Sunday, September 17, 2017

දුවෙක්!

මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජීවිත කාලෙම ඒ ගැන දුකක් තියේවි.. ගෑනු දරුවෙක් හරි පිළිවෙලට, ලස්සනට, හරියට හදනවා කියන එක ලොකු අභියෝගයක්.. ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි.

තාත්තා කෙනෙකුට පිරිමි දරුවෙක්ට දායාද කරන්න තමන්ගෙ වාසගම තියෙනවා වගේ අම්ම කෙනෙකුට දුවෙක්ට දායාද කරන්න ගොඩාක් දේවල් තියෙනවා..

පුංචි කාලෙ දි මට මුණ ගැහිලා තියෙනවා උගන්නනකොට ගෑනු ළමයින්ට වෙනස්කම් කරන මිස්ලා.. ඒත් පිරිමි ලමයින්ට හරිම ආදරෙයි. හිත රිදිලා තිබුනා සහ ඒක මගෙ හිතට හරියට වැදිලා තිබුනා.. ඇයි එහෙම කරන්නෙ කියලා නම් මට හිතා ගන්න බෑ..

U educate a man,
U educate a man..
U educate a woman,
U educate a genaration.. කියලා කතාවක් තියෙනවනෙ. ඇයට උගන්වනවා කියන්නෙ ඔබ පරම්පරාවකටම උගන්නවා.. මොකද පරම්පරාවෙන් පරම්පරාවට යන දැනුම, හුරුකම් අම්මගෙන් තමයි දායාද වෙන්නෙ..

ඉතින් ඒ දේවල් දායාද කරන්න දුවෙක් නැති අම්ම කෙනෙක් වෙන එක කොච්චර දුකක් වේවිද..

I will hold you up
When you can't stand..
I will wipe away your tears
When you cry..
I will fight for you
When you give up
And
I will love you forever and always..


Thursday, September 14, 2017

මාර්කටිං


අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ මම ඇවිත් ඉන්නෙ ආධාරයක් එකතු කරන්න නෙමේ...

සෙනඟ මහ ගොඩක් නැති උනත් සීට් ගානට සෙනඟ හිටපු බස් එකට ගොඩ උන තරුනයා එහෙම කියද්දි මගේ ඇසුත් ඒ මොකද්ද බලන්න ඒ පැත්තට හැරවුනා.. පිළිවෙලකට ඇද පැළදලා හිනාවෙන් කටම පුරවගෙන ඉන්න විදිහට මම හිතුවෙ කැම්පස් එකක ලමයෙක්ද දන්නෙ නෑ මොකක් හරි දැනුවත් කිරීමක් වෙන්න ඇති කියලා.. මම ත් අහගෙන හිටියා මොකද්ද කියන්නෙ කියලා..
ඒ පාර ඔහු සමාජය ගැන කියන්න පටන් ගත්තා..

මේ ළඟදි පුතෙක් තාත්තා කෙනෙක්ව මරා දාපු පුවත්ක ඔබ අහන්නට ඇති..

ඇත්තටම මට එහෙම කතාවක් මතක නැහැ.. බස් එකේ කවුරුත් මම දැකපු විදිහට ඒකට ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැ ඔව් කියලා.. ඉතින් ඔහු ආයෙම සුපුරුදු හිනාව දාගෙන.. (ඒක ඕනවටත් වඩා වැඩී කියලයි මට නම් හිතුනෙ.) ආයෙ කථා කරන්න පටන් ගත්තා..

දැන් විශ්‍රාම වැටුපක් තියෙන තාත්තා කෙනෙක් හිතන්න.. ඔහු ඉන්නෙ බාලම පුතා ළඟ නම් අනිත් දරුවො ඔහු එක්ක තරහයි.. කීයක් හරි ඔබ පොතක එකතු කරලා තියෙනවා නම් ඒක ගන්න හරි තමයි ළමයි ඔබට සලකන්නෙ බලන්නෙ..

බස් එකේ වැඩි ප්‍රමානයක් හිටියෙ ටිකක් වයස අය තමයි.. කීප දෙනෙක්ගෙම ඔලුව වැනෙනවා මම දැක්කා..
මට වඩා බාල ගෑනු ලමයෙක් එයාගෙ අම්මා ඔලුව වනනවා දැකලා අම්මා දිහා බලලා රැව්වා.. මම හොදටම දැක්කා..
බස් එක ස්ටාර්ට් කලා.. ඔහුට වෙලාව මදි උනා තව විස්තර දෙන්න..
ඔන්න ඒ පාර මේ තරුණයා එයාගෙ පොයින්ට් එකට ආවා..

මේ බලන්න මම ළග තියෙනවා බණ සීඩී එකක්..

ඔහු දාගෙන හිටපු ගමන් මල්ල ඇතුලෙන් සීඩී වගයක් එළියට ගත්තා..

ගෙදර ගිහින් ඔබේ දරුවට අහන්න දෙන්න.. බොහොම සංවේදී කථාවක් බලන්න බැරි තරම්.. අම්මා කෙනෙක් ඇසක් නැතුව ඉපදුනු තම දරුවට ඇහැක් දෙනවා.. ඒත් ඒ දරුවා ලොකු උනාම ඇහැ නැති අම්මව පිළිකුල් කරනවා..

ඔන්න ඔහොම කතාව ඔහු කෙටියෙන් කිව්වා.. මට ඉස්සරහ සීට් එකේ හිටපු අම්මා අත දික් කරලා සීඩී එකක් ඉල්ල ගත්තා.. අනිත් අය සීය ගානෙ දිදී දහයකටත් වැඩි පිරිසක් අර සීඩී එක ගත්තා.. ඒක කවි බනක්.. ඔහු ලග තිබුන පොඩි කැසට් උපකරණයකින් ඒක බස් එකටම අහන්නත් සැලසුවා.. ඔන්න බස් එක යන්න පටන් ගත්ත නිසා ඔහු පිටිපස්සෙන් බැහැලා යන්න ගියා..

මට ඉස්සරහ හිටපු අම්ම සීඩී එක ඉල්ල ගත්තට එයාගෙන් සල්ලි ඉල්ල ගන්න තරුණයට අමතක වෙලා තිබුනා.. ඒක දැක්කෙ මම විතරයි. අර අම්මා පිටිපස්ස බලලා බෑග් එකට ඒක ඔබා ගත්තා..
ආයෙමත් බස් එකේ වීදුරුවෙන් ඈතට නෙත් යොමු කරපු මට හිතෙන් ලොකු හිනාවක් ගියා.

මාර්කටිං..

ඔහු මාර්කට් කළා ඔහුගෙ සීඩී එක හිනාවයි කථාවයි දාලා.. කවි බන සීඩී එකකින් ඔහු කිව්ව විදිහට ළමයි හදන්න හිතපු වැඩිහිටියො ටික සීඩී පොර කකා ගත්තා.. මට ඇත්තටම හිනා ගියේ ඒකට..

දරුවන්ව ගුණ ධර්ම අතින් පෝෂනය කරන එකේ වගකීම තියෙන්නෙ දෙමව්පියන් අතේ.. ඒක හරි හැටි ඔවුන් තේරුම් ගත්තා නම් දරුවො එහෙම වෙන්නෙ නෑ... ඒක මතුපිටින් බලලා තර්ක කරන්න එපා.. ගැඹුරටම ගිහින් හිතලා බලන්න.. සමාජෙන් උදාහරණ අරගෙන බලන්න.. එහෙම වෙන දරුවො එහෙම වෙන්න කොතනද වැරදුනේ කියලා..
දරුවෙක්ට උගන්නන්න වියදම් කරනවා කියලා සමහරු හිතන්නෙ හොදම සපත්තු දෙකක්, බෑග් එකක්, පොත් පෑන් පැන්සල් , ටියුෂන් ක්ලාස් පීස්, තව ඕන නම් ස්කූල් වෑන් වලට දාලා.. ඔන්න දරුවන්ට උගන්නන්න වියදම් කරනවා.. කොච්චර වියදම් කලත් මුන් ඉගෙන ගන්නෙ නෑ.. අන්තිමේ දෙමව්පියන්ගෙ අවලාදෙ..
කොතනද හැදෙන්න ඕනෙ.. දරුවට පොඩි කාලෙදිම තෝස්තර කරන්න උගන්නනවා.. අපේ පුතා අරවා කන්නෙ නෑනෙ.. එයා වෙනුවෙන් මේවම හදන්න ඕනෙ.. ඒ ඇයි.. ඇයි ඒ දෙමව්පියන්ට බැරි ඒ දරුවා එපා කියන දේ වත් කන්න නැති තවත් දරුවො මේ ලෝකෙ ඉන්නවා කියලා අර දරුවට පෙන්නලා දෙන්න.. අපේ අම්මලා එහෙම කලේ නෑ.. කන්න බැරි නම් නිකන් ඉන්නවා. එහෙමයි. ඒක අනාදරය නේමේ.. අනාදරය කරන්නෙ අර දරුවගෙ තාලෙට නටන දෙමව්පියො.
දරුවො ඉස්සරහ නෑදෑයොන්ට බනිනවා.. තමන්ගෙ දෙමව්පියන්ට බනිනවා. එතකොට දරුවට අර ඥාති පරම්පරාව ගැනම තියෙන්නෙ තරහක්. දෙමව්පියො එකක් කියද්දි දරුවා දහයක් කිය කිය බනිනවා.. අන්තිමේ දෙමව්පියො ගැනත් තරහක්!
කව්ද වරද්දනෙ දරුවන්ට.. පුංචි කාලෙ ඉදන් කියලා දෙන්න.., පෙන්නන්න කොච්චර හොද දේවල් ලෝකෙ තියෙනවද.. දරුවො සංවේදි කරන්න පුංචි කාලෙ ඉදලම.. බනක් අහන්න.. දහම් පාසලකට එක්ක යන්න පුංචි කාලෙදිම.. ලොකු වෙනකොට ඒ ලමයා ඒවට හුරු කෙනෙක් වෙලාද නැද්ද.. එතකොට මේ වගේ සීඩී එකකින් දරුවො හදන්න හිතන්න ඕනෙ නෑ... උගත්කමින් පෝසත් කරන්න පුලුවන් අධ්‍යාපනය දීලා...ඒත් ආධ්‍යාත්මික පැත්තෙන් පෝෂණය කිරීමයි වඩාම වැදගත්.. ඒකට ලොකු වගකීමක් දෙමව්පියන්ගෙ පැත්තෙන් තියෙනවා..

Tuesday, September 12, 2017

සිතුවිලි..

මුලු හවස් වරුවම වැස්සා.. පුදුම සීතලක් පරිසරයම වහගෙන.. කවියක් සිතුවිල්ලක් ලියන්න හිත දෙපාරක් නොහිතම පොරකනවා.. තව.. වැස්ස වෙලාවක.. තව.. හද එලිය ජනේල් වීදුරුව පසාරු කරගෙන ඇදට වැටිලා තියෙන රෑක.... වචන වලින් කියන්න බැරි තරම් හරි සතුටු හිතෙන හැඟීම් වලින් හිත පිරෙනවා... මගේ සිතුවිලි වලට පන දෙන්නෙ මේ පරිසරය..

ආදරය කරන කෙනා මට මුන ගැහිලා තිබ්බ නම් මේ වෙලාවෙ මම එයා එක්ක චැට් එකක් දාවි.. සමහරක් විට මම කවියක් ලියාවි එයාට... මම කවියක් යවනකොට එයා රිප්ලයි කවියක් එවනව නම්... මේ සොබාදහම ගැන මම තරම්ම සංවේදියි නම්.. යාන්ත්‍රික මිනිසෙක් නොවී ඒ ලස්සන හදවත හැමෝම අගේ කරනවා නම්... එහෙම කෙනෙක් කොහෙද ඉන්නෙ.. තාමත් ඔහුව මුන ගැහුනෙ නෑ... තාමත් නෑ..

මම නිදහසේ ඉන්නකොට මම අතින් ලියවෙනවා අඩුයි... ඒත් ගොඩක් බිසී උනාම හිත එහෙන් මෙහෙන් පැනලා දුවගෙන ඇවිත් අදහස් ලියන්න පොර අල්ලනවා... ම්ම්.. එග්සෑම් එකේ තව සබ්ජෙට් එකක් 17 තියෙනවා. පාඩම් කර කර ඉන්න ගමන් මේ ලියන්න හිතුනා..  17 වෙනිදයින් පස්සෙ ලොකු නිවාඩුවක්.. අනිත් අය ගොඩක් ආසාවෙන් බලන් ඉන්න නිවාඩුවක්.. ඇත්තටම මම කැමති නැහැ.. දෙවනි සෙමෙස්ටර් එක 17 න් පටන් ගන්නවනම්.. ඒ තරමට කැමතියි.. මට ඕනෙ නෑ තවත් පාලු කාලයක් ගත කරන්න..

මේ ලියන අකුරු කාටවත් වැඩක් නැහැ...ඒත් මට මේවා කියවන්න කවුරුවත් නෑ... හැමතැනම තනිකම කියන දේ පිරීලා.. නිවාඩු කාලෙක ඒක තදින්ම දැනේවි.. ඒත් කැම්පස් එකේ යාලුවො එක්ක ඉද්දි කාලෙ  යනවා කියන එක දැනෙන්නෙ නෑ.. ඇත්තටම පලවෙනි සෙමෙස්ටර් එක ඉවර උනා දැනුනෙත් නෑ...

හොදම යාලුවා කියන තැනට කවුරුත් නොගන්න තීරණය කලා මම.. ඒක ඇත්තටම දුකක්.. වෙන් වෙන්න උනාම දරා ගන්න අමාරුයි. ඒක මම හොදටම අත්විදිනවා මේ දවස් වල.. මම නංගිට ඕක කිව්වම එයා කිව්වා යාලුවො කියන අය ජීවිතේට ඕනෙ.. නැත්නම් අපි ගල් වගේ වෙනවා තනියම ජීවත් වෙන්න ගියාම කියලා..

උමා ගියාට පස්සෙ හිත හයිය කරගෙන මගේ අරමුන ගැන විතරක් හිතලා ඒකට වැඩ කරන්නයි හිතන් හිටියෙ.. ඒත් මම ගල් වෙනවට මම බයයි... මම යාන්ත්‍රික වෙනවට මම බයයි. මම ටිකක් හරි බිසී වේගෙන එනකොට මේ වගේ දුවගෙන එන්නෙ ඒ නිසා වෙන්න ඇති කියලා මට මේ දැන් හිතුනා..
ජීවිතේ කථා කර කර ලගින්ම ඉන්න ඕනෙ කෙනෙක්ගෙ අඩුව යාලුවකුට පුරවන්න බැහැ.. ඒකට අපි වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනෙ..

Thursday, September 7, 2017

තනිකම.. again & again.. :'(

ජීවිතේ හීන තිබ්බා ගොඩාක්.. මම කවදාවත් හීන දකින්න බය උනේ නැහැ.. මොකද ඒවා තමයි මාව ජීවත් කරන්නෙ.. හීන, බලපොරොත්තු.. ඒ අතරින් කැම්පස් යන හීනෙ ලොකුවටම තිබ්බා.. පෙරුම් පුරලා අන්තිමේ මම ආවා..

යාලුවො එක්ක බෝඩිමක,හොස්ටල් එකක ගෙවන ජීවිතේ ගැන ලොකු ආසාවක් තිබ්බා.. ඒත් ඒක නම් හැබෑ නොවී මඟ ඇරුනා..
තනිකම මම උරුම කරගෙනම ආපු දෙයක් කියලා ජීවිතේ මට ඇගිල්ලෙන් ඇනලා කිව්වා.  :(
අදටත් ඒ තනි බෝඩිම් කාමරයෙ ජනෙල් කවුලුවෙන් හද දිහා බලාගෙන මම තවමත් හදෙන් අහනවා ඇයි මාව මේ තරම් තනි වෙන්නෙ කියලා.. ඒක දරා ගන්න අමාරු හැඟීමක්.

පලවෙනි සෙමෙස්ටර් එක ඉවරයි. සෙමෙස්ටර් එක ඉවර කරන්න වෙන්නෙ ලොකු දුකක් එක්ක.. මගේ හොදම යාලුවා උමේෂා ඊලග සෙම් එකේ ඉදන් නැහැ..
අදහස් සිතුම් පැතුම් එක වගේ තියෙන හොදම යාලුවෙක් මුන ගැහෙන්න පින තියෙන්න ඕනෙ. මට ඒ පින තිබ්බා.. ඒත් බොහොම පොඩි කාලෙකට.. මාස දෙක තුනකට කලින් උමේෂා බෝඩිමට එන්න ඇහුවම ගොඩක් සතුටු හිතුනා..  පාඩම් කරන්න, අදහස් බෙදා ගන්න උමා ළගම ඉන්න එන එක ගැන ගොඩක් සතුටින් හිටියා මම..
ඒත් එයාට නර්සින් ඇවිත් යන්න වෙනවා කියලා කිව්වම.. මටත් නොදැනිම හොදටම ඇඩුනා.. වචනෙන් කියා ගන්න බැරි දුකක් ඒක..
බැජ් එකේ ලමයි විශ් කරනකොට.. ඒ ගැන සතුටු වෙනකොට ඒ ගැන දුක් වෙන මම ගැන උමා මොනවා හිතනවද දන්නෙ නැහැ.. ඒත් එයා යනවා කියන එක ඇහෙත්දි පවා හිත කඩන් වැටෙනවා. 
එග්සෑම් එකට කලින් එකදිගට ඔන්ලයින් ඉදගෙන පාඩම් ඩිස්කස් කරපු හැටි, පාඩම් කරලා ඔලුවට දරා ගන්න බැරි තරම් මහන්සි උනාම දෙන්නම සින්දු අහපු හැටි.. එකම දේ ගැන කතා කරද්දි අපි හිතන්නෙ එකම විදිහට කියලා දැන ගත්තම අපි පුදුම උන හැටි.. සෝෂල් ඉවෙන්ට් එක ප්‍රැක්ටිස් කරපු හැටි.. (අපේ ඉවෙන්ට් එක ගැන තාම පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ ඒකෙ වීඩියෝස් ඇන්ඩ් ෆොටෝස් තාම හම්බුනේ නැහැ. ඒක හම්බ උන ගමන් දානවා. )
ඔය හැම දේම මතක් වෙද්දි උමා නැතුව ඊලග සෙමෙස්ටර් එකට යන්න බෑ කියලා හිත කෑ ගහලා අඩන තරමටම දුක හිතෙනවා..

තනිකම අපේ ජීවිතේ ඉලක්ක ලේසි කරනවා.. ඒත්..ජීවිතේ තනි හිස් බවක් එක්ක මොන ඉලක්කෙට ගිහිලා හිටියත් සතුටක් නැහැ.. සතුට දුක කියන දේ බෙදා ගන්න කවුරුම හරි ජීවිත වල ඉන්න ඕනෙ.. බෙදා ගන්න කෙනෙක් නැතුව තනියම විද ගන්න උනාම සතුට කියන්නෙත් දුකක්!


සොබාදහම...

ඇයත් මමත් කතා කලා හද තරු ගැන.. ගස් වැල් ගැන.. ස්වභාවදහමේ ආශිර්වාදය ගැන.. අපේ හිත් වලට ඒ දේවල් කොච්චර සමීපව දැනෙනවද.. හිතනකොට පවා කොච්චර සතුටක් දැනෙනවද..

සොබාදහම ගැන මම වගේම හිතන මිතුරියක් මුන ගැසීම ආඩම්බරක්..

ම්ම්.. ගස් වැල් මල් වලට ඔබ කථා කරලා තියෙනවද.. ඔබට ගස් වල ජීවය දැනිලා තියෙනවද..  අපි බයෝ වලදි සජීවී කියලා ඉගෙන ගත්තත්, කවි ලියද්දි ජීවයක් ආරෝපනය කරලා ලිව්වත් ඇත්තටම ගස් වැල් ගැන සජීවී හැගීමක් ඔබට ඇත්තටම දැනිලා තියෙනවද..
ඔබ මොහොතක් තනියම ගහක් යට හුදකලා වෙලා ගස් බදට අත තියලා බලන්න.. ඔබට දැනේවි.. 

ගස් වලින් ෆ්‍රී වයි ෆයි ලැබෙනවා කියලා ඔබට කවුරු හරි කිව්වොත්...? ඔබ අනිවාර්‍යෙන්ම ගේ වටේම ගස් හිටවයි.. ඒත් ඒකෙන් ලැබෙන්නෙ ඔබට හුස්ම ගන්න ඔක්සිජන් කියලා ඔබ දැන දැනත්.. ඒත් ඔබ එහෙම කරන්නෙ නැහැ.. ඇයි ඒ වෙනස..

මල් ගහකට ඔබ ආදරෙන් වතුර පොදක් දැම්මම කොල හෙලවන හැටි ඔබ හිමීට බලන් ඉදලා තියෙනවද.. මම නම් හිතනවා ඒක මට කරන ස්තූතියක් කියලා..

ඔබේ ජීවිතේ සතුට රැදිලා තියෙන්නෙ කොතනද කියලා මම ඇහුවොත්.. ඔබ කෙනෙක් ගැන කියාවි? මගේ සතුට නම් රැදිලා තියෙන්නෙ සොබාදහමෙ.. මේ ගස්  මල් එක්ක..

ඔබ දුකින් ඉන්න වෙලාවට  මේ සොබා දහම ඔබට හොදම මිතුරෙක් වෙයි.. ඉතින්.. මුලු හදවතම විවර කරලා එන්න ඔබ ඒ සොබා දහම විදින්න..

~මුදී~
2017/09/04


ඔබ ඔබටම අභියෝගයක් වෙන්න..

ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැනම කලකිරීමක්. සමහර විට ඊර්ෂ්‍යාවක්? ම්ම්.. ඔබ ඔබේ හතුරා වෙන්න එපා.. සන්සන්දනය කියන්නෙ ඔබ ඔබටම කර ගන්න මහ හතුරුකමක්!

ඔබ තරඟ කරන්න ඕනෙ.. අභියෝග කරන්න ඕනෙ.. කාටද? ඔබටමයි.
මට කාත් එක්කවත් තරඟයක් නැහැ.. මට තරගයක් තියෙන්නෙ මම එක්කමයි.. ඊයෙ දවසෙ හිටපු මට වඩා හොද කෙනෙක් වෙන්න..දක්ෂ කෙනෙක් වෙන්න.. මම මටම අභියෝග කරනවා.. එතකොට දවසින් දවස ඔබ ඉස්සරහට යනවා මිසක් කවමදාකවත් ආපස්සට යන්නෙ නැහැ..
ඔබ ඊයෙ හිටපු ඔබටත් වඩා දක්ෂ කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා.. ඊට වඩා හොදකෙනෙක් වෙන්න ට්‍රයි කරනවා..

ඔබ කරන දේවල් ගැන කිසිම කෙනෙක්ගෙන් අගය කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා.. මොකද එහෙම දෙයක් නොලැබුනොත් ඔබ අධෛර්ය වෙනවා.. ඔබව අගය කරන්න ඔබ තුල කෙනෙක් ඉන්නවා.. ඒ ඔබමයි. හැම විටම ඔබේ හොද දේවල් ගැන ඔබ අගය කිරීමක් කරන්න.. ඒක කිසිකෙනෙක් කරනවට වඩා ඔබට දැනේවි.. ඔබ තව තවත් ඒ වගේ හොද දේවල් කරන්න පෙලඹේවි..

කෙනෙකුගෙ හිතේ ඔබ ගැන ඇති වෙන ආශිර්වාදය.. ඒක අනිවාර්‍යෙන් ඔබ වටා ශක්තියක් ලෙස එකතුවන බව හිතන්න.. ඔබ ඇසුරු කරන අයගෙන් විතරක් නෙමේ ගහකොල සතුන්ගෙන් පවා ඒ ආශිර්වාදය ගන්න... ස්වභාව දහම දෙන ආශිර්වාදය හරි පුදුමාකාරයි.. ඔබට එය මොහොතක් හරි දැනිලා තියෙනවා නම් ඔබ ස්වභාව දහමට මොන තරම් ආදරය කරාවිද.. මට ඒක දැනෙනවා.. වේලිලා යන්න ගිය ගහකට වතුර පොදක් දාලා ඔබ ඒ ගසින් ලැබෙන ආශිර්වාදය හිතෙන් විදින්න.. වතුරෙ ගිලෙන්න යන පුංචි කූබියෙක් බේර ගෙන ඒ සතුට හිතට දෙන්න.. ඔබ ඔබව අගය කරන්න..
'ඔබ ඇත්තටම කරුනාවන්තයි.. ඔබට හොද හදවතක් තියෙනවා..'  ඔබම ඔබට කියාවි.. ඔබට ඔබව ගොඩක් වටීවි..

~මුදී~


Monday, June 26, 2017

ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ~ අතීත මතක

හීන් හිරිකඩක් ජනේලෙන් ඇවිත් ඇගේ වදිද්දි දැනෙන හැගීම එහෙමම තියා ගන්න ඕනවට මම ජනේලෙ වැහුවෙ නෑ.. වැස්සක වගක්වත් නොපෙන්නා තිබුන අහස එක පාරටම ගොරව ගොරව අඩන්නෙ ඇයි කියලා බලන්න මම හිමින් ජනේලෙන් එබිල අහස දිහා බැලුවා..



ඔය සුදු පාටට බබල බබල තියෙන්නෙ.. අව් රැල්ලකුත් තියෙනවා වැස්සත් එක්කම..
අව්වයි වැස්සයි නරියගෙ මගුලයි..
මෙහෙම දැක්කම පොඩි කාලෙ අපේ කටට එන ඒ කතාව මතක් වුනා..
හවස බෝඩිමට යන්න තියෙනවා.. මිඩ් සෙමෙස්ටර් වැකේෂන් සතිය ඉවර වුනානෙ..

ම්ම්.. ආයෙමත් මම කියව කියව හිටපු පොතේ නවත්තපු තැන කොතනද කියලා මතක් කර කර හොයන්න ගත්තා.. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ කථා මාලාවෙ එක කොටසක්. මිදි ඔය අසබඩ.



මේ කථා මාලාව කියවපු කෙනෙක්ට ඒකෙ රස ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. මේකෙ පළවෙනි පොත කියවන්න හම්බ වෙද්දි මම හතර වසරෙ. ඒ අකුරක් අකුරක් ගානෙ මැවුන ඒ ලෝකය මම ඒ පුංචි හිතෙන් වින්දා.. නංගියි මමයි දෙන්නම..
ඒකෙ තවත් කොටස් තියෙනවා කියලා දැනගත්තම අපි දෙන්නටම ඕන වුනා ඒවත් කියවන්න.. ඒත් ගෙවල් ලග පුංචි ලයිබ්‍රරි එකේ තිබුනෙ ඒ පොත විතරමයි. වන අරණක කුඩා නිවස.
ඉතින් අවුරුද්දකට හතර පස් සැරයකට වඩා නංගි හරි මම හරි පොත ගෙදර ගේනවමයි. ආයෙ ආයෙ කියවලා අපි ඒක රස වින්දා.. ලෝරයි මේරියි වගේම අපි දෙන්නා අතරත් තිබුනෙ අවුරුද්දක පරතරය.. ඒ දෙන්නගෙ ඒ සිදුවීම් හැගීම් අපිට ඒ තරම්ම සමීප වුනේ ඒ නිසා වෙන්නැති.
අපිත් බෝනික්කන්ට ඇදුම් මැහුවා ඒ කාලෙ.. එයා මගෙ බෝනික්කන්ට ඇදුම් මහලා තෑගි කලා.. මාත් එහෙම කලා..
මේ ඉන්නෙ මගේ බෝනික්කා. එයාට ඔය ගවුම, කොන්ඩ පටිය පවා නංගි මහලා තෑගි කරපු ඒවා.



නංගිට බෝනික්කො පෙට්ටියක්ම තිබුනා ඒ කාලෙ.
ලෝරයි මේරියි මේපල් සීනි තියෙන සීයලගෙ ගෙදර නත්තල් සාදෙට ගියා වගේ අවුරුද්දට අපිත් ලස්සන ගවුම් ඇදලා ආච්චිලගෙ ගෙදර ගියා.. ලෝරලගෙ අප්පච්චිගෙ අස්ස කරත්තෙ වගේ අපිට තිබුනෙ තාත්තගෙ මෝටර් සයිකල් එක.. කන් ලගින් ගලාගෙන යන හෝහෝ ගාන හුලන් රැල් අස්සෙ කුබුක් ගස් අතරින් ඔය පහු කරගෙන ආච්චිලගෙ ගෙදර යද්දි අපේ හිත් වලත් අවුරුදු සතුට දෝරෙ ගලනවා අද වගේ මතක‍යි.. පාට විතරක් වෙනස් එකම වගේ රෙද්දෙ ගවුම් ඇන්දුවෙ අපේ අම්මා අපි දෙන්නටම. ගොඩක් වෙලාවට මට නිල් පාටමයි හම්බ වෙන්නෙ. නංගි රතු.
ඔය ඉන්නෙ අපි අවුරුදු තෑගිත් එක්ක ගත්තු ෆොටෝ එකක්. මම කිව්වෙ මට හම්බ වෙන්නෙම නිල් පාට.





අපි ටිකක් ලොකු වුනාම ස්කූල් එකේ ලයිබ්‍රරි එකෙන් පොත් ගන්න හම්බ වුනා.. එක දවසක නංගි මේ ලෝරගෙ කථා මාලාවෙ එක පොතක් ගෙනාවා.. අපිට ඉතින් මහා අනර්ඝ මැනිකක් හම්බුනා වගේ වුනා.. හිහී..
ඒ විදිහට කලාතුරකින් ලෝරගෙ පොතක් ඒ ලයිබ්‍රරි එකෙන් හම්බ වුනා.. ඒක ගෙදර ගෙනල්ලා අපි දෙන්නා කියෙව්වා... ඔය විදිහට කථා මාලාවෙ පිලිවෙලක් නැතිව අතරින් පතර පොත් අපිට හම්බ වුනා..
"කේරි දැන් ලොකුයි.. එයාලට තවත් නංගි කෙනෙක් ඉන්නවා දැන්.. "
අපේ නංගියි මමයි කථා වුනේ හරියට පුංචි කාලෙ ඉදන් අපිත් එක්ක එකට හිටපු යාලුවෙක් ගැන විස්තර කථා වෙනවා වගේ.. මේරිගෙ ඇස් අන්ධ වෙලා කියලා දැන ගත්තම අපි දෙන්නා ගොඩක් දුක් වුනා..
නවය වසරෙන් තමයි අන්තිමට ඒ පොතක් කියෙව්වා මතක. ඊට පස්සෙ මෑතක් වෙනකම්ම ලෝරගෙ කථා රසවිදින එක අතීතයටම වෙන් වෙච්ච දෙයක් වෙලා තිබුනා.. ඕ ලෙවල්, ඒ ලෙවල් පහු කරගෙන අපි කැම්පස් ආවා. නංගි මෙඩිකල් කොලේජ් ගියා. මම මෙහෙ කැම්පස්. කාලය වේගෙන් ගෙවුනා..



ඒ කාලෙ මම හිතාගෙන හිටියා ජොබ් එකක් කරද්දි මාසෙකට එක කොටස ගානෙ පොත් ගන්නවා කියලා.. තවමත් නොකියවපු පොත් දෙකක් විතර තියෙනවා..
මම මේ අවුරුද්දෙ කෙටි කථා තරගෙකින් දිනුවා. ඒ අය අපි කැමති පොතක් තමයි තෑග්ග විදිහට දෙන්නෙ.. ඔන්න ඔය විදිහට තමයි මිදි ඔය අසබඩ (තුන් වෙනි පොත) මම ඉල්ලුවෙ.
වැස්ස තුරල් වෙලා.. ම්ම්.. ලෝරගෙ අතීතයට ආයෙත් තුරුල් වෙන්න මම නවත්තපු තැන ඉදලා කියවන්න පටන් ගත්තා..
"අනේ චාර්ල්ස්, ඔයා බූට් සපත්තු දෙකක් ගන්නම ඕනෙ, අම්මා කීවාය.. මං ලබන සෙනසුරාදා නගරෙට ගියාම අලුත් බූට් දෙකක් ගන්නං.කුට්ටමක් ඩොලර් තුනක් විතර වේවි. ඒත් මං තිරිඟු අස්වැන්න ගන්නකං අපි කොහොම හරි පිරිමහ ගමු." ....