Friday, February 16, 2018

(8) අනාගතේ එයයි මමයි....

*එයා - (තාමත් මුණ නොගැසුණු.)

එයා -   ප්‍රභා, මට දෙයක් අහන්න තියෙනවා..

මම -   ම්ම්.. අහන්න.. :)

එයා -   ඇයි ඔයා මට කැමති උනේ..? අපිට අවුරුදු ගානක් ආදරේ කර කර ඉන්න හම්බ උනේ නැහැ.. පොඩි කාලයක් ආශ්‍රය කරල මැරි කලා.. මෙච්චර කාලයක් ඔයා ඔයාගෙ හිතේ මැවුන කෙනා හම්බ වෙනකන් බලන් හිටියා කියලා කිව්වනෙ..  ඒ මමම කියලා ඔයා අදුර ගත්තෙ කොහොමද..

මම -   ම්ම්ම්... මෙහෙමයි..
හිතේ මැවිලා හිටිය කෙනාගෙන් මම කොච්චර දේවල් බලාපොරොත්තු උනාද කියලා ඔයා දන්නවද.. ඒ හැම ගතිගුණයක්ම තියෙන කෙනෙක් මගෙ ජීවිතේ අහලකින් පහලකින් වත් ගියෙ නෑ..  ඒ ගතිගුණ හැම එකක්ම වගේ මම ඔයාගෙන් දැක්කා. ඒ ඔයාමයි කියලා අදුන ගන්න මට මහ ලොකු කාලයක් ඕන උනේ නෑ..

මම ලස්සන හෙව්වෙ නෑ.. ඒක මොන තරම් තාවකාලිකද.. මගෙ යාලුවො ලස්සන කොල්ලෙක් දැක්කම මැරෙන්න යනවා.. මට ගානක්වත් නෑ.. මට යාලුවො ප්‍රපෝසල් ගේනකොට මුලින්ම කියන්නෙ මාර ලස්සන කොල්ලෙක් කියලා.. මට ඒක ගානක් යන්නෙම නෑ.. කොල්ලෙක් උනත් ලස්සන වෙන්න ඕනෙ ගතිගුණ වලින, පෞර්ෂයෙන් කියලා මම විෂ්වාස කලේ.. ලස්සන දැක්කම අනිත් කෙල්ලන්ට වාව් කියවෙනවා වගේ  පෞර්ෂය, දක්ෂකම නිහතමානීකම.. ඔන්න ඔය ගතිගුන එලියට පේන කොල්ලෙක් දැක්කම තමයි මට නම් වාව් කියවෙන්නෙ..
මම බොන අයට කොහොමත් කැමති නැහැ.. යාලුවො මට ප්‍රපෝසල් ගේනකොට කිව්වා පොඩ්ඩක් බොනවා ඒක ඉතින් කියලා හදා ගන්න කෙල්ල දැන ගන්න ඕනෙ කියලා.  බොන එකේ ආදීනවත් ඒකේ නිෂ්ඵල කමත් කෙල්ලෙක් කියා දෙනකන් වටහා ගන්න මොලයක් නැති පිරිමියෙක් ගෙන් වැඩක් නෑ කියලා මම ඒ හැම තිස්සෙම කිව්වෙ. සිය දෙනෙක් බොන තැන උනත් නොබී ඉන්න පුලුවන් කමක් තියෙන ඔයාට මගේ ලකුණු වැටුනා.

අනිත් එක.. ඔයා අද මේ තරම් තැනක ඉන්නවා.. ඒත් හෙට ඔයාගෙ ජොබ් එක නැති උනා කියමු. මටයි දරුවන්ටයි කන්න දෙන්න ඔයාට කරන්න වෙන්නෙ කුණු අදින එක කියමු. මම දන්නවා ඔයා ඒකත් මේ ජොබ් එක වගේම අවුලක් නැතුව කරනවා කියලා. දෙයක් නැති උනා කියලා බිබී පිස්සු නටන මනුස්සයෙක් නෙමේ, ඔයා කරන්න පුලුවන් හොදම දේ කරන මනුස්සයෙක් කියන එක මම දන්නවා. ඒ වගේ කෙනෙක්ට ජීවිතේ භාර දෙන්න කෙල්ලෙක්ට දෙපාරක් හිතන්න ඕනෙ නෑ.

ප්‍රශ්නෙකදි මම කලබලයෙන් කෑ ගහවි.. ඒත් ඔයා නිහඩව බලන් ඉදලා එකෙ තියෙන දේ.. සරල දේ මට පෙන්නලා දේවි.. ඔයත් කලබල වෙන..තරහ ගන්න කෙනෙක් උනා නම් එතන මොකක් වේවිද..

ජීවිතේ කෙනෙක් තෝර ගනිද්දි කොච්චර දේවල් හිතන්න ඕනෙද.. ජීවිතේ බැලන්ස් එකේ ගෙනියන්න ලොකු සපෝට් එකක් පාට්නර් ගෙන් ඕනෙ.. 100% ක් ගැලපෙන මිනිස්සු ලෝකෙ නෑ කියන එක මම පිලි ගන්නවා.. ඒත් නොගැලපීම් අවම වෙන තරමට ජීවිතේ ලස්සනට ගෙවන්න පුලුවන්. ඒ පොඩි නොගැලපීම් ගලපගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සු ලෝකෙ ඉන්නවා.  හැම දේම හොදින් තේරුම් ගන්න පුලුවන් අය එක්ක ජීවත් වෙන එක හරි ලේසියි..

ගෙදර වාහනේ තිබ්බත්, වාහනේ ශටර්ස් වලින් වට වෙලා, තනි වෙලා ගමන් යනවට වඩා මාස දෙක තුනකට සැරයක් අපි බස් එකෙන් ට්‍රේන් එකෙන් ඇවිදින්න යද්දි.. මිනිස්සුත් එක්කම පොළවෙ ඇවිදන් යද්දි.. ඒ හැගීම මම වගේම විදින ඔයා දැකලා ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් ඇති වුනා.. හැමදේම මවාපාන මිනිස්සු ඉන්න ලෝකෙක ඔයාගෙ ඒ සරලකමට මම කැමති උනා..

~මුදී~

1 comment: