Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 23 කොටස

23 කොටස

අත්තම්මාට එසේ පැවසුවත් ප්‍රභා තමන්ගේ සිතින්ද එම ප්‍රශ්නය අසා ගනිමින් හා පිලිතුරු දෙමින් සිටියා..

"ඇත්තෙන්ම මගේ සිතේ එවැනි හැගීමක් තිබෙනවද... නැහැ.එසේ නැහැ. කුමක්ද අත්තම්මා පවසන්නෙ.. මා ඔහුට නොගැලපෙන බව..?  ඔහුයි මට නොගැලපෙන්නෙ.. මා කුමාරිකාවක්! ඔහු කුමරුගෙ හමුදාවෙ සෙන්පති කෙනෙක්...

සියලු රජ සැප හැර මේ කුඩා නිවසට පැමිනි ඇය, මේ කරුණේ දී නම් රාජකීයත්වය තබා ගන්නට උත්සහ කරමින් සිටියා..
"නැහැ.මගේ සිතේ එවැනි හැගීමක් ඇති නොකර ගැනීමට මා වග බලා ගත යුතුයි.." 
නමුත් එසේ වන්නට ඇගේ සිත දැනටමත් ප්‍රමාද වී තිබුනා.. ;)

සුන්දර තරුණිය හා ඇගේ කතාබහෙන් වශී වූවකු ලෙස බලා සිටි සප්ත සෙන්පතිතුමා එක්වරම පියවි ලොවට පැමිනුනා..

"තරුණියක්!! බිම්සර...? කුමකට ඇය එලෙස සිදු කරනවාද.."

මොහොතකට පෙර ඇය දැකීමෙන් වූ චමත්කාර හැගීම එක්වරම ඉවත් වී ඔහු තුල කෝපයක් හට ගත්තා..

"ඇය මෙලෙස  වෙස් වලාගෙන අප සමග සිටින්නේ කුමක් නිසාද..
ඇය ඔත්තු සපයනවද.. අත්තම්මා කුමකටද ඇයට එවැනි දෙයකට අනුබල දෙන්නෙ..?
අත්තම්ම කෙදිනක වත් මට ද්‍රෝහි නොවන බව මා හොදින්ම  දන්නවා.."
මෙසේ විසදා ගත නොහැකි ගැටලු සමූහයකින් සප්තගේ හිස පිරුනා.. ඔහු නිවසට ගොඩ නොවැදී ආපසු පිටත් වුනේ මේ සියල්ලටම හේතුව කුමක් දැයි සිතමින්..

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
සුපුරුදු ලෙස පසු දින සිට බිම්සර පුහුනුවීම් සදහා පැමිනුනා.. නමුත් සප්ත සෑම විටම ඇයව මගහැර සිටියා.. ප්‍රභාට එය දරා ගත නොහැකි ප්‍රතික්ශේප කිරීමක් වුනා..

"සෙන්පතිතුමා ඇයි එලෙස හැසිරෙන්නෙ.. මා අතින් සිදුවූ වරද කුමක්ද.. "
ප්‍රභා තනිව සිතුවා..
අවසානයේදී ඇය සෙන්පතිතුමා අසලට ගොස් මෙසේ පැවසුවා..

"සෙන්පතිතුමනි. මට ඊයේ දින පුහුනුවීම් සදහා පැමිනෙන්නට නොහැකි වුනේ අත්තම්මා රෝගී වූ නිසයි.. කිසිවෙක් නැහැනෙ ඇය බලා ගන්නට.. අද උදෑසනම මා පැමිනියනෙ.. ඔබ ඇයි මෙලෙස....."

ඇගේ කතාව තව දුරටත් අසා නොසිට සප්ත එතනින් පිට වුනා..ප්‍රභාටත් නොදැනීම ඇගේ දෑස් කදුලින් තෙත් වුනා..

ඇය චිත්ත සෙන්පති හමු වී මෙසේ විමසුවා..

පවසන්න සෙන්පතිතුමනි,, ඇයි සප්ත සෙන්පතිතුමා මා සමග කතා නොකර මග හරින්නෙ.. මට කිසිවක් සිතා ගත නොහැකියි.. :'(

"සටන සදහා තව කිහිප දිනයිනෙ බිම්සර.. ඔහුගේ සම්පූර්ණ අවධානය ඒ සදහයි. නිකරුනේ කතා කිරීම් ඔහු මග හරින්නෙ ඒ නිසයි මා සිතන්නෙ.."

එය සත්‍ය නොවන බව දැනත් චිත්ත එසේ පැවසුවෙ හේතුව පසුව සප්ත සෙන්පතිතුමන්ගෙන් දැන ගැනීමේ අදහසිනි..

"ඔබ පුහුනුවීම් සදහා යන්න බිම්සර.."

******************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment