Showing posts with label කුරුටු ගෑ කවි. Show all posts
Showing posts with label කුරුටු ගෑ කවි. Show all posts

Tuesday, January 23, 2018

(7) පොඩි දූ....,

දෝණියේ නුඹ දෙදෙන එකවර
මගේ කුස තුළ පැමිණ උන්නා
දකින්නට පෙර පැටව් දෑසින්
අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..

පෙර දිනෙක කෑ බත් පතක රස
මතක දින දින දුරස් වූවා
ටිකෙන් ටික සනුහරේ නෑයොත්
නොදැන ගානට අහක බැලුවා..

කුස ගින්න කෑ මොර නගද්දී
නැගුනු කිරි බිඳ නුඹට පෙව්වා
දෝණියේ නුඹ දෙදෙන තුරුළුව
රෑ ගණන් මම කඳුළු හැලුවා..

කිරිම කිරි සුදු පාට රථයක්
දෝණි ඉල්ලා දොරක් ඇරියා
හැලි වලං වල පිරුණ හිස්කම
නුඹව දෙන්නට කියා කිව්වා

ගෙවී දස වසරකට පසු දින
ඒ රථයෙ දොර නැවත ඇරුණා
පුංචි ලැවරිය කඩේ ලොකු දූ
කවුරු ආවද කියා බැලුවා..

සුරඟනාවිය ලෙසින් පොඩි දූ
ඇරුණු රථයෙන් බිමට බැස්සා
නෝට්ටුවකට කෑම පෙට්ටිය
මගේ ලැවරිය වලින් පිරුණා..

මුදි
2018-01-24

Thursday, September 28, 2017

(4) රෝස Vs දාස්

හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල...
රෝස මල ආඩම්බරයෙන්!
ගෙදර හැම දෙනාම හිමිදිරියෙම ඉදන්ම වරින් වර පැමින් ඇය දෙස බලමින් සතුටු වුනා..
පැත්තක පිපී තිබුන දාස් මල උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියා..

දාස් මල,,,
රාගයක් නූපදවන නුඹේ රුව
ද්වේෂයක් නූපදින නුඹේ සිත..
බුදු පුදට සුදුසුමැයි

උඬගු සිතැත්ති ඇය
පිපුනු ලෙසටම පරවී යාවි..
ඔවුන් සිබ බැලූ ඇගේ පෙත්තක් පවා
ඈ පරවුනු විට පාගා යාවි..

ඔබව නෙලා බුදුනට පූජා කර
ඔබ දෙස භක්තියෙන් බලා හිදීවි..
කිසිවෙකුට නොපෑගෙන ලෙස
ඔබට අවසන් ගෞරව දක්වාවි..

~මුදී~