Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 01 කොටස

01 කොටස.

"සචින්තනා.. කොහෙද ඔබ.. කොතැනක ගියාද මැය..?"

අපූරු දෙබැම යුගල ඇගේ කටහඩේ තාලයටම උස් පහත් වුණා.ඇගේ සිතින් නැගුනු ප්‍රශ්නාර්තය අපූරුවට මුහුනෙන් පිළිබිඹු වුණා. ඇගේ දෙතොල් සැලෙමින් තිබුනේ සියුම් කෝපයක් නිසාද..ඇයට දැනුනු දුක නිසාද..  රත් පැහැ පා යුගලින් ඇය වේගයෙන් සඳලු තලයේ එහෙ මෙහෙ සක්මන් කරමින් සිටියා.. කවුරුන්ද මේ සුන්දර තරුණිය.. ඔව්. ඇය එවකට දෘඩාංග රාජ්‍යය පාලනය කල පන්ඩුක රජුගේ දෙටු දියනිය ප්‍රභා ..

"කුමකටද දරුවා ඔබ මේ තරම් කෑ ගසන්නේ..
සන්තූප කුමරු ඇතුලු පිරිස සමග මම සචින්තනා දාසියව බටහිර උයනට පිටත් කර හැරියා.. සන්තූපගේ දුණු ශිල්ප දැක්වීමේ මංගල්‍යය ළගදිම පැවැත්වෙනවනෙ..
අද දවසම ඔහු උයනෙ පුහුනුවීම් කරනවා.."

"අනේ මෑණියනි,
 සචින්තනා හැරෙන්නට වෙනත් මෙහෙකාරියක් සිටියේම නැතිද ඔබට ඔවුන් සමග උයනට පිටත් කර හැරීමට..?
මා අද දිය නෑම සඳහා පොකුනට යන්නේ කා සමඟද..
ඔබ නිතරම සිතන්නේ මළණුවන් ගැන පමනනෙ..සන්‍තූප පමනද ඔබේ දරුවා.."

කුමරියගේ දුක්මුසු මුහුන දෙස නොබලාම සමුද්‍රකාන්ති බිසව කෝපයෙන් කථා කලා..

"හහ්.ඔබටත් හැම දෙයකටම සිටින්නෙ සචින්තනා දාසිය පමනද..
මෙහෙකාරියන්ව අනවශ්‍ය ලෙස ලංකර නොගන්නා ලෙස ම ඔබට කෙතරම් අවවාද කර තිබෙනවද..? ඔබෙයි ඇගෙයි කුලුපගකම දැන් ඕනවටත් වැඩියි..
කමක් නැහැ තව කීප දිනයිනෙ.."

කුමරියගේ මුහුන අදුරු වලවකින් වැසී ගියා..ඇය විමතියට පත් වෙලා..

"මෑණියනි,ඇයි ඔබ තව කීප දිනක් යැයි පැවසුවෙ..? ඔබ කුමක්ද අදහස් කරන්නෙ..?"

******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment