Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 10 කොටස

10 කොටස..

රාජධානිය පවතින්නේ තව වසර හතරක්  පමනක් බව කුමරියන්ට වචනයකින් හෝ නොහඟවන්නට මුතූ වග බලා ගත්තාය.. නමුත් බෝධි කුමරිය මුතූ දෙස විමසිල්ලෙන් බලා හිද මෙසේ විමසුවා ය..

"ඇයි ඔබ එසේ විමසුවෙ..? "

"නැහැ. නිකන් දැන ගැනීමටයි කුමරිය.."

"ඔබ සත්‍ය නොවෙයි පවසන්නෙ.. අප දුන් පිළිතුරෙන් පසුව ඔබේ මුහුන වෙනස් වනු මා දුටුවා.. ඔබ කුමක් හෝ සඟවනවා අපෙන්.."

මුතූ සිතුවාට වඩා බෝධි කුමරිය පරීක්ෂාකාරීය.. ඇය කතා කලේ බොහෝ ප්‍රවේසමිනි... ඒ මොහොතෙහි කුමරියන්ට පිය රජුගෙන් කැඳවුමක් ලැබුනු අතර මුතූ සමග කතාව එතැනින් නතර කිරීමට එම නිසා සිදු විය..
...................................................................

අපූරු අතීත රාජධානියේ තවත් එක් දිනයක් උදා විය.. දින දෙකක පුරා ඇද සිටි ඇදුම් තවත් ගතෙහි දරා සිටීම ඇයටම අප්‍රිය විය.. ඇද සිටි ඇදුම් ඉවත් කර ඔවුන් දුන් සළු වලට මාරු වීම මුතූ කැමැත්තෙන්ම කලා ය.. ඇදුම් මැසීම සදහා වෙනම කාන්තාවන් සිටි බැවින් ඔවුන්ට පවසා හැට්ටයක් හා සළුවක් මස්සවා ගැනීමට මුතූට හැකි විය.. විටෙක මුතූට එම ඇදුම විහිලුවක් මෙන් විය.. :)
උදෑසනම මුතූටද රජු ගෙන් කැඳවීමක් ලැබිනි..

"ඔබ ට ආපසු යාමට අවශ්‍ය නම් ඒ සදහා ඕනෑම වෙලාවක අවසර තිබෙනවා.. ඔබ කුමක්ද තීරණය කර තිබෙන්නෙ.."

රජු මුතූගෙන් විමසුවේ ය..
කිසිදු කරදරයක් දැන් නොමැති බැවින් මුතූ අදහස් කලේ තවත් කාලයක් මෙහි සිට රාජධානිය පිළිබඳ තොරතුරු සොයා බැලීමටයි..

"රජතුමනි, ඔබ මට අවසර දෙනවද තවත් ටික කාලයක් මෙහි සිටීමට.. මට ආපසු යාමට කලින් දැන ගත යුතු තොරතුරු තව බොහෝ තිබෙනවා..."

රජු එයට ඉඩ දුන් අතර මුතූ ට අවශ්‍ය ඕනෑම දෙයක් අසා දැන ගැනීමට අවස්ථාව ලැබිනි..
එම උදෑසන මුතූ, මාලිගය අවට වූ පොකුනු නිරීක්ෂනය කලාය..

" කරුණාකර ඔබ දන්නවා නම් පවසනවද මේ පොකුණු වලට ජලය සැපයෙන්නෙ කොහොමද කියලා.. මේ තරම් උසකට ජලය ප්‍රවාහනය කිරීමේ මගක් මට සිතා ගන්නට බැහැ.."

මුතූ අසල සිටි සේවිකාවකගෙන් විමසුවා ය..

"වර්ශාවෙන් තමයි මේ පොකුණු පිරවෙන්නෙ.. ඔබට තවත් තොරතුරු දැන ගැනීමට ඕනෑ නම් කර්කටක යන්ත්‍රය අසල සිටින සග්ගාර නැමැත්තාගෙන් අසා දැන ගත හැකියි.."

මුතූ ඔහුව සොයා ගියා ය.. ඔහුව දැක,  කථා කර හුරු පුරුදු බවක් මුතූට දැනෙන්නට විය.. ඒත් ඒ කවුදැයි ඇගේ මතකයට ආවේ නැත.

"ඔබයි එසේ නම් අපගේ රාජ්‍යට අනාගතයෙන් පැමිණ සිටිනවා යැයි පැවසූ කාන්තාව.."

ඔහු මුතූ දුටු පමනින් ම එසේ පැවසුවේ ය..
පොකුණු සහ ඒවාට ජලය ලැබෙන අයුරු මුතූ ඔහුගෙන් විමසුවා ය..

"මා රජුගේ පැරණිම සේවකයෙක්. අපි මේ රාජධානිය ගොඩ නගන්න එකා වගේ වැඩ කලා.. මේ පර්වත මුදුනෙ මාලිගා තනන්නට පෙර අපට හමු වුනා අතීත මාලිගාවක නටඹුන්.. මේ ගිරි මුදුනේ පටන් සිංහ පාද තෙක් වූ උමඟත් අපට එසේ සොයා ගත් එකක්. එම පාද එසේ තිබූ නටඹුන්. අප එය මත සිංහ රුව නිර්මාණය කලා.. "

"ඔබ දන්නවද සග්ගාර... වර්තමානයේ අපටත් දකින්නට ඉතිරිව තිබෙන්නෙත් මේ පාද පමනයි."

මුතූ පැවසුවා ය..
සග්ගාර ඈ පැවසූ දේත් අසමින්ම දිගටම කතා කලේ ය..

"පොකුණු  වලට ජලය සැපයෙන්නේ වර්ශාවෙන්.. ඔබ විමසූ ලෙසට වෙනත් ක්‍රමයක් නැහැ.."

"එසේ නම් සංසක්ති බල  වලින් තමයි එය සිදු වෙන්නෙ! "

මුතූ පැවසුවා ය..

"කුමක්ද ඔබ පවසන්නෙ.. කුමක්ද එය..? මායාවක්ද... ?"

ඔහු මුතූගෙන් විමසීය..
මදහසක් මුව නගා ගනිමින් මුතූ මෙසේ පැවසුවා ය..

" නැහැ. මායාවක් නොවෙයි.. එය විද්‍යාවයි. සංසක්ති බල... ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල. මේ ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව මේ පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම.

මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා..
බොහෝම සරලයි..

එහෙත් අප සිතන්නෙ 'කොහොමද පර්වත මුදුනට පොම්පයක් නැතිව ජලය ගෙන යන්නෙ.. එතරම පීඩනයකින් ක්‍රියා කරන පොම්පයක් තනන්නෙ කොහොමද' කියලනෙ.."

මුතූ පැවසූ කිසිවක් ඔහුට වැටහුනේ නැත. මුව අයාගත්වනම ඇය දෙස බලා  සිටියා මිස කිසිත් නොකීවේ ය..

ගල හා ඒ මත ඉදිවුනු ගොඩනැගිලි සුළගේ දැඩි පීඩනයටත්, තද අව් රශ්මියටත් ලක්වීම වැළැක්වීම සඳහා ඔවුන් යොදා ගෙන තිබූ ආරක්ෂක උපක්‍රමය අපූරුය.. ගල මත බැඳි ප්‍රාකාරය පාමුල කපොල්ලක් සිටින සේ ඉදි කර තිබිනි..

ආපසු නවාතැන් ගන්නා කුටියට යන අතර මුතූට උත්පලවන්නා කුමරියව මුණ ගැසිනි.. ඇය බොහෝ සතුටෙන් සිටි බව ඇගේ වත දෙස බැලූ මුතූට පෙනිනි..

" කුමරිය ඔබ සතුටෙන්.. කුමක්ද කාරණය..? " 

මුතූ විමසුවා ය..

"ඔබ දන්නවද පියාණන් පෙරදා රාත්‍රියේ අපව කැඳ වූ හේතුව... ඔහු තීරණය කර තිබෙනවා ගිරියේ එක් පසෙක අපේ සිතුවම් අන්දවන්න..."

" ඕ.. එය නම් කදිමයි කුමරියනි..."

මෙතෙක් දවස් මෙහි ගත කලත් බිතු සිතුවම් පිලිබඳ සෙවීමට මුතූට අමතකවම ගොස් තිබිනි..

*********************************

(මතු සම්බන්ධයි.)

*සැලකිට යුතු: මෙහි සග්ගාර නැමැත්තා මා විසින් නිර්මාණය කරන ලද චරිතයක් පමණක්වේ..
*ගිරි මුදුනේ පොකුණු වල ජල තාක්ෂනය  ඉදිරිපත් ව ඇති මතයකි.

No comments:

Post a Comment