට ඔයිටත් වඩා මගහැරෙනවා. ඒ තමයි හැටි. ඒ නිසා ලිවිම, කියවීම එක්කම බැලන්ස් කරන එක තමයි හොඳ. නැතිනම් ඒවා අතහැරෙනවා නොදැනීම. එහෙම අතෑරිච්ච කියවීමක්, ලිවීමක් නැවත ගැනීම බොහොම අමාරු වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔව් උත්සහ කරන්නෝනෙ ලිකිතා. ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  3. මං නං කියන්නෙ කල් දාන්න එපා කියලා, job කරන⁣ොට නිදහසක් ලැබයි කියල හිතන එක විහිලුවක්... ටයිම් එක හදාගන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තූතියි අදහස් දැක්වීමට.. :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete