Monday, January 23, 2017

පිටසක්වල තරුණිය "නීන්" 07 කොටස…   

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

නමුත් ඇගේ යානය සොයා ගැනීමට උදව් කිරීමටත්, ඇයව හැකි ඉක්මනින් පෘතුවියෙන් පිටත් කිරීමටත් දිනුක අධිෂ්ඨාන කර ගත්තා.

"නීන් මේ අහන්න.. අපි කොහොම හරි ඔයාගෙ යානය හොයා ගනිමු. ඒකට අපිට ඒ වලල්ල හොයා ගන්නම වෙනවා.. ඔයා මෙතනම ඉන්න.. මේ කෑන් එකේ වතුර තියෙනවා ඕන වුනහම බොන්න..  ඔයා කියපු විදිහට ඒ ටෙන්ට් එක තියෙන්න ඕනෙ ගඟ ලග තැනක. මම ගිහිල්ලා වළල්ල හොයාගෙන එන්නම්.

දිනුක ගඟ දෙසට ඇවිද ගියා.. ඒ අවට පරීක්ෂා කරමින් මද වෙලාවක් ගත වන විට නීන් පැවසූ කූඩාරම් දෙක ඔහුට හමු වුනා. එතැන මිනිසුන් දෙදෙනෙක් සිටියා..

'මේ දෙන්නා ගැන වෙන්න ඕනෙ නීන් කිව්වෙ.  එහෙනම් අලියගෙන් අනතුරක් නොවී බේරිලා.. '
දිනුක තනිවම සිතුවා.

ඔවුන් කූඩාරම් තුල වූ ඔවුන්ගේ බඩු එකතු කරමින් සිටියා.
මහාචාර්යවරුන් දෙදෙනා දිනුකව දැකීමෙන් එක්වරම තිගැස්සුනා..

"ඔයා කව්ද..? " ප්‍රොෆෙසර් රණ්දෙනිය ඇහුවා..

"මම දිනුක.. දිනුක පෙරේරා. රන්බිම පත්තරේ වැඩ කරන්නෙ.. "

ප්‍රොෆෙසර් සමරජීව ඔහු ගැන අසා තිබුනා..

"ආ.. මට මතකයි. දිනුක, සක්වල අතිරේකයේ ලියන ලිපි මම අනිවාර්යෙන් කියවනවා. බොහොම අපූරුයි. "
සමරජීව කිව්වා..

"ඔය දෙන්නා කව්ද.. " දිනුක ඔවුන්ගෙන් ප්‍රශ්න කලා..

"මේ ප්‍රොෆෙසර් රණ්දෙනිය.. මම ප්‍රොෆෙසර් සමරජීව.. "

"ආ.. පිටසක්වල යානය ගැන පරීක්ෂන වලට වෙන්න ඇති.. මොනවා හරි තොරතුරක් හම්බ උනාද ප්‍රොෆෙසර්..? "
දිනුක විමසුවා..

"න්..නැහැ.. "
සිතේ මතුව ආ චකිතය සඟවා ගනිමින් සමරජීව කිව්වා.

මහාචාර්යවරුන් දෙදෙනාගේ අරමුණ වුනේ කෙසේ හෝ පියසක්වල ජීවියාව නැවත අල්ලා ගැනීමටයි.. එතෙක් තමන් දෙදෙනා කුමක් පැවසුවත් කිසිවෙකුත් විශ්වාස නොකරන බව ඔවුන් කල්පනා කලා..

"ඒක නෙමේ.. දිනුක තනියම මෙහෙ..? "
ප්‍රොෆෙසර් රන්දෙණිය ඇහුවා..

"මම ආවෙ spaceX කණ්ඩායම එක්ක.. පිටසක්වල යානයක් ගැන කිසිම හෝඩුවාවක් නොලැබුන නිසා අපේ කණ්ඩායම ආපහු ගියා.. ඒත් මම ටිකක් නැවතුනා.. මම රක්ෂිතය ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා.. "
දිනුක ඔවුන්ට සැකයක් ඇති නොවන ලෙස පිළිතුරු දුන්නා..

"ඔහ් එහෙමද.. අපි මේ ආපහු යන්නයි හදන්නෙ.."
ප්‍රොෆෙසර් සමරජීවත් කිව්වා...

"මේ වළල්ල වැටෙන්න ඇත්තෙ කොහෙද.. ඒක කොහොම එකක්ද දන්නෙත් නැහැ..."
මහාචාර්යවරුන් සමග කථා කරමින්ම දිනුක හිතුවා..

මහාචාර්යවරුන් දිනුකගෙන් සමුගෙන එතනින් පිටත් වුනා.. ඉන්පසු ඔහු කූඩාරම් තිබූ තැන පිරික්සන්නට වුනා..
පොඩිවී ගිය බිස්කට් කිහිපයක් යට දිලිසෙන යමක් දිනුකගෙ නෙත ගැටුනා...

"ආ මේ තියෙන්නෙ.. වෙලාවට ප්‍රොෆෙසර්ලා දෙන්නට අහු නොවී තිබුනෙ.. වලලක් නෙමේ ඒක මුද්දක්!! "
දිලිසෙන රතු කැටයක් ඔබ්බවා තිබූ පරිපථය වැනි යමක් සහිත මුදුව අවසානයේදී දිනුක සොයා ගත්තා..

"මේක මැණිකක්ද.. ඔව් නීන් කිව්වෙ යානය කියාත්මක වෙන්නත් පාෂානයක් ඕනෙ කියලා.. එහෙනම් මේ වගේ වටින පාෂාන තියෙන ලෝකයක් වෙන්න ඇති ඒක.. මේ මුද්ද කොහොමද වැඩ කරන්නෙ.. නීන් දන්නෙත් නැහැ කිව්වානෙ. "

"කමක් නැහැ. නීන් ඉන්න තැනට ගිහිල්ලා බලමු.. එයාට මොකක්ම හරි අදහසක් ඇතිනෙ.. දිනුක එය තම ඇගිල්ලෙ දමා ගත්තා..  මද්දහන වූ නිසා සැර අව්වක් වැටී තිබුනා.. දිනුක නොදැනුවත්වම ඔහුගේ ඇගිල්ලෙහි වූ මුදුවේ  පාෂාණය හිරු එලිය වැටීමෙන් ආරෝපණය වෙමින් තිබුනා..

නීන් සිටි ගුහාවට යාමට පෙර දිනුක නැවතත් ගඟ ලගට ගියේ පිපාසය නිසයි..

ටීක්..ටීක්..

දිනුක විමතියට පත් කරමින් ඔහු පැළඳ සිටි මුදුවෙන් ශබ්දයක් නැගුනා.. ටයිම් බෝම්බයක මෙන් එහි නැගෙන ශබ්දයෙන් දිනුක මදක් තැති ගත්තා..
"මොකද්ද මේ සද්දෙ තේරුම.. "
ඔහුට කිසිවක් සිතා ගන්න නොහැකි වුනා..

දිනුක ඟග ඉවුර දිගේ ඉදිරියට ගියා.. මුදුවෙන් නැගෙන ශබ්දය වඩාත් තදින් ඇසෙන්නට වුනා..
"මම මේ කොහෙද යන්නෙ.."
මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් සිටි දිනුක ආපසු හැරී ගුහාව තිබූ දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.. ඒ සමගම මුදුවේ හඩ ටිකින් ටික වියැකී අවසානයේදී නෑසී ගියා..

                           ***
"නීන් නැගිටින්න.."

දිනුක ආපසු පැමිනෙන විට ඇය ගුහාව තුල බිම සිහිසුන්ව වැටී සිටියා.. දිනුකගේ කෑ ගැසීමෙන් ඇය සෙමින් ඇස් ඇර බැලුවා.. පෘතුවියට පැමිනි දිනයේ සිට ආහාරයක් ලෙස යමක් නොලැබුනු නිසා නීන් ගේ ශරීර ශක්තිය හීන වී තිබුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

2 comments: