Saturday, July 30, 2022

අසාර්ථකවීම්, වැරදීම්..

අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්‍රශ්න ප්‍රත්‍රයකට උත්තර ලියලා වැරදෙන ප්‍රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.

ජීවිතේ ප්‍රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම අනිත් අයගෙ අවඥාවට ලක් වෙයි කියලා තැවුණා. 

ඔය අතරෙදි, ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ අපේ සර් කෙනෙක් කියපු කතාවක් මගේ හිතට බොහොම තදින් කාවැදුනා. ඒ ගැන මම දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒක මගේ ටියුට් එකක පිටිපස්සෙ ලිව්වා. අද මට ඒක අහම්බෙන් මතක් වුණා.

තෝමස් අල්වා එඩිසන් මහත්මයා බල්බය සොයා ගත්තෙ 10 000 වතාවක් අසාර්ථක වෙලා. ඉතින් පසුකාලිනව කෙනෙක් ඔහුගෙන් අවඥාවට ඇහුවලු ඔබට 10 000 පාරක්ම වැරදුනා නේද කියලා. ඉතින් තෝමස් මහත්මයා ඔහුට අපූරු පිළිතුරක් දුන්නා. මම 10 000 වතාවක් අසාර්ථක වුණේ නෑ. බල්බය නොසෑදිය යුතු ක්‍රම 10 000 ක් මම ඉගෙන ගත්තා. 

ප්‍රශ්න පත්‍රයක වෙන වැරදීම් වලින් දුක් නොවීමෙන් මම පටන් ගත්තා. ඒ වැරදීම් මතක තියාගෙන ඊළග වතාවෙ ඒක නිවැරදිව කලා. ජිවිතේ පවා අසාර්ථක වීම් ඇතුලෙ ඉගෙන ගන්න දේවල් දැක්කා.
අපිට තියෙන කෙටි ජීවිත කාලෙ, හැම දෙයක්ම අත්දැකීමෙන්ම ඉගෙන ගන්න කාලය මදි වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අපි යන මාර්ගයේ කලින් ගියපු අයගෙ අත්දැකීම් අපිට වැදගත්. ඒවා අපිට සාර්ථකත්වයට ලොකු රුකුලක් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් වැරදීම් වලට බය වෙන්න එපා. ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අත් අරින්නෙ නැතුව ඉස්සරහටම යමු.

~මුදී~
2022.07.30

5 comments:

  1. ඔබ නැවතත් ලියන්නට පටන් ගෙන!
    සඳකඩ පහන සින්ඩියේ අපට මෙතරම් සතුට ගෙන දෙන තවත් ආරංචිය නැති තරම්! පසුගිය වසර 3 කට අධික කාලයක් නොලියවුනු ඔබගේ පන්හිඳ නැවත ලිවීම ඇරඹීම බ්ලොග් පාඨකයන්ගේ මහත්වූ සතුටට හේතුවක් වේවි.
    දැණට අවකාශයේ පවතින වඩත්ම සක්‍රීය හා වඩාත් පුළුල් පරාසයක් පුරාවට විහිදී ගිය සින්ඩිය වන සඳකඩපහන සින්ඩිය යනු තවත් බ්ලොග් අඩවි 1200 කට අධික සංඛ්‍යාවකට පා නැගිය හැකි පියගැට පෙලක ආරම්භක ද්වාරයයි!
    මෙතෙක් කලක් "පුරාවස්තු වසර 1 - 3 නොලියවුනු" කොලමේ දක්වා තිබූ ඔබගේ බ්ලොග් අඩවිය මේ වනවිට "කැටපත් පවුර" කොලමට එක් කොට ඇති බව සතුටින් දන්වා සිටින්නෙමු!
    ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්ඩියට කිසියම් ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය ඉමහත් උදව්වක් ලෙස අප දකිමු!

    ReplyDelete