දෝණියේ නුඹ දෙදෙන එකවර
මගේ කුස තුළ පැමිණ උන්නා
දකින්නට පෙර පැටව් දෑසින්
අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..
පෙර දිනෙක කෑ බත් පතක රස
මතක දින දින දුරස් වූවා
ටිකෙන් ටික සනුහරේ නෑයොත්
නොදැන ගානට අහක බැලුවා..
කුස ගින්න කෑ මොර නගද්දී
නැගුනු කිරි බිඳ නුඹට පෙව්වා
දෝණියේ නුඹ දෙදෙන තුරුළුව
රෑ ගණන් මම කඳුළු හැලුවා..
කිරිම කිරි සුදු පාට රථයක්
දෝණි ඉල්ලා දොරක් ඇරියා
හැලි වලං වල පිරුණ හිස්කම
නුඹව දෙන්නට කියා කිව්වා
ගෙවී දස වසරකට පසු දින
ඒ රථයෙ දොර නැවත ඇරුණා
පුංචි ලැවරිය කඩේ ලොකු දූ
කවුරු ආවද කියා බැලුවා..
සුරඟනාවිය ලෙසින් පොඩි දූ
ඇරුණු රථයෙන් බිමට බැස්සා
නෝට්ටුවකට කෑම පෙට්ටිය
මගේ ලැවරිය වලින් පිරුණා..
මුදි
2018-01-24
"නෝට්ටුවකට කෑම පෙට්ටිය
ReplyDeleteමගේ ලැවරිය වලින් පිරුණා.."
mata eka therune naha
දෝණි ඇවිත් තියෙන්නෙ අම්මගෙ කඩෙන් ලැවරිය ගන්න. එයා දීපු නෝට්ටුවට එයාගෙ කෑම පෙට්ටිය අම්මගෙ ලැවරිය වලින් පිරුණා.. ඒත් එයා දන්නෙ නෑ ඒ එයාගෙ අම්මා කියලා.. අම්මගෙ කෑම කියලා...
Delete✍️💔❤.......
ReplyDelete