Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 11 කොටස

11 කොටස

"මා තරුණයෙකු ලෙස ඇද පැළද ගන්නම්..එවිට මට ඔබ සමගම මෙහි ඉන්න පුළුවන්.. මා ඔබේ නෑයෙකු කියන්නකො.."

"දරුවො.., මෙය කවටකම් කරන අවස්තාවක් නොවෙයි..අප මෙයට කුමක් හෝ විසදුමක් සොයා ගත යුතුයි.."

"අත්තම්මෙ, මා එය පැවසුවෙ කවටකමකට නොවෙයි. මාලිගාවෙදි සෙල්ලම් කරන  අවධියෙදි මා එසේ ඇඳ තිබෙනවා..මට එය හුරුයි.."

"මාලිගාවෙ? කුමක්ද ඔබ පවසන්නෙ? "

ප්‍රභා වහා එය නිවැරදි කලා...

"නැහැ.මා පැවසුවෙ අප මාලිගාව කියා සෙල්ලමක් කරනවා..
සෑම විටම මා කරන්නෙ රජුගෙ ප්‍රධාන සෙන්පති චරිතය..
ඉතින් මට එය හුරුයිනෙ.."

"ඔබ අවසිහියෙන් ද දරුවො? මෙය සෙල්ලමක් නොවෙයි. කෙසේද අප ඔවුන්ව මුලා කරන්නෙ? එය හසු වුනොත් ඔබටයි මටයි කුමක් සිදුවේ ද  කියා සිතනවද..."

"අනේ අත්තම්මෙ.. "
කුමරිය හඩන්නට වුනා..
"ඔවුන් ඔවුන්ගේ කටයුතු අවසන් කර ආපසු යන තෙක් පමනයිනෙ.අනෙක මා කොහේ යන්නද.. මට ඔබව දමා යා නොහැකියි."

කුමරිය තම මතයම කියා සිටියා හඩමින්..
වෙනත් කල යුතු යමක් සිතා ගත නොහැකි වූ බැවින් අත්තම්මා එකඟ වුනා..නමුත් ඇය ප්‍රභාට මෙසේ පැවසුවා.

"නමුත් ඔබ සිතේ තබා ගත යුතුයි.මෙය ඔවුන්ට හෙලි වුවොත් ඔවුන් එය නොසලකා හරින එකක්  නැහැ.වෙස් වලාගෙන ඔවුන්ව මුලා කිරීම ද්‍රෝහියෙකු,  ඔත්තුකරුවෙකු ලෙස සැලකීමක් වේවි.. ඔබටත් මටත් ඒ සඳහා වන්දි ගෙවීමට සිදු වේවි."

කරන්නට යන දෙයෙහි බරපතල බව ප්‍රභාට වැටහී තිබුනා..නමුත් වෙනත් කල යුතු යමක් නොවූ බැවින්ද තම මතය වෙනස් කිරීමට අකමැති හෙයින්ද ඇය තරුණයෙකු වීමට සූදානම් වුනා..
තරුණයෙකු ගේ ඇදුම් සොයා ගැනීම ඒ තරම් අපහසු කටයුත්තල් වූයේ නැහැ.පෙර අවස්තාවේ සෙබලුන් විසින් දමා ගොස් තිබූ ඇදුම් කිහිපයක් ප්‍රභාට අත්තම්මාගේ නිවස තුලින් සොයා ගත හැකි වුනා..
කුමරිය තම දිගු කෙස් කලඹ හිස් මුදුනින් නොගැලවෙන සේ බැද ගත්තා.එම ඇදුම් ආයිත්තම් වලින් සැරසි ගත් පසුව ඇය අත්තම්මා ඉදිරියට ගොස් මෙසේ විමසුවා..

"කෙසේද අත්තම්මෙ...මා තරුණයෙකු වගේ නේද...."

අත්තම්මා කිසිවක් පැවසුවෙ නැහැ.ඇත්තෙන්ම මේ සිදු කරන්නට යන බරපතල ක්‍රියාවට ඇය කැමැත්තක් දැක් වූයේ නැහැ.ඔවුන් මේ මුලා කරන්නේ කුමරුගේ ප්‍රධාන සෙබල කණ්ඩායම සහ සෙන්පතීන් යන බව සිහි වන විට අත්තම්මගේ සිත බියෙන් සලිත වුනා..
එක්වරම දොරට එපිටින් කටහඩක් මතු වුනා..ඔහු කුමරුගේ ප්‍රධාන සෙන්පතියෙකු වූ චිත්ත..ප්‍රභා දෙස වරක් බැලූ අත්තම්මා තරමක බියෙන් යුතුව ගොස් දොර ඇරියා..

"චිත්ත සෙන්පතිතුමනි ඔබ.."

අත්තම්මගෙ බිය මුසු මුහුණ දුටු චිත්ත විමතියෙන් ප්‍රශ්න කලා..

"අත්තම්මෙ...ඔබ කුමකට හෝ බිය වුනාද..."

අත්තම්මා වහා එම බිය මුසු හැගීම් යටපත් කරගෙන මුවට සිනාවක් මවා ගනිමින් මෙසේ පැවසුවා..

"නැහැ සෙන්පතිතුමනි.. මා මදක් අසනීපෙන්... ඒ නිසයි..
ඇතුලට පැමිනෙන්න ඔබ..."

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment