Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 31 කොටස

31 කොටස

මා තමයි දෘඩාංග රාජ්‍යයේ පණ්ඩුක රජුගේ දියණිය ප්‍රභා.."

සප්ත එය ඇසීමෙන් බොහෝ කලබල වුනා..

"කුමක්ද ඔබ මේ පවසන්නෙ? ඔබ මට සරදම් කරනවා විය යුතුයි.. ඇය මිය ගොස් බව සැවොම දන්නවනෙ.."

"මා මුසාවක් පවසනවා නොවෙයි ‍සෙන්පතිතුමනි... මා පැමිණියෙ මගේ මෙහෙකාරිය සචින්තනා සමග.. මරණයට පත් වුනේ ඇයයි.. මේ වනාන්තරයේ අරමුණක් නැතිව ඇවිද යන  විටයි  අත්තම්මව මුන ගැසුනෙ.. මට මේ ලෙස ජීවත් වන්නට හැකි වුනේ ඇය නිසයි. නමුත් මා කුමරිය බව ඇයට පවසා නැහැ මම... "

සප්තට කිසිවක් සිතා ගත නොහැකි වුනා.. ඇය මේ පවසන දෙය කෙසේ විශ්වාස කරමි දැයි ඔහු සිතමින් සිටියා..

"මා දන්නවා ඔබට මා එලෙස පැවසූ පමනින් විශ්වාස කල නොහැකි බව.. ඔබ කුමරුගේ ප්‍රධාන සෙන්පති බැවින් ඔබට ඔහුගෙන් දැන ගත හැකි යමක් මා පවසන්නම්..
මා ඉතාම කුඩා අවධියේ දි ප්‍රතාපසිංහ රජුගෙන් අපගේ රාජ්‍යට බොහෝ තර්ජන එල්ල වන අවධියක, මලණුවන් සහ මාව පියාණන් විසින් ස්ථිරාංග රජ්‍යට ගෙන ආවා.. අප ටික දිනක් එම රාජ්‍යයේ සිටියා.. මලණුවනුත් මමත්, හන්සක කුමරුත් ඔහුගේ  සොහොයුරාත් අප සිව් දෙනා සෙල්ලම් කලා.. ඔවුන්ගේ කුමර මාලිගාවේ මැදිරි වල සිර කර සිටි ගිරවුන් දැක මා බොහෝ දුක් වුනා.. මට අවශ්‍ය වුනා ඔවුන්ව නිදහස් කර යැවීමට.. හන්සක කුමරු ඔහුගේ සොහොයුරාගෙ දැඩි විරුද්ධත්වය මැද සියලුම ගිරවුන් නිදහස් කලා මා සමග..."

සප්ත ගේ මුවෙහි සුන්දර සිනහවක් නැගුනා.. ඔහු එක්වරම මෙසේ පැවසුවා..

"නවත්වන්න කුමරිය.. මා එය දන්නවා.. ඔබව විශ්වාස කිරීමට මට තවත් කිසිවක් පැවසීම අවශ්‍ය නැහැ.. ඔබ තමයි ප්‍රභා කුමරිය... ඔබ දන්නවද කුමරු අදට ද සුරතලය සදහා කිසිම සතකු මාලිගය තුල කූඩු කර තැබීමට ඉඩ දෙන්නේ නැහැ....
නමුත් කුමරියනි, ඔබට විවාහ යෝජනාවක් පැමිනියනෙ අපගේ කුමරු පිළිබදව.. ඔබ ඔහුට අකමැති වූයේ කුමක් නිසාද? ඔහුට ඇති අකමැත්ත, මාලිගයෙන් පැන යාමට තරම් හේතුවක් වූවද ඔබට ? "

සප්ත සිනාසෙමින් විමසුවා.. ප්‍රභාගේ මුවෙහිද සිනාවක් ඇදුනා.. ඇය මෙසේ පැවසුවා..

"නැහැ. නැහැ.. එසේ නොවෙයි..මා මාලිගාවෙන් පැමිනියේ මට විවාහ වීමට අවශ්‍ය නොවූ නිසාත් මාලිගයක සිරකාරියක් ලෙසට ජීවත් වනවා සේ මට දැනුන නිසාත්..  මගේ කැමැත්ත සහ අකමැත්ත ඔවුන්ට කිසිම දෙයකට අවශ්‍ය නැහැ සප්ත.." :(

"ඔබ නැවත මාලිගයට ගිය දිනෙක අපගේ කුමරු සමග විවාහ වේවි.. නිසැකවම ඔබ ඔහුට කැමති වේවි... ඔහුත් සමග ජීවිතය ඔබට සිර ගෙයක් ලෙස කෙදිනකවත් දැනෙන එකක් නැහැ කුමරියනි.."

සප්ත එසේ පවසා කුමරියගේ වත දෙස බලා සිටියා.. ඇය එයට දෙන පිලිතුර දැන ගැනීමට සප්තට අවශ්‍ය වුනා..
මද සිනාවෙන් ඔපවත්ව තිබූ කුමරියගේ සුන්දර මුහුන ඔහුගේ වචනත් සමග නැවත අදුරු වනු ඔහුට හොදින්ම පෙනුනා...

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment