Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 07 කොටස

07 කොටස

හෝරා කිහිපයකට පසුව කුමරියට නැවත සිහිය ලැබුනා..ඇය පෙරලී ගොස් තිබුනෙ කටු පඳුරක් වෙතටයි.කටු වලට සීරී ඇගේ අත් පා වලින් ලේ ගලමින් තිබුනා.නමුත් ඇයට එක් වරම සචින්තනාව සිහි වී නැගිට ගත්තා මිසක තම අත් පා වල වේදනාව දැනුනේ නැහැ..
දිවියා පෙනෙන්නට සිටියේ නැහැ.ඇය සචින්තනා අසලට ගොස් කථා කලා..
මොහොතකින්..... ප්‍රභාගේ හඩ මුළු කැලෑව දෙවනත් කලා.. ඇය සචින්තනා අසලට යන විටත් දිවියාගේ දරුනු ප්‍රහාර නිසා සචින්තනා මිය ගොසිනුයි සිටියෙ.. ප්‍රභා කෑ ගසමින් හැඩුවා.
කුඩා කල පටන් තමන්ට සහෝදරියක්, මිතුරියක් මෙන් සිටි සචින්තනාට මේ ඉරණම අත් වූයේ තමා නිසා නොවේදැයි කුමරිය තමාටම දොස් නගා ගනිමින් හැඩුවා.තමන්ගේ තීරණය පිළිබඳ ප්‍රභා කුමරිය ප්‍රථම වතාවට පසුතැවුනා..
දිවියාගේ පහුරු ගෑම් නිසා සචින්තනාගේ මුහුන හඳුනා ගත නොහැකි වන ලෙසම තුවාල වී තිබුනා..හෝරා කිහිපයක්ම මෙසේ හඩමින් සහ වරින් වර සිහිසුන් වෙමින් ප්‍රභා කුමරිය සචින්තනා ගේ  දේහය අසලම සිටියා..
සවස් වන විට කැළයේ ඈතින් යම් ශබ්ද ඇසෙන්නට වුණා.ඒ සෙබලුන්ගේ හඩවල් බව තේරුම් ගන්නට ප්‍රභාට අපහසු වුනේ නැහැ.
කුමන දේ සිදු වුවත්, ආපසු මාලිගාවට ගොස් පිය රජුගෙන් දරුණු දඩුවම් ලබන්නටත්, මාලිගාව තුල තවත් සිර වීමටත් ඇයට අවශ්‍ය වුනේ නැහැ.සෙබළුන්ට හසු වන්නට එතැනම සිටියොත් සිදු වන්නේ එයම බව වැටහුනු ප්‍රභා  ඉක්මනින් එතැනින් නැගිට දුව ගොස් පෙර සිටි කටු පදුර පිටුපසට වන්නට සැඟවුනා. එතැන සිට ඇයට සචින්තනා ගේ සිරුර හොදින් පෙනුනා.ඊළග නිමේශයේම සචින්තනා ගේ සිරුර අසලට සෙබළු පැමිනියා.කුමරියගේ හදවත වේගයෙන් සැලෙන්නට වුනා.නමුත් සෙබළුන්ට කෙසේවත් ඇය සැඟවී සිටින ස්ථානය පෙනෙන්නෙ නැහැ.සෙබලුන් එතැන තිබූ සචින්තනා ගේ සහ කුමරියගේ බඩු බාහිරාදිය පරීක්ෂා කලා.ඔවුන් සචින්තනාගේ සිරුර රැගෙන යන්නට සූදානම් වෙමින් සිටියා.
ප්‍රභාගේ වාසනාවකටම අවට පරීක්ෂා කල සෙබලුන් ට ඇයව පෙනුනේ නැහැ.දේහය ඔසවන විටම එතැන සිටි ප්‍රධාන සෙබල නායකයාට යමක් නෙත ගැටුනා.. ඒ ප්‍රභා අතින් ගිලිහී වැටුනු ඇගේ මුදුවයි.එය දුටු විටයි ප්‍රභාට සිහි වුනේ තම මුදුව අතෙහි නැති බව..
ඔවුන් පිටව ගොස් හෝරාවක් පමන ගත වූවාට පසු කුමරිය තමා සිටි තැනින් නැගිට ගත්තා..යා යුත්තේ කොතැනකට දැයි අදහසක් නොමැතිව ඇය තවත් කැලය තුලටම ගමන් ගත්තා..
සිදු වූ සියල්ල එකිනෙක ඇගේ මනස ඉදිරියේ මැවි මැවී පෙනුනා.නිරන්තරයෙන් ගලා යන කඳුළු වැල් ඇගේ දෙකොපුල් තෙත්  කලා.
මේ අතර සෙබලුන් විසින් ගෙන ආ සිරුර සහ මුදුවේ පුවත රජු වෙතට පැමිනුනා.බිසව වහා හදුනා ගත්තා එය තම දියණියගේ මුදුව බව.බිසවට එය ඉහිලුම් නොදෙන පුවතක් වුනා.දියණියව සිහි කරමින්  හඩන්නට වුනා.
තම දියණිය මාලිගාවේ නොමැති බව දැනගත් වෙලේ පටන් රජු ද බොහෝ කලබලයට පත්ව සිටියා.
මුහුන මෙන්ම සිරුරද හදුනා ගත නොහැකි ලෙස තුවාල වී තිබූ නිසාත්, මුදුව ඇය අසලින් හමු වූ නිසාත් සියලු දෙනාගේ අදහස වූයේ ප්‍රභා කුමරිය මිය ගොස් ඇති බවයි.කුමරිය අනතුරට පත් වන විටම සචින්තනා පලා යන්නට ඇතැයි සැවොම විශ්වස කලා.
පෙර දින හිමිදිරියේ සේවිකාවන් දෙදෙනෙකු මාලිගාවෙන් පිටත් වුනු බව රජුට කලින්ම ආරංචි වී තිබුනා.කුමරිය අතුරුදන් වූ බව දැන ගත් වෙලේ පටන් ඒ පිටතට ගොස් ඇත්තේ සචින්තනා සහ කුමරිය බව ඔවුන් සැක කර තිබුනා.එම නිසා සිරුරේ තිබූ ඇදුම් පිළිබදව සැක කිරීමට යමක් තිබුනේ නැහැ..
කුමරියගේ මිය යාම පිළිබදව මුලු දෘඩාංග රාජ්‍යම ශෝක වුනා..කුමරියගේ හිතුවක්කරකම නිසා සිදු වූ විනාශය ගැන රාජ්‍යයේ සෑම කෙනෙකුගේම කතාවට ලක් වුනා..

**********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment