Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 02 කොටස

2 කොටස

"ඔව්! බිතු සිතුවම් ගැන තියෙන මතවාද වලින් එකක් තමයි සීයා කියපු එකත්.. ඒත්..ඒත් සීයා කොහොමද හරියටම කියන්නෙ ඒ බිතු සිතුවම් වල ඉන්නෙ කාශ්‍යප රජුගෙ දියණියන් දෙදෙනාමයි  කියලා.."

මෙවරත් ඔහු මුතූ ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දීමට සූදානම් නැතිවා සේය..

"එන්නකො දරුවො, ඔබට දෙයක් පෙන්වන්නට තිබෙනවා.."

ඔහු සෙමින් සෙමින් ගමන් කලේය.. පර්වත මුදුනේ ඔවුන් ගමන් කල කෙලවරේ එක් ස්ථානයක කළු පැහැති සෙවනැලි රවුමක් දක්නට ලැබිනි.. වඩාත් ලං වූ මුතූට දැක හැකි වූයේ පතුලක් නොපෙනෙන කලු කුහරයකි.. මේ කුමක්ද.. ඇය මවිත විය.. ගල මුදුනේ මෙවැනි කුහරයක් පිළිබඳ කිසි දිනකත් අසා නැත! ඇය විශ්මය පිරුණු දෑසින්ම සීයා දෙස බැලුවාය..

"නැවත පැමිනීමත් මෙලෙසමයි."

ඔහු පැවසුවේය..
කුමක්ද  ඔහු මේ කියන්නෙ.. ඒකෙ තේරුම..?
ඇයට කිසිවක් සිතා ගැනීමට ඉඩ ලැබුනේ නැත. ඒ සැනකින්ම යමක් ඇගේ කොන්දට තදින් වදිනු ඇයට දැනිනි.. ඒ ඔහුගේ හැරමිටිය බව මුතූට සිතා ගත හැකි විය.. ඒ නිමේෂයෙන් ලද පහරින් වාරු නැතිවූ ඇය එම කුහර ප්‍රපාතයෙන් පහලට වැටෙමින් පැවතින...
දෙවියනේ මේ සිදු වන්නේ කුමක්ද.. ඔහු ඇගේ ජීවිතය නැති කිරීමට සිතුවේ ඇයි. ඇයව මෙලෙස ප්‍රපාතයෙන් තල්ලු කර දැමුවේ.. තව මොහොතකින් ඇගේ ශරීරය කුහර පතුලේ මිය යනු ඇත..
ඝන අන්දකාරය හැරෙන්නට කිසිවක් නොපෙනේ.. කන් අසලින් ගලා යන හෝ හෝ හඩත්, උදරය තෙරපෙමින් මතු වූ ඔක්කාරයත් නිසා ඇයට කිසිවක් සිතා ගත නොහැකිව දෑස් පියවුනි..
..................................................................

මොහොතකින් මුතූ බිමට පතිත වනු
ඇයට දැනුනි. නමුත් එය.. එය ඇදෙන් බිමට වැටීමක් තරම් වත් වේදනාවක් නොවුනි.. ඇය සෙමින් දෑස් හැරියා ය. දීප්තිමත් පරිසරයක් ඈ වටා විය.. ඇය ඉහල බැලුවාය.. මුතූ එක්වරම දුටු දසුනින් ඈ තිගැස්සුනා ය.. උදාර ලීලාවෙන් මුව අයා සිටින දැවැන්ත සිංහ ප්‍රතිමාවකි. ඇය වැටී සිටියේ එයට ඉදිරියෙනි.සිංහ රුවේ ඇති ගාම්භීරත්වය පුදුම එලවන සුළුය..
සිංහ රුවින් තම දෑස් ඉවතට ගත් මුතූ අවට දෙස නෙත් යොමු කලාය. මලින් ගැවසීගත් වටපිටාව, ජල මල් වල සුන්දරත්වයෙන් වශී වූ ඇය සෙමින් නැගිට ඉදිරියට පියවර තැබුවාය.
මේ කුමක්ද.. ඇත්තෙන්ම මා මිය ගොස්ද..සිහි විකල්වීද නැතිනම් සිහිනයක්ද... ඇය කිසිවක් තේරුම් ගත නොහැකිව වික්ශිප්තව ගමන් කලාය. පියවර කිහිපයක් වත් යාමට ඉඩ ලැබුනේ නැත. අමුතු ඇදුම් පැලඳුම් ඇඳ ගත් පිරිසක් ආයුධ දික් කරමින් ඇයව වටකොට ගත්තෝය.. කර කියා ගත දෙයක් නොවූ මුතූ බියෙන් බලා සිටින්නට විය. යකඩ වැනි ආවරණ වලින් හිස් වසා ගෙන සිටි ඔවුන් ඇයට සෙබළුන් පිරිසක් සිහි ගැන්වීය..
"ඇත්තෙන්ම මේ සෙබළුන්ද.. කුමක්ද මේ සිදුවෙන්නෙ.. "
තමා අතීතයට පැමින ඇති බව තේරුම් ගැනීමට ඇයට වැඩි වේලා නොගියේය.. එතකොට...ඒ සීයා කවුරුන්ද.. නැවත පැමිනීමත් මෙලෙසමයි කිවුවෙ එතකොට.. ඒ කියන්නෙ පර්වතය මුදුනට ගිහිල්ලා ඒ කුහරය හොයා ගන්න වෙනවද.. ඒකෙන් පනින්න..? ඒ ගැන සිතන විට පවා  සියොලඟ හිරිගඩු පිපේ..

"කවුරුන්ද මැය..? "

සෙබලෙකු විමසුවේය.. තව මොහොතක් හෝ සිතුවිලි වල හිඳින්නට ඉඩ ලැබුනේ නැත.. සෙබළුන් විසින් ඇගේ දෑත් පිටුපසට බැඳි අතර පර්වතය පෙනෙන මානයෙන් සිංහයා මුහුන ලා සිටින දිශාව විරුද්ධ දෙසට රැගෙන යන්නට විය.. සෙබලෙකු ඇයව ගෙන ගොස් යකඩ කනුවක බැඳ දැමුවේය..
මේ අතීතය දෑස් වලින් දැක ගැනීමට ආශා ඇතැයි කොපමන වාරයක් කියා, සිතා ඇතත් එක මොහොතට ඇයට එය එපා වී ඇත..

"මාව ලිහා දමන්න කරුණාකරලා.."

සිහින් කදුළු බිදුවක් මුතූගේ නෙත් කොනකට ගලා විත් තිබිනි.. නමුත් කිසිවෙක් ඇයට කන් දුන්නේ නැත..

******************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment