Sunday, September 17, 2017

(3) දුවෙක්!


මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජීවිත කාලෙම ඒ ගැන දුකක් තියේවි.. ගෑනු දරුවෙක් හරි පිළිවෙලට, ලස්සනට, හරියට හදනවා කියන එක ලොකු අභියෝගයක්.. ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි.

තාත්තා කෙනෙකුට පිරිමි දරුවෙක්ට දායාද කරන්න තමන්ගෙ වාසගම තියෙනවා වගේ අම්ම කෙනෙකුට දුවෙක්ට දායාද කරන්න ගොඩාක් දේවල් තියෙනවා..

පුංචි කාලෙ දි මට මුණ ගැහිලා තියෙනවා උගන්නනකොට ගෑනු ළමයින්ට වෙනස්කම් කරන මිස්ලා.. ඒත් පිරිමි ලමයින්ට හරිම ආදරෙයි. හිත රිදිලා තිබුනා සහ ඒක මගෙ හිතට හරියට වැදිලා තිබුනා.. ඇයි එහෙම කරන්නෙ කියලා නම් මට හිතා ගන්න බෑ..

U educate a man,
U educate a man..
U educate a woman,
U educate a genaration.. කියලා කතාවක් තියෙනවනෙ. ඇයට උගන්වනවා කියන්නෙ ඔබ පරම්පරාවකටම උගන්නවා.. මොකද පරම්පරාවෙන් පරම්පරාවට යන දැනුම, හුරුකම් අම්මගෙන් තමයි දායාද වෙන්නෙ..

ඉතින් ඒ දේවල් දායාද කරන්න දුවෙක් නැති අම්ම කෙනෙක් වෙන එක කොච්චර දුකක් වේවිද..

I will hold you up
When you can't stand..
I will wipe away your tears
When you cry..
I will fight for you
When you give up
And
I will love you forever and always..


(නෑ.. නෑ පුතාලව වටින්නෙ නෑ කියල නෙමේ කියන්නෙ. දුවෙක් නැත්නම් ඒක අඩුවක් දැනෙ කියලයි කියන්නෙ.)

2 comments:

  1. මම ඉන්නේ පුත්‍රවාදී පවුලක බාලයා වෙලා. එය වේදනාවක් සමහර වෙලාවට. 'මොකෙක් උනත් කොල්ලෙක්' කියන හැඟීම ආසියාතික අපි හැමෝම ගාව තියෙන ආකල්පයක් වෙන්න ඕනේ. මට නම් දරුවෝ කවුරුත් එකයි. එතැනදී මම දුවෙකුට ආදරේ වැඩියි කියලා පුතෙකුගේ හිත රිද්දන්නත් කැමති නැහැ. දෙදෙනා දෙදෙනාටම අනාන්‍යයි.

    දුවෙක් එක්ක ඉන්න හැබැයි වැඩිදෙනෙක් කැමතියි. දැන් කාලේ ඉස්සරට වඩා දුවලා බොහොම බුද්ධිමත්.

    ReplyDelete
  2. මං කැමති නිවුන් විදියට, දුවෙකුයි, පුතෙකුයි ලැබෙනවට... හී හී

    ReplyDelete