tag:blogger.com,1999:blog-52410222554931100582024-03-12T18:00:32.069-07:00මුතූගේ පන්හිඳ (muthuge panhida)මුතූගේ පන්හිඳෙන් නිමවුනු කථා සිත්තම් රසවිදින්නට...
මුතූ ගේ පන්හිඳට ගොඩ වදින්නට..
ඔබට ඇරයුම්....Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-5241022255493110058.post-72646313175275604362024-01-09T01:16:00.000-08:002024-01-14T18:22:08.658-08:00ගුරු දිවියේ සොදුරු මතක.. 01
මාතොටින් එන උතුරු සුළඟේ..
ගිනි සිඹින මඩු පල්ලියේ..
මේ ගීතය මට ඇහෙනකොට මම හිටියෙ තුන වසරෙ හරි හතර වසරෙ හරි. පද වලින් කියවෙන අර්ථය 100%ක් නොතේරුණත් තේරුන ටිකෙන් මට ඒ ටීචව දැණුනා. පසුකාලීනව ගීතය ඇහෙනකොට මම මාවම උතුරු පළාතෙ උගන්වන ටීච කෙනෙක් විදිහට මවාගෙන බැලුවා. දෛවය කොයි තරම් පුදුමද. අද මම ඇත්තටම උතුරෙ ටීච කෙනෙක්. පාසල් නෙමේ. අර්ධ රාජ්ය අධ්යාපන ආයතනයක් කියලා විතරක් කියන්නම්කො. එක සිංහල වචනයක් වත් නොදන්න දමිළ ළමයින්ට අද මම උගන්වනවා.
මෙහෙ ඇවිත් උගන්වන්න ගත්ත පළවෙනි දවසෙ මම ලැබුව අත්දැකීම් ඔයාලා එක්ක බෙදා ගන්න කැමතියි. 2022 සැප්තැම්බර් මාසෙ මගේ IT කාමරයට ළමයි ටික ආවා. ඒක මගේ ඉස් ඉස්සෙලම කරන ක්ලාස් එක. ළමයි කීප දෙනෙක් ක්ලාස් එක ඇතුළෙ එහෙ මෙහෙ දුවනවා. මම ඇහුවා මොකද ළමයි මේ කියලා. එක ගෑණු ළමයෙක් මට කිව්වා මිස් එයාලට සිංහල තේරෙන්නෙ නෑ කියලා. මම කලින් දැනගෙන හිටියා දෙමළ ළමයිනුත් ක්ලාස් එකේ ඉන්නවා කියන එක. ඒත් ඒක මට ඇත්තටම දැනුන වෙලාව මේක. ඉතින් මම සරලම ඉන්ග්ලිශ් පාවිච්චි කරා එයාලගෙන් විස්තර අහන්න. යාළුවො එක්ක එක ළග තැන් වල ඉද ගන්න තමයි එයාලා කැරකි කැරකි ඉදලා තියෙන්නෙ. ඒ මගේ ක්ලාස් එකෙන් බාගයක් සිංහල ළමයි බාගයක් ටැමිල් ළමයි. දෙන්නෙක් හිටියා මුස්ලිම් ළමයි. ජනවර්ග තුනක ළමයි එකම ක්ලාස් එකක. ඒක මට හරි සතුටු හිතෙන අත්දැකීමක් උනා. මම හරි සතුටෙන් එයාලට උගන්නන ගත්තා. සාමාන්ය පෙළ ඉවර කරපු ළමයි. සමහර ළමයින්ට ලොකු ඉංග්රීසි දැනුමක් තිබුණෙ නෑ. මගෙන් ප්රශ්නයක් අහන්න ඕන උනොත් එයාලා ටැමිල් වලින්ම ඇහුවෙ. ඒක මට තේරෙන්නෙ නැති උනාම භාෂා දෙකම දන්න ළමයෙක් මට කියලා දුන්නා. දවසක් දෙකක් ගතවෙද්දි එයාලට මාත් එක්ක කතා කරන්න නම් ඉංග්රීසි ඕනෙමයි කියලා තේරුණා. ඒ නිසා දන්න හැම වචනෙම පාවිච්චි කර කර එයාලා මාත් එක්ක කතා කරන්න ගත්තා.
මේක මට අමතක වෙන්නෙ නැති අත්දැකීමක්. සතියකට දෙකකට පස්සෙ එක දවසක් ගෑණු ළමයි තුන් දෙනෙක් ක්ලාස් එකට ආවා මම තනියෙන් ඉන්නකොට. ආදරණීය හිනාවක් එක්ක එයාලා මලක් ගෙනාවා මට. ඒ වෙනකොට මටත් දෙමළ වචන ටිකක් පුළුවන් වෙලා තිබුණෙ. එයාලා කිව්වෙ මගෙ කොන්ඩෙ ගහන්න කියලා ඒ මල. ඉතින් මමත් හිනාවෙලා එයාලගෙන් කෙනෙක්ටම ඒ මල ගහන්න කියලා එයාලටම කියලා ෆොටෝ එකකුත් ගන්නවා ගත්තා.
ටැමිල් ලේඩි කෙනෙක් වගේ දැන් මිස් කියලා එයාලා සතුටෙන් ගියා. ටැමිල් ලේඩීස්ලා ඔලුවෙ මලක් ගහනවා. අපේ ස්ටාෆ් එකේ ටැමිල් මිස්ලත් සමහර දවසට ගහනවා. ඉතින් ඒ දරුවන්ට මාව ඒ විදිහට දකින්න ඕන වෙන්න ඇති.
කාලයත් එක්ක දරුවො හැමෝම මාත් එක්ක ගොඩක් සමීප උනා. අපි දෙගොල්ලගෙ භාෂාව අපි දෙගොල්ලොම නොදැන ගත්තත් අපි අතර ලොකු බැදීමක් ඇති උනා.
මගේ විෂය IT. මම දීපු Activity එකක් ඉවර කරපු ළමයෙක් ටක් ගාලා පුටුවෙන් නැගිටලා ඉවර කර ගන්න බැරි ළමයෙක් ළගට ගිහින් කරන හැටි කියලා දෙනවා දැකපු දවසෙ මට හරි සතුටක් ඇති උනා. ඒ ළමයි දෙන්නටම අනිත් කෙනාගෙ භාෂාව බෑ. ක්ලික් දිස් ක්ලික් දිස් මට ඇහෙනවා. කොහොම හරි කරන හැටි අර ළමයට කියලා දුන්නා. මගේ රටේ දරුවො හැමෝම ඒ වගේ උනොත් අනාගතේ මේ රට කොච්චර ශක්තිමත් වේවිද කියලා මට හිතුනා. කාටවත් බෙදලා වෙන් කරන්න බැරි වෙයි අපේ රට.
එයාලත් එක්ක ගත කරපු සුන්දර කාලයේ මතක ගොඩක් තියෙනවා. තවත් දවසක ඔයාලා එක්ක බෙදා ගන්න එන්නම්.
අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්රශ්න ප්රත්රයකට උත්තර ලියලා වැරදෙන ප්රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.
ජීවිතේ ප්රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම අනිත් අයගෙ අවඥාවට ලක් වෙයි කියලා තැවුණා.
ඔය අතරෙදි, ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ අපේ සර් කෙනෙක් කියපු කතාවක් මගේ හිතට බොහොම තදින් කාවැදුනා. ඒ ගැන මම දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒක මගේ ටියුට් එකක පිටිපස්සෙ ලිව්වා. අද මට ඒක අහම්බෙන් මතක් වුණා.
තෝමස් අල්වා එඩිසන් මහත්මයා බල්බය සොයා ගත්තෙ 10 000 වතාවක් අසාර්ථක වෙලා. ඉතින් පසුකාලිනව කෙනෙක් ඔහුගෙන් අවඥාවට ඇහුවලු ඔබට 10 000 පාරක්ම වැරදුනා නේද කියලා. ඉතින් තෝමස් මහත්මයා ඔහුට අපූරු පිළිතුරක් දුන්නා. මම 10 000 වතාවක් අසාර්ථක වුණේ නෑ. බල්බය නොසෑදිය යුතු ක්රම 10 000 ක් මම ඉගෙන ගත්තා.
ප්රශ්න පත්රයක වෙන වැරදීම් වලින් දුක් නොවීමෙන් මම පටන් ගත්තා. ඒ වැරදීම් මතක තියාගෙන ඊළග වතාවෙ ඒක නිවැරදිව කලා. ජිවිතේ පවා අසාර්ථක වීම් ඇතුලෙ ඉගෙන ගන්න දේවල් දැක්කා.
අපිට තියෙන කෙටි ජීවිත කාලෙ, හැම දෙයක්ම අත්දැකීමෙන්ම ඉගෙන ගන්න කාලය මදි වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපි යන මාර්ගයේ කලින් ගියපු අයගෙ අත්දැකීම් අපිට වැදගත්. ඒවා අපිට සාර්ථකත්වයට ලොකු රුකුලක් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් වැරදීම් වලට බය වෙන්න එපා. ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අත් අරින්නෙ නැතුව ඉස්සරහටම යමු.
~මුදී~
2022.07.30
ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් පසු කරමින් සිටින කාලයක මා බ්ලොග් සටහනේ අකුරු අමුණන්නට ආයෙමත් ආවා. කිසිවක් නොතේරෙන කුඩා දරුවාගේ ඉඳලා වයස්ගත වැඩිහිටියා වෙනකන් අපි හැම දෙනාගේම ජීවිත මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අසරණ වෙලා.
අනාගතය දුර තියා සැලසුම් කරගෙන ආපු බොහෝ දෙනා, ඒ සැලසුම් අමතක කරලා හෙට දවස හෝ අද දවසේ ජීවිතය ගැන පමණක් සිතන තැනටම පත් වෙමින් ඉන්නවා. නිශ්චිත උත්තර නැති ප්රශ්න අපි හැමෝගෙම ජීවිත වලට එකතු වෙලා.
ඒ හැමදේම එහෙම වෙද්දි, මේ ගෙවුන කාලෙ මට දකින්න හම්බවුණ හරි ලස්සනම දේවල් ටිකක් තිබුණා. කොයි තරම් අමාරුවෙන් හිටියත් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන ලස්සන මතු වුණ අවස්ථා. තමන් ගෙනාපු එක බත් එක පෝලිම් වල අනිත් අයත් එක්ක බෙදාගෙන කෑවා. විදේශිකයන්ගෙ ප්රවාහනයට තෙල් ලබාදෙන්න අවස්ථාව ලබා දීපු ජනතාව. එක චූටි දුවෙක් සංචාරකයන් හම්බවෙලා කත කරනවා, අපේ රටේ ලස්සන ගැන අනිත් විදේශිකයන්ට කියලා එයාලට මෙහෙ එන්න කියන්න කියලා ඉල්ලනවා.
අසල්වැසියන් එක්ක තමන්ට තියෙන ආහාර බෙදාගන්න මිනිස්සු ඉන්නවා. ලස්සන මනුස්සකම් පිරුණු හදවත් මගේ රටේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට දවසක හරි යනවා. අඳුරු උමඟක් කෙලවර ආලෝකයක් තියෙනවා. ඉතින් මේ අමාරු කාලෙ ඉක්මනින් ගෙවිලා හොඳ කාලයක් මගේ රටට ඉක්මනින් උදා වෙන්න කියලා ප්රාර්ථනා කරනවා! 🙏
~මුදී~
2022.07.30
මගේ කුස තුළ පැමිණ උන්නා
දකින්නට පෙර පැටව් දෑසින්
අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..
පෙර දිනෙක කෑ බත් පතක රස
මතක දින දින දුරස් වූවා
ටිකෙන් ටික සනුහරේ නෑයොත්
නොදැන ගානට අහක බැලුවා..
කුස ගින්න කෑ මොර නගද්දී
නැගුනු කිරි බිඳ නුඹට පෙව්වා
දෝණියේ නුඹ දෙදෙන තුරුළුව
රෑ ගණන් මම කඳුළු හැලුවා..
කිරිම කිරි සුදු පාට රථයක්
දෝණි ඉල්ලා දොරක් ඇරියා
හැලි වලං වල පිරුණ හිස්කම
නුඹව දෙන්නට කියා කිව්වා
ගෙවී දස වසරකට පසු දින
ඒ රථයෙ දොර නැවත ඇරුණා
පුංචි ලැවරිය කඩේ ලොකු දූ
කවුරු ආවද කියා බැලුවා..
සුරඟනාවිය ලෙසින් පොඩි දූ
ඇරුණු රථයෙන් බිමට බැස්සා
නෝට්ටුවකට කෑම පෙට්ටිය
මගේ ලැවරිය වලින් පිරුණා..
මුදි
2018-01-24
සතුට..
එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතර මේ සතුටින් ඉන්න ගොවියා ගැන ආරංචිය පැතිරුනා. අන්තිමේ රජතුමාටත් මොහු ගැන ආරංචි වුනා.
රජතුමා කුරිරු අයෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම නියෝගයක් දුන්නෙ.. -->
රජතුමා අමාත්ය මණ්ඩලයට නියෝග කලා කොහොම හරි මේ ගොවියගෙ සතුට නැති කරන්න කියලා..
ඉතින් එක අමාත්ය කෙනෙක් මේ වැඩේ බාර ගත්තා. ඔහුට ඒ සදහා අවශ්ය වන්නෙ රන් කාසි 99 ක් පමනක් බව කියලා ඔහු ඒක ඉල්ල ගත්තා.. රාජ්ය භාණ්ඩාගාරයෙන් එය ලැබුනා. ඉතින් මේ අමාත්යතුමා සෙබලෙකු කැදවලා මේ රන් කාසි 99 මහ රෑ ගිහින් අර ගොවියගෙ ගේ ඉස්සරහ දාන්න කියලා අණ කලා..
ඔන්න පහු වෙනිදා උදේ ගොවියා දොර ඇරලා බලන කොට ගේ ඉස්සරහ රන් කාසි! ඔහුට දරා ගන්න බැරි තරම් සතුටක් ඇති වුනා.. අර කාසි ගනන් කරන්න පටන් ගත්තා. 99යි. නෑ..නෑ සීයක් තියෙන්න ඕනෙ. ඔහු තමාටම කියා ගත්තා.. ආයෙම ගනන් කරන්න පටන් ගත්තා. ඒත් 99යි. හතර වටේම හෙව්වා.. ආයෙ ගණන් කලා..
මෙහෙම පිස්සුවෙන් වගේ ඉතිරි රන් කාසිය හොයලා ගණන් කරලම ඔහු පිස්සෙක් බවට පත් උනා..
ඔබ මොකද්ද හිතන්නෙ.. ඔහු තණ්හාව නිසා තමන්ගෙ සතුට නැති කර ගත්තා.. තමන්ගෙ සතුට තීරණය කරන්න වෙන කෙනෙකුට හෝ වෙනත් දේකට ඉඩ ලැබුනා..
ඔබ මේ මොහොතෙ ඉන්නෙ සතුටින්ද..
සදුදා උදේ. මං දන්නවා සදුදා කියන්නෙ හැම කෙනෙක්ම පොඩ්ඩක් හරි අකමැති වෙලාවක්.
මට මතකයි පොලියානා කියනවා එයා සදුදට කැමතියි මොකද තව සදුදාවක් එන්නෙ තවත් සතියකට පස්සෙනෙ කියලා..
ඔබ ඒක හොද ආරම්භයකට ගන්න.. අලුත් සතියක්.. ඒක හරි අපූරුයි. ඔබ කරන පොඩි දෙයින් හරි ලැබෙන සතුට හදවතට දෙන්න. එකෙන් ඔබ රිෆ්රෙෂ් වෙනවා. ඔබ සතුටින් ඉන්නකොට ඔබට වෙහෙසක් දැනෙන්නෙ නැහැ.
මම කියන්නෙ ගියේ.. අර ගොවියගෙ රන් කාසිය වගේ සතුටු වෙන්න ඕනෙ තරම් හේතු වටේ තියෙනකොට සමහරු දුක් වෙන්න තියෙන එක හේතුවක් අල්ලගෙන ඒකට දුක් වෙනවා.. ඒ හේතුවම ඔබගේ වටිනා දවසක හැම දෙයක්ම අඩාල කරාවි.. පොඩ්ඩක් හොයලා බලන්න. ඔබට සතුටු වෙන්න ඕන තරම් දේවල ඔබ වටේ තියෙනවා..
හැමෝටම සතුටින් පිරුණු දවසක්!
~මුදී~
2017/09/09
හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල...
රෝස මල ආඩම්බරයෙන්!
ගෙදර හැම දෙනාම හිමිදිරියෙම ඉදන්ම වරින් වර පැමින් ඇය දෙස බලමින් සතුටු වුනා..
පැත්තක පිපී තිබුන දාස් මල උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියා..
දාස් මල,,,
රාගයක් නූපදවන නුඹේ රුව
ද්වේෂයක් නූපදින නුඹේ සිත..
බුදු පුදට සුදුසුමැයි
උඬගු සිතැත්ති ඇය
පිපුනු ලෙසටම පරවී යාවි..
ඔවුන් සිබ බැලූ ඇගේ පෙත්තක් පවා
ඈ පරවුනු විට පාගා යාවි..
ඔබව නෙලා බුදුනට පූජා කර
ඔබ දෙස භක්තියෙන් බලා හිදීවි..
කිසිවෙකුට නොපෑගෙන ලෙස
ඔබට අවසන් ගෞරව දක්වාවි..
~මුදී~
කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත.. පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින..
"සුදු නෝනෙ තේ ඩිංගක් බොමුද..?"
මා වහා හුන් තැනින් නැගිට ගත්තෙමි..
"හා ලොකු අයියෙ..ඉන්ට.."
රෑ තිස්සේම රිදුම් දී උදෑසන විවේක ගෙන තිබූ මගේ පයේ වේදනාව නැවත ඇහැර ගත්තේය..
"සුදු නෝනෙ.."
"අයියෙ.."
"මොකෝ කකුල අද්දන්නෙ..?"
"නෑ අයියෙ..මේ දනිස රිදෙන්න ගත්තා.. ඊයෙ රෑ තිස්සෙ වේදනාව.. උදේ හොද වෙලත් තිඋනා.. මේ ආයෙ පටං අරං.."
"ඉතින් තෙල් මුකුත් ගාගත්තෙ නෑ..? ඉන්ට.. "
ලොකු අයියා කාමරයට ගොස් තෙල් බෝතලය රැගෙන ආවේය..
මා ඉදිරියේ දණ ගසාගත් ඔහු තෙල් බෝතලය විවර කලේය..
"දෙන්න අයියෙ මං ගාගන්නම්.."
"හිටින්ට මං ගාන්නම්.."
මොහොතකින් මට ඔහුව බොදවී පෙනුනේය..
තෙල් ගා අවසානයේ ලොකු අයියා මා වෙත දෙනෙත් යොමු කලේය..
"ඔන්න ඉතින්.. සුදු නෝනෙ උබගෙ ඔය ඇස් වල කඳුලු නං මට මේ කෙස් පැහිලත් තාම තේරුං ගන්න බැරි උනා.."
"ඉන්ට මං තේ ටිකක් වක් කර ගෙන එන්නං.. "
"පස්සෙ බොමු සුදු නෝනෙ දැං ඩිංගක් ඔහොම ඉදගෙන ඉන්ට.."
එය ගනනකට නොගත් මා දෑසට නැගී තිබූ කදුලු ගුලි දෙක තුන පිටි අල්ලේ පිසදා ගනිමින් මුළුතැන්ගෙට වැදුනෙමි..
ලොකු අයියා.. මගේ තාත්තාගේ එකම නැගණිය, එනම් රතු නැන්දාගෙ ලොකු පුතාය.. පොඩි අයියාත් ලොකු අයියාත් හැරෙන්නට රතු නැන්දාට වෙනත් දරුවන් නොසිටියාය.. ලොකු අයියාට අවුරුදු පහළවේදී පමන මාමාත්, පොඩි අයියාත් දුම්රිය අනතුරකින් ජීවිත වලින් සමු ගත් පසු රතු නැන්දාත් ලොකු අයියාත් මේ නිවස තුළ තනි විය..
අප්පච්චී, නැන්දාත් ලොකු අයියාත් ගැන නිතර සොයා බැලුවේය.. මාමාගේ මරණයෙන් පසුව ඔවුන්ගේ කුඹුරු කරන්නට කිසිවෙකු නොවූයෙන් ඒවා පාලු වී ගියේය.. අප්පච්චී ඒවා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.
රතු නැන්දා රෙදි වියන්නට ගොස් ලබා ගන්නා සොච්වම් මුදල ලොකු අයියා ට උගැන්වීමට කොහෙත්ම නොසෑහෙන බව කුඩා මට පවා එකල වැටහිනි.. වර්ෂයක් ගෙවී ඉහල පන්තියට යන හැම වරකම මම ලොකු අයියාගේත් පොත් ලැයිස්තුව ඉල්ලාගෙන විත් අප්පච්චීට දුන්නෙමි.. අයියාත් මමත් එකම පාසලේ ඉගෙනුම ලැබුවෙමු. ඔහුත් මමත් අතර පාසලේ පන්ති පහක පරතරයක් තිබනි..
මා ප්රාථමික පන්ති වල සිටියදී මගේ කොන්ඩෙන් අදින, මකනය හෝ පොත් සොරා ගත් මිතුරියන්ට මා
'අපේ ලොකු අයියාට කියනවා' යැයි බය ගැන්වීමට පුරුදුව සිටියෙමි. පාසලේ ඉගෙනීමෙහි දක්ෂ මෙන්ම ප්රසිද්ධ චරිතයක් වූ ඔහු, අපේ ලොකු අයියා වීම තරම් ආඩම්බරයක් මට එකල නොවුනි.. ඔහු මගේ ආරක්ෂකයා මෙන්ම මගේ ලෝකයේ වීරයාද වී විය..
මා අට වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටින කාලයේ දිනක් නීතා මා වෙත ගෙන ආ ආරංචිය නිසා මා ක්රියා කල ඒ ආකාරය පිළිබඳ මතකය අදටත් මගේ මනසේ නොනැසී පවතී..
"හේයි නයනා දන්නවද වැඩක්??"
"දැන ගන්න කියන්නෙපැයි.."
"ඔයාලගෙ ලොකු අයියා යාලු වෙලා ඉන්නෙ අර සිරිදාස මුදලාලි මාමගෙ දුව එක්ක.. "
එක්වරම මගේ හදවත තුළ යකඩ ගුලියක් සිරවී ඇති ලෙසක් දැනුනි.. මුලු හිසම සීතල වී ගියේය..
"මොනවා... අර ගීතා එක්ක..? නෑ අපේ අයියා ඒ වගේ නැට්ටිච්චියන්ට අහු වෙන්නෙ නෑ.."
"නැත්තෙ මොකෝ.. මුළු ඉස්කෝලෙම දන්නවා.. සුනිල්ලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පල්ලෙහා වැවේ කුඹුක් ගහ ලග දෙන්නගෙ මුකුළුව.. "
කෙසේ උවත් මගේ දෑසටම දකින තුරු මා නීතා කී දේ විශ්වාස නොකලෙමි.. එහෙත් ඔවුන් දෙදෙනා මගේ දෑසින්ම එසේ දුටුව දිනයේ මගේ හදවත තුල ඇතිවූ ගිනි පුලිගුව ගීතාව දවා විනාශ කල හැකි තරම් ගින්දරක් බවට මගේ හදවත තුළ පැතිර යාමට වැඩි කලක් ගත වූයේ නැත..
පාසල ඇරී නිවසට යාමට පෙර පාසල අසලට වී සිටින වෙරළු අච්චාරු වෙළෙන්දාගෙන් ලොකු අයියා මිළදී ගන්නා වෙරළුවල අයිතිකාරිය ගීතා වීමත්, රතු නැන්දා සාදා එවන හැළප වල මගේ පංගුව ලොකු අයියාගෙන් ගීතාට වෙන් වීමත් මට මැවි මැවී පෙනෙන්නට විය.. මා ප්රිය කරන ලොකු අයියාගේ මදහසින් පිරි මුවෙත්, දීප්තිමත් දෑස් වල සතුටටත් එකම හේතුව හා අයිතිකාරිය ගීතා වීම මට දරා ගත නොහැකි විය.. ඇයත් ලොකු අයියාත් එකම දර්ෂනයකින් දැකීම මගේ හදවත ප්රතික්ෂේප කලේය..
නෑකමින්ම මට උරුමව තිබූ ඔහුගේ අයිතිය වෙන එකියක උදුරාගෙන තිබීම එකළ මගේ සිතේ නිතර වධ දුන් කරුණක් විය.
ඉන්පසු ගෙවුනු කාලයේ මා තවදුරටත් තැන්පත් ගති පැවතුම් ඇති නයනා නොවීය.. ගීතාගෙන් ලොකු අයියා බේරා ගැනීමට මම මුලු සිතින්ම සටනකට සූදානම් උනෙමි. ගීතාට කල යුත්තේ කුමක් දැයි නිතර කල්පනා කලෙමි..
සෑම උදෑසනකම ලොකු අයියා සමග පාසල් යාම මා අත් හැර දැම්මෙමි.. ඒ සිරිදාස මාමාගේ කඩය අසලින් ගීතා ද අප හා එක් වන නිසා ය.. ඔහුත් ඇයත් එකට ගමන් කරන පාරකින් හෝ යාම මගේ සිතට ඉහිලුම් නොදෙන වේදනාවක් විය..
එක් වැසි උදයක මා පාසලට පැමිනියේ තෙමෙමිනි.. මුවා කර ගෙන ඒමට යමක් නොතිබූ බැවින් අම්මා මසා දී තිබූ රෙදි පොත් බෑගය මෙන්ම ගවුමද වැසි දියෙන් තෙමී තිබුනේය..
පළමු කාලච්ජේදය සදහා පොත ගැනීමට බෑගය විවර කරන මොහොතේ මගේ දෑස් උඩ ඉන්දවිනි.. එදින පාඩමක් සදහා ගෙන ඒමට කියා තිබූ කුකුල් සායම් පැකට්ටුවක් හැලී තිබිනි.. බෑගය තෙමී තිබූ බැවින් පොත් සියල්ලගේම නිල් පැහැති පැල්ලම් සෑදී තිබිනි..
'දෙවියනේ.. '
කදුලු පිරී බොදවී යන දෙනෙත් මා ඉවතට හරවා ගතිමි..
ඒ මොහොතෙහි පංති කාමරයට එපිටින් ඇවිද යන ලොකු අයියාගේත් ගීතාගෙත් රුව මගේ බොදවී යන දෑසට පෙනුනේ එවිටයි..
එක් වරම මගේ සිතට ආ අදහස නිසා සිත තුළ ප්රීතියක් පිනුම් ගසන්නාක් මෙන් විය.. ඒ සමගම සිත තුළ නැගී ආ අසාමාන්ය බියක් හදවත වෙලා ගත්තේය..
'අහු උනොත්..?'
'නෑ එහෙම වෙන්නෙ නෑ.. ඒකිට ඔයා පාඩමක් උගන්නන්න ඕනෙ නයනා.. '
බිය ගත් සිතුවිලි පරදා මගේ යටි සිත මට එය කිරීමට අනුබල දුන්නේය...
මා ලග තිබූ අනෙක් රතු සායම් කුඩු පැකට්ටුව සීරුවට විවර කොට ඉන් ස්වල්පයක් කඩදාසි කැබැල්ලක ඔතා ගත්තෙමි...
විවේක කාලයේ දී ආහාර ගැනීමෙන් පසුව පාසලේ සියලුම සිසුන් තම පන්තියට අයත් එලවලු පාත්තියට සාත්තු කරන්නට යෑම ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින් අපට අනිවාර්ය කල කටයුත්තක් විය..
විවේකයේදී පාත්ති වලට සාත්තු කරන්නට යන අතරතුර ලොකු අයියාගේ පන්තිකාමරය ඉදිරිපිට මගේ කොන්ඩ පටිය හිමින් සීරුවේ වට්ටන්නටද මා අමතක නොකලෙමි..
සියලුම සිසුන්ට යන්නට හැර මා අසල සිටි නීතා දෙසට හැරුනි..
"අයියො මගෙ කොණ්ඩ පටිය වැටිලා. මම බලලා එන්නම්.. "
මා වේගයෙන් ලොකු අයියලාගේ පන්ති කාමරය දෙසට දුව ගියෙමි. කිසිවෙක් පෙනෙන්නට නැත.. එක් වරක් හෝ සිතන්නට නොවෙහෙසුනු මම ගවුම් කර තුල රුවා ගෙන තිබූ සායම් කුඩු කොලය ගෙන ගීතාගේ බංකුවේ ඈ හිදගෙන සිටින තැන ස්වල්පයක් සියුම් ලෙස ඉස දැම්මෙමි..
එදින පාසල ඇරී නිවසට යන මොහොතේ වැටුනු වැසි පොද , සායම් කුඩු රැදී තිබූ ගීතාගේ සුදු ගවුම මත වැටී රතු පැල්ලම් ඇති කලේය.. ඒ දැක බාලංශ පති වල හා ඉහල පතිංවල සිසුන් ඇයට ඔච්චම් කරන විට කදුලු පිරී රතු වී තිබූ ගීතාගේ දෑස් දෙස බලමින් මම කුරිරු සතුටක් අත් වින්දෙමි..
මා ගීතාට රිදවා සතුටක් අත් විදීම එතනින් නැවැත්වූයේ නැත..
ලොකු අයියාට උණ වැලදීමෙන් දින කිහිපයක් පාසල් ඒමට නොහැකි වූ කාලයක් විය.. එ අතර දිනයක මා පාසලේ සිටින මොහොතක ගීතා මා හමු වීමට ආවාය..
"නයනා නංගි.. පියල් අයියට කොහොමද දැන්..?"
"තවම හොද නැහැ.. තව ටික දවසක් ගෙදර ඉදී අයියා.."
මා කීවෙමි..
දැන් සුවවී ඇති බැවින් පසු දින සිට පාසල් යාමට හැකි බව පෙර දින ලොකු අයියා රතු නැන්දා සමග කියනු මා අසා උන්නෙමි. නමුත් අයියා හෙට පැමිනෙන බව කියා ගීතාගේ සිතේ සතුටක් ඇති කිරීමට මට කිසිදු අවශ්යතාවක් නොවීය..
"නංගි පොඩි උදව්වක් කරනවද.. මේ ලියුම අයියට දෙනවද..?"
මගේ සිතෙහි පුපුරු ගැසෙමින් නැගුනු කෝපය ඇයට පෙනේවියැයි බියෙන් මා අනෙක් පසට හැරුනෙමි.. එය ඉල්ලා ඉරා දැමීමට තරම් කෝපයක් මගේ හිතේ ඇතිවී තිබිනි.. මල්කාන්ති ඉස්කෝලෙ හාමිනේ ඈතින් එනු පෙනෙත්දීම මගේ සිතෙහි ගීතාගෙන් පලි ගැනීමට එක් අදහසක් පහල විය..
"දෙන්න.. "
මා ඇගෙන් එය ඉල්ලා ගතිමි.. අප ආසන්නයටම පැමිනෙමින් සිටි ඉස්කෝලෙ හාමිනේට පෙනෙන්නටම මා එය පිටුපසට කර සගවා ගතිමි..
"නයනා මොකද්ද ඒ හංග ගත්තෙ මං එනවා දැකලා.."
ඉස්කෝලෙ හාමිනේ විමසුවාය..
මා ඇත්තෙන්ම බියවී සිටියෙමි. නමුත් මට කිරීමට අවශ්ය වූයේ මෙයයි.. ඉස්කෝලෙ හාමිනේ එම ලිපිය ඉල්ලා ගෙන කියවා බැලුවාය..
"ගීතා මෙහෙ එනවා..
ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ඔපිස් එකට එනවා මේ දැන්ම.."
ඇය පිටත්ව ගිය පසු දෙවන වතාවටත් මා එම කුරිරු සතුට අත් වින්දෙමි.. පෙම් හසුනක් හුවමාරු කිරීමට පහල පන්තියක සිසුවියක් යොදා ගැනීම ගැනත් ඇයට දඩුවම් විදීමට සිදුවන්නට ඇත.
පසුදින සිට ලොකු අයියා පාසල් පැමිනියත් ගීතා සතියක් පමන පාසල් පැමිනියේ නැත. නමුත් ලොකු අයියාගේත් ඇගෙත් ප්රේමය නැවැත්වීමට මා ඒ කළ කිසිදු රිදවීමකට නොහැකි විය..
කාලය වේගයෙන් ගතවිය.. ලොකු අයියා අපේ පාසලෙන් විශ්වවිද්යාල වරම් ලැබූ පළමු සිසුවා විය.. එය අපට මෙන්ම පාසලටම ආඩම්බරයක් විය..
ඔහු සරසවියට යාමට දෙමසකට පමන පෙර ගීතා අඹ ගහවත්තේ සරත් සමග පැනගොස් ඇති බව අපට ආරංචි විය.. එකල මට අසන්නට ලැබුනු සතුටුදායකම ආරංචිය එය බව සිතමින් මා සතුටු වූ බව මට මතකය.. මා සිත තුල එකල පැවති ඒ සිතිවිලි ගැන මතක් වන විට අදටත් මගේ සිත තුල මා ගැනම උපන් අනුකම්පාවක් සහ ලැජ්ජාවක් ඇතිවේ..
මට එය සතුටුම ආරංචියක් උවත් ලොකු අයියා එය අසා හැසිරුනු ආකාරය මගේ සිත බෙහෙවින් කම්පනයට පත් කලේය.. පිස්සකු මෙන් කාමරය තුල ගෙවූ කාලය.. කිසිවෙකුට ඔහු හා කතා කල නොහැකි විය.. කිසි දිනෙක සැරෙන් මට කතා නොකල ඔහු ඒ කාලයේ ඔහු හමුවීමට යන සෑම අවස්ථාවකදීම මට සැර විය.. රතු නැන්දාට පවා ඔහු හා කථා කල නොහැකි විය..
මා ගීතාට කල නපුරුකම් සියල්ල මා වර්තමානයේ දී ලොකු අයියාට කිව හොත් ඔහු බඩ අල්ලාගෙන සිනා වනු නොඅනුමානය... එහෙත් මා එසේ කලේ ඇයි දැයි ඔහු සිතනු ඇත.. එහෙත් හේතුව පැවසීමට දැන් මා ප්රමාද වැඩිය.. එම නිසා ඒ සියල්ල අතීතයටම වැලලී යන්නට ඉඩදී හිදිමි..
ලොකු අයියා සරසවියට යන දිනයේ මා හැඩූ බව මට හොදින් මතකය..
"සුදු නෝනෙගෙ කදුලු මට තේරුං ගන්න බෑ.. මොකද මම මේ ආයෙ නොඑන්න යන ගමනක් යැ.. "
ලොකු අයියා මගේ හිස පිරිමැද කීවේය..
කාලය ගතවිය.. ලොකු අයියා විශ්වවිද්යාලයෙන් පිටවී කොළඹම රැකියාව ලැබී ඇති බව ඔහු රතු නැන්දාට එවන ලිපි වලින් අප දැන ගත්තෙමු.. රැකියාව ලැබුනු පසු ඔහුගේ ගම ඒම පවා ටිකෙන් ටික අඩුවී ගියේය.. ලොකු අයියා කාර් එකක් ගත් බව අසා අප සතුටු උනෙමු.. ඔහුව දැකීමේ ආශාව ප්රබලව දැනෙන්නට වූ කාලයක් විය..
මා කුඩා කල පටන් අප්පච්චීගේ සිහිනය වී තිබුනේ මා පාසල් ගුරුවරියක් වනු දැකීමයි.. මා ඒ ඔස්සේ ගමන් ගතිමි.. මගේ ජීවිතය ගැන අප්පච්චී දුටු සිහින දෙකෙන් ඔහු මිය යන තෙක්ම හා ඉන් පසුවත් ඉටු කරන්නට හැකි වූ එකම සිහිනය එයම පමනක් විය.. අනෙක් සිහිනය මගේ විවාහයයි..
මා පාසල් ගුරුවරියක් ලෙස මා ඉගෙනගත් පාසලටම පත්වීම ලබා පැමිනියෙමි.
"ලොකු අයියා ගමේ එන්නෙ කවද්ද රතු නැන්දෙ..?"
සතියකට වතාවක් දෙවතාවක් නැන්දා බලන්නට ගොස් මා ඇගෙන් නිතරම විමසන්නේ එයයි..
"කවද්ද කියලා දැන ගන්නත් ලියුං කඩදහියක් එවන එකක්යැ දුවේ.."
මා යැවූ ලිපි වලටද ඔහුගෙන් පිලිතුරු ලැබී තිබුනේ නැත..
'ලොකු අයියට මක් වෙලාද..'
මා තනිවම සිතුවෙමි..
සිංහල අලුත් අවුරුදු දිනෙක අම්මාත් මමත් අප්පච්චීත් රතු නැන්දලාගේ නිවසට ගොස් සිටියෙමු..
මා හට විසිවන විය ආසන්න වී තිබිනි.. නෑකමින් උරුමව තිබූ අයියාගෙ අයිතිය නීතියෙන් අයිති කර ගන්නා දිනය ගැන මා සිහින දුටුවෙමි.. මා පවුලේ එකම දරුවා වූ බැවින් මා නිවසින් පිට කිරීමට අප්පච්චී නොසිතනු ඇතැයිද විටෙක සිතුවෙමි.. නමුත් විවාහයක් පිළිබද මව්පියන් සමග කතා කිරීම ලැජ්ජාවක් ලෙස සැලකුවෙමි.. නැන්දා ලොකු අයියාගේ විවාහ කර දීමක් පිළිබද කිසිම මොහොතක කියනු මා අසා නැත.. ඔවුන් ඒ ගැන සිතන දිනයක් වන තෙක් මා බලා උන්නෙමි..
එදින අප මැද සාලයේ කථා කර කර උන්නෙමු. එක්වරම ඇසුනු වාහන හඩ අප මවිතයට පත් කලේය.. කුඹුරුයාය මැදින් එන කාරය ලොකු අයියාගෙ බව හැදින ගැනීමට අපට වැඩිවෙලා නොගියේය...
"නැන්දෙ ලොකු අයියා එනවා..!"
දැනුනු සතුටට මට කියා ගත හැකිවූයේ එපමනය.. කාරය තව මදක් ඉදිරියට එන විට අයියාට එහා අසුනේ ඉදගෙන සිටින ගැහැනු රුව ගැන අප විමසිලිමත් වූයෙමූ..
'ඒ කවුද..?'
වාහනයෙන් බැස ආ ලොකු අයියාගෙ මුවෙහි පෙර වූ ලෙන්ගතු සිනාව වියැකී තිබුනේය.. නවීන පන්නයට ඇද සිටි කාන්තාව මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල් විය හැකි බව මා සිතින් අනුමාන කලෙමි..
"අම්මේ...මේ... ඩල්සි. අපි මාස දෙකකට කලින් කසාද බැන්දා.."
ලොකු අයියා ඇසෙන නෑසෙන හඩින් කියුවේය..
රතු නැන්දා අසල තිබූ ආසනයේ ඉනදවුනේද මගේ හදවත දෙකට ඉරී ගියාක් බදු වේදනාවක් ඇති වූයේත් එක විටමය..
අම්මාත් අප්පච්චීත් මුහුනට මුහුන බලා ගත්තෝය.. මා දෑසින් එලියට පනින්නට පැමිනි කදුලු බිඳු වැටෙන්නට නොදී සිර කර ගතිමි.. මේ මොහොතේ සුදු නෝනාගේ දෑසින් කදුළු ගැලුවත් ලොකු අයියාට එය තේරෙන්නෙ නැත.. දැන් තේරුම් ගෙන ඵලක් ද නැත..
මා සිත දැඩි කර ගත්තෙමි.. ලොකු අයියා ඔහුගේ සහකාරිය තෝරාගෙන ඇත.. මා ඔහු ගැන සිතා සිටීමෙන් ඵලක් නැත.
"එන්න අයියෙ ඇතුළට.."
මා ගොස් ඩල්සිගේ අතින් අල්ලාගෙන සාලයෙන් වාඩි කරවූයෙමි..
"ඉන්න මම තේ හදාගෙන එන්නම්.."
මුළුතැන්ගෙයින් පිලිකන්නට බැසගත් මගේ කදුළු පිළිකන්න පුරා සටහන් විය..
එදින රතු නැන්දා ඩල්සි අක්කා හා වචනයක් හෝ කථා කලේ නැත.. අයියා එවැනි තීරණයක් ගත්තේ ඇයි දයි මටද දැන ගැනීමට අවශ්ය විය..
පසුව මා ඇගෙන් දැන ගත් පරිදි ඩල්සි පොහොසත් පවුලක දියණියක් වූවාය.. ඇගේ දෙමව්පියන් ඇයව ලොකු අයියාගෙන් වෙන් කර වෙනත් තරුණයකුට විවාහ කර දීමට සූදානම්වී ඇත... ලොකු අයියාත් ඩල්සිත් ඊට පෙර ඉක්මන් වී ඇත..
"අක්කයි අයියයි ගමේ පදිංචි වෙන්නෙ කවද්ද..?"
මා ඩල්සිගෙන් විමසුවෙමි..
"ගමේ? අනේ මට මේ ගොඩේ පලාත් පුරුදු නැහැ නංගි. අපි කොළඹම ඉන්නවා.."
ඇය ගනනකට නොගෙන කීවාය..
"එතකොට නැන්දා..?"
මා විශ්මයෙන් විමසුවෙමි..
"පියල් අම්මව එහෙ එක්ක යනවා කිව්ව.. "
ඈ කීවාය..
ඊට මසකට පසු ලොකු අයියා පැමින රතු නැන්දා කොලඹ රැගෙන ගියේය...
වසරකට පසු ඩල්සිටත් ලොකු අයියාටත් නිවුන් දියනියන් ලැබුන බව අපට දන්වා එවා තිබිනි.. අප්පච්චීත් මමත් වතාවක් නැන්දා බලන්නට කොළඹ ගියෙමු.. ලොකු අයියා ගෙවන ප්රීතිමත් ජීවිතය දෙස බලා මා ඇත්තෙන්ම සතුටු වීමි..
පාසල් කාලයේ ඔහුගේ ආදරය ලැබූ ගීතා ගැන මගේ සිතේ එකල ඇතිවී තිබූ කෝපය ගැන මා ලැජ්ජා වුනෙමි.. මා ඔහුගේ නෑනා වුවත්, සහෝදරියකට එහා හැගීමක් මා ගැන ඇති කරගෙන නොතිබූ බව ඉන්පසු සෑම මොහොතකම මා සිතන්නට උත්සහ කලෙමි. එසේ සිතන ඔහු ගැන මා පෙර ලෙස සිටීම මට මා ගැනම විටෙක ලැජ්ජාවක් ඇති කලේය.
විසි තුන වන විය ආසන්න වන විට අප්පච්චී මට විවාහ යෝජනා ගෙනෙන්නට විය.. මා බලන්නට පැමිණි මනමාලයන්ගෙන් මම ලොකු අයියාව සොයන්නට උත්සහ කල බව මට දැන් වැටහේ.. ඔවුන් සියල්ලන්ගේම කුමක් හෝ අඩුපාඩුවක් මට එකල පෙනිනි..
ලොකු අයියා මෙන් පෞර්ෂයක්.. ඔහුගේ මෙන් නිතර සිනාසෙන දීප්තිමත් ඇස්.. ඒ කිසිවක් ඔවුන් සතු නොවීය.. මගේ සිත තුළ ඇඳී ඉන්නේ ලොකු අයියාම පමණක් බවත් ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුට මගේ සිතෙහි ඉඩක් දිය නොහැකි බවත් නොබෝ කාලයක් යාමට පෙර මම තේරුම් ගතිමි. ඉන්පසු ගෙවුනු කාලයේ විවාහ යෝජනා පිළිබඳ කතා කෙරෙන විට මා එයට උදාසීනකමක් දැක්වුයෙමි.. මා පාසලට හා සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ඕනෑවටත් වඩා වෙහෙසී අන් සියල්ල මගේ ජීවිතයෙන් අමතක කර, ඈත් කර තැබීමට වෙහෙසුනෙමි.
සියල්ලන්ටම වඩා මගේ විවාහය ගැන ලොකු අයියා මා සමඟ කතා කිරීම මට දරා ගත නොහැකි විය..
මගෙන් සතුටු ප්රතිචාරයක් නොලැබෙන විට අප්පච්චී ලොකු අයියාට කියා මගේ විවාහය ගැන ඔහු ලවා කථා කිරීමට පටන්ගෙන තිබිනි..
"සුදු නෝනෙ..වයසත් ගෙවෙනවනෙ.. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව.. මාමා දැන් කටයුතු කීයක් නං හෙව්වද.. අර ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ පුතත් මාමා එක්ක කථා කරලා තිබුනා නංගි ගැන.. එයත් ඉස්කෝලෙ මහත්තයෙක්නෙ දැන්.. නංගිට මතකනෙ කමල්.. "
ලොකු අයියා ගම ආ වෙලාවක මාත් සමග කථා කරන්නට පටන් ගත්තේය..
"නැත්නම් සුදු නෝනගෙ හිත ගිය කවූරු හරි ඉන්නවනම්......"
"අනේ ලොකු අයියෙ අපි වෙන මොනවා හරි කතා කරමුද..?"
මා ඔහුට මදක් සැර විය..
වසරින් වසර ගෙවී ගියේය.. ඒ අතරතුර අප නොසිතූ මොහොතක මගේ අප්පච්චීගේ මරණය සිදු විය.. ලොකු අයියාත්, නැන්දාත්, ඊළග දරුවා ලැබීමට ආසන්නව සිටි ඩල්සි අක්කාත් මළ ගෙදර පැමිනියෝය..
අප්පච්චීගේ තුන්මස දානයෙන් සතියකට පසු දිනෙක ලොකු අයියාගෙන් ටෙලිග්රෑම් පනිවිඩයක් අපට ලැබිනි.. ඒ දරුවා ලැබෙන්නට ගොස් දරුවාත් සමගම ඩල්සි මිය ගිය බවයි.. අපි බෙහෙවින් කම්පා වුනෙමු.. අම්මාත් මමත් එදිනම කොළඹ ගියෙමු.. එය අප සැමගේම ජීවිත වල දුක්මුසු කාලපරිච්ඡේදයක් විය.. ලොකු අයියා අවසිහියෙන් මෙන් හැසිරුනේය.. එවකට කිසිවක් තේරුම් ගත නොහැකි වූ පස් වයස් ආසන්න වී තිබූ දරු දෙදෙනා මා අසලින් ඈත් නොවී මා තුරුලේ සිටීම මගේ හදවත තවත් කම්පනයට පත් කලේය..
"මොනවා තේරෙන එකක්ද මේ කිරි සප්පයින්ට.."
අම්මා කම්මුලේ අතක් තබා කීවාය..
"අම්මෙ අපි දරුවො දෙන්නා අරගෙන යමු.. රතු නැන්දට පුලුවන් යැ තනියම මේ දරු දෙන්නා ගෙ වැඩ ටික තනියම කරන්න.."
දරුවන්ගේ කටයුතු තබා තමාගේ කටයුතු හෝ හරි ආකාරව කර ගත නොහැකි තරමට රතු නැන්දා බොහෝ දුබලව සිටියාය.. අයියා දමා ඒමට නොහැකි නිසා මිසක රතු නැන්දාටත් අප සමග ගම ඒමට දැඩි ලෙස සිත තිබුනේය..
ලොකු අයියා කිසිවක් සිතා ගත නොහැකි තරමටම ගතින් මෙන්ම සිතින් දුර්වල වී සිටියේය.. හැකි ලෙස ඔහුව අස්වසා මා දරුවන් දෙදෙනා ගමෙහි ගෙන යෑමට අවසර ලබා ගත්තෙමි..
ඉන් වසරක පසු ලොකු අයියා රතු නැන්දාව ගමට ගෙන ආවේය.. අයියා කොළඹ නැවතී රැකියාව කරන අතර සතියකට වරක් නැන්දාත් දරුවනුත් බැලීමය ගමට පැමිනියේය..
මහලු වියට ලං වෙමින් දුබල වන අම්මාගේත්, රතු නැන්දාගේත් වැඩ කටයුතුත්, දියණියන් දෙදෙනාගේ වැඩ කටයුතුත් සියල්ලම මා මත පැටවිනි.. මා ඒ සියල්ල බොහෝ ආදරෙන් හා ආශාවෙන් ඉටු කලෙමි.. ඔවුන්ගෙන් එපිට මට වෙනත් ලෝකයක් නොතිබුන තරම් විය..
කුඩා කාලයේ පටන් සුදු නෝනා යයි නම් ලත් මා දියණියන් බහ තෝරන අවධියේ පටන් ඔවුන්ගේ සුදු නැන්දා විය.. පාසල් යන අවධියේ ඔවුන් මට සුදු අම්මා යැයි කියන්නට පටන් ගත්තෝය..
ඔවුන් දෙදෙනාම මා උගන්වන පාසලේම දක්ෂ ලෙස අධ්යාපනය කරගෙන ගියෝය.. ලොකු අයියාගෙ දක්ෂකම් ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබිනි.. සාමාන්ය පෙල සමත් වූ පසු දියණියන් කොළඹ පාසලකට ඇතුළත් කිරීමට ලොකු අයියාට දැඩි ලෙස උවමනා විය. නමුත් දියණියන් මා දමා යාමට කැමති වූයේ නැත..
එකල වන විට රතු නැන්දාගේත් අම්මාගේත් මරණයන් සිදුවී තිබූ නිසා ලොකු අයියලාගේ නිවසේ ජීවත් වූයේ මාත් දියණියනුත් පමණකි.. අවසානයේ අප සියලු දෙනාම ලොකු අයියලාගේ කොළඹ නිවසේ පදිංචියට යාමට තීරණය කලෙමු..
එහි සිට තීශා ආශා දියණියන් ඔවුන්ගේ අධ්යාපනය සිදු කල අතර ලොකු අයියාගේ ජීවිතයට මෙලෙස හෝ සතුටක් ලබා දීමට හැකි වීම ගැන මා හදවතින්ම සතුටු වූයෙමි..
තීශාගේත් ආශාගේත් විවාහයන් සිදු කර දීමෙන් පසු මා අම්මා කෙනෙකු තරමටම ඔවුන් ගැන සතුටු කදුළු හෙළුවෙමි..
"උඹ මගේ දරුවන්ට අම්ම කෙනෙක් වුනා සුදු නෝනෙ.. උප උපන් ජාතිත් මම උබට ණයයි නංගියෙ.. මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා.. "
ආශාගේ විවාහය සිදු වූ දිනයේ ලොකු අයියා මගේ දෑතින් අල්ලාගෙන කදුළු හෙළුවේය..
"අනේ අයියෙ එහෙම කියන්න එපා.. "
මගේ දෑසේද කදුළු බොදවී ගියේය..
දියනියන් විවාහ කර දීමෙන් වසර කිහිපයකට පසු ලොකු අයියා රැකියාවෙන් විශ්රාම ලබා ගත්තේය.. අයියාත් මමත් නැවත ගමෙහි පදිංචියට පැමිනියෙමු..
"තුදු අත්තම්මා... සීයා තලා වෙලා කතා කලන්නෙ නෑ.. "
ආශාගේ පුතු මුලුතැන්ගෙයට පැමිනෙන තෙක් මා දන්නේ නැත.. අතීතය පිළිබඳ මතක ගංගාවක ගිලී සිටි මගේ සිත, කුඩා පුතුගේ කටහඩින් පියවි ලොවට පැමිනියේය..
"ම්ම්ම්.. තලා වෙලාද.. අපි තේක අලන් යමුකො සීයව යාලු කල ගන්න.. "
මම කුඩා පුතු සනසා ලොකු අයියා සඳහා තේක පිළියෙළ කලෙමි..
අප සාලයට පැමිනෙන විට ලොකු අයියා පුටු ඇන්දට හේත්තු වී සිටියේය..
"ලොකු අයියෙ..?"
'ආයෙමත් පපුවෙ අමාරුව ඇවිත්ද.. දෙවියනෙ..'
මා මටම කියා ගතිමි..
"අයියෙ..?"
මා තේක පසෙකින් තබා පැමින ලොකු අයියා අල්ලා ගතිමි.. අසාමාන්ය සීතලක් ඔහුගේ සිරුරෙහි විය..
'ලොකු අයියෙ.. ! '
මා කෑගැසුවෙමි.. නමුත් මගේ මුවින් කිසිදු හඩක් පිටවූයේ නැත..
මට සිහිය පැමිනෙන විට ගමේ කිහිප දෙනෙක්ම නිවසට රොක් වී තිබුනේ පුතුගේ හැඩීම නිසා විය යුතුය.. ලොකු අයියා අප අතහැර සඳහටම දෑස පියාගෙන තිබුනේය...
මගේ දෑසින් ගලන කඳුලු වැල් වලට ඔහේ ගලා යන්නට ඉඩ දී මා බලා සිටියෙමි..
"සුදු නෝනෙ.. ඇයි උබේ ඇස් වල කදුළු.. මට තේරෙන්නෙ නැහැ.."
සුපුරුදු හඩින් හඩින් ලොකු අයියා කියනු මගේ කන් අසලින් ඇසී නෑසී ගියේය..
-නිමි-
~මුදී~
2017/09/25
ම්ම්.. ගස් වැල් මල් වලට ඔබ කථා කරලා තියෙනවද.. ඔබට ගස් වල ජීවය දැනිලා තියෙනවද.. අපි බයෝ වලදි සජීවී කියලා ඉගෙන ගත්තත්, කවි ලියද්දි ජීවයක් ආරෝපනය කරලා ලිව්වත් ඇත්තටම ගස් වැල් ගැන සජීවී හැගීමක් ඔබට ඇත්තටම දැනිලා තියෙනවද..
ඔබ මොහොතක් තනියම ගහක් යට හුදකලා වෙලා ගස් බදට අත තියලා බලන්න.. ඔබට දැනේවි..
ගස් වලින් ෆ්රී වයි ෆයි ලැබෙනවා කියලා ඔබට කවුරු හරි කිව්වොත්...? ඔබ අනිවාර්යෙන්ම ගේ වටේම ගස් හිටවයි.. ඒත් ඒකෙන් ලැබෙන්නෙ ඔබට හුස්ම ගන්න ඔක්සිජන් කියලා ඔබ දැන දැනත්.. ඒත් ඔබ එහෙම කරන්නෙ නැහැ.. ඇයි ඒ වෙනස..
මල් ගහකට ඔබ ආදරෙන් වතුර පොදක් දැම්මම කොල හෙලවන හැටි ඔබ හිමීට බලන් ඉදලා තියෙනවද.. මම නම් හිතනවා ඒක මට කරන ස්තූතියක් කියලා..
ඔබේ ජීවිතේ සතුට රැදිලා තියෙන්නෙ කොතනද කියලා මම ඇහුවොත්.. ඔබ කෙනෙක් ගැන කියාවි? මගේ සතුට නම් රැදිලා තියෙන්නෙ සොබාදහමෙ.. මේ ගස් මල් එක්ක..
ඔබ දුකින් ඉන්න වෙලාවට මේ සොබා දහම ඔබට හොදම මිතුරෙක් වෙයි.. ඉතින්.. මුලු හදවතම විවර කරලා එන්න ඔබ ඒ සොබා දහම විදින්න..
~මුදී~
2017/09/04
ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැනම කලකිරීමක්. සමහර විට ඊර්ෂ්යාවක්? ම්ම්.. ඔබ ඔබේ හතුරා වෙන්න එපා.. සන්සන්දනය කියන්නෙ ඔබ ඔබටම කර ගන්න මහ හතුරුකමක්!
ඔබ තරඟ කරන්න ඕනෙ.. අභියෝග කරන්න ඕනෙ.. කාටද? ඔබටමයි.
මට කාත් එක්කවත් තරඟයක් නැහැ.. මට තරගයක් තියෙන්නෙ මම එක්කමයි.. ඊයෙ දවසෙ හිටපු මට වඩා හොද කෙනෙක් වෙන්න..දක්ෂ කෙනෙක් වෙන්න.. මම මටම අභියෝග කරනවා.. එතකොට දවසින් දවස ඔබ ඉස්සරහට යනවා මිසක් කවමදාකවත් ආපස්සට යන්නෙ නැහැ..
ඔබ ඊයෙ හිටපු ඔබටත් වඩා දක්ෂ කෙනෙක් වෙන්න ට්රයි කරනවා.. ඊට වඩා හොදකෙනෙක් වෙන්න ට්රයි කරනවා..
ඔබ කරන දේවල් ගැන කිසිම කෙනෙක්ගෙන් අගය කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා.. මොකද එහෙම දෙයක් නොලැබුනොත් ඔබ අධෛර්ය වෙනවා.. ඔබව අගය කරන්න ඔබ තුල කෙනෙක් ඉන්නවා.. ඒ ඔබමයි. හැම විටම ඔබේ හොද දේවල් ගැන ඔබ අගය කිරීමක් කරන්න.. ඒක කිසිකෙනෙක් කරනවට වඩා ඔබට දැනේවි.. ඔබ තව තවත් ඒ වගේ හොද දේවල් කරන්න පෙලඹේවි..
කෙනෙකුගෙ හිතේ ඔබ ගැන ඇති වෙන ආශිර්වාදය.. ඒක අනිවාර්යෙන් ඔබ වටා ශක්තියක් ලෙස එකතුවන බව හිතන්න.. ඔබ ඇසුරු කරන අයගෙන් විතරක් නෙමේ ගහකොල සතුන්ගෙන් පවා ඒ ආශිර්වාදය ගන්න... ස්වභාව දහම දෙන ආශිර්වාදය හරි පුදුමාකාරයි.. ඔබට එය මොහොතක් හරි දැනිලා තියෙනවා නම් ඔබ ස්වභාව දහමට මොන තරම් ආදරය කරාවිද.. මට ඒක දැනෙනවා.. වේලිලා යන්න ගිය ගහකට වතුර පොදක් දාලා ඔබ ඒ ගසින් ලැබෙන ආශිර්වාදය හිතෙන් විදින්න.. වතුරෙ ගිලෙන්න යන පුංචි කූබියෙක් බේර ගෙන ඒ සතුට හිතට දෙන්න.. ඔබ ඔබව අගය කරන්න..
'ඔබ ඇත්තටම කරුනාවන්තයි.. ඔබට හොද හදවතක් තියෙනවා..' ඔබම ඔබට කියාවි.. ඔබට ඔබව ගොඩක් වටීවි..
~මුදී~
<අවසාන කොටස.>
පසුගිය කොටසින්..
ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්‍රීතියෙන් කෑගසන්නට වුනා..
"ක්ලී.. ඔබ ආපසු ඇවිත්..
ක්ලී ඔබ අපේ නායකයා. "
පිරිස කේල් අතහැර ක්ලී වටා එකතු වුනා.. කේල්ට කිසිවක් කර කියා ගත නොහැකි වුනා..
එතැන් සිට...
නීන්ගේ තාත්තා ක්ලී, ප්‍රථමයෙන්ම ගියේ ඔහුගේ නිවසටයි...
"මගෙ පුතා... ජොම්, ඔයා එහෙනම් යානයක් හැදුවා මාව ආපහු ගේන්න.. "
ක්ලී සතුටින් කිව්වා.
ඒ වන විට කේල් විසින් කපා දැමූ ජොම්ගේ අත්,  යම්තමින් වැඩෙමින් තිබුනා.
කැපූ අත් පා නැවත වැඩෙන බව නීන් පවසා තිබුනත්, දිනුක එය විශ්වාස කලේ ජොම්ගේ අත් , දැකීමෙන් පසුවයි..!
නීන්ගේ පවුලේ සියලුදෙනා ආපසු එක් වුනේ බොහෝ කාලයකින් නිසා ඔවුන් සතුටු සාමිචියෙහි යෙදී සිටියා..
"ක්ලී.. ක්ලී නායකතුමනි.. "
අයෙකු කලබලයෙන් ඔවුන් සිටි තැනට ආවා.
"ඇයි ග්ලේබෝ.. " ක්ලී ඇහුවා.
"කේල් ඔබගේ යානයේ නැගලා අතුරුදන් වුනා..!! "
එම පුවතින් වඩාත්ම කලබල වුනේ දිනුකයි.
'මම දැන් ආපහු යන්නෙ කොහොමද.. "
දිනුකට කියවුනා.
ක්ලී මද වේලාවක් කල්පනා කර දිනුකට මෙසේ පැවසුවා.
"ඔබ කලබලවෙන්න එපා. මම යානයක් හදන්නම්. මට ටික කාලයක් දෙන්න. ජොම්ගෙ අත් වැඩීගෙන එන නිසා එයාටත් පුළුවන් වේවි මට උදව් කරන්න. "
දින කිහිපයක් ගෙවී ගියා. නීන්ගේ තාත්තා දිවා රෑ නොබලා යානය සෑදීමේ කටයුතු කරගෙන ගියා..
එයට පාෂාණයක් සෙවීම නීන් භාර ගත්තා.  ඇය දිනුක සමග ඇගේ  ලෝකයේ බොහෝ දුර ඇවිද ගොස් සොයා ගැලපෙනම පාෂානය සොයා ගත්තා..
අවසානයේදී ක්ලී යානය සාදා නිම කලා. දිනුක ඔවුන්ගෙන් සමු ගත්තා. යානය සෑදීම පිළිබඳ දිනුක ක්ලීට බොහෝ ස්තූති කලා. දිනුකව පෘතුවියට ගෙන ඒමට නීන් ඉදිරිපත් වුනා. ඔවුන් යානයට නැග එය ක්‍රියාත්මක කලා.
දිනුකගේ ඉල්ලීම පරිදි පෙර අවස්ථාවේදී නීන් පෘතුවියට වැටුනු ස්ථානය ඉලක්ක කර ගමන් දිශාව සකස් කිරීමට නීන්ගේ තාත්තා කටයුතු කර තිබුනා. එසේ ඔවුන් සෝමාවතී රක්ෂිතට යානයෙන් ආවා. නීන් හා දිනුක එකෙනෙකාගෙන් සමු ගැනීමට වෙලාව එලඹී තිබුනා..
"නීන් දන්නවද.. මම ඔයාගෙ ලෝකෙදි.. කේල් මාව හිර කරලා ඉද්දි, මම කණගාටු වුනා එදා අපේ කණ්ඩායම ආපහු යද්දි මමත් ඔවුන් එක්ක නොගිය එක ගැන..
ඒත්.. ඒත් දැන් මම සතුටු වෙනවා ඒ ගැන..
ඔයාගෙ ලෝකෙ උනත්.. මගෙ ලෝකෙ උනත් හොඳ සහ නරක ජීවීන් දෙගොල්ලොම ඉන්නවා.
මම වෙනුවෙන් ඔයා එදා අවධානමක් අරගෙන මාව කේල්ගෙ උමඟෙන් බේර ගත්තා. අද මාව ආපහු මගේ ලෝකෙට ගෙනත් දැම්මා.
ඒ හැම දේකටම ස්තූතියි නීන්. :)
"දිනුක, මම මේ ලෝකෙට ඇවිත් අර විදිහට තුවාල වෙලා ඉඳිද්දි, ඔයයි මාව බේර ගත්තෙ.. ඒත් මම ඔයාව කරදරේක දැම්මා.. :( මට සමාවෙන්න ඒ හැමදේකටම. "
"නැහැ නීන්. ඒ ගැන හිතන්න එපා.. මේ වගේ අපූරු අත්දැකීමක් ලැබුනෙ මට.. ඒ දේවල් ඒ විදිහට උන නිසානෙ. අන්තිමේදි අපි ඔයාගෙ තාත්තාවත් හොයාගත්තා..
ආ.. නීන්, මට ඔයාගෙ තාත්තටයි ජොම්ටයි කියන්න අමතක වුනා.. මේ යානෙන් වෙනත් ග්‍රහලෝක වලට යද්දි පරිස්සම් වෙන්න.. කුරුමිට්ටන් හිටපු පෙම්ලො ග්‍රහලෝකය, මගේ ග්‍රහලෝකය පෘතුවිය, ඔයාගෙ ලෝකය.. ඔක්සිජන් සහිත මේවයෙ වායුගෝලය එක වගේ නිසයි අපිට හුස්ම ගන්න පුළුවන් වුනේ..
අවාසනාවකට මේ වගේ වායුගෝලයක් නැති ලෝකෙකට ඔයාල ගියොත් හුස්ම ගන්න බැරිව මැරෙන්න සිද්ද වෙනවා..
ඒ නිසා ජොම්ට කියන්න ඒකට ආරක්ෂිත උපක්‍රමයක් හදන්න කියලා.. "
නීන් ඒ සියල්ල අසා හිතට ගත්තා..
"එහෙනම් මම යන්නම්.. "
අපූරු පිටසක්වල තරුණිය නීන්,  දිනුකගෙන් සමුගෙන ඇගේ ග්‍රහලොව වෙත ගියා..
"දිනුක.....,
අර පිටසක්වලයා ඔයාව පැහැරගත්තා කියලයි අපි හිතුවෙ.. අපි දැක්කා ඔයාව ඒ යානයෙන්  ගෙනියනවා.. මොකද්ද ඒ උනේ..??"
මහාචාර්යවරුන් දෙදෙනා දිනුක වෙත දිව එමින් ඇහුවා.
"ම්ම්.. පැහැර ගැනීමක්? එහෙම නෙමෙයි කියන්නත් බෑ ඉතින්.. "
දිනුක සිනාසෙමින් කිව්වා..
ප්‍රොෆෙසර්.. ඔය දෙන්නා මෙච්චර කල් මෙහෙ හිටියද? "
දිනුක විශ්මයෙන් ඔවුන්ගෙන් ඇහුවා.
"මෙච්චර කල්? ඔයා අද උදේ  පිටසක්වල ජීවියා එක්ක යානෙන් යනව දැක්ක නිසා අපි ආපහු යන්නෙ නැතුව නැවතිලා මෙතන ටෙන්ට් එක ගැහුවා.. "
ප්‍රොෆෙසර් රණ්දෙනිය කිව්වා.
"ප්‍රොෆෙසර් කිව්වා නේද මම සක්වල අතිරේකයේ ලියන ලිපි කියවනවා කියලා..
ඔන්න එහෙනම් ඔබට ඊළඟ සතියෙ ඉඳලම කියවන්න පුළුවන් ඔබ දැන් මගෙන් ඇහුව ප්‍රශ්නයට උත්තරේ. :)
දැන් අපි යමු.."
දිනුක මහාචාර්යවරුන්  දෙදෙනා සමඟ රක්ෂිතයෙන් ආපසු ඒමට පිටත් වුනා..
~සමාප්තයි.~
මෙතෙක් කොටස් -->
01 කොටස.
02 කොටස.
03 කොටස.
04 කොටස.
05 කොටස.
06 කොටස.
07 කොටස.
08 කොටස.
09 කොටස.
10 කොටස.
11 කොටස.
12 කොටස.
13 කොටස.
14 කොටස.
Posted via Blogaway
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com10tag:blogger.com,1999:blog-5241022255493110058.post-73453999073677935332017-01-26T04:45:00.001-08:002024-01-09T20:39:54.678-08:00පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස..
පසුගිය කොටසින්..
"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර තියෙන්නෙ අපේ ලෝකෙ.. "
අපට සද පෙනෙනවාක් මෙන් පෙනෙන ග්‍රහලෝකය පෙන්වමින් නීන්ගේ තාත්තා කිව්වා..
'එහෙනම් මේක නීන්ගෙ ලෝකයට පේන චන්ද්‍රයෙක් කියලා මම හිතපු දේ වැරදියි.. '
දිනුක තනිවම කල්පනා කලා.
නීන්ගේ ලෝකයට පෙම්ලෝ කුට්ටිය පෙනුනේ කොල පැහැතිවයි..
නමුත් මෙහි සිට නීන්ගේ ලෝකය සුදු පැහැයෙන් දිස් වුනා..
එතැන් සිට...
"මම එදා වැටුනෙ මෙහෙ වගුරකට. ඔව්. එතනට මේ කුරුමිට්ටන් කියන්නෙ වගුර කියලා. ඔයාට ඒ වගේ එකක් හිතා ගන්න බෑ නීන්. අපේ ලෝකෙ එහෙම ඒවා නෑ.. "
නීන්ගේ තාත්තා කිව්වා.
"අපේ ලෝකෙ නම් තියෙනවා! ඉතින් ඔබ ඒකෙ එරුනද.. කොහොමද ඒකෙන් බේරුනේ? "
දිනුක ඇහුවා.
"මම ඒකෙ ගිලෙද්දි මේ කුරුමිට්ටන් වටවුනා එතනට. ඒගොල්ලො මාව බේර ගත්තෙ නැත්නම් මමත් මගෙ යානෙත් එක්ක වගුර ඇතුලෙ මේ වෙනකොට..
මම මේ ගොල්ලො එක්ක කාලයක් ජීවත් වෙනකොට එයාලා මාව ඒගොල්ලන්ගෙ නායකයා කර ගත්තා. එදා ඉදන් මම මෙහෙම ඉන්නවා..
මට ආපහු එන්න ඕන වුනත් මෙහෙ යානයක් හදන්න ඕන කරන දේවල් නැහැ නීන්.. අඩුම තරමෙ අපේ වගේ පාෂානවත් මෙහෙ හොයා ගන්න නැහැ.. අම්මවයි ජොම්වයි ඔයාවයි හැමදාම මතක් වුනා මට.. මම හැම රෑකම අපේ ලෝකෙ දිහා බලන් ඉන්නවා.
මම හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ පුතා මාව හොයාගන්න එන්න යානයක් හදයි කියලා.. ඒ වගේම මගේ නිර්භීත පුංචි කෙල්ල මාව හොයාගෙන මෙහෙට එයි කියලා.. "
"අනේ තාත්තා.. " නීන් ඔහුව වැළද ගත්තා.
"අපි යමු තාත්තා අපේ ලෝකෙට.. ඔයා ගියාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධ වුනා.. ඒ ඔක්කොම වගේ නපුරු දේවල්..කේල් කියන්නෙ නපුරු නායකයෙක්. " >:(
"ආ.. කේල්ද දැන් නායකයා..? ඒ කියන්නෙ හල්ම් මැරුනද..? "
"ඔව් තාත්තා. එයා මැරිලා තියෙන්නෙත් තාත්තා එහෙන් ඇවිත් ටික කාලෙකට පස්සෙ.
ඔයා දන්නවද තාත්තා නරකම දේ? කේල්.. එයා.. එයා අපේ ජොම්ගෙ අත් දෙකම කපලා දැම්මා මේ යානය හැදුවා කියලා. "
නීන් බොහෝ දුකින් කිව්වා..
එය ඇසුන මොහොතේම නීන්ගේ තාත්තාගේ මුහුන කෝපයකින් පිරුනා.
"මොනවා මගෙ පුතාගෙ අත් කපලා දැම්මා..
කේල් උබට මගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.. අපි පුලුවන් තරම් ඉක්මන්ට අපේ ලෝකෙට යමු.."
"තාත්තා.. ජොම් යානයේ දිශාව හදන එක ඉවර කරලා තිබුනෙ නෑ කේල්ට අහුවෙද්දි. ඒක හරියට වැඩ කරන්නෙ නෑ.. අනික අපේ යානයේ පාෂානය සේටෝගෙ එළියෙන් ආරෝපණය කරන්නත් ඕනෙ.."
අවශ්‍යය කෑම තිබූ නිසා දිනුකටත් නීන්ටත් එහි සිටීම අපහසු වුනේ නැහැ. නීන්ගේ තාත්තා යානය තුලට ගොස් එහි දිශා දැක්වීම නිවැරදි කිරීමේ කටයුතු සිදු කලා..
ඒ අතර යානය ක්‍රියාත්මක කරන පාෂාණය ආරෝපණය වීම සඳහා සේටෝගේ එළිය වැටෙන්නට තබා තිබුනා.
නීන් මෙතෙක් සිදුවූ සිදුවීම් තාත්තාට කිව්වා..
"දිනුක, තාත්තා යානය හදා ගත්තට අස්සෙ අපිට ඉස්සෙල්ලම යන්න වෙන්නෙ අපේ ලෝකෙට.. ඒකට කමක් නැහැ නේද..
තාත්තව අපේ ලෝකෙට ගෙනියන්න ඕනෙ ඉක්මනටම. මම මෙහෙම ආපු නිසා අම්මටයි ජොම්ටයි මොනවා කලාද දන්නෙ නැහැ කේල්..
තාත්තා එහෙට ගියාට පස්සෙ අපේ ජනපදයෙ නායකයා වෙන්නෙ තාත්තා.. මම ඔයාට කලින් කිව්වනෙ හල්ම් නම් කරපු දෙන්නගෙන් වැඩි දක්ෂකමක් පෙන්වන කෙනයි නායකයා වෙන්නෙ කියලා. හල්ම් කියලා තිබුනලු තාත්තා ආපහු ආවොත් මීළඟට ජනපදයෙ නායකයා වෙන්නෙ තාත්තා කියලා..
ඊට පස්සෙ මම ඔයාව ඔයාගෙ ලෝකෙට ගෙනියන්නම්. "
"අහ්. ඒකට කමක් නැහැ නීන්. "
දිනුක කිව්වා.
නීන්ගේ ලෝකයේ කොතරම් වෙලාවක් සිටීමට වේ දැයි නොදන්නා නිසා දිනුක, ගෙන යෑමට පළතුරු ගත්තා. නීන්ගේ තාත්තාගෙන් සමු ගැනීම කුරුමිට්ටන් ට දුක්බර අවස්ථාවක් වුනා.. ඔවුන් දුක්බර ගීතයක් වැනි යමක් මුමුනමින් සිටියා.
නීන්ගේ තාත්තා, ඔවුන් සියලු දෙනා රැස් කරවා සමුගැනීම ප්‍රකාශ කලා. අවසානයේදී නීන්, ඇගේ තාත්තා සහ දිනුක යානයට නැගී නීන්ගේ ලෝකය බලා පිටත් වුනා.. එවර යානය ක්‍රියාත්මක කලේ නීන්ගේ තාත්තා විසින්.
නීන්ගේ ලෝකය වෙතට යානය පැමිනියා. දිනුක ප්‍රථම වරට මෙහි පැමිනි දින මෙන්, නීන්ගේ ලෝකයේ ජීවීන් ඔවුන්ගේ යානයෙන් පිටත රැස්ව සිටියා.
ප්‍රථමයෙන් යානයෙන් පිටතට පැමිණියේ නීන්. කේල් කෝපාවිෂ්ඨ ව ඈ දෙස බලා සිටියා.. නීන්ව අල්ලා ගැනීමට තම පිරිසට අණ කරන්නට ඔහු සැරසෙනවාත් සමගම නීන්ගේ පියා යානයෙන් එළියට ආවා.
ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්‍රීතියෙන් කෑගසන්නට වුනා..
"ක්ලී.. ඔබ ආපසු ඇවිත්..
ක්ලී ඔබ අපේ නායකයා. "
පිරිස කේල් අතහැර ක්ලී වටා එකතු වුනා.. කේල්ට කිසිවක් කර කියා ගත නොහැකි වුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
මෙතෙක් කොටස් -->
01 කොටස.
02 කොටස.
03 කොටස.
04 කොටස.
05 කොටස.
06 කොටස.
07 කොටස.
08 කොටස.
09 කොටස.
10 කොටස.
11 කොටස.
12 කොටස.
13 කොටස.
Posted via Blogaway
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com1tag:blogger.com,1999:blog-5241022255493110058.post-89196043317677858582017-01-25T23:31:00.001-08:002024-01-09T20:40:21.415-08:00පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස..
පසුගිය කොටසින්..
ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින්, සියුම් ආලෝකයක් අවට පැතිර යමින් තිබෙනු දකින්නට ලැබුනා..
"සේටෝ.."
දිනුක, නීන්ගේ භාෂාවෙන්, හිරු පායන බව ඇයට කිව්වා.. එය ඇසුනු අසල සිටි කුරුමිට්ටන් දෙදෙනා දිනුක කී දේ ගැන යමක් කථා වුනා..
එතැන් සිට...
ඔවුන් රැගත් අටපට්ටම් හැඩති යානය වේගයෙන් ගමන් කලා..
"කොහෙටද මේ අපිව එක්කගෙන යන්නෙ.."
දිනුක කිව්වා..
"මට යානයේ දිශාව හදන්න අමතක වුනා.. කේල් එන්න කලින් පැන ගන්නයි ඕනෙ වුනේ.. මම මෙහෙ ඉඳලා ඔයාගෙ ලෝකෙට එනකොට තිබුන දිශාව විරුද්ධ පැත්තට හරවලයි ආපහු මගේ ලෝකෙට එන්න පුළුවන් වුනේ.. මම හිතන්නෙ කේල් හරි එයාගෙ කට්ටිය හරි අතින් මේක වෙනස් වෙලා තියෙන්න ඇති..".
නීන් පසුතැවුනා..
"දැන් අපි මෙතනින් බේරෙන්න විදිහක් බලමු නීන්.. තව දවසක්වත් ඉන්න බැරි වෙයි මට මේ තරම් බඩගින්නෙ."
"කේල්ගෙ අය ඔයාට යුෂ ගෙනත් තියෙනවා මම දැක්කා.. ඔයා ඒවා බිව්වෙ නැත්ද.. "
"නැහැ නීන්. මගේ ලෝකෙ දේවල් කාලා ඔයාට වුන දේම තමයි මටත් ඒවා බීලා වුනේ. ඇත්තටම අප්පිරියයි මට ඒවා. "
මොහොතකින් ඔවුන්ව ගෙන යමින් සිටි වාහනය නැවතුන බවක් දැනුනා.. අත් පා ගැට ගැසූ නීන් හා දිනුකව ඔවුන් විසින් ඔසවා ගත් අතර, ගස් වලින්ම වට වූ විශාල උද්‍යානයක් වෙතට ඔවුන්ව ගෙන යනු ලැබුවා.
එහි අසුනක් මත ඉඳගෙන සිටියේ කුරුමිට්ටන්ගේ නායකයා විය යුතුය..
"නීන්.."
ඔහුව දුටු විටම දිනුක විශ්මයෙන් නීන් දෙස බැලුවා.. නීන් ද විශ්මයෙන් කුරුමිට්ටන්ගේ නායකයා දෙස බලා සිටියා..
"බලන්න නීන්.. එයා ඔයා වගේමයි.. ඔයාලගෙ ලෝකෙ ජීවියෙක් වගේමයි එයා.. "
නීන් හා දිනුක සේම කුරුමිට්ටන්ගේ නායකයාද විශ්මයෙන් ඔවුන් දෙසට ඇවිද ආවා..
ඔහු කුරුමිට්ටන්ට යමක් අණ කලා.. ඇසිපිය ගසන ක්ෂණයෙන් කුරුමිට්ටන්, නීන් හා දිනුක ව ලිහා දැමුවා..
'මේ නීන්ගෙ තාත්තා වත්ද..'
දිනුකට සිතුනා..
'මේ මගේ තාත්තද.. '
නීන්ටත් සිතුනා.
"තාත්තා මේ ඔයාද..? "
"තාත්තා? නීන්... මේ මගේ පුංචි කෙල්ල නීන්ද..? ඔයා දැන් කොච්චර ලොකුද.. "
"තාත්තා ඔයා ඇයි ආපහු ආවෙ නැත්තෙ.. මේ අපි ඉන්නෙ පෙම්ලො කුට්ටියේද එතකොට.. අම්මා, මම ජොම් අපි හැමෝම බලාගෙන හිටියා ඔයා ආපහු එනකන් තාත්තා.. "
ඔවුන් වැළඳගෙන හඩන්නට වුනා..
"නීන් ඔයා ආවෙ කොහොමද..?"
ඒ වන විටත් කුරුමිට්ටන් විසින් නීන් හා දිනුක පැමිනි යානය එතැනට ගෙනවිත් තිබුනා.
"අරක.. ඒක මගෙ යානය වගේමයි.. නීන් කොහෙන්ද ඒක ඔයාට.. "
"දන්නවද තාත්තා... ඒක හැදුවෙ අපේ ජොම්. "
"ජොම්.. මගෙ පුතා.. මගෙ පුතා මොනතරම් දක්ෂයෙක්ද.. ඇයි ජොම් ආවෙ නැත්තෙ.. කෝ එයා..? "
දිනුකට තම කුස ගින්න ඉවසා ගත නොහැකි තත්වයකට පත්ව සිටියා.
"මට කන්න මොනවා හරි හොයා ගන්න පුළුවන් වෙයිද මේ ලෝකෙන් වත්.. "
නීන්ගේ තාත්තාට දිනුක පිළිබඳ අවධානය යොමු වුනේ එවිටයි..
"නීන්.. මේ කව්ද..? මෙයා අපෙ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ.."
"තාත්තා.. ඒක දිග කථාවක්! මේ දිනුක. එයා අපේ ලෝකෙ කෙනෙක් නෙමයි. එයාලා අපි වගේ යුෂ බොන්නෙ නෑ. එයාලා කරන්නෙ කනවා කියලා දෙයක්. "
නීන් තාත්තාට පැහැදිළි කලා..
"ආ.. මගේ ජනපදයෙ ජීවීනුත් ගස් වල හැදෙන ගෙඩි කනවා.. සමහර විට මෙයාටත් ඒවා ගැලපේවි.. "
ඉන්පසු නීන්ගේ තාත්තා කුරුමිට්ටන් කිහිප දෙනෙකුට යමක් අණ කලා..
"තාත්තා එයාලා ඔයාට ගරු කරනවා? ? "
"හ්ම්. ඉස්සෙල්ලම අපි මොනවා හරි ආහාරයට අරගෙන ඉමු. මටත් තියෙනවා දිග කථාවක්.. "
නීන්ගේ තාත්තා කුරුමිට්ටන් ගෙන ආ ගෙඩි වර්ග කිහිපයක් දිනුකට දුන්නා. දිනුක ඉන් එක ගෙඩියක් ගෙන එහි කෑල්ලක් කා බැලුවේ පෙර අවස්ථාවේදී නීන්ගේ ලෝකයේ දී, යුෂ පානය කිරීමෙදී මෙන් කටට ගත් සැනින් එලියට දමන්නට සිදු වේදැයි සිතමින්.. එහෙත් එහි රසය ඉතා මිහිරි වුනා..
දිනුක ඒ සියල්ල ගිල දමනු නීන් සිනා සෙමින් බලා සිටියා.
"එතකොට තාත්තා අපිට යුෂ ගන්න ඝූල් ගස් මෙහෙ තියෙනවද..?"
"නැහැ නීන්. මෙහෙ ඒවා නැහැ. ඒත් ඊට වඩා අපූරු රසක් තියෙන යුෂ ගන්න පුළුවන් ගස් මෙහෙ ඕන තරම් තියෙනවා.. "
නීන්ගේ තාත්තා ඉන්පසු ශාක යුෂ කුරුමිට්ටන් ලවා ගෙන්වාගෙන නීන්ට පානය කරන්නට දුන්නා.
"තාත්තා.. ඒවා ඝූල් ගස් වල යුෂ වලට වඩා ගොඩක් රසයි තමයි... "
ඉන්පසු නීන්ගේ තාත්තා මෙහෙම කිව්වා..
"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර තියෙන්නෙ අපේ ලෝකෙ.. "
අපට සද පෙනෙනවාක් මෙන් පෙනෙන ග්‍රහලෝකය පෙන්වමින් නීන්ගේ තාත්තා කිව්වා..
'එහෙනම් මේක නීන්ගෙ ලෝකයට පේන චන්ද්‍රයෙක් කියලා මම හිතපු දේ වැරදියි.. '
දිනුක තනිවම කල්පනා කලා.
නීන්ගේ ලෝකයට පෙම්ලෝ කුට්ටිය පෙනුනේ කොල පැහැතිවයි..
නමුත් මෙහි සිට නීන්ගේ ලෝකය සුදු පැහැයෙන් දිස් වුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
මෙතෙක් කොටස් -->
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
Posted via Blogaway
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com1tag:blogger.com,1999:blog-5241022255493110058.post-31050285204070991012017-01-25T06:45:00.001-08:002024-01-09T20:41:51.838-08:00පිටසක්වල තරුණිය "නීන්" 12 කොටස…
පසුගිය කොටසින්..
නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා..
තාත්තාගේ උණ්ඩ විදිනයට ඈ පාෂාන පතුරු ඇතුල් කලා.. මොහොතකින් උමං දොරටුවේ සිටි දෙදෙනා නීන් එල්ල කල පාෂාන පතුරු වැදී ඒවාට ශරීරය කැපී බිම වැටුනා..
හරි..
නීන් දෙවරක් නොසිතා උමඟට ගොස් යානයට ඇතුල් වුනා..
එතැන් සිට...
'මේ තියෙන්නෙ පාෂානය.. ඒකට මුකුත් කරලා නෑ.. දිනුකගෙ ලෝකෙදි සේටොගෙ එලියෙන් මේක ආරෝපණය කර ගන්නයි තිබුනේ.. මේකේ ආරෝපණය මදි වුනොත් යානය ක්‍රියාත්මක නොවී තියේවිද.. '
නීන් කල්පනා කලා..
තවත් ප්‍රමාද වීමෙන් කේල් ට හසු විය හැකි නිසා නීන් හැකි ඉක්මනින්   දිනුක සිටි උමඟට ඇතුල් වුනා..
"දිනුක ඉක්මන් කරන්න.. ඒන්න මේ පැත්තෙන්.. "
"නීන් මේ ඇයි..? ඒ පාර මට මොකද්ද කරන්න යන්නෙ.. "
"උත්තර දෙන්න වෙලාවක් නැහැ.. අපි ඉක්මන්ට යානයට යමු.. "
උමඟේ වෙනත් දොරටුවක් සොයා ගිය නීන්, දිනුක සමඟ ඉන් පිටතට පැමිනියා..
"ඔවුන් පැන ගන්නවා!! "
කේල්ගේ සේනාවේ අයෙක් කෑ ගැසුවා.. නීන් මොහොතකුත් පමා නොවී ඔහුගේ පපුව ඉලක්ක කර උන්ඩ විදිනය ක්‍රියාත්මක කලා..
තවත් කෑ ගැසීමට ඉඩක් නොලැබී ඔහු එතැනම ඇද වැටුනා.. දිනුක භීතියෙන් එදෙස බලා සිටියා..
"නීන් ඔයා එයාව මැරුවද...?? "
" නැහැ.  ඔයා ඒ ගැන කණගාටු වෙන්න එපා.. සිදුරු උන තැන් වැඩුනාම එයාට සනීප වෙයි. හැබැයි ඒකට කාලයක් ගතවෙයි.
සෝබ් කෑ ගහනවා කාට හරි ඇහුනද දන්නෙ නෑ.. ඉක්මන් කරන්න.. "
ඔවුන් යානය ඇති උමගට ඇතුල් වුනා..
"නීන්? "
දිනුක විශ්මයෙන් ඈ දෙස බලලා සිටියා..
"මම ඔයාව ආපහු ඔයාගෙ ලෝකයට ගෙනියනවා දිනුක.. කේල් මගේ පොරොන්දුව ඉෂ්ඨ කරන්නෙ නැහැ.. එයා මාව රැවැට්ටුවා.. මේ යානෙ උමඟෙන් එලියට ගන්න උදව් කරන්න දිනුක.. කේල්ට අහු වුනොත් ගැලවීමක් ලැබෙන එකක් නෑ අපිට.."
යානය තල්ලු කිරීමට නීන්ගේ ලෝකයෙහි ජීවීන් කිහිප දෙනෙකුම අවශ්‍ය වුවද දිනුක සිටි නිසා යානය පිටතට ගැනීමට නීන්ට අපහ්සුවක් වුනේ නැහැ..
ඔවුන් යානය තුලට ඇතුල් වුනා.. දිශාව පිළිබඳ කිසිවක් සිතමින් සිටීමට වැය කිරීමට කාලයක් තිබුනේ නැහැ.. නීන් යානය ක්‍රියාත්මක කලා..
යානයේ සෙළවීම නතර වීමෙන් පසු දිනුක ප්‍රථමයෙන් එයින් බැස ගත්තා.. මහත් කළුවරක් අවට වසාගෙන තිබුනා.. ඔවුන් සිටින්නේ මහා වනයක් මැද බව නොබෝ වේලාවකින්ම දිනුක තේරුම් ගත්තා..
ඒත් මේ ගස් වල වෙනසක් ඔහුට දැනුනා..
"නීන් මේ අපේ ලෝකෙ නෙමෙයි කියලා මට හිතෙනවා.. මේ ගස් වල දිලිසෙන ස්වභාවය... කොලවල ඝනකම.. මේ හැම ගහක්ම එහෙමයි..  "
දිනුක අසල වූ ගසක් අල්ලා බලමින් කිව්වා..
දිශාව වෙනස් වී ඇතැයි නීන්ට සිතුනේ ඒ මොහොතෙයි..
එක් වරම කුඩා ජීවීන් දහස් ගනනක් ඔවුන්ව වටකර ගත්තා.. ඔවුන්ගේ කෑ ගැසීම් කන් බිහිරි කරවන තරම් වුනා.. දිනුකටත් වඩා තියුනු කන් පිහිටි නීන්ට එය කෙසේ වත් දරා ගත නොහැකි වුනා..
"සද්දෙ නවත්තනවා!! "
නීන් මහ හඩින් කෑ ගසා කිව්වා..
කියූ දේ නොතේරුනු නමුත්, ඇගේ හඩින් බියට පත් වී ඔවුන්ගේ හඩ නැවතුනා.. සියලු දෙනා බියකින් මෙන් නීන් හා දිනුක දෙස බලා සිටියා..
නීන් ගේ ලෝකයෙහි ජීවීන් අඩි තුනක් පමන උස ජීවීන් වුනා.. නමුත් මේ අලුත් ග්‍රහලොවෙහි වූ ජීවීන් ඊටත් වඩා මිටි වූවන්.
අටපට්ටමක හැඩගත් යානයක් වැනි යමක් ඒ මොහොතේ ඔවුන් සිටි දෙසට පැමිනෙමින් තිබුනා..
"නීන්, මොකක් හරි අනතුරක් අපි ළඟ.. මට ඒක දැනෙනවා.. අපි ඉක්මන්ට යානයට යමු.. "
නීන් ඔහු සමඟ ඉක්මනින් යානයට ඇතුල් වුනා.. වතාවක් දෙවතාවක් එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කලා.. නමුත් එය ක්‍රියාත්මක් වුනේ නැහැ..
"දැන් මොකද කරන්නෙ.. පාෂානයේ ආරෝපනය ඉවර වෙලා... අපිට සේටොගෙන් ඒක ආරෝපණය කර ගන්න බැරි වුනානෙ.. "
නීන් කිව්වා.
දිනුක සහ නීන් දෙදෙනාම බියවී සිටියා.. යානයේ දොර කඩන්නට මෙන් අරින්නට කුරුමිට්ටන් උත්සහ කරන බව දෙදෙනාටම ඇසුනා..
"අපි ඉවරයි. උන් යානය විනාශ කරයි. "
එක්වරම නීන් සහ දිනුක සිටි යානයේ දොර, කුරුමිට්ටන්ගේ  පහරදීම් නිසා විවර වුනා.. ඔවුන් දෙදෙනාට සිතා ගැනීමට වත් නොහැකි වන තරම් ඉක්මනින් ඔවුන්ගේ දෑත් මෙන්ම පාද ද ගැට ගසා අටපට්ටම් හැඩති වාහනය වෙත ගෙන ගියා..
එකිනෙකාට වෙනස් වූ මේ ජීවීන් දෙදෙනා දෙස රැස්ව සිටි කුරුමිට්ටන් විමතියෙන් බලා සිටියා..
ඔවුන් දෙදෙනා මෙහි ළංගා වන විට පැවති ඝන අදුර පහව යමින්, සියුම් ආලෝකයක් අවට පැතිර යමින් තිබෙනු දකින්නට ලැබුනා..
"සේටෝ.."
දිනුක, නීන්ගේ භාෂාවෙන්, හිරු පායන බව ඇයට කිව්වා.. එය ඇසුනු අසල සිටි කුරුමිට්ටන් දෙදෙනා දිනුක කී දේ ගැන යමක් කථා වුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com1tag:blogger.com,1999:blog-5241022255493110058.post-25451527841401427382017-01-25T00:03:00.001-08:002024-01-09T20:42:27.762-08:00පිටසක්වල තරුණිය "නීන්" 11 කොටස…
පසුගිය කොටසින්..
"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බලයක් පාවිච්චි නොකලෙ නීන්..? "
දිනුක ඇහුවා..
"ගැහැණු ජීවීන්ට එහෙම බලයක් නැහැ. අපේ ලෝකෙ ඒ බලය තියෙන්නෙ පිරිමි ජීවීන්ට විතරයි..
එහෙම බලයක් තිබුනත් මට බෑ ඔයාට අනතුරක් කරන්න.. :( ඔයා හොද කෙනෙක්.. ඒත් තාත්තව හොයා ගන්න යන්න ඕනෙ නිසා, මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.. " :(
එතැන් සිට...
"අපේ යානය කේල්ට අහු වෙනකොට  ජොම් දිශාව හදන එකේ වැඩ ඉවර කරලා තිබුනෙ නෑ. කේල්ට ඒ ගැන කිව්වට යානය ගැන තේරුම් ගන්න තරම් ශක්තියක් එයාට නෑ..
මම ඔයාගෙ ලෝකෙට ආවෙ එහෙම අහම්බෙන් කැරකුනු දිශාවකට යානය ගිය නිසා.. ඔයාගෙ ලෝකෙ ඉඳිද්දි මම දැක්කා ඒකෙ ඉඳලා පේන අනිත් ලෝකෙ.. ඒ නිසා මම හිතුවෙ ඒ මගේ ලෝකෙ කියලා.. මම ඇවිත් තියෙන්නෙ මගෙ තාත්තා ගියපු පෙම්ලො කුට්ටියට කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා කිව්වනෙ.. "
"නීන් ඇති!  දැන් ඔය කිසිම දේකින් වැඩක් නෑ.. ඔයා පාපොච්චාරණය කලා කියලා සිද්ධ වෙච්ච කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ..
මට කියනවා උන් මට කරන්න යන්නෙ මොනවද කියලා!! "
දිනුක කෝපයෙන් කිව්වා..
"කේල් ඔයාගෙ දැනුම උරා ගනී. ඊට පස්සෙ.. ඊට පස්සෙ ග්ලැගෝලට ඔයාගෙ ඇඟ ඇතුලෙ තියෙන දියරය බොන්න දෙයි.. :( "
"ග්ලැගෝලා?? ඒ කව්ද? "
"කේල් ලා උඩින් යන්නෙ ග්ලැගෝලගෙ පිටේ නැගලා.. අතීත කථා වල තියෙන විදිහට පිටසක්වල ජීවීන්ගෙ ඇග ඇතුලෙ තියන දියරය බොන්න දුන්නම උන් ශක්තිමත් වෙනවලු. "
දිනුකගේ මුව වියළී ගියා..
"ඒ කියන්නෙ උන් මාව මරණවා... "
"මට සමාවෙන්න දිනුක.. "
නීන් බොහෝ කණගාටුවෙන් එතනින් ඉවත්ව ගියා..
"මම මැරෙන්න.. මේ වගේ නොදන්න ලෝකෙක මැරෙන එකද මගේ අවසානය.. මම මෝඩයෙක්!  එදා පිටසක්වල යානෙ ගැන හොයන්න මම නැවතුනෙ නැත්නම්.. අද මේ විදිහට මැරෙන්න වෙන්නෙ නෑ..
නීන් කෙලින්ම කේල් හමුවෙන්න ගියා..
"කේල් නායකතුමනි, ඔබේ  පොරොන්දුව මතකනෙ ඔබට.. මට තාත්තව හොයන්න යන්න ඕනෙ..  කරුණාකරලා ඒකට ඉඩ ලබා දෙන්න.."
කේල් මහ හඩින් හිනා වුනා..
"පොරොන්දුව.. මොන පොරොන්දුවද.. නීන් උබ හිතුවද මම උබේ තාත්තව මෙහෙට ගේන්න ඉඩ දෙයි කියලා..? මම එච්චර මෝඩයෙක් නෙමෙයි... මගේ නායකකම අහෝසි වෙයි ඌ ඒ වගේ දක්ෂකමක් කරලා  ආපහු මේ ලෝකෙට පය තිබ්බොත්..
පොරොන්දුව.. හහ් හහ් හා...
දැන් මම තවත් බලවත් වෙනවා!!! "
නීන් කෝපයට පත් වුනා..
"කේල් මාව රැවැට්ටුවා එහෙනම්.. >:(
නමුත් ඔහුට විරුද්ධව යමක් ඈ පැවසුවෙ නැහැ..
ජොම් ගේ මෙන් තමාගේත් අත් කපා දැමීමට කේල් නියෝග කලොත් පාඩුව සිදු වන්නේ තමාටම බැවින් නීන් නිහඩව එතනින් පිට වුනා.
නීන් ආපසු තමා ජීවත් වන පාෂාන කුට්ටිය තුළට ගොස් කල්පනා කලා.
"මම රැවටුනා.. අන්තිමේදි මට මගෙ තාත්තව ආපහු ගේන්න ලැබෙන්නෙත් නෑ..
ඒත් දිනුකව බේර ගන්න ඕනෙ.. ඔව්. කේල්ගෙන් දිනුකව බේර ගෙන එයාගෙ ලෝකෙට යන්න උදව් කරන්න ඕනෙ.
මුලින්ම බලන්න ඕනෙ යානය කොහෙද තියෙන්නෙ කියලා.."
නීන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම කේල්ට පුදුමයක් වුනා. ඇය කුමක් හෝ තමාට විරුද්ධව යමක් පැවසුවේ නම් ඇයවත් සිර කර දැමීමට හෝ අත් කපා දැමීමට අණ කිරීමට කේල් සූදානමින් සිටියා..
නීන් ස්ටෙක් පාෂාන කන්ද සොයාගෙන ගියා.. එම පාෂාන පතුරු , ජීවීන්ගේ සිරුරු කපාගෙන යාමට තරම් තියුනු ඒවා වුනා... එම නිසා ඔවුන් ඒවා උන්ඩ ලෙස භාවිතා කලා..
නීන් බොහෝ ප්‍රවේසමෙන් පතුරු කීපයක් එකතු කර ගත්තා.. තාත්තගෙ උණ්ඩ විදිනයක් ජොම් ළඟ තිබූ බව නීන්ට මතක් වුනා.. ඇය එයත් රැගෙන කේල්ගේ උමඟ ආසන්නයේ රැඳී සිටියා..
කේල්ගේ පිරිස එන හඩ ඇසුනු නිසා නීන් සැඟවී බලා සිටියා...
"පිටිපස්සෙ උමඟට දානවා ඕක..."
යානය තල්ලු කරගෙන ආ පිරිසට කේල් අණ දෙනු නීන්ට ඇසුනා..
'එහෙනම් පිටිපස්සෙ උමඟෙයි යානෙ  තියෙන්නෙ..'
ඔවුන් උමඟට යානය ඇතුළ් කර එතනින් ඉවත් වෙනතුරු නීන් ඉවසා සිටියා..
නමුත් ඔවුන් එතනින් පිටව ගියේ යානයේ මුරට කේල්ගේ පිරිසෙන් දෙදෙනෙක් දොරටුව අසල නවත්වලයි..
'කේල්, යානය ක්‍රියාත්මක කරන පාෂානය අයින් කරලා තිබුනොත් මොකද වෙන්නෙ.. තවත් පාෂානයක් හොයා ගන්න තවත් කල් යයි.. අනික ඒක ආරෝපණය කර ගන්නත් ඕනෙ.. බලමු... ඒත් යානය ගැන දැනුමක් කේල්ට නැති නිසා පාෂානය ගැන වැඩිය හිතන එකක් නැහැ.'
නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා..
තාත්තාගේ උණ්ඩ විදිනයට ඈ පාෂාන පතුරු ඇතුල් කලා.. මොහොතකින් උමං දොරටුවේ සිටි දෙදෙනා නීන් එල්ල කල පාෂාන පතුරු වැදී ඒවාට ශරීරය කැපී බිම වැටුනා..
හරි..
නීන් දෙවරක් නොසිතා උමඟට ගොස් යානයට ඇතුල් වුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com2tag:blogger.com,1999:blog-5241022255493110058.post-14950778921731903012017-01-24T19:37:00.001-08:002024-01-09T20:42:57.131-08:00පිටසක්වල තරුණිය "නීන්" 10 කොටස…
පසුගිය කොටසින්..
'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා...  ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '
දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..
'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'
එතැන් සිට...
මඳ වේලාවක් ගත වන විට එක් ජීවියෙකු පාෂාන වලින් සෑදූ බඳුනකට දමා, කොළ පැහැති දියරයක් දිනුක අසලින් තබා ගියා..
"මේ මොනවද මේ.. ආ... යුෂ වෙන්න ඇති.. නීන් කිව්වෙ එයාලා ආහාරයට ගන්නෙ යුෂ කියලා. "
තරමක කුස ගින්නක් තිබුන බැවින්,  දිනුක එයින් ස්වල්පයක් ගෙන මුවෙහි දමා ගත්තේ එහි රසය කෙබඳු දැයි ප්‍රථමයෙන් දැන ගැනීමටයි..
කටට ගත් විගසම එය කාරා කෙල ගැසූ දිනුක මුහුණ ඇඹුල් කර ගත්තා.
"මේ මොන ජරාවක්ද.. "
එක්වරම යමෙකු පිටුපසින් පැමින දිනුකගේ මුව වැහුවා..
"ෂ්.. කැ ගහන්න එපා.. කේල් එයි. "
ඒ හඩ නීන්ගෙ. ඉන් පසු ඈ එම ග්‍රහනය බුරුල් කලා..
"නීන් මට කියන්න ඇයි මෙහෙම දෙයක් කලේ..?? උන් මට මොනවද කරන්න යන්නෙ..?  "
දිනුක කෝපය මුසු හඩින් නීන්ගෙන් ඇහුවා.
"මට සමාවෙන්න.. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..
මම ඔයාට කියපු දේවල් සම්පූර්ණයෙන් බොරු නෙමෙයි.. මගේ ලෝකෙට පිටසක්වලින් යානයක් වැටිලා තියෙනවා. ඒක පරීක්ෂා කරලා මගෙ තාත්තට අදහසක් ඇවිත් ඒ වගේ යානයක් හැදුවා. තාත්තා පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒ සේරම ඇත්ත..
මගේ සහෝදරයා ජොම්, තාත්තව හොයන්න යන්න යානයක් හැදුවා.. තැනිතලාව ළග ගබඩාවෙදි ඒක කේල්ට අහු වුනා..
කේල් තමයි අපේ ජනපදයෙ නායකයා. එයාට නොදන්වලා කිසිම දෙයක් කරන්න බැහැ..
ජොම් හදපු යානෙ කේල් දැක්කට පස්සෙ ජොම්ගෙ අත් දෙක කපන්න අණ කලා කේල්. :'( ඒවා හැදෙන්න තව ගොඩක් කල් යයි.. "
නීන් හඩමින් කිව්වා.
"ආයෙත් හැදෙන්න? "
දිනුක විෂ්මයෙන් ඇහුවා
"ඔව්. ඇයි මොකද්ද ඒකෙ පුදුම වෙන්න තියෙන දේ..?"
දිනුක කිසි දෙයක් කිව්වේ නැහැ.. නීන් කල දෙයින් පසු ඔහු තව දුරටත් ඇයව විශ්වාස කලේ නැහැ..
"තාත්තා යානය හදන කාලෙ අපේ නායකයා වෙලා ඉඳලා තියෙන්නෙ හල්ම් කියලා කෙනෙක්. එයා ගොඩක් හොඳ නායකයෙක්ලු..  තාත්තගෙ යානය ක්‍රියාත්මක කරවන්න හොඳම පාෂානය ලබා දීලත් තියෙන්නෙත් ඔහු.
ඊළඟට ජනපදයෙ නායකයා වෙන්න හල්ම් නම් කරලා තිබුනා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි මේ කේල්. අනිත් කෙනා මගෙ තාත්තා... වැඩියෙන් දක්ෂකම් දක්වන කෙනාට තමයි ඊළඟට නායකයා වෙන්න අවස්ථාව ලැබෙන්නෙ..
මගේ තාත්තා පෙම්ලො කුට්ටියට ගිහින්. ඒත් ආපහු ආවෙ නැහැ. :(
කේල් අපෙන් ප්‍රශ්න කලාම අපිට කියන්න වුනා ජොම් මේ යානය හැදුවෙ තාත්තව හොයා ගන්න යන්න කියලා.. කේල් අපේ යානය විනාශ කරන්නයි හැදුවෙ.. ඒත් කේල්ට මේ අදහස ආවා..
අපේ අතීත ජීවීන් පාෂාන වල ලියලා තියෙනවා ඒ කාලෙ වැදගත් සිදුවීම්... ඒ අතරෙ පිටසක්වල ජීවින් සතු දැනුම, ශක්තිය වගේ දේවල් ගැනත් ලියවෙලා තියෙනවා.. පිටසක්වල ජීවීන් සතු දැනුම, ශක්තිය උරා ගන්න අපේ ලෝකේ ඕනම ජීවියෙක්ට හැකියාව තියෙනවා. ඒක අපිට උපතින්ම ආපු දෙයක්.. ඉතින් කේල්ට ඕනෙ වුනා මේ ලෝකෙ විතරක් නෙමේ අනිත් ලෝකවලත් බලවත්ම කෙනා වෙන්න..
කේල් නියෝග කලා මේ යානෙන් ගිහිල්ලා  පිටසක්වල ජීවියෙක්ව මෙහෙට ගේන්න.. ඒක පැවරුවෙ මට.. නැත්නම් ජොම්ගෙ වගේ මගෙත් අත් කපා දානවා කිව්වා.. "
නීන් ඇගේ කථාව කියන අතරතුර කේල් හෝ වෙනත් කිසිවෙක් උමඟට ඒ දැයි ඇය සැලකිලිමත් වුනා..
"නීන් එතකොට මොකද්ද කේල් අර පොරොන්දුවක් ගැන කිව්වෙ. ?"
සියල්ල හොදින් අසා සිටි දිනුක ඇහුවා..
"මම කේල්ගෙන් පොරොන්දුවක් ගත්තා. මම එයාට පිටසක්වල ජීවියෙක්ව ගෙනත් දුන්නට පස්සෙ මගේ තාත්තව හොයා ගන්න පෙම්ලො වලට යන්න ඉඩ දෙන්න කියලා...
යානය ක්‍රියාත්මක කරන හැටි මට කියලා දෙන්න එයා ජොම්ට අණ කලා.. මම ඔයාගෙ ලෝකෙට එනකොට ඒක දැනෙගෙනයි හිටියේ..  ඔයාව යානය ඇතුළට ගන්න හිතාගෙනයි නොදන්න විදිහට එහෙම දෙයක් කලේ.. "
"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බලයක් පාවිච්චි නොකලෙ නීන්..? "
දිනුක ඇහුවා..
"ගැහැණු ජීවීන්ට එහෙම බලයක් නැහැ. අපේ ලෝකෙ ඒ බලය තියෙන්නෙ පිරිමි ජීවීන්ට විතරයි..
එහෙම බලයක් තිබුනත් මට බෑ ඔයාට අනතුරක් කරන්න.. :( ඔයා හොද කෙනෙක්.. ඒත් තාත්තව හොයා ගන්න යන්න ඕනෙ නිසා, මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.. " :(
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-68020520763020336622017-01-24T19:36:00.001-08:002024-01-09T20:43:25.378-08:00පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස…
පසුගිය කොටසින්..
මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
එතැන් සිට...
"ෂික්. අපි තව විනාඩි පහක් දහයක් කලින් ආවා නං.. "
ප්‍රොෆෙසර් රණ්දෙනියට කියවුනා..
"දිනුක.. ඒ ලමයත් ගියා නේද.. ඒත් අර ජීවියාගෙන් බලපෑමක්වත් තර්ජනයක්වත් තියෙන පාටක් පෙනුනෙ නැහැ.. එහෙනම් කැමැත්තෙන්මද ගියේ.. මොකද්ද ඒකෙ තේරුම.. "
මහාචාර්යවරුන් කිසිත් තේරුම් ගත නොහැකිව බලා සිටියා..
යානය නීන්ගේ ග්‍රහලෝකය මත පතිත වුනා.. නීන් ඉක්මනින් එයින් බැස ගත්තා..
‍යානය පන ගැන්වුනු විටම යානයේ ඇති වන සෙලවීම හැර යානය ගමන් ගැනීමේදී වෙනත් කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. යානය නීන්ගේ ග්‍රහලෝකය වෙත පැමින ඇතැයි දිනුක සිතුවෙත් නැහැ..
"නීන් ඉන්න.. "
දිනුකත් යානයෙන් බැස ගත්තා.. දිනුක, ඔහු එක්වරම දුටු දර්ශනයෙන් භීතියෙන් ඇලලී ගත්තා.. නීන්ගේ හැඩහුරුකම් ගත් ජීවීන් සියයකටත් අධික පිරිසක් යානය අසල සිටියා.. ඔහුන් විවර කර ගත් මුවවල් වසා ගත නොහැකිව දිනුක දෙස විශ්මයෙන් බලා සිටියා.. මදක් උස මහත ශරීරයක් හිමි අයෙක් පැමින නීන්ගේ උරහිස මත ඔහුගේ අත තැබුවා..
"නීන් උබ එහෙනම් අපි කිව්ව විදිහට වැඩේ කලා.. හහ් හා..
මේ ජීවීන්ට විෂ විදින්න පුළුවන්ද.. නැත්නම් වෙන බලයක් අපි දිහාවට එල්ල කරන්න පුළුවන්ද..?
ඔහු නීන්ගෙන් ඇසුවා..
"නෑ එහෙම බලයක් නෑ.. මම ඔහුගෙ හිසට අත තියලා ඒ ගැන බැලුවා.. ඒත් විශිෂ්ඨ සිතුවිලි, දැනුම වගේ දේවල් ගොඩක් තියෙනවා.. බලන්න..
දැන් මගේ පොරොන්දුව හරිනෙ කේල්.. දැන් ඔබේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න.. "
නීන් කිව්වා..
නීන්, කේල් යැයි පැවසූ පුද්ගලයා ඊට පිළිතුරක් ලබා නොදී හයියෙන් සිනාසුනා..
සිදුවන සියලු දේ දෙස දිනුක භීතියෙන් මුසපත්ව බලා සිටියා..
"නීන් මොකද්ද මේ වෙන්නෙ.. " දිනුක ඇගෙන් ඇහුවා.
නීන් ඔහු දෙස අනුකම්පා සහගතව මදක් බලා හිඳ එතැනින් යන්නට ගියා..
"මේ ජීවියව අල්ලා ගන්නවා.."
කේල් තම පිරිසට දිනුක පෙන්වා කෑ ගැසුවා.. ඔවුන් මදක් තැති ගැන්මට පත්ව සිටියා..
"ඔහු ළඟ බලයක් නෑ කියලා නීන් කිව්වා ඇහුනෙ නැත්ද.. බය වෙන්න දෙයක් නෑ. අල්ලා ගන්නවා.. "
සිදු වන්නට යන දෙය ඉවෙන් වටහා ගත් දිනුක නැවත යානය දෙසට දුවන්නට පටන් ගත්තා.. නමුත් කේල්ගේ පිරිස ඔහුට වඩා ඉක්මන් වුනා..
ඔවුන් දිනුක අල්ලා අත් ගැට ගැසූවා.. එයා ඉතා තියුනු පටියක් බව දිනුකට දැනුනා.. ඔහු තම අත ඉන් මුදවා ගන්ට දඟලා දරන සෑම උත්සහයකදීම අත් තවත් සිර වූවා පමණක් නොවෙයි එයට අත කැපී ලේ ගලා ගියා..
"කේල් මේ බලන්න.. ඒවයෙ පාට.. ඔහුගේ ඇග ඇතුලෙ තියෙන අමුතු දියරය එලියට එනවා.. "
තවත් ජීවියෙකු දිනුකගේ ලේ දැක කෑ ගැසුවා..
"කොහෙටද මාව එක්කන් යන්නෙ.. මට යන්න දෙනව!! "
දිනුක වේදනාවෙන් කෑ ගැසුවා..
පෘතුවියේ දී දිනුකව මුන ගැසුනු මොහොතේ, නීන් ඇගේ අත දිනුකගේ හිසේ තැබීමෙන් පසු ඈ කියනා දේ තේරුම් ගැනීමේ හැකියාව ඔහු සතු වුනා.. එම නිසා මේ ලෝකයේ ජීවීන් පවසන දේ ඔහුටත් ඔහු පවසන දේ කේල් ඇතුලු ජීවීන්ටත් හොදින් වැටහුනා..
"කෑගහන්න ඳගලන්න එපා.. එහෙම උනොත් උබගෙ ඇගේ තියෙන දියර ඔක්කොම එලියට ඇවිත් මැරිලා යාවි.. "
කේල් දිනුකට තර්ජනය කලා.. පසුව පොළව යට උමඟක් මෙන් වූ ස්ථානයකට දිනුකව රැගෙන ගොස් හිර කලා..
දිනුකව එසේ තබා ඊළඟට කළ යුතු දේ සාකච්චා කිරීමට කේල් සහ පිරිස පිටවී ගියා.
'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්ම එයාගෙ මායාවක්. මම රැවටුනා.. මගේ ලෝකෙ මනුෂයන්ගෙන් එයාට අනතුරක් වෙයි කියලා මම එයාගෙ ලෝකෙට යන්න නීන්ට උදව් කලා... ඒත්.. ඒත් මාව උගුලක පටලලා එයාගෙ ලෝකෙ ජිවීන්ට මාව අහු කරා.. ඒක නීන්ගෙයි අර කේල් කියන එකාගෙයි ගනුදෙනුවක්! '
දිනුක බොහෝ වේදනාවෙන් සිතුවා..
'කොහොමද මම මෙතනින් පැන ගන්නෙ.. මොකටද මාව ගේන්න ඇත්තෙ..'
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-83109239044076311822017-01-24T19:35:00.001-08:002024-01-09T20:43:55.706-08:00පිටසක්වල තරුණිය "නීන්" 08 කොටස…
පසුගිය කොටසින්..
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..
"නීන් නැගිටින්න.."
දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීරය තුළ ශක්තිය හීන වී තිබුනා..
එතැන් සිට...
"නීන් බලන්න.. මම ඒක හොයා ගත්තා.. "
නීන් ඒ දෙස බලා සිටියා. නමුත් කිසිවක් කියා ගත නොහැකි වුනා.. නීන් මෙතැනම මිය යාවි දැයි දිනුකට කනගාටුවක් ඇති වුනා..
'නැහැ.. කොහොම හරි මුද්ද වැඩ කරන හැටි හොයාගෙන, ඒකෙන් යානය හොයාගෙන නීන්ව පිටත් කරන්න ඕනෙ... '
"නීන් නැගිටින්න.. මේ බලන්න අපිට මේක වැඩ කරන විදිහ හොයා ගත්තොත්  යානය හොයා ගන්න පුලුවන්.  ඔයාට මොකක් හරි අදහසක් තියෙනවද මේක වැඩ කරන හැටි ගැන..?"
නමුත් පිළිතුරු දීමට තරම් වත් ශක්තියක් නීන් සතුව තිබුනේ නැහැ. ඇයට වතුර බීමට දෙන්න දිනුක කෑන් එක අතට ගත්තා.. ඒත් නීන් එය සම්පූර්නයෙන් හිස් කර තිබුනෙ..
"කමක් නෑ.. අපි ගඟ ළඟට යමු.."
ඇයට හැකි ඉක්මනින් වතුර හෝ ලබා දීමට දිනුකට අවශ්‍ය වුනා.. ඔහු නීන්ව අපහසුවෙන් වත්තම් කරගෙන ගඟ දෙසට ඒමට පිටත් වුනා.. ගඟ ආසන්නයට පැමිනෙත්ම දිනුක පැළඳ සිටි මුදුවෙන් නැවතත් පෙර ලෙසම ශබ්දය නැගෙන්නට වුනා..
ටීක් ටීක්..
ඒ ඇසෙත්ම දිනුකට යමක් කල්පනාවට ආවා.. ඔහුට ඇති වූ අදහස... එය නැවතත් පරීක්ෂා කිරීමට අවශ්‍ය වුනා..
"නීන් ඔයා මෙතන ටිකක් ඉන්න.."
ඔහු නීන්ව එතැනම බිම ඉන්දවා  ආපසු ඔහු පැමිනි දිශාවටම පියවර කිහිපයක් ගියා.. එවිට මුදුවේ ශබ්දය අඩු වුනා..
"නීන්.. අපි හොයා ගත්තා!! "
මුදුවේ ක්‍රියාව ඔහුට හොදින් තේරුනා.. යානය ගඟ අසලම ඇති යැයි ඔහු අනුමාන කලා.. තමා කලින් මොහොතේ ඉවුර දිගේ ඉදිරියට යන විට ඒ හඩ හොදින්ම වැඩි වූ බව ඔහුට මතක් වුනා..
"එහෙනම් යානය කිට්ටුවට ආවමයි මේක වැඩ කරන්නෙ..  ඒ කියන්නෙ ඉවුර දිගේ ඉස්සරහට ගියාම හොයා ගන්න පුළුවන් වෙයි යානය.."
ඔහු නීන්ව ගඟ අසලට ගෙනැවිත් ඇයට ඇති තරම් ජලය බීමට සැලැස්සුවා.. මොහොතකට පසුව දිනුක මෙසේ පැවසුවා..
"ධෛර්යය ගන්න නීන්. අපි ළගටම ඇවිත් තියෙන්නෙ.. යානය මේ ළඟමයි ඇත්තෙ.. "
"දිනුක.  මම යානය වැටුන වෙලාවෙ ඒකෙන් එලියට පැනලා දිව්වා.. මට මතකයි ලොකු පාෂාන තිබුනා එතන.. "
නීන් තමාට මතක් වූ දෙයක් කිව්වා..
මුදුවේ ශබ්දය වැඩි වෙමින් තිබුනා.. ඔවුන් ඉවුර දිගේ ඉදිරියටම ගියා.. ඒ අතරතුර කාගේ හෝ ඇසකට හසු වේවි දැයි දිනුක පරීක්ෂාවෙන් හිටියා..
ඔවුන් යානාවට ආසන්නයේම බව  හඟවම්න් මුදුවෙන් නැගුනු ශබ්දය වැඩි වුනා.
"අර තියෙන්නෙ පාෂාන.. "
ඉවුරේ ඇති ගල්පරයක් පෙන්වමින් නීන් කෑ ගැසුවා...
ඔවුන් ඒ අසලට ළඟා වුනා..  අවසානයේ ගල්පරයට එපිටින් තිබූ නීන්ගේ යානය ඔවුන් සොයා ගත්තා!
"මේක කිසිකෙනෙකුට හොයා ගන්න බැරි වුනේ මේ ගල්පරයෙන් වැහිලා තිබුන නිසයි එහෙනම්..
ඔයාගෙ වාසනාවකටයි මේ වගේ තැනකට වැටිලා හැංගිලා තිබුනෙ නීන්.."
නීන් යානයට ඇතුල් වුනා..
දිනුක පිටත සිට බලා සිටියා.  ඔහු මුදුව ගලවා නීන්ට දුන්නා..
"දිනුක.. මේක ක්‍රියා කරන හැටි මට මතක නැහැ.. මම පිළිවෙලක් ඇතුව නෙමෙයි කලේ මේක.  ඒක අහම්බයක්.. කරුණාකරලා උදව් කරනවද මට... "
එය ප්‍රමානයෙන් කුඩා වුවත්  මිනිසෙකුට යන්තමින් ඇතුල් වීමට හැකි තරමේ ඉඩ ප්‍රමාණයක් විය..
දිනුක එය තුලට ඇතුල් වුනා..
"හොඳයි පොඩ්ඩක් ඉන්න.. මේ මොකද්ද... "
"ඒක දිශාව හරවන එකක් කියලයි ජොම් කියලා තියෙන්නෙ.. මම මෙහෙට ආවෙ ඔහොම දිශා දැක්වෙන විදිහට තියෙද්දි.. මගෙ ලෝකෙට යන්න නම් ඒක ඊට විරුද්ධ පැත්තට දිශා හරවන්න ඕනෙ.. ඊට පස්සෙ අර දණ්ඩ මේ පැත්තට.. "
නීන් කියාගෙන කියාගෙන ගිය විදිහටම කිසිත් නොසිතා දිනුක එය කලා..
"ඊළඟට මේක පාගන්න ඕනෙ.. "
ඇගේ කකුලේ අපහසුව නිසා එය නීන්ට කිරීමට අපහසු බව දැනී දිනුක එය කලා.. එවිටම යානය ගැස්සෙන්නට පටන් ගත්තා..
පැනගිය පිටසක්වල ජීවියාව කෙසේ හෝ සොයා ගත යුතු යැයි අධිෂ්ඨානයක සිටි මහාචාර්යවරුන් දෙදෙනා මේ වන විටත් ගඟ ඉවුර දිගේ ඉදිරියට පමිනෙමින් සිටියා..
ගල් පරයෙන් එහා පසට යන, නීන් හා දිනුකව දකින්නට ඔවුන් ප්‍රමාද වී සිටියේ නෑ..
"රණ්දෙනිය.. අර බලන්න...
මේ කොල්ලා අපිට කොලේ වැහුවා.. දැක්කද.. අපේ පිටසක්වල ජීවියත් එක්ක ඉන්නෙ.. "
මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්නයට දිව්වා.. නමුත් ඒ වන විටත් නීන් යානය පනගැන්වීමේ දණ්ඩ දිනුක ලවා ක්‍රියාත්මක කරවා තිබුනා.. එක්වරම අහසට නැගි යානය නොපෙනී යනු මහාචාර්යවරුන් දෙදෙනා දෑස් විසල් කරමින් බලා සිටියා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com4tag:blogger.com,1999:blog-5241022255493110058.post-80069306955357773322017-01-23T03:47:00.001-08:002024-01-09T20:44:38.843-08:00පිටසක්වල තරුණිය "නීන්" 07 කොටස…
පසුගිය කොටසින්..
නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..
එතැන් සිට...
නමුත් ඇගේ යානය සොයා ගැනීමට උදව් කිරීමටත්, ඇයව හැකි ඉක්මනින් පෘතුවියෙන් පිටත් කිරීමටත් දිනුක අධිෂ්ඨාන කර ගත්තා.
"නීන් මේ අහන්න.. අපි කොහොම හරි ඔයාගෙ යානය හොයා ගනිමු. ඒකට අපිට ඒ වලල්ල හොයා ගන්නම වෙනවා.. ඔයා මෙතනම ඉන්න.. මේ කෑන් එකේ වතුර තියෙනවා ඕන වුනහම බොන්න..  ඔයා කියපු විදිහට ඒ ටෙන්ට් එක තියෙන්න ඕනෙ ගඟ ලග තැනක. මම ගිහිල්ලා වළල්ල හොයාගෙන එන්නම්.
දිනුක ගඟ දෙසට ඇවිද ගියා.. ඒ අවට පරීක්ෂා කරමින් මද වෙලාවක් ගත වන විට නීන් පැවසූ කූඩාරම් දෙක ඔහුට හමු වුනා. එතැන මිනිසුන් දෙදෙනෙක් සිටියා..
'මේ දෙන්නා ගැන වෙන්න ඕනෙ නීන් කිව්වෙ.  එහෙනම් අලියගෙන් අනතුරක් නොවී බේරිලා.. '
දිනුක තනිවම සිතුවා.
ඔවුන් කූඩාරම් තුල වූ ඔවුන්ගේ බඩු එකතු කරමින් සිටියා.
මහාචාර්යවරුන් දෙදෙනා දිනුකව දැකීමෙන් එක්වරම තිගැස්සුනා..
"ඔයා කව්ද..? " ප්‍රොෆෙසර් රණ්දෙනිය ඇහුවා..
"මම දිනුක.. දිනුක පෙරේරා. රන්බිම පත්තරේ වැඩ කරන්නෙ.. "
ප්‍රොෆෙසර් සමරජීව ඔහු ගැන අසා තිබුනා..
"ආ.. මට මතකයි. දිනුක, සක්වල අතිරේකයේ ලියන ලිපි මම අනිවාර්යෙන් කියවනවා. බොහොම අපූරුයි. "
සමරජීව කිව්වා..
"ඔය දෙන්නා කව්ද.. " දිනුක ඔවුන්ගෙන් ප්‍රශ්න කලා..
"මේ ප්‍රොෆෙසර් රණ්දෙනිය.. මම ප්‍රොෆෙසර් සමරජීව.. "
"ආ.. පිටසක්වල යානය ගැන පරීක්ෂන වලට වෙන්න ඇති.. මොනවා හරි තොරතුරක් හම්බ උනාද ප්‍රොෆෙසර්..? "
දිනුක විමසුවා..
"න්..නැහැ.. "
සිතේ මතුව ආ චකිතය සඟවා ගනිමින් සමරජීව කිව්වා.
මහාචාර්යවරුන් දෙදෙනාගේ අරමුණ වුනේ කෙසේ හෝ පියසක්වල ජීවියාව නැවත අල්ලා ගැනීමටයි.. එතෙක් තමන් දෙදෙනා කුමක් පැවසුවත් කිසිවෙකුත් විශ්වාස නොකරන බව ඔවුන් කල්පනා කලා..
"ඒක නෙමේ.. දිනුක තනියම මෙහෙ..? "
ප්‍රොෆෙසර් රන්දෙණිය ඇහුවා..
"මම ආවෙ spaceX කණ්ඩායම එක්ක.. පිටසක්වල යානයක් ගැන කිසිම හෝඩුවාවක් නොලැබුන නිසා අපේ කණ්ඩායම ආපහු ගියා.. ඒත් මම ටිකක් නැවතුනා.. මම රක්ෂිතය ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා.. "
දිනුක ඔවුන්ට සැකයක් ඇති නොවන ලෙස පිළිතුරු දුන්නා..
"ඔහ් එහෙමද.. අපි මේ ආපහු යන්නයි හදන්නෙ.."
ප්‍රොෆෙසර් සමරජීවත් කිව්වා...
"මේ වළල්ල වැටෙන්න ඇත්තෙ කොහෙද.. ඒක කොහොම එකක්ද දන්නෙත් නැහැ..."
මහාචාර්යවරුන් සමග කථා කරමින්ම දිනුක හිතුවා..
මහාචාර්යවරුන් දිනුකගෙන් සමුගෙන එතනින් පිටත් වුනා.. ඉන්පසු ඔහු කූඩාරම් තිබූ තැන පිරික්සන්නට වුනා..
පොඩිවී ගිය බිස්කට් කිහිපයක් යට දිලිසෙන යමක් දිනුකගෙ නෙත ගැටුනා...
"ආ මේ තියෙන්නෙ.. වෙලාවට ප්‍රොෆෙසර්ලා දෙන්නට අහු නොවී තිබුනෙ.. වලලක් නෙමේ ඒක මුද්දක්!! "
දිලිසෙන රතු කැටයක් ඔබ්බවා තිබූ පරිපථය වැනි යමක් සහිත මුදුව අවසානයේදී දිනුක සොයා ගත්තා..
"මේක මැණිකක්ද.. ඔව් නීන් කිව්වෙ යානය කියාත්මක වෙන්නත් පාෂානයක් ඕනෙ කියලා.. එහෙනම් මේ වගේ වටින පාෂාන තියෙන ලෝකයක් වෙන්න ඇති ඒක.. මේ මුද්ද කොහොමද වැඩ කරන්නෙ.. නීන් දන්නෙත් නැහැ කිව්වානෙ. "
"කමක් නැහැ. නීන් ඉන්න තැනට ගිහිල්ලා බලමු.. එයාට මොකක්ම හරි අදහසක් ඇතිනෙ.. දිනුක එය තම ඇගිල්ලෙ දමා ගත්තා..  මද්දහන වූ නිසා සැර අව්වක් වැටී තිබුනා.. දිනුක නොදැනුවත්වම ඔහුගේ ඇගිල්ලෙහි වූ මුදුවේ  පාෂාණය හිරු එලිය වැටීමෙන් ආරෝපණය වෙමින් තිබුනා..
නීන් සිටි ගුහාවට යාමට පෙර දිනුක නැවතත් ගඟ ලගට ගියේ පිපාසය නිසයි..
ටීක්..ටීක්..
දිනුක විමතියට පත් කරමින් ඔහු පැළඳ සිටි මුදුවෙන් ශබ්දයක් නැගුනා.. ටයිම් බෝම්බයක මෙන් එහි නැගෙන ශබ්දයෙන් දිනුක මදක් තැති ගත්තා..
"මොකද්ද මේ සද්දෙ තේරුම.. "
ඔහුට කිසිවක් සිතා ගන්න නොහැකි වුනා..
දිනුක ඟග ඉවුර දිගේ ඉදිරියට ගියා.. මුදුවෙන් නැගෙන ශබ්දය වඩාත් තදින් ඇසෙන්නට වුනා..
"මම මේ කොහෙද යන්නෙ.."
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..
"නීන් නැගිටින්න.."
දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීර ශක්තිය හීන වී තිබුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com2tag:blogger.com,1999:blog-5241022255493110058.post-58445467940328935172017-01-22T19:06:00.001-08:002024-01-09T20:45:10.014-08:00පිටසක්වල තරුණිය "නීන්" 06 කොටස…
පසුගිය කොටසින්..
"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් තියෙනවා.. ඒ යානෙ අපේ ලෝකෙට වැටිලා..
ඒ වෙනකොටත් ඒක ඇතුලෙ අමුතු ජීවින් දෙන්නෙක් මැරිලා ඉදලා තියෙනවා.. මුලදි අපේ ලෝකෙ කවුරුත් ඒක ළගටවත් යන්න බය වෙලා.. ඒත් තාත්තා ඒ හැමදේම පරීක්ෂා කරලා තිබුනා.. තාත්තට ඒ අදහස ඇවිත් තියෙන්නෙ ඊට පස්සෙයි.. "
එතැන් සිට...
කොහොම හරි මගේ තාත්තත් ඒ වගේ යානයක් හැදුවා.. අන්තිමේ ඔහු පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒත් ආපහු ආවෙ නැහැ.. :'( "
නීන් බොහෝ දුකෙන් කිව්වා..
කල් ගත වෙද්දි මගේ අයියා ජොම්ගෙ හීනයක් වුනේ තාත්තා  වගේ යානයක් හදන්න.. එයාට ඕනෙ උනේ පෙම්ලො කුට්ටියට ගිහින් තාත්තව හොයා ගන්න...
ඒත් මේකට අම්මගෙන් කොහෙත්ම ඉඩක් ලැබුනෙ නෑ.. ජොම් ඒ ගැන කියනවට වත් අම්මා කැමති වුනේ නෑ..
ජොම් තාත්තගෙ යානය ගැන තිබුන සටහන් හොයාගෙන අම්මට හොරෙන් තැනිතලාව කිට්ටුව ගබඩාවක යානය හදන්න පටන් ගත්තා. මමයි අයියයි විතරයි මේ ගැන දැනගෙන හිටියෙ. ජොම් ට උදව් කරන්න මට ඕන වුනත් මට කිසිම දැනුමක් තිබුනෙ නෑ ඒ ගැන. ඒ නිසා මම ඒ ළඟට වෙලා බලන් හිටියා..
ජොම්ගෙ යානයේ වැදගත්ම කොටස පෂානයක්. ග්‍රොස් පෂානය. ඒකට සේටොගෙ එලිය වැටෙන්න තියලා ආරෝපණය කරන්න ඕනෙ. අපට ලැබුනු සේටොගෙ එලියෙන් අපි ඒක  ආරෝපණය කලා..
මේ ලෝකෙ තරම් ආලෝකයක් මම මීට කලින් දැකලා නෑ.. මෙහෙ ඇත්තෙන්ම බය හිතෙනවා.. මෙහෙ අදුරු වෙලාවට මම බය නැහැ.. "
දිනුක විශ්මයෙන් නීන් පැවසූ සියල්ල අසා සිටියා.. අප පෘතුවියේ සවස් කාලය මෙන් ආලෝකයක් ඇගේ ලෝකයේ දිවා කාලයේදී විය..  ඒ නිසා ඇය සෑම විටම ආලෝකය වැඩි තැනට බියක් දැක්වූ අතර අදුර තුලම ගැවසෙන්නට උත්සහ කලා.
"නීන්, ඔයා යානය ගැන දන්නෙත් නැත්නම් මෙහෙ ආවෙ කොහොමද.. ? "
දිනුක ඇගෙන් ප්‍රශ්න කලා..
දවසක් ජොම්ට හොදටම අසනීප වුනා.. එදා එයාට තැනිතලාව ළඟ ගබඩාවට යන්න විදිහක් තිබුනෙ නෑ ඒ නිසා. ඔහු මාව යැව්වා ඒකෙ තියෙන ග්‍රොස් පාෂානෙ ගෙදර ගේන්න කියලා.
ඒ වෙනකොට ජොම්, යානය හුගක් දුරට හදලා ඉවර වෙලයි තිබුනෙ. තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියලයි මට කිව්වෙ.
මම එදා ගබඩාවට ගිහින් ගොඩක් වෙලා යානය ඇතුලෙ හිටියා. ජොම් යානයට පාෂානය ඇතුල් කරන තැනත් මම බලන් ඉඳලා තියෙනවා. ඉතින් මමත් ඒක කරලා බැලුවා.. ඒක තියෙද්දිම මම එක එක ඒවා කලා.. මට පිළිවෙලක් මතක නැහැ.. යට තිබුන දන්ඩ පෑගුනා.. ඒක පහලට යනකොටම මට මතක යානය හෙලවෙනවා විතරයි..
හෙලවෙන එක නැවතුන ගමන් මම එලියට පැන ගත්තා.. මම මේ  ඉන්නෙ පෙම්ලො කුට්ටියෙද.. ?  අර පේන්නෙ මම ඉන්න කුට්ටිය නේද.. "
එදින හොඳින් සද පායා තිබූ දිනයක් වූ බැවින් නීන් සද පෙන්වා ඇහුවා..
"මෙහෙ ආපු මගෙ තාත්තව හොයා ගන්න මට ඕනෙ.. ඒත් මෙහෙ බොහොම අනතුරුදායකයි.. ජොම් නැතුව මට තනියම ඒ දේ කරන්න බැහැ.. මාව අල්ල ගත්තා වගේ තාත්තවත් අල්ලගන්න ඇති කියලා මට හිතෙනවා.. මට ආපහු යන්න ඕනෙ.. මට යානය හොයා ගන්න ඕනෙ දිනුක.. "
සියල්ල හොදින් අසා සිටි දිනුක මෙහෙම කිව්වා..
"නැහැ නීන්. ඔයා ඔය කියන පෙම්ලො කුට්ටිය මේ අපේ ලෝකෙ වෙන්න බෑ.. මම එහෙම කියන්න හේතු කීපයක් නිසයි. අර පේන්නෙ හද. අපේ ලෝකෙන් මිනිස්සු එහෙ ගිහින් තියෙනවා.. ඒත් ඒකෙ මේ තරම් දියුනු ජීවීන් ඉන්නවා කියලා සාධක නැහැ. අනික ඔබ ගස් ගැන කියනවා.. ඒ ලෝකෙ ගස් ගැන සාධකත් නැහැ.. අනෙක ඔයාට මෙහෙ හොදට හුස්ම ගන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඔයාගෙ ලෝකයේ වායුගෝලයත් මීට සමාන ඇති.. ඒත් අපේ චන්ද්‍රයගෙ එහෙම වායුගෝලයක් නැහැ..
ඔබ ඉන්නෙ වෙනම සෞරග්‍රහ මන්ඩලයක තියෙන ග්‍රහලෝකෙක කියලයි මගේ අදහස.. ඒත් ඒක කොයි තරම් දුරකද කියලා මට හිතා ගන්න බෑ.. ඔබේ ලෝකෙට මේ වගේ පෙනෙන්නෙ ඔබේ ලෝකෙට ආසන්නව ඇති චන්ද්‍රයා කියලයි මට හිතෙන්නෙ.
එතකොට ඔයාගෙ තාත්තා තමයි ඔයාගෙ ලෝකයෙන් සද මත පා තැබූ ප්‍රථම ජීවියා.. "
දිනුක ප්‍රීතිමත් ලෙස පැවසුවා..
එහෙත් නීන්ගේ සිත අසලකවත් ප්‍රීතියක් තිබුනේ නැහැ.. ඇය සිතා සිටියේ ඇයට පෙනෙන්නේ ඇගේ ලෝකය බව. එහෙත් එය නොවන බවට දිනුක හේතු දැක්වීමෙන් පසු නීන් බියට පත්ව සිටියා.. ඇයට ආපසු තම ලෝකයට යා ගත නොහැකි වේයැයි බියක් ඇගේ මුලු සිතම වසාගෙන පැවතුනා..
නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-3467883820113525172017-01-22T05:32:00.001-08:002024-01-09T20:45:38.697-08:00පිටසක්වල තරුණිය "නීන්" 05 කොටස…
පසුගිය කොටසින්..
නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරමක් කෙසෙල් ගසට සමාන ගසක් බව ඔහුට තේරුනා.. එත් එම ගසෙහි ඇදි රවුම් ආකාර ගෙඩි නිසා එය කෙසෙල් නොවන බව ඔහු දැනගත්තා..
"නීන්. මේ වගේ ගහක් අපේ ලෝකෙ නැහැ.. ඒත් මගෙ බැග් එකේ බිස්කට් ඇති.. ඒවා කන්න පුළුවන්. යමු කූඩාරම තියෙන තැනට යන්න ඕනෙ... "
එතැන් සිට...
ඔවුන් දෙදෙනා දිනුකගේ කූඩාරම දෙසට පිටත් වුනා.. නීන්ගේ කකුලෙහි වූ තුවාලය නිසා ඈ ගමන් කලේ තරමක් සෙමින්. ඔහු වැනි ජීවීන් දෙදෙනෙකු තමන්ව සිර කරගෙන සිටි ආකාරයත් අමුතු විෂාල ජීවියෙකු ඔවුන් පසුපස එලවූ ආකාරයක්  අතරතුරදී නීන් ඔහුට කිව්වා.
"ඔහ්. ඒ කියන්නෙ..  ඔයා ගැන දන්න තව දෙන්නෙක් ඉන්නවා!
අපි කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි.. "
"ඔබ මට උදව් කරන්න කරුණාකරලා.. මට ආපහු මගේ ලෝකෙට යන්න ඕනෙ.. "
"හොදයි.. පුලුවන් ඉක්මනින් ඔයාගෙ යානාව හොයා ගමු අපි.. මම දන්න තරමින් මේ ගැන පරීක්ෂණ කරන්න ආපු ගොඩක් අය දැනටමත් වැඩේ අතෑරලා දාලා.. ඔබ කියන විදිහට ඒ අලියෙක් වෙන්න ඕනෙ.. අලියගෙන් අනතුරක් වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන් ආපහු ඔයාව හොයන්න පටන් ගනී.. "
ඔවුන් කූඩාරමට ඇතුල් වුනා.. දිනුක ඉතිරිව තිබූ බිස්කට් පැකට්ටුවක් ගෙන ඇයට දිගු කලා.. නීන් එය අතට ගෙන ඒ දෙස බලා සිටියා පමණයි.
"මේක කොහොමද කටට හලා ගන්නෙ.. "
නීන් සිතුවා..
දිනුක එක බිස්කටයක් ගෙන එය කන අයුරු ඇයට පෙන්වුවා. ඒත් එසේ හැපීමට ඇයට දත් පිහිටා තිබුනෙ නැහැ. එක්වරම මුවට දමා ගත් බිස්කට් අහුර නිසා නීන් හුස්ම ගැනීමට අපහසුව දැගලුවා.. ඒ සමගම ඒවායෙ රසය ඇයට අප්‍රසන්න බවකින් යුක්ත වුනා.. මුවහි වූ දේ පිටතට ඇද දැම්මා..
දිනුක බොහෝ කණගාටුවෙන් එදෙස බලා සිටියා.. එය ඇයට සුදුසු නොවන ආහාරයක් බව ඔවුන් දෙදෙනාම තේරුම් ගත්තා.
"වෙන කන්න දෙන්න දෙයක් මම ළඟ නැහැනෙ..
අපි මේ හරියෙ ඉන්න එක ඒතරම් හොද නැහැ.. නීන්, ඔයා කියපු විදිහට ඒ ගොල්ලො ඔයාව අල්ල ගත්තෙ ගඟ ලඟදි නම් ඒ ගොල්ලො ආයෙමත් එන්න පුලුවන් මේ පැත්තට..
දවස් දෙකකට කලින් අපිට නැගෙනහිර පැත්තට වෙන්න ගුහාවක් හම්බ උනා අපි ඒ පැත්ත පරීක්ෂා  කරනකොට. අමාරුවෙන් උනත් අපි ඒ පැත්තට යමු.. ඔයාගෙ යානය හොයා ගන්න උත්සහ කරන්න ඕනෙ ඊට පස්සෙ..
මේ ගැන ආරංචිය ගිහිල්ලා නම් තවත් අය කැලේ වට කරයි. ඊටකලින් අපිට මොනවා හරි දෙයක් කරන්න වෙනවා. "
පැය එකහමාරක් පමන ගමන් කිරීමෙන් පසු ඔවුන්ට දිනුක පැවසූ ගල් ගුහාව හමු වුනා.. එහි අනෙක් පස කැලයෙන් වැසී තිබුනා.. එම නිසා ඉදිරිපසින් ඇතුල් නොවී ඔවුන් අකුල් අතරින් රිංගා යමින් අනෙක් පස වූ ගුහා කොටසට ඇතුළු වුනා..
"නීන්, යානය හොයා ගන්න ඔයා ළඟ මොනවා හරි සංඥා ක්‍රමයක් තියෙනවද? "
"මම ළඟ වලල්ලක් තිබුනා. ඒක යානයත් එක්ක සම්බන්ධයි කියල ජොම් මට කිව්වා මතකයි. ඒක මාව හිර කරගෙන හිටපු තැන වැටෙන්න ඇති. ඒත් ඒක වැඩ කරන විදිහ මම දන්නෙ නැහැ.. " නීන් බොහෝ කණගාටුවෙන් කිව්වා..
"ඒ කියන්නෙ.. ඔයාලාව මෙහෙම එවන්න කලින් යානය ගැන දැනුමක් දෙන්නෙ නැද්ද නීන්..?
ඔයාලගෙ අය ඔයාව මෙහෙට එවපු හේතුව මොකද්ද..? "
"මම මෙහෙ එනවා කියලා කවුරුත් දන්නෙ නැහැ දිනුක. මගේ අම්මා.. අයියා මාව හොයනවා ඇති. යාන‍යත් එක්ක මම අතුරුදන් වෙලා කියලා ඒ ගොල්ලො දැන ගත්තම කොච්චර කලබල වෙන්න ඇත්ද.. "
"නීන් එතකොට ඔයා ආපු යානය හැදුවෙ කව්ද ? "
"මගේ අයියා ජොම් තමයි හැදුවෙ. මම ගොඩාක් පොඩි කාලෙ තාත්තා යානයක් හදලා තියෙනවා පෙම්ලො කුට්ටියට එන්න. තාත්තා ඒ යානය හදනකොට මගේ අයියා ළඟ ඉදලා තියෙනවා.. මට තාත්තව හොදටම මතක නැහැ. අයියත් ඒ කාලෙ පොඩි දරුවෙක්.
දවසක් තාත්තා ඒ යානෙ නැගලා පෙම්ලෝ කුට්ටියට ආවාලු.. තාත්තට ඕන වුනේ මේ  කුට්ටිය ගැන තොරතුරු හොයා ගන්න.. අපේ ලෝකෙ කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් කරලා තිබුනෙ නෑ ඒ වෙනකොට.. "
"එතකොට නීන් ඔයාගෙ තාත්තට එහෙම යානයක් හදන්න අදහසක් ආවෙ ඉබේමද.. ඇත්තටම එයා දක්ෂයි එහෙනම්... "
"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් තියෙනවා.. ඒ යානෙ අපේ ලෝකෙට වැටිලා..
ඒ වෙනකොටත් ඒක ඇතුලෙ අමුතු ජීවින් දෙන්නෙක් මැරිලා ඉදලා තියෙනවා.. මුලදි අපේ ලෝකෙ කවුරුත් ඒක ළගටවත් යන්න බය වෙලා.. ඒත් තාත්තා ඒ හැමදේම පරීක්ෂා කරලා තිබුනා.. තාත්තට ඒ අදහස ඇවිත් තියෙන්නෙ ඊට පස්සෙයි.. "
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com1tag:blogger.com,1999:blog-5241022255493110058.post-22777558281114469912017-01-22T02:47:00.001-08:002024-01-09T20:46:00.578-08:00පිටසක්වල තරුණිය "නීන්" 04 කොටස…
පසුගිය කොටසින්..
ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙසට ඇගිල්ල දිගු කර එය අදින බව හැඟෙව්වා.. ඉන්පසු ඒ වටා අනෙක් ග්‍රහලෝක අටම ඇන්දා.. ඉන් එකක් මත ඇගිල්ල තබා ඔහු එහි ඉන්න බව හැඟෙව්වා.. මීලගට ඔහු නීන්ගෙන් විමසුවේ ඇය කුමන ලෝකයකට අයත්ද යන්නයි.. ඔහු එය හස්ත මුද්‍රාවෙන් කිහිප විටක්ම ඇයට ඇඟෙව්වා..
එතැන් සිට...
නීන් මඳ වේලාවක් ඒ දෙස බලා සිටියා.. ඇයට මතක් වුනා ඇගේ අයියා දවසක් මේ වගේ රවුම් තුනක් අඳිනවා.. ඒ ඔවුන්ගේ ග්‍රහලෝකයත්, පෙම්ලෝ යනුවෙන් ඔවුන් හැඳින්වූ ග්‍රහලෝකය සහ හිරුයි. ඒ දවස්වල අයියා ගොඩක් ඒක දිහා බලාගෙන ඉන්නවා නීන් දැකලා තිබුනා.. ඒ ගැන කුතුහලය නිසා ඈ දවසක් ඒ ගැන ඇහුවා.. ඉතින් ඇගේ සහොදරයා ඒ ගැන ඇයට පැහැඳිලි කරලා දුන්නා..
"නීන් අපි ඉන්නෙ මෙන්න මේ කුට්ටියෙ තමයි.. "
"ජොම්, අපි කොහොමද ඔච්චර පුංචි කුට්ටියක ඉන්නෙ.. "
නීන් නොතේරුම්කට ඇහුවා..
"ඔයාට තේරෙන්නෙ නැද්ද නීන්.. මේක බොහොම පොඩිවට ඇඳපු එකක් විතරයි.. මෙහෙ එන්නකො.."
ජොම් ඇයව එලියට එක්කගෙන ගියා..
"අර පේන්නෙ සෙටෝ (හිරු.).. පුංචිවට පෙනුනට ඒක මේ අපි ඉන්න කුට්ටිය වගේ ලොකු එකක්. ඒත් ඒක ලගට යන්න බැහැ.. අපිව විනාශ වෙනවා.. අර පේන්නෙ පෙම්ලෝ කුට්ටිය.. "
අපට හද පෙනෙන තරම් ලොකුවටම ඔවුන්ගේ ග්‍රහලොවට පෙනෙන තවත් ග්‍රහලොවක් පෙන්වමින් ජොම් කිව්වා...
පෙම්ලෝ ගැන කියන්න හදනකොටම ජොම්ගේ මූන බොහොම වේදනාවකින් පිරෙනවා නීන් දැක්කා..
"ඔයා එතකොට ගොඩක් පුංචියි නීන්.. අපේ තාත්තා පෙම්ලෝ වලට යන්න යානයක් හැදුවා.. මේ ලෝකෙ කාටවත් තවම බැරි වුනා එහෙම දෙයක් කරන්න.. ඔයා අපේ තාත්තා ගැන ආඩම්බර වෙනවා නේද නීන්.. "
ජොම්ගේ ඇස් වලට කදුළු පිරිලා තිබුනා..
"තාත්තා පෙම්ලෝ වලට ගියා.. ඒත්.. ඒත් ආපහු ආවෙ නැ..
මම.. මමත් කවදා හරි තාත්තා වගේ යානයක් හදනවා.. මම දවසක තාත්තව හොයා ගන්න පෙම්ලො කුට්ටියට යනවා නීන්.. "
ජොම්ගේ වචන නීන්ට දෝංකාර දීලා ඇහුනා.. අතීත සිදුවීමක ගිලී තිබූ නීන් සිතිවිලි වලින් මිදී පියවි ලොවට ආවා..
ඇය ඉතාම කුඩා රවුමක් ඇන්දා.. ඇගේ අතෙහි ඇත්තේ ඇගිලි හතර බැගින් බව ඔහු දැක්කේ ඒ මොහොතේදී. ඒවා ඉතාම තියුනු ඇගිලි වුනා.. නමුත් නියපොතු වැනි දේ දකින්නට තිබුනේ නැහැ.
"සේටො.. "
නීන් හිරු දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසුවා..
දිනුක ඇඳ තිබූ ග්‍රහලෝක දෙස ඈ මඳක් බලා සිටියා..
ඈ ජොම් විසින් ඇද තිබූ ග්‍රහලෝක තුන මතක් කරමින් ඒවා ඇන්දා.. දිනුක විශ්මයෙන් යුතුව බලා සිටියා..
"එතකොට ඔයා ජීවත් වෙන්නෙ වෙන සෞග්‍රහමන්ඩලයක තියෙන ග්‍රහලෝකෙකද.. "
දිනුකට කියවුනා..
නීන් ඔහු දෙස බලා සිටියා..
ඔහු යමක් කියූ බව ඇසුනත් එය වැටහුනේ නැහැ ඇයට..
මේ වන විටත් දිනුක ඇයගේ විශ්වාසය දිනා සිටියා. තමන්ට ඔහුගෙන් අනතුරක් නොවන බව ඇය වටහා ගත්තා..
නීන් සෙමින් දිනුක අසලටම ගියා.. නීන්ට ඔහු ගැන තිබූ බිය මඟ හැරී තිබුනත් ඇය අසලට එන විට දිනුකට නම් බියක් ඇති වුනා.. දිනුකට තව එක මොහොතක්වත් සිතිවිලි වල සිටින්නට ඉඩ ලැබුනේ නැහැ.. නීන් එක්වරම ඔහුගේ හිස මත තම සුරත තැබුවා..
හිස තුල තද සීතලක් පැතිරෙනු දිනුකට දැනුනා.. නමුත් ඒ ග්‍රහනයෙන් ගැලවී පලා යාමය ඔහුට ඒ මොහොතෙහි ශක්තියක් තිබුනේ නැහැ.. පිටසක්වල ජීවීන් පෘතුවි වාසීන්ගේ දැනුම, ශක්තීන් උරා ගන්නා ප්‍රබන්ධ කථා ඔහුට මතක් වුනා..
"මාත් ඔවුන්ගේ ග්‍රහනයට ගන්නද මේ පිටසක්වලයා ලෑස්තිවෙන්නෙ.. මම මෙතනින් බේරී යන්න ඕනෙ.. ඔබලාට බැහැ මාව අරන් යන්න.. "
දිනුකගේ මනස මෙවැනි සිතිවිලි වලින් පිරී ගියා..
එක්වරම හිසට දැනුනු සීතල ගතිය නැතිවී ගියා..
"ඔබට මම කියන දේ තේරෙනවද.."
නීන් ඔහුගෙන් ඇහුවා..
පුදුමයක්!! ඇය ඇසූදේ දිනුකට තේරුනා..
"ඔව්. ඔයා.. ඔයා.. මොකද්ද කලේ.. "
දිනුක ප්‍රශ්න කලා..
"මම ඔයාගේ භාෂාව ලබා ගත්තා ඔයාගෙ හිසෙන්.. "
"ඔයා කව්ද.. "
දිනුක නැවතත් ඇයගෙන් ප්‍රශ්න කලා..
"මම නීන්. මට යුෂ ඕනේ.. ගොඩක් බඩගිනියි.. "
"යුෂ? "
"ඔව්. අපි ඒවා ආහාරයට ගන්නවා.. ඒත් ඒ ගස් වර්ග එකක්වත් මෙහෙ කොහෙවත් නෑ.. "
නීන් කිව්වා..
"මොනවද ඒවා..?"
"ඝූල් ගස්.. මැග්සා කපලා ඒකෙන් බේරෙන යුෂ තමයි ගන්නෙ."
දිනුකට ඒ නම් ඇසුනත් ඒවා කුමක්දැයි ඔහු දැන සිටියේ නැහැ..
එය තේරුම් ගත් නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරමක් කෙසෙල් ගසට සමාන ගසක් බව ඔහුට තේරුනා.. එත් එම ගසෙහි ඇදි රවුම් ආකාර ගෙඩි නිසා එය කෙසෙල් නොවන බව ඔහු දැනගත්තා..
"නීන්. මේ වගේ ගහක් අපේ ලෝකෙ නැහැ.. ඒත් මගෙ බැග් එකේ බිස්කට් ඇති.. ඒවා කන්න පුළුවන්. යමු කූඩාරම තියෙන තැනට යන්න ඕනෙ... "
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-47669887443612381862017-01-21T06:21:00.001-08:002024-01-09T20:46:29.700-08:00පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස…
පසුගිය කොටසින්..
මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් දෙදෙනා සිටි කූඩාරමයි.. කුමක් කලයුතු දැයි ඔවුන් දෙදනා මුමුනමින් සිටියා..
එම කෙදිරිලි හඩ අලියාව තවත් කුලප්පු කිරීමට සමත් වුනා.. ඌ වේගයෙන් ඔවුන් දෙසට හොඩ උස්සාගෙන දිව එන්නට වුනා..
එතැන් සිට...
අසාධ්‍යව වැතිර සිටියද තමා සිර කර ඇති කූඩුව දැන් විවෘත බව නීන් දැන ගත්තා.. යම් කලබලයක් සිදුවන බවත් ඇයට වැටහී තිබුනා.. වහා කූඩුවෙන් පිටතට පැමින, කූඩාරම් විවරය තුලින් එලියට පැමිනීමට අපහසුවෙන් පය එසවූවා පමනයි. දුටු දෙයින් ඈ බොහෝ තැතිගැන්මට පත්වුනා.. කලු පැහැති විශාල ජීවියෙකු, තමාව සිර කරගෙන සිටි ජීවින් දෙදෙනා පසු පස හඹායන අයුරු ඈ දැක්කා..
"මම හිතන් හිටියෙ මේ ලෝකෙ බලවත්ම ජීවීන් වර්ගය මාව හිර කරගෙන හිටපු අය කියලා.. එහෙමනම් ඔවුන්ටත් වඩා බලවත් ජීවින් මෙහෙ ඉන්නවා.. "
නීන් තනිවම සිතුවා..
මේ තරම් දරුණු තවත් ජීවීන් කොටසකගේ සිර කරුවකු  වීමට ඇයට අවශ්‍ය වුනේ නැහැ.. නීන් සෙමින් සෙමින් කූඩාරම තුලින් පිටතට ආවා.. අදුරු  වනාන්තරය තුලට ඈ ගමන් ගත්තා.. ඇගේ දෑස් අදුරට හොඳින් අනුවර්තනය වූ ඒවා.. මක් නිසාද යත් ඈ ජීවත් වූ ග්‍රහලොව  මලානික එලියකින් පමණක් සමන්විත වූ එකක් බැවිනුයි.
කෙසේ හෝ මහාචාර්යවරුන් ට හමුවන විට ඇය සිටි ගං ඉවුර අසලටම නැවතත් ඇය පැමිණ සිටියා.. සිසිල් වූ දිය ඈ එක හුස්මට පානය කලා.. ගස් කොල පවා තමන්ගේ ලෝකයෙන් වෙනස් වූ මේ ලෝකයෙහි ඇයට සුපුරුදු එකම දෙය වූයේ මේ ජලයයි.. වෙහෙස හා වේදනාව නිසා ගං ඉවුරේම නීන්ට නින්ද ගොස් තිබුනා..
තම කණ්ඩායම පිටත්ව යෑමෙන් පසු දිනුක තවත් දිනක් පමන රැදී සිටිමින් තමන්ට හැකි පමන දුරක් නැවතත් පරීක්ෂා කර බැලුවා.. අවසානයේ ඔහුත් තම බලාපොරොත්තු කඩ කර ගත්තා..
"කිසි තේරුමක් නෑ මෙහෙම ඉඳලා.. හෙට උදේම ආපහු යන්න ඕනෙ.."
ඒත් ගත කල දින දෙක තුල ඔහුට සෝමාවතිය රක්ෂිතය ගැන ලිපියක් ලිවීමට තරම්  කරුණු රැස්ව තිබුනා..
පිටත් වීමට පෙර උදෑසනම දිනුක ගඟ සොයා ආවේ මූන කට සෝදා ගැනීමටයි.. ඒ වන විට තරමක අදුරක් පරිසරය වෙලාගෙන තිබුනා.. ඉවුර අසලටම ලං වූ දිනුකට එතැන නිදා සිටි නීන්ව දකින්නට ලැබුනා..
කාන්තාවකගේ ලක්ෂණ ඇති ශරීරයකින් යුත් මේ ජීවීයා ගේ  හිසෙහි කිසිදු ආකාරයක කෙස් ගසක් හෝ දකින්නට ලැබුනේ නැහැ.. පිළිකා රෝගය වැළදී සියලුම කෙස් ගැලවී ගිය හිසක් සහ කෘෂ ඇගක් සහිත මනුෂ්‍ය කාන්තාවක් ලෙස දර්ශනය වූ ඇගේ රුව දෙස දිනුක මද වේලාවක් බලා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවයි.. මේ වන විටත් නීන් තද නින්දක පසු වුනා..
තමාට ඉදිරියෙන් මේ සිටින්නේ පිටසක්වල ජීවියෙකුද යන වග දිනුක ට විශ්වාස කර ගත නොහැකි වුනා..
"මේක හීනයක්ද.. "
ඔහු තම දෑස් පිසදැමුවා..
මොහොතකින් නීන් නින්දෙන් අවදි වුනා.. ඈ එක්වරම දැක්කේ තමා ඉදිරියේ විශ්මය පිරුනු දෑසින් බලා හිදිනා මනුෂ්‍ය ජීවියාවයි.. තමාව නැවතත් අල්ලා සිර කිරීමක් සිදුවනු ඇතැයි ඇය බියට පත් වුනා.. අපහසුවෙන් නැගිටගන්නට උත්සහ කරමි කෑ ගැසුවා..
"නෑ නෑ මගෙන් කරදරයක් නෑ ඔයාට.. "
දිනුක අත් ඔසවමින් කලබලයෙන් කිව්වා.. ඔහු දැක්කා නීන්ගේ කකුලේ තුවාලය සහ ඒ නිසා ඇයට ඇවිද ගැනීමටවත් බැරි බව..
කළ යුත්තේ කුමක්ද යන වග ඔහු මදක් කල්පනා කලා.. අසල ගසකින් කොල කිහිපයක් කඩා ගෙන විත් තුවාලය ආවරණය කරමින් එතුවා.. ඉන්පසු තමාගෙ සපත්තු ලේස් එක ගෙන ඒ වටා හොදින් ඔතමින් ගැට ගැසුවා. ඇගේ පාද ඉතාම සිහින් ඒවා නිසා එය ඉතා පහසු වුනා..
ආරම්භයේදී නීන් බොහෝ කලබල වුනා.. නමුත් ඔහු තුවාලට වෙලා අවසන් වන විටම ඔහුගෙන් හිරිහැරයක් නොවන බවත්, බිය වීමට දෙයක් නොමැති බවත් ඈ තේරුම් ගත්තා.
දිනුක ගසකින් කඩා ගෙන ආ තවත් කොලයක් ගොටු කර ගගෙන් ජලය පුරවා ඈ වෙත පෑවේ තවත් ඇගේ විශ්වාසය දිනා ගැනීමට සිතායි..
"පිටසක්වල ජීවීන්ට අමුතු බලයන් තියෙනවා කියලා මම අහලා තියෙනවා.. ඒත් මෙයාගෙ එහෙම බලයක් පේන්න නෑ.. අඩුම තරමින් කෑ ගැහුවා, දැඟලුවා මිසක් බේරෙන්න මට අනතුරක් කලේ නෑනෙ.. "
දිනුක තනිවම හිතුවා.
ඔහුට එක්වරම නැඟුනු අදහසක් අනුව දිනුක එම ගං ඉවුරේ වැල්ලේ යමක් අදින්නට පටන් ගත්තා.. නීන් බොහෝ ඕනෑකමින් ඒ දෙස බලා සිටියා..
ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙසට ඇගිල්ල දිගු කර එය අදින බව හැඟෙව්වා.. ඉන්පසු ඒ වටා අනෙක් ග්‍රහලෝක අටම ඇන්දා.. ඉන් එකක් මත ඇගිල්ල තබා ඔහු එහි ඉන්න බව හැඟෙව්වා.. මීලගට ඔහු නීන්ගෙන් විමසුවේ ඇය කුමන ලෝකයකට අයත්ද යන්නයි.. ඔහු එය හස්ත මුද්‍රාවෙන් කිහිප විටක්ම ඇයට ඇඟෙව්වා..
මීලඟ කොටසින් හමුවෙමු..
අනෙකුත් කථාංගයන් කියවීම සඳහා එකතු වෙන්න මගේ බ්ලොග් අඩවියට..
Https://muthugepanhida.blogspot.com
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-71508264041950382232017-01-20T21:35:00.001-08:002024-01-09T20:47:03.416-08:00පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස..
පසුගිය කොටසින්..
මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර පටකයක් නම් අපිට නිගමනය කරන්න පුළුවන් ඔවුන්ගේ රුධිර සෛල වල ලවණ සාන්ද්‍රනය අඩු බව.. එනිසා මෙහෙම බිඳ නොවැටී තිබෙන බවත්.. "
"ඔව්. තාමත් අපිට තියෙන්නෙ සැකයක් විතරයි. සමහර විට මේක  පිටසක්වල යානයේ සිදුවීමට කොහෙත්ම අදාල වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.. "
එතැන් සිට..
එදින දවල් කාලයේ ඔවුන්ට අපූරු සිදු වීමකට මුහුන දෙන්නට වුනා.. ඔවුන් තම කූඩාරම අටවාගෙන තිබුනේ සෝමාවතිය ආසන්නයේ ගලා යන මහවැලියේ අත්තක් වූ සින්න ඟග ආසන්නයේයි..
"මම වතුර ටිකක් පුරවගෙන එන්නං.. කෑන් දෙකම හිස් වෙලා.."
සමරජීව හිස් කෑන් දෙකත් එක්ක ගඟ ට ගියා.. මොහොතකින් ඔහු ආපහු ආවෙ බොහොම කලබල වෙලා..
"රන්දෙනිය.. ඉක්මන් කරන්න.. කෝ අර නෙට් එක.. "
ඔහු රන්දෙණියත් සමග නැවත  ගඟ අසලට දිව යන අතරතුර ගඟ අසලදී තමන් දුටු සිදුවීම විස්තර කලා..
ප්‍රොෆෙසර් සමරජීව ගඟ ඉවුර අසල අමුතු ජීවියෙකු දැක තිබෙනවා.. කිසිදු ශබ්දයක් නොකර, එම ජීවියා කලබල නොකර ආපසු හැරුනු ඔහු රන්දෙණියත් සමඟ ආපසු ඒමට සිතා කූඩාරම වෙතට දිව ගියා..
මේ අමුතු ජීවියා අල්ලා ගැනීමට හැකි වූවොත් යැයි සිතමින්ම ඔහු ආපසු ‍යන ගමනේදී නෙට් එකක්ද අතැතිව සිටියා..
නීන් ඔවුන් දෙදෙනාට හසු වූයේ එසේයි.. පාදයක වූ තුවාලය නිසා නීන්ට ඔවුන්ගෙන් බේරී දිව යෑමේ හැකියාවක් තිබුනෙ නැහැ..
දැල යොදා නීන්ව අල්ලා ගැනීම ඔවුන්ට පහසු කාර්යක් වුනා ඇය සිටි තුවාලමය තත්වය නිසා. අවසානයේ දී ඔවුන් විසින් ඇයව මෙලෙස කූඩුවක සිර කරනු ලැබ තිබුනා..
දිනුක පෙරේරා.. වෘත්තියෙන් ඔහු ආධුනික පුවත්පත් වාර්තාකරුවෙක්.. පිටසක්වල යානය පිළිබඳ පුවත වාර්ථා වීමත් එක්කම ඔහු ඒ පිළිබඳ වාර්ථා කිරීමේ කටයුතු වල නිරත වුනා..
ඔහු සෝමාවතියේ මේ පුවත පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පැමිනි SpaceX පරික්ෂණ කණ්ඩායම සමඟ එක්ව වාර්තා කිරීමේ කටයුත්තට එකතුව සිටියා...
දින තුනක් තිස්සේම පිටසක්වල යානයක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වූ තැන ඔවුන් ආපසු යාමට තීරණය කලා.. නමුත් සිතේ පැවතුනු නොනවතින කුතුහලය නිසා දිනුකට ආපසු යාමට සිත් දුන්නේ නැහැ.. තව දිනක් දෙකක් මෙහි නැවතීමේ අදහස ඔහු කණ්ඩායමට පැවසුවත්,  ඔහුගේ කණ්ඩායම දිනුකව තනිව දමා යාමට කැමැත්තක් දැක්වූයෙ නෑ.
නමුත් ඔහු කෙසේ හෝ තවත් දිනක් දෙකක් රැදී සිටීමට අවස්ථාව ලබා ගත්තා..
මාහාචාර්යවරුන් විසින් නීන්ට කෑම සදහා පාන් කැබලි, බිස්කට් ආදිය කූඩුවට දමා තිබුනා.. ඇත්තෙන්ම ඒවා ආහාර බව වත් ඇය දැන සිටියේ නැහැ. ශාක යුෂ පමනක් ආහාරයට ගන්නා ජීවීන් ලෙස ජීවිතය ගත කල නීන්ට, එවැනි ඝන ආහාරයක් සුදුසු වූයේ ද නැහැ.. ඇය ඒවා ආහාරයට නොගත්තේ ඇයව කූඩු කර තිබූ නිසා බව ඔවුන් සිතුවා..
අධික කුසගින්න නිසාත්, කෑ ගැසීම නිසාත් නීන් වෙහෙසට පත්ව සිටියා... පාදයේ වූ රිදුමත් අධිකව දැනෙන්නට වුනා. තමා ආ හිතුවක්කාර ගමන ගැන ඈ නැවත නැවතත් සිතින් පසුතැවුනා..
තමන්ට අහම්බෙන් මුන ගැසුනු මේ පිටසක්වල ජීවියා නිසා මහාචාර්යවරුන් දෙදෙනා බොහෝ උද්දාමයට පත්ව සිටියා..
"සමරජීව.. අපිට ලංකාවෙ විතරක්ද.. මුලු ලෝකෙම.. මුලු ලෝකෙම ප්‍රසිද්දියක් හම්බවෙන්නයි යන්නෙ!! මටනං  හිතා ගන්නවත් බෑ..! පිටසක්වල ජීවියෙක් පනපිටින් අපිලඟ! "
"හේයි මූ මැරිලද.. කකුලෙ තුවාලෙකුත් තිබුනා නේද.. ඒකෙන් ගලපු ලේ තමයි එහෙනං අපිට හම්බ උනේ.. "
රන්දෙණිය කූඩුව ලගට ඇවිත් ඇහුවා.. ඒ වෙනකොටත් නීන්  බොහොම අසාධ්‍යව වැතිරීගෙනයි හිටියෙ..
ඔවුන් නීන් සිටි කූඩුව විවර කර ඇයව පරීක්ෂා කරන්නට සූදානම් වූවා පමනයි...
කූඩාරමට එපිටින් එක්වරම නැගුනු හඩ, තනි අලියාගේ දැයි මහාචාර්යවරුන් දෙදෙනාටම එකවර සිතුනා.. එය එසේම වුනා..
ඔවුන් මෙහි පැමිනි දිනම මේ තනි අලියාගේ දරුණු බව පිළිඳව අයෙකු ඔවුන්ව දැනුවත් කර තිබුනා..
තනි අලියා කූඩාරම දෙසට එමින් සිටියා..  අහස ගුගුරවන තරම් හඩක් නගමින් ඌ ටෙන්ට් රෙද්ද ඉහලට ඇද්දා..
නීන් සහිත කූඩුව එක් කූඩාරමක තබා මහාචාර්යවරුන් දෙදෙනා නිදා ගත්තේ අනෙක් කූඩාරම තුලයි.. මේ වන විට ඔවුන් නීන්ව පරීක්ෂා කිරීමට ඈ සිටි කූඩාරමට පැමින තිබූ අතර රන්දෙණිය කූඩුව විවර කර තිබුනා.. අලියා නැගූ ශබ්දය නිසා එම කූඩාරමෙන් පිටතට පැමිනි ඔවුන්ට දැක ගත හැකි වූයේ තම කූඩාරම පොඩි පට්ටම් වී ඇති බවයි..
මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් දෙදෙනා සිටි කූඩාරමයි.. කුමක් කලයුතු දැයි ඔවුන් දෙදනා මුමුනමින් සිටියා..
එම කෙදිරිලි හඩ අලියාව තවත් කුලප්පු කිරීමට සමත් වුනා.. ඌ වේගයෙන් ඔවුන් දෙසට හොඩ උස්සාගෙන දිව එන්නට වුනා..
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0tag:blogger.com,1999:blog-5241022255493110058.post-60973169349891830682017-01-20T20:00:00.001-08:002024-01-09T20:47:38.153-08:00පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස…
බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා..
"සෙටෝ.. මේ සෙටෝද.. මේ තරම් ලොකුවට.. "
නීන් විශ්මය පිරුණු දෑසින් බලා සිටියා..
සෙටෝ.. ඇගේ භාෂාවෙන හිරු හැඳින් වූ නමයි. එහි තේරුම 'ගිනි පුලිඟුව' යන්නයි. හේතුව ඇගේ ලෝකයට හිරු පෙනුනේ ගිනි පුලිඟුවක් තරම් කුඩාවටයි.. මේ තරම් හිරු එළියක් ඇගේ දෑස් වලට නුපුරුදුයි. එය ඇයට දිගටම බලා සිටීමට ඉතා අසීරු දර්ෂණයක් වුනා.
මොහොතකට හිරු දෙසට අවධානය යොමුව තිබූ ඇගේ දෑස් නැවතත් තමා සිටි දැල් සහිත කූඩුවට එපිටින් වූ මිනිසුන් දෙදෙනා වෙතට යොමු වුනා. ඔවුන්ගේ විකාර රූපී ස්වාභාවය ඇයට විශ්මය ගෙන දුන්නා. ඔවුන්ගේ ශරීර වල උස... නීන්ගේ ලෝකයෙහි කිසිවෙක් ඒ තරම් උස ජීවීන් නොවෙයි. කෙටි කන, විශාල වූ නාසයක් ඔවුන්ට තිබුනා..
'මාව බේරා හරින්න' යැයි කෑ ගැසීමෙන් කෙටී වෙහෙසට පත්ව සිටියා. ඇත්තෙන්ම එය නිෂ්ඵල කාර්යක් වුනා.. ඔවුන් කෙටීගේ කෑ ගැසීමට අවධානයක් යොමු කලේ නැහැ.. ඇයට නොතේරුනු අමුතු බසකින් ඔවුන් දෙදෙනා වාදයක ස්වරූපය ගත් කථා බහක නිරතව සිටියා..
ප්‍රොෆෙසර් සමරජීව සහ ප්‍රොෆෙසර් රන්දෙණිය තමන්ට හමුවූ මේ අපූරු පිටසක්වල ජීවියාට මීලගට කල යුතු දේ සාකච්චා කරමින් සිටියා..
2017 ජූනි මාසයේ පහලොස් වන දින සෝමාවතිය ප්‍රදේශයෙන් පිටසක්වල යානයක් පිළිබඳ වාර්තා වුනා. සවස හයත් හතත් අතර කාලයේදී හදුනා නොගත් යානයක් ප්‍රදේශය වෙතට පහත් වනු කිහිප දෙනෙකුගේම ඇස ගැටී තිබුනා.. මේ ආරංචියත් සමගම පිටසක්වල ජීවීන් පිළිබඳ පරීක්ෂණ වලට ඇල්මක් දක්වන මේ මහාචාර්යවරුන් දෙදෙනා වහාම සෝමාවතිය බලා පිටත් වුනා.
විවිධ පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙම පිටසක්වල යානය පිළිබඳ ආරංචිය ඔස්සේ එම ප්‍රදේශයේ කල පරීක්ෂණ වල සාර්ථකත්වයක් දකින්නට ලැබුනෙ නැහැ. යානයක් තබා යානයක් පැමිනි සලකුණක් හෝ ඔවුන්ට සොයා ගත නොහැකි වී තිබුනා.. අවසානයේ ඔවුන් එය අත් හැර දැමුවා..
අප මහාචාර්යවරුන් දෙදෙනා, වන අලියන් පවා ගැවසෙන වනාන්තරයේ රැදී සිටිමින්, නිඳිවරමින් තව දුරටත් මේ පිළිබඳ සොයා බැලීමේ කටයුතුවල නිරත වුනා..
"ෂැහ්. මේ මොනවද මේ ජරාව.."
රන්දෙණිය තම සපත්තුවට  පෑගී තිබූ දේ දෙස බලමින් පැවසුවේ මුහුන ඇඹුල් කරගෙනයි.. තද කොල පැහැති සෙවලමය ද්‍රව්‍යක් ඔහුගේ සපත්තුවෙන් බේරෙමින් තිබුනා.
"සතෙකුගෙ ජරාවක් වෙන්නැති.." සමරජීව කිව්වා..
"නෑ.. මේ වගේ දෙයක් මම මීට කලින් දැකලා නෑ.. අනික බලන්න මේවයෙ දිලිසෙන ස්භාවය..
ප්‍රොෆෙසර් සමරජීව.. සමහර විට මේක අපිට හම්බ වුන වැදගත්ම හෝඩුවාවක් වෙන්න පුලුවන්.. "
"බලමු.. " රන්දෙණිය ඒ දිලිසෙන ද්‍රව්‍යයෙන් කොටසක් බෑගයේ වූ කුඩා කුප්පියකට පුරවා ගත්තා..
"අපි මේක ටෙස්ට් කරලා බලමු.. රෑ වෙලා නිසා දැන් අපි අපේ කූඩාරමට ගියොත් හොඳයි ප්‍රොෆෙසර්.. මතකනෙ අර මගදි හම්බ වුන මනුස්සයා කියපු කථාව.. තනි අලියා ගැන.. "
ඔවුන් ලබා ගත් සෙවලමය ද්‍රව්‍ය සාම්පලය පසු දින උදෑසන ප්‍රොෆෙසර් සමරජීව විසින් අන්වීක්ෂයෙන් පරීක්ෂා කලා..
"ප්‍රොෆෙසර් රන්දෙණිය.. මේක..  මේක ජීවීයකුගෙ පටකයක්.!! ඒ කියන්නෙ ජීවී ශරීරයකට අයත් ද්‍රව්‍යක්..!! මේ සෛල වල හැඩය බලන්න.. හරි අපූරු හැඩයක්.. "
රන්දෙණිය වහා පැමින එය පරීක්ෂා කලා..
"ඔව්.. ඒත් එක්කම දැක්කද මේ සෛලවල මන්ඩලාකාර ද්වි අවතල හැඩය.. අපේ රුධිර සෛල වල වගේ..
ඒ කියන්නෙ.. ඒ කියන්නෙ මේ රුධිර පටකය.. ඔබට හිතෙනවද මේක පිටසක්වල සිදුවීමට අදාලයි කියලා.. මේ වෙනත් ලෝකෙක ජීවියකුගෙ රුධිරය විය හැකියි කියලා?"
"ප්‍රොෆෙසර් සමරජීව.. ඒත් මෙතන  ගැටලුවක් තියෙනවා.. ඔබ දන්නවනෙ අපේ රුධිරය මේ වගේ වාතයට නිරාවරණය වුනහම මේ විදිහට සෛල අදුන ගන්න බැහැ.. ඒවා බිද වැටිලා තියෙන්න ඕනෙ මේ වෙනකොටත්.. එහෙනම් මේ රුධිර සෛල කියන නිගමනය අපට බැහැර කරන්න වෙනවා නේද.. එතකොට මේ මොනවද.. මට නම් මේක ප්‍රෙහේලිකාවක්.. "
"රන්දෙණිය, අපට මේක එහෙමම බැහැර කරන්න බැහැ.. අපේ රුධිර සෛල එහෙම බිද වැටෙන්නෙ සෛල තුල පොටෑසියම් සෝඩියම් වගේ ලවණ  සාන්ද්‍රනය වැඩි නිසා.. මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර පටකයක් නම් අපිට නිගමනය කරන්න පුළුවන් ඔවුන්ගේ රුධිර සෛල වල ලවණ සාන්ද්‍රනය අඩු බව.. එනිසා මෙහෙම බිඳ නොවැටී තිබෙන බවත්.. "
"ඔව්. තාමත් අපිට තියෙන්නෙ සැකයක් විතරයි. සමහර විට මේක  පිටසක්වල යානයේ සිදුවීමට කොහෙත්ම අදාල වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.. "
මීලඟ කොටසින් හමුවෙමු..
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com2tag:blogger.com,1999:blog-5241022255493110058.post-13792509742526578362016-12-24T15:15:00.001-08:002024-01-14T18:32:09.600-08:00සමාව
සලාාාං..
සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය ඉමල්කා අතින් ඈ මාමාට ගෙන යමින් සිටි තේ කෝප්පය බිම වැටිනි..
යක්ශාවේශයෙන් එතැනට පැමිනි ඇගේ නැන්දා කෙස් වැටියෙන් දැරිය අල්ලා ගත්තාය..
"අදත් එකක් බින්දා මේකි.. ගෙයි තියෙන ඒවා විනාස කරන්න ආපු හැතිරි හිටපං උබට අද මං.. "
"අනේ නැන්දෙ ගහන්න එපා.. "
එක පිට එක කමුලට වැදුනු පහරවල් අතරින් ඉමල්කා කෑගැසුවා ය..
යක්ශාවේශ වූ ගැහැනිය ඉමල්කාගේ කෙස් වැටිය තදින් අල්ලා හිස දැවමය පුටු ඇන්දේ අනින්නට විය..
"ආයෙ මේ ගෙදර බඩු මුට්ටු විනාස නොකරන්න හොද පාඩමක් උගන්නන්නං උබට මං.. "
කදුලු වලින් තෙමුන ඉමල්කාගේ ඇහි පිල්ලම මතට බේරී ආ රුධිරය, පුටුවේ වැදීමෙන් තුවාල වූ ඇගේ හිසින් ගලන්නක් විය.. සියල්ල භ්රමනය වෙමින් පෙනෙද්දී ඉමල්කා සිහිසුන්ව බිම වැටිනි..
තවත් මොහොතකින් දෑස් විවර වී සිහිය විත් බලන විට කිසිවෙකුත් එතැන නොවීය..
"අත්තම්මෙ.. "
සිහින් කෙදිරියක් ඉමල්කාගේ මුවින් නිකුත් විය.. අපහසුවෙන් නැගිට කුස්සිය ආසන්නයේ වූ ගබඩා කාමරයට යා ගැනීමට ඈට හැකිවිය..
ඇදේ නිදා උන් අත්තම්මා, ඉමල්කා දැකීමෙන් අපහසුවෙන් නැගිටීමට උත්සහ ගත්තාය..
"සීවරං දෙයියනේ අදත් අර ගෑනි උබට ගැහැව්විවද.. "
අත්තම්මාගේ දෑසට කදුළු නැගී ඇත..
"උබගෙ අම්ම අප්පටවත් ඉන්න තැනක ඉදං පේන්නැද්ද මේව්වා.."
ඉමල්කා අත්තම්මාට තුරුලු වී හැඩුවාය.. පහර කෑමෙන් ලත් ගතේ තුවාලයට වඩා සිතේ තුවාල, මව පියා නැති කුඩා දැරියට රිදුම් දුන්නාය..
"ඇයි අත්තම්මෙ නැන්දා මට ගහන්නෙ.. "
"මට නිවි සැනහිල්ලෙ ඇස් දෙක පියා ගන්න බෑ මගෙ දුවේ.. මාත් නැති කාලෙක උබට යන කල ගැන හිතද්දි.."
ඉමල්කා කුඩා ජනේලයෙන් පිටත බලා හිදින්නීය.. හඳ අලංකාර ලෙස පායා ඇත.. අවසානයට අත්තම්මාත් සමග මාස ගනනාවකට පෙර සිල් අරගෙන ආපසු එන ගමනේ දී ඈ බලා සිටි සදෙහි රුව අදත් එලෙසම විය.. ඇගේ ජීවිතයට මදක් හෝ ආලෝකයක් ගෙන ආ අත්තම්මා, මෙලොවින් නික්මයාමෙන් පසු අදුරු වූ ඇගේ පුංච් සිතට ඉන් පසු බිඳක් හෝ එලියක් වැටුනේ නැත..
"ඉමල්කා.. ඔයා තරුවෙ ගාපු පාප්ප වේලෙනවා!! "
රුවිනිගේ කෑ ගැසීමෙන් ඉමල්කා පියවි ලොවට පැමිනුනාය.. චොක්ලට් දැමීම සඳහා රුවිනි කුඩා කවර අලවමින් සිටියාය..
"අහ්. ඔව්නෙ."
ඉමල්කා වහා මේසය වෙත ගොස් තරුව කාඩබෝඩ් එකෙහි ඇලවූවා ය.
"හරි. තරු ටික කපන්න විතරයි තියෙන්නෙ.. "
ඉමල්කා කියුවාය..
නත්තල් ගස ලමා නිවාසට ගෙන ආවේ එදින උදේ වරුවේයි.. නත්තල් ගස හැඩ කිරීම ඉමල්කාටත් මේ ලමා නිවාසයේ ඇගේ අලුත් මිතුර මිතුරියන්ටත් පැවරී තිබිනි..
නත්තල් ගසත් එය හැඩ කිරීමට ගෙන ආ සර සර හඩක් නැගෙන දිලිසෙන කොල, කාඩ්බෝඩ්, සීනු සියල්ල දෙස ඔවුන් ඉහලට ගත් හුස්ම පහලට හෙලීම අමතක කොට බලා සිටියෝය..
"ඔයාට නත්තල් සීයා මොන විදිහෙ තෑග්ගක් දෙයිද දන්නෙ නැහැ.. අපි ලියුම් යවන කාලෙ ඔයා හිටියෙ නෑනෙ.. අපි හැමෝම නත්තල් සීයට ලියුම් ලිව්වා අපිට ඕනෙ තෑගි ගැන කියලා.. සිස්ට මිෂෙල් ඒ ලියුං නත්තල් සීයට යවනවා.. "
රුවිනි කියුවාය..
ඉමල්කාට මේ සියල්ල විශ්මය දනවන දෑය.. නත්තල් ගසක්, නත්තල් සීයා..
නැන්දාත් මාමාත් ඉමල්කාව මේ පල්ලියේ ළමා නිවාසයට ගෙනැවිත් දමා සති දෙකක පමන කාලයක් ගත වී ඇත.. අත්තම්මා සමග සවස මල් පුදා බුදුන් වැද පුරුදු ඇයට මෙහි පැමිනි මුල් දිනම නිදා ගැනීමට පෙර ඔවුන් කරන යාඥාව විශ්මයක් විය..
රුවනීත් අනෙක් මිතුරියනුත් පවසන පරිදි හෙට නත්තල් සීයා ගෙන් ඔවුන්ට තෑගි ලැබෙන දිනයයි..
වසර පහලවකට පසු...
"ඉමල්කා.. දූ සෙල්ලම්බඩු පෙට්ටි ටික කොහෙද ....? "
"මම ඒ ටික යසෝමාට කියලා වාහනේට දැම්මෙව්වා.. ආ අම්මා සැන්ටගෙ ඇදුම් ටික පියදාසට දුන්නද..? "
"ඔව් දූ.. පියදාස ඔන්න හවස ඇදගෙන නැටුවෙ.. "
මානෙල් සිනාසෙමින් කිවාය.
විසි දෙහැවිරිදි ඉමල්කා හා ඇගේ මව්පියන් මේ සූදානම් වන්නේ පල්ලියේ ලමා නිවාසයට දෙන දානයටයි..
රවී ප්රනාන්දු, මානෙල් ප්රනාන්දු හා ඔවුන්ගේ දියණිය ඉමල්කා උදෑසනින්ම ලමා නිවාසය බලා පිටත් විය..
සැන්ටා ලෙස ඇද පැළද ගත් පියදාස කුඩා දරුවන්ට තෑගි බෙදා දෙන්නට විය.. දරුවන්ගේ සතුට දැක ඉමල්කාගේ දෙනත් වලට කදුළු නැගුනේ ඉබේටමය..
"ඉමල්කා..? "
පිටු පසින් ඇසුනු හඩ ඔස්සේ ඈ හැරී බැලුවාය..
"සිස්ට මිෂෙල්! "
"හ්ම්..අවුරුදු පහලවකට පස්සෙ... කෙල්ල දැන් ගොඩක් ලොකුයිනෙ.. "
ඉමල්කාගේත්, සිස්ට මිෂෙල්ගේත් මතකය අතීතයට ගියේ එකවිටමයි..
අවුරුදු පහලවකට පෙර ඒ සුන්දර නත්තල් දිනයේ රුවිනිත් අනෙක් මිතුරියනුත් ඔවුන්ට ලැබුනු තෑගි වලින් විනෝද වන මොහොතේ පුංචි ඉමල්කා ඇයට ලැබුනු බෝනික්කාත් තුරුළු කරගෙන කුඩා ජනේලයෙන් එපිට බලා සිටියාය..
"දූ.. ඇයි ඔයා මෙතන තනියම.. "
ඇයට පිටුපසින් ඇසුනු කාන්තාවගේ හඩ නිසා ඉමල්කා හැරී බැලුවාය..
හැරී බැලූ ඉමල්කාගේ මුහුන දෙස ඈ විශ්මයෙන් බලා සිටියාය..
"නතාෂා.. ? "
"මගේ නම ඉමල්කා.. "
දැරිය අහිංසක ලෙස පැවසුවේ තමා ඉදිරිපිට තමාට වෙනත් නමකින් ආමන්ත්රනය කරන කාන්තාවට ය..
ඇගේ දෙනෙත් වල කදුලු පිරී තිබුනේ ඇයි දැයි ඉමල්කාට වැටහුනේ නැත.. ඈ ඉමල්කාව වැළදගෙන සිප ගත්තාය..
ඉමල්කාට මේ කිසිවක් තේරුම් ගත නොහැකි විය.. අත්තම්මාත්, මෙහි පැමිනි පසු සිස්ට මිශෙලුත් හැරෙන්නට වැඩිහිටි කිසිවෙකුත් ඇයට මේ තරම් සෙනෙහසක් දක්වා නැත..
"රවී.. "
ඇය ඇගේ සැමියාට කථා කිරීමට ගියේත් දෑසට නැගුනු කදුළු එසේ තිබියදීමයි..
වසරකට පෙර ඔවුන්ගේ ජීවිත වලින් සඳහටම සමුගත් ඔවුන්ගේ නතාෂා දියනියගේ හැඩරුව ගත් ඉමල්කා දෙස ඔවුන් බලා සිටියේ විශ්මයත් සෙනෙහසත් පිරුනු දෑස් වලිනි..
මොහොතකින් සිස්ට මිෂෙල්, ඉමල්කාව ඈ අසලට කැඳවා ගත්තාය.. පුංචි දියණියගේ අත මෘදුව අල්ලාගත් ඈ මෙසේ කියුවාය..
"දන්නවද ඉමල්කා.. හොඳම නත්තල් තෑග්ග හම්බවෙලා තියෙන්නෙ ඔයාට.. ඔයාට ගොඩක් ආදරේ අම්මෙකුයි තාත්තෙකුයි දෙවියන් වහන්සෙ අද ඔයාට මුන ගස්සලා තියෙනවා... එයාලා කැමතියි ඔයාව එයාලගෙම දුවෙක් විදිහට හදාගන්න.. "
රවී ප්රනාන්දු හා ඇගේ බිරිද මානෙල්, ඉමල්කා ගේ නීත්යානුකූල මව්පියන් බවට පත් වූයේ එලෙසයි..
අතීත මතක වල සැරිසැරූ සිත ඉන් මුදවා ගෙන ඉමල්කා තම කටහඩ අවදි කලාය..
"සිස්ට මගේ නැන්දා ගැන.. මම සිස්ටට මෙහෙ හිටපු කාලෙ කියලා තියෙනවා නේද එයා ගැන..
අපි ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් මම ගියා නැන්දව බලන්න.. නැන්දට අංශභාගෙ හැදිලා.. "
"දැං අවුරුදු එකහමාරක් තිස්සෙ ඔහොමයි දුවේ.. "
මාමා ඉමල්කාට කියුවේය..
එක් පසකට කඩා හැලුනු මුව සහිතව නැන්දා ඈ දෙස බලා හිදී.. ඇත්තෙන්ම ඉමල්කාගේ නෙත් කදුළින් පිරී ගියේය..
"නැන්දෙ.. මම... ඉමල්කා.. නැන්දට අදුනන්න පුළුවන්ද..?"
ඉමල්කා සෙමින් විමසුවාය..
අතීත සිදුවීම් නිසා පසුතැවිලිමත් වන නැන්දාගේ දෑස් තේරුම් ගත් ඉමල්කා මෙසේ පැවසුවාය..
"නැන්දෙ ඒ කිසිම දේකට මම නැන්දත් එක්ක තරහා නෑ.. "
ඉමල්කා එම නිවසින් පිටව ආවේ යම් මුදලක් මාමාගේ අත තැබීමෙන් පසුවයි.. නැන්දාගේ රෝගී වීමෙන් පසු ඔවුන්ට මුදල් අතින්ද අඩුපාඩු ඇතිවී ඇති බව ඉමල්කාට දැනී තිබිනි..
ඉන් පසු ඇයට හැකි වේලාවන්වලදී ඉමල්කා කිහිප වරක්ම එහි ගියාය..
"නැන්දා අත්තම්මට සැලකුවෙ නෑ.. මට නපුරුකම් කලා.. ඒත් නැන්දා ගැන මට වෛරයක් නැහැ සිස්ට.. ඉස්සර අත්තම්මත් එක්ක කරනවා වගේ මම පන්සල් ගිහින් බෝධි පූජා කලා.. මේ අම්මයි තාත්තයි එක්ක පල්ලියෙ යාඥා කලා නැන්දා වෙනුවෙන්.. නැන්දා එයා කරපු දේවල් ගැන පසුතැවෙනවා.. නැන්දට කථා කරගන්න බැරි උනාට මට ඒක දැනුනා.. සිස්ට.. මම නැන්දට සමාව දුන්නා ඒ හැමදේටම.. "
"අපට විරුද්ධව පව් (ක්රියා) කරපු කෙනෙකුට, අප්රසන්න ක්රියා පටිපාටියක් ඇත්තෙකුට, සැබවින්ම සමාව දීමට අකමැත්ත, තිත්තකම, හා කෝපය අප තුල නොතිබිය යුතුය.. "
(ශුද්ධ වූ බයිබලය.)
කිතුනු මිතුර මිතුරියන් සැමටම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!
~මුදී~
Muditha Prabhani Gunarathnehttp://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.com0