Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 04 කොටස

04 කොටස.

"පිය රජු නුදුරු දිනකම මේ විවාහ යෝජනාව පිලිබඳව මා සමග කථා කරාවි.මගේ අනාගතය පිළිබදව අසාධාරණ ලෙස මා ඉදිරියේම තීන්දු කරනු බලා සිටීමට වඩා පැන ගොස් හසු වීම සැපක්. සචින්තනා..මා මගේ අනාගතය වෙනුවෙන් තීරණයක් ගැනීමට සුදුසුම අවස්තාව එලඹිලා..ඔබට මාත් සමග පැමිනීමට නොහැකි නම් ඔබ මෙහි සිටින්න..මා තරහ නැහැ.ඔබව හසු නොවන පරිදි මා මෙහින් පිට වෙන්නම්.."

කුමක් කිව යුතුදැයි සචින්තනාටද සිතා ගත නොහැකි වුනා.. එදින රත්‍රියේ ඇය කුමරියත් සමග බොහෝ වාද කලා.එහෙත් කුමරියගේ මුරන්ඩු සිත පරාජය භාර ගැනීමට සූදානම් වුනේ නැහැ.අවසානයේදී ඔවුන් තීරණය කලා මාලිගාවෙන් පිට වීමට..
අකමැත්තෙන් වුවත් තමන් බොහෝ සේඇළුම් කරන  කුමරියගෙන් වෙන් වීමට සිත් නොදෙන නිසා සචින්තනා තමන්ගේ කැමැත්ත පල කලා..
පසුවදා උදයේම තමන්ගේ සලුපිළි ඉවත් කල කුමරිය සචින්තනා පෙරදා රත්‍රියේ ගෙනවිත් දුන් මෙහෙකාරියකගේ ඇදුම් ආයිත්තම් වලින් සැරසි ගත්තා.ඔවුන් දෙදෙනා හමු වීමට නියමිතව තිබුනේ මලිගවේ මුළුතෙන් ගෙය පිටුපසදියි.පෙරදා රත්‍රියේ සචින්තනා ගෙනවිත් දුන්  ඇදුම් කිහිපය හැරෙන්නට රැගෙන යාමට ප්‍රභා රැගෙන තිබුනේ තම මිත්ත්ණියගෙන් කුඩා කලයේදී ත්‍යාගයක් ලෙස ලැබුනු මුදුවක් පමනයි.කුමරිය ඒ මුදුවට බොහෝ ආදරය කල නිසා එය දමා යාමට ඇගේ සිත ඉඩ දුන්නේ නැහැ.
සචින්තනා තම ඇදුම් සහ වට්ටි දෙකක් අතැතිව සිටියා.ඇය එම වට්ටි කුමරියගේ අතෙහි තැබුවා.මේ කුමකටද යන්න ප්‍රභා  අසන්නටත් පෙරම මුර සෙබලෙක් ඔවුන් ඉදිරියට පැමිනියා..

"මේ තරම් අළුයම සේවිකාවන් දෙදෙනෙක් කුමක් සදහා පිටතට යනවාද?"

සෙබලා විමතියෙන් ප්‍රශ්න කලා.කුමරිය බොහෝ තැති ගෙන සිටියා. වහා එය තේරුම් ගත් සචින්තනා කුමරියගේ අත තදින් අල්ල ගත්තා.

"අප මේ පලතුරු උයනටයි යන්නෙ.කුමරිය අවදිවන්නට පෙර පලතුරු ගෙනවිත් තබන්න කියලා..   ඇය ඊයේ සවස අපට පැවසුවා. ප්‍රභා අත තිබූ වට්ටි පෙන්වමින් ඇය එසේ පැවසූ නිසා සෙබලාට සැක කිරීමට යමක් තිබුනේ නැහැ.ඔවුන්ට යන්නට අවසර ලැබුනා.ප්‍රභා කුමරිය සැනසුම් සුසුම්  හෙළුවා.

"සච්න්තනා ඔබ නම්...."

කුමරියට දැනුනු සතුටට කියා ගත හැකි වූයේ එපමනයි..ඔවුන් දෙදෙනාම එකවිට සිනාසුනා..
මාලිගාවේ දොරටුවෙන් පිටතට පා තබන විටම කුමරියගේ හදවත වේගයෙන් සැලෙන්නට වුනා..මව් බිසවත් පිය රජුවත් පිරිවර සේනාවක් වත් නොමැතිව ඇය මාලිගාවෙන් පිටතට පය තබන්නේ ප්‍රථම වතාවටයි.එහෙත් නමන්ට හැඟෙන නිදහස වෙනුවෙන්..,ලෝකය ගැන සොයන්නට තිබූ උවමනාව වෙනුවෙන් ඒ අවධානම ගන්නට ඇය සූදානම්ව සිටියා..
ඒ සිතුවිලි..ඒ හැගීම් නිසාම නැවත හැරී මාලිගාව දෙස ඇය බැලුවේ නැහැ.නමුත් තමා කුඩා කාලයේ පටන් සේවය කල මාලිගාව හැර දමා යාම  ගැන සචින්තනා ගේ සිතෙහි නම් විශාල කණගාටුවක් තිබුනා.ඇගේ නෙත් අගට කඳුළක් ඉනුවේ ඒ නිසා විය හැකියි.ඇය නැවත නැවත්තත් හැරී මාලිගාව දෙස බැලුවා.
නමුත් තමා ඇළුම් කරන කුමරියත් ඇය සොයන්නට අවශ්‍යයැයි කියන  නිදහස් ජීවිතයත් වෙනුවෙන් තම පණ වුවත් කැප කරන්නට ඇය අදිටන් කරගෙන සිටියා.තමන්ගේ සිතට නැගුනු ශෝකී සිතුවිලි ඉවත් කරන්නට ඇය තම සිත සමග තරඟයක යෙදෙමින් ගමන් කලා.

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment