පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින්, සියුම් ආලෝකයක් අවට පැතිර යමින් තිබෙනු දකින්නට ලැබුනා..
"සේටෝ.."
දිනුක, නීන්ගේ භාෂාවෙන්, හිරු පායන බව ඇයට කිව්වා.. එය ඇසුනු අසල සිටි කුරුමිට්ටන් දෙදෙනා දිනුක කී දේ ගැන යමක් කථා වුනා..
°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...
ඔවුන් රැගත් අටපට්ටම් හැඩති යානය වේගයෙන් ගමන් කලා..
"කොහෙටද මේ අපිව එක්කගෙන යන්නෙ.."
දිනුක කිව්වා..
"මට යානයේ දිශාව හදන්න අමතක වුනා.. කේල් එන්න කලින් පැන ගන්නයි ඕනෙ වුනේ.. මම මෙහෙ ඉඳලා ඔයාගෙ ලෝකෙට එනකොට තිබුන දිශාව විරුද්ධ පැත්තට හරවලයි ආපහු මගේ ලෝකෙට එන්න පුළුවන් වුනේ.. මම හිතන්නෙ කේල් හරි එයාගෙ කට්ටිය හරි අතින් මේක වෙනස් වෙලා තියෙන්න ඇති..".
නීන් පසුතැවුනා..
"දැන් අපි මෙතනින් බේරෙන්න විදිහක් බලමු නීන්.. තව දවසක්වත් ඉන්න බැරි වෙයි මට මේ තරම් බඩගින්නෙ."
"කේල්ගෙ අය ඔයාට යුෂ ගෙනත් තියෙනවා මම දැක්කා.. ඔයා ඒවා බිව්වෙ නැත්ද.. "
"නැහැ නීන්. මගේ ලෝකෙ දේවල් කාලා ඔයාට වුන දේම තමයි මටත් ඒවා බීලා වුනේ. ඇත්තටම අප්පිරියයි මට ඒවා. "
මොහොතකින් ඔවුන්ව ගෙන යමින් සිටි වාහනය නැවතුන බවක් දැනුනා.. අත් පා ගැට ගැසූ නීන් හා දිනුකව ඔවුන් විසින් ඔසවා ගත් අතර, ගස් වලින්ම වට වූ විශාල උද්‍යානයක් වෙතට ඔවුන්ව ගෙන යනු ලැබුවා.
එහි අසුනක් මත ඉඳගෙන සිටියේ කුරුමිට්ටන්ගේ නායකයා විය යුතුය..
"නීන්.."
ඔහුව දුටු විටම දිනුක විශ්මයෙන් නීන් දෙස බැලුවා.. නීන් ද විශ්මයෙන් කුරුමිට්ටන්ගේ නායකයා දෙස බලා සිටියා..
"බලන්න නීන්.. එයා ඔයා වගේමයි.. ඔයාලගෙ ලෝකෙ ජීවියෙක් වගේමයි එයා.. "
නීන් හා දිනුක සේම කුරුමිට්ටන්ගේ නායකයාද විශ්මයෙන් ඔවුන් දෙසට ඇවිද ආවා..
ඔහු කුරුමිට්ටන්ට යමක් අණ කලා.. ඇසිපිය ගසන ක්ෂණයෙන් කුරුමිට්ටන්, නීන් හා දිනුක ව ලිහා දැමුවා..
'මේ නීන්ගෙ තාත්තා වත්ද..'
දිනුකට සිතුනා..
'මේ මගේ තාත්තද.. '
නීන්ටත් සිතුනා.
"තාත්තා මේ ඔයාද..? "
"තාත්තා? නීන්... මේ මගේ පුංචි කෙල්ල නීන්ද..? ඔයා දැන් කොච්චර ලොකුද.. "
"තාත්තා ඔයා ඇයි ආපහු ආවෙ නැත්තෙ.. මේ අපි ඉන්නෙ පෙම්ලො කුට්ටියේද එතකොට.. අම්මා, මම ජොම් අපි හැමෝම බලාගෙන හිටියා ඔයා ආපහු එනකන් තාත්තා.. "
ඔවුන් වැළඳගෙන හඩන්නට වුනා..
"නීන් ඔයා ආවෙ කොහොමද..?"
ඒ වන විටත් කුරුමිට්ටන් විසින් නීන් හා දිනුක පැමිනි යානය එතැනට ගෙනවිත් තිබුනා.
"අරක.. ඒක මගෙ යානය වගේමයි.. නීන් කොහෙන්ද ඒක ඔයාට.. "
"දන්නවද තාත්තා... ඒක හැදුවෙ අපේ ජොම්. "
"ජොම්.. මගෙ පුතා.. මගෙ පුතා මොනතරම් දක්ෂයෙක්ද.. ඇයි ජොම් ආවෙ නැත්තෙ.. කෝ එයා..? "
දිනුකට තම කුස ගින්න ඉවසා ගත නොහැකි තත්වයකට පත්ව සිටියා.
"මට කන්න මොනවා හරි හොයා ගන්න පුළුවන් වෙයිද මේ ලෝකෙන් වත්.. "
නීන්ගේ තාත්තාට දිනුක පිළිබඳ අවධානය යොමු වුනේ එවිටයි..
"නීන්.. මේ කව්ද..? මෙයා අපෙ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ.."
"තාත්තා.. ඒක දිග කථාවක්! මේ දිනුක. එයා අපේ ලෝකෙ කෙනෙක් නෙමයි. එයාලා අපි වගේ යුෂ බොන්නෙ නෑ. එයාලා කරන්නෙ කනවා කියලා දෙයක්. "
නීන් තාත්තාට පැහැදිළි කලා..
"ආ.. මගේ ජනපදයෙ ජීවීනුත් ගස් වල හැදෙන ගෙඩි කනවා.. සමහර විට මෙයාටත් ඒවා ගැලපේවි.. "
ඉන්පසු නීන්ගේ තාත්තා කුරුමිට්ටන් කිහිප දෙනෙකුට යමක් අණ කලා..
"තාත්තා එයාලා ඔයාට ගරු කරනවා? ? "
"හ්ම්. ඉස්සෙල්ලම අපි මොනවා හරි ආහාරයට අරගෙන ඉමු. මටත් තියෙනවා දිග කථාවක්.. "
නීන්ගේ තාත්තා කුරුමිට්ටන් ගෙන ආ ගෙඩි වර්ග කිහිපයක් දිනුකට දුන්නා. දිනුක ඉන් එක ගෙඩියක් ගෙන එහි කෑල්ලක් කා බැලුවේ පෙර අවස්ථාවේදී නීන්ගේ ලෝකයේ දී, යුෂ පානය කිරීමෙදී මෙන් කටට ගත් සැනින් එලියට දමන්නට සිදු වේදැයි සිතමින්.. එහෙත් එහි රසය ඉතා මිහිරි වුනා..
දිනුක ඒ සියල්ල ගිල දමනු නීන් සිනා සෙමින් බලා සිටියා.
"එතකොට තාත්තා අපිට යුෂ ගන්න ඝූල් ගස් මෙහෙ තියෙනවද..?"
"නැහැ නීන්. මෙහෙ ඒවා නැහැ. ඒත් ඊට වඩා අපූරු රසක් තියෙන යුෂ ගන්න පුළුවන් ගස් මෙහෙ ඕන තරම් තියෙනවා.. "
නීන්ගේ තාත්තා ඉන්පසු ශාක යුෂ කුරුමිට්ටන් ලවා ගෙන්වාගෙන නීන්ට පානය කරන්නට දුන්නා.
"තාත්තා.. ඒවා ඝූල් ගස් වල යුෂ වලට වඩා ගොඩක් රසයි තමයි... "
ඉන්පසු නීන්ගේ තාත්තා මෙහෙම කිව්වා..
"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර තියෙන්නෙ අපේ ලෝකෙ.. "
අපට සද පෙනෙනවාක් මෙන් පෙනෙන ග්‍රහලෝකය පෙන්වමින් නීන්ගේ තාත්තා කිව්වා..
'එහෙනම් මේක නීන්ගෙ ලෝකයට පේන චන්ද්‍රයෙක් කියලා මම හිතපු දේ වැරදියි.. '
දිනුක තනිවම කල්පනා කලා.
නීන්ගේ ලෝකයට පෙම්ලෝ කුට්ටිය පෙනුනේ කොල පැහැතිවයි..
නමුත් මෙහි සිට නීන්ගේ ලෝකය සුදු පැහැයෙන් දිස් වුනා..
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴
මීලඟ කොටසින් හමුවෙමු..
මෙතෙක් කොටස් -->
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
මුතූගේ පන්හිඳෙන් නිමවුනු කථා සිත්තම් රසවිදින්නට... මුතූ ගේ පන්හිඳට ගොඩ වදින්නට.. ඔබට ඇරයුම්....
Wednesday, January 25, 2017
පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස..
Subscribe to:
Post Comments (Atom)
addicted.
ReplyDelete