Sunday, January 22, 2017

පිටසක්වල තරුණිය "නීන්"  06 කොටස…      

පසුගිය කොටසින්..
°°°°°°°°°°°°°°°°°°°°
"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් තියෙනවා.. ඒ යානෙ අපේ ලෝකෙට වැටිලා.. 

ඒ වෙනකොටත් ඒක ඇතුලෙ අමුතු ජීවින් දෙන්නෙක් මැරිලා ඉදලා තියෙනවා.. මුලදි අපේ ලෝකෙ කවුරුත් ඒක ළගටවත් යන්න බය වෙලා.. ඒත් තාත්තා ඒ හැමදේම පරීක්ෂා කරලා තිබුනා.. තාත්තට ඒ අදහස ඇවිත් තියෙන්නෙ ඊට පස්සෙයි.. "

°°°°°°°°°°°°°°°°°°°°
එතැන් සිට...

කොහොම හරි මගේ තාත්තත් ඒ වගේ යානයක් හැදුවා.. අන්තිමේ ඔහු පෙම්ලෝ කුට්ටියට ගියා.. ඒත් ආපහු ආවෙ නැහැ.. :'( "
නීන් බොහෝ දුකෙන් කිව්වා..

කල් ගත වෙද්දි මගේ අයියා ජොම්ගෙ හීනයක් වුනේ තාත්තා  වගේ යානයක් හදන්න.. එයාට ඕනෙ උනේ පෙම්ලො කුට්ටියට ගිහින් තාත්තව හොයා ගන්න...
ඒත් මේකට අම්මගෙන් කොහෙත්ම ඉඩක් ලැබුනෙ නෑ.. ජොම් ඒ ගැන කියනවට වත් අම්මා කැමති වුනේ නෑ..
ජොම් තාත්තගෙ යානය ගැන තිබුන සටහන් හොයාගෙන අම්මට හොරෙන් තැනිතලාව කිට්ටුව ගබඩාවක යානය හදන්න පටන් ගත්තා. මමයි අයියයි විතරයි මේ ගැන දැනගෙන හිටියෙ. ජොම් ට උදව් කරන්න මට ඕන වුනත් මට කිසිම දැනුමක් තිබුනෙ නෑ ඒ ගැන. ඒ නිසා මම ඒ ළඟට වෙලා බලන් හිටියා..

ජොම්ගෙ යානයේ වැදගත්ම කොටස පෂානයක්. ග්‍රොස් පෂානය. ඒකට සේටොගෙ එලිය වැටෙන්න තියලා ආරෝපණය කරන්න ඕනෙ. අපට ලැබුනු සේටොගෙ එලියෙන් අපි ඒක  ආරෝපණය කලා..
මේ ලෝකෙ තරම් ආලෝකයක් මම මීට කලින් දැකලා නෑ.. මෙහෙ ඇත්තෙන්ම බය හිතෙනවා.. මෙහෙ අදුරු වෙලාවට මම බය නැහැ.. "

දිනුක විශ්මයෙන් නීන් පැවසූ සියල්ල අසා සිටියා.. අප පෘතුවියේ සවස් කාලය මෙන් ආලෝකයක් ඇගේ ලෝකයේ දිවා කාලයේදී විය..  ඒ නිසා ඇය සෑම විටම ආලෝකය වැඩි තැනට බියක් දැක්වූ අතර අදුර තුලම ගැවසෙන්නට උත්සහ කලා.

"නීන්, ඔයා යානය ගැන දන්නෙත් නැත්නම් මෙහෙ ආවෙ කොහොමද.. ? "
දිනුක ඇගෙන් ප්‍රශ්න කලා..

දවසක් ජොම්ට හොදටම අසනීප වුනා.. එදා එයාට තැනිතලාව ළඟ ගබඩාවට යන්න විදිහක් තිබුනෙ නෑ ඒ නිසා. ඔහු මාව යැව්වා ඒකෙ තියෙන ග්‍රොස් පාෂානෙ ගෙදර ගේන්න කියලා.
ඒ වෙනකොට ජොම්, යානය හුගක් දුරට හදලා ඉවර වෙලයි තිබුනෙ. තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියලයි මට කිව්වෙ.

මම එදා ගබඩාවට ගිහින් ගොඩක් වෙලා යානය ඇතුලෙ හිටියා. ජොම් යානයට පාෂානය ඇතුල් කරන තැනත් මම බලන් ඉඳලා තියෙනවා. ඉතින් මමත් ඒක කරලා බැලුවා.. ඒක තියෙද්දිම මම එක එක ඒවා කලා.. මට පිළිවෙලක් මතක නැහැ.. යට තිබුන දන්ඩ පෑගුනා.. ඒක පහලට යනකොටම මට මතක යානය හෙලවෙනවා විතරයි..

හෙලවෙන එක නැවතුන ගමන් මම එලියට පැන ගත්තා.. මම මේ  ඉන්නෙ පෙම්ලො කුට්ටියෙද.. ?  අර පේන්නෙ මම ඉන්න කුට්ටිය නේද.. "

එදින හොඳින් සද පායා තිබූ දිනයක් වූ බැවින් නීන් සද පෙන්වා ඇහුවා..

"මෙහෙ ආපු මගෙ තාත්තව හොයා ගන්න මට ඕනෙ.. ඒත් මෙහෙ බොහොම අනතුරුදායකයි.. ජොම් නැතුව මට තනියම ඒ දේ කරන්න බැහැ.. මාව අල්ල ගත්තා වගේ තාත්තවත් අල්ලගන්න ඇති කියලා මට හිතෙනවා.. මට ආපහු යන්න ඕනෙ.. මට යානය හොයා ගන්න ඕනෙ දිනුක.. "

සියල්ල හොදින් අසා සිටි දිනුක මෙහෙම කිව්වා..

"නැහැ නීන්. ඔයා ඔය කියන පෙම්ලො කුට්ටිය මේ අපේ ලෝකෙ වෙන්න බෑ.. මම එහෙම කියන්න හේතු කීපයක් නිසයි. අර පේන්නෙ හද. අපේ ලෝකෙන් මිනිස්සු එහෙ ගිහින් තියෙනවා.. ඒත් ඒකෙ මේ තරම් දියුනු ජීවීන් ඉන්නවා කියලා සාධක නැහැ. අනික ඔබ ගස් ගැන කියනවා.. ඒ ලෝකෙ ගස් ගැන සාධකත් නැහැ.. අනෙක ඔයාට මෙහෙ හොදට හුස්ම ගන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඔයාගෙ ලෝකයේ වායුගෝලයත් මීට සමාන ඇති.. ඒත් අපේ චන්ද්‍රයගෙ එහෙම වායුගෝලයක් නැහැ..

ඔබ ඉන්නෙ වෙනම සෞරග්‍රහ මන්ඩලයක තියෙන ග්‍රහලෝකෙක කියලයි මගේ අදහස.. ඒත් ඒක කොයි තරම් දුරකද කියලා මට හිතා ගන්න බෑ.. ඔබේ ලෝකෙට මේ වගේ පෙනෙන්නෙ ඔබේ ලෝකෙට ආසන්නව ඇති චන්ද්‍රයා කියලයි මට හිතෙන්නෙ.

එතකොට ඔයාගෙ තාත්තා තමයි ඔයාගෙ ලෝකයෙන් සද මත පා තැබූ ප්‍රථම ජීවියා.. "
දිනුක ප්‍රීතිමත් ලෙස පැවසුවා..

එහෙත් නීන්ගේ සිත අසලකවත් ප්‍රීතියක් තිබුනේ නැහැ.. ඇය සිතා සිටියේ ඇයට පෙනෙන්නේ ඇගේ ලෝකය බව. එහෙත් එය නොවන බවට දිනුක හේතු දැක්වීමෙන් පසු නීන් බියට පත්ව සිටියා.. ඇයට ආපසු තම ලෝකයට යා ගත නොහැකි වේයැයි බියක් ඇගේ මුලු සිතම වසාගෙන පැවතුනා..

නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇයට ආපසු ඇගේ ලෝකයට  ආපසු යෑමට හැකි වෙතැයි දිනුකටද දැඩි විස්වාශයක් තිබුනේ නැහැ..
නමුත් නීන් පෘතුවියේ සිටීම ඇයට නුදුරේම අනතුරක් විය හැකි බව දිනුකට හොදින්ම වැටහී තිබුනා..

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

මීලඟ කොටසින් හමුවෙමු..

No comments:

Post a Comment