Thursday, January 22, 2026

ගුරු දිවියේ සොඳුරු මතක 02

මේ ලිපියෙන් මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවෙ දරුවො එක්ක මම ගිය ගමනක් ගැන. වීකෙන්ඩ් එකේ දවසක අපි කොහෙ හරි යමු මිස් කියලා යෝජනා කරෙත් ඒ ළමයිමයි. මේ ඔක්කොම සාකච්චා ඉන්ග්ලිශ් වලින්. ඒ කිසි ළමයෙක් සිංහලෙන් කතා කරන්න දන්නේ නෑ. කොහෙද කියලා ඇහුවම එයාලම හිතලා කල්වාරියට යමු මිස් කිව්වා. මම එහෙම නමක් ඇහුවෙ ෆස්ට් ටයිම්. කියපු ලොකේෂන් එක සර්ච් කරලා බලලා තමයි මාත් ඒකෙ අයිඩියා එක ගත්තෙ. ඒ ක්‍රිස්ත්‍රියානි අයගෙ පූජනීය ස්තානයක්.
 
එතන ක්‍රිස්තියානි හිටියෙ එක ළමයයි. අනිත් අය හින්දු. මම බෞද්ධ. 

ඉතින් අපි කතා කර ගත්ත දිනේට වෙලාවට එතන හන්දියට මම ගියා. මිස් කෑම ගේන්න එපා කියලා කලින්ම කිව්වට මට එයාලගෙ ප්ලෑන් එකක් කියලා තිබුනෙ නෑ. මමයි තව දරුවො දෙන්නෙකුයි එතනදි හම්බවුනා. අපිට ගෙනියන්න තව දුවලා දෙන්නෙක් ස්කුටි වලින් ආවා. තරමක් දුෂ්කර මාර්ගයක අපි කල්වාරියට ආවා. ඒ අතරමගදි එක දරුවකුගෙ ගෙදරින් අපිට තේ වලිනුත් සංග්‍රහ කරා. කල්වාරියේ පොඩි කැලයක් වගේ ඇතුලට යන්න යන්න මේ පිළිම දකින්න පුලුවන් උනා. ඒවා බලලා ආපහු ඇවිත් දරුවො ටික එලියෙ ලිපක උයන්න ගත්තා. උයන්න ඕන කරන දේවල් වතුර බෝතල් පවා ඒ ගොල්ලො උස්සන් ඇවිත් තිබුනා.
අපි නිවිහැනහිල්ලේ කතා කරන වෙලාවක එක දරුවෙක් ඇහුව මගෙන් මිස් බය හිතුනෙ නැද්ද අපි එක්ක එන්න. ඒ ප්‍රශ්නෙ මාව තිගැස්සුවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. සිංහල මනුස්සයා දෙමළ මනුස්සයව විස්වාස කරන්නෑ වගේ දෙයක් ඒ ළමයින්ගෙ ඔලුවෙ තිබිලා තියෙනවද කියන එක. සහ එයාලා අපිව විස්වාස නොකරනවා කියන එක?  

අපි ඔක්කොම එකතු වෙලා ලොකු කෙසෙල් කොලේක බත් කෑවා..
පොඩ්ඩක් විවේක අරන් ආයෙ එන්න පිටත් උනා.
මාව බස් එකටත් ඇරලලා තමයි ඒ දරුවො ටික ගියේ. ඒක ඇත්තටම මට සුවිශේෂ ගමනක් උනා. 

No comments:

Post a Comment