Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 06 කොටස

06 කොටස

කෙමෙන් අදුර වැටෙමින් තිබුනා..ගමනේ මහන්සියත්, කුසගින්නත් නිසා ඔවුන්ට විවේකයක් අවශ්‍ය වුණා.සඳ එළිය නිසා තුරු මුදුන් දිලිසුනා.මාලිගාවේ සිටියදි කුමරිය කවුළුවෙන් බොහෝ වේලා සඳ දෙස බලා සිටීමට පුරුදුව සිටියා.එහෙත් අද..ඒ සඳ ඇයට පෙනුනෙ වෙනදා දකිනවාටත් වඩා අලන්කාරවයි..ඒ ඇයට අවශ්‍ය වූ නිදහසේ සතුටද සිත පුරා පැතිරී තිබූ නිසා විය යුතුය..
දිය අගලක් සහ ඉන් ඔබ්බට පැතිරුන ගල් තලාවක් ඔවුන්ට හමු වුනා.ගල් තලාවේ කෙලවර නැවතුම් ගැනීමට ඔවුන් දෙදෙනා තීරණය කලා..
ප්‍රභා අවට පරිසරයෙන් වශී වී සිටියද සචින්තනා නිතරම පසු වූයේ බියෙන්.එක් පසෙකින් සෙබලුන් පිලිබදවත් අනෙක් පසින් කැලෑවේ බියකරු බවත් ඇගේ සිත නොසන්සුන් කර තිබුනා.සචින්තනා තම කූඩයේ දමාගෙන විත් තිබූ ආහාර ඔවුන් ආහාරයට ගත්තා.සේවිකා ඇදුම් ඉවත් කර අනෙක් ඇදුම් ඇද ගත්තා.දැඩි නිදිමතක් දැනුනු බැවින් එතනම වැතිරුනා..

"සචින්තනා..ඔබට ඇසෙනවද..? ප්‍රභා දිගු කල්පනාවකින් පසු කටහඩ අවදි කලා.."

"කුමක්ද කුමරියනි, ස..සමාවෙන්න.."

කිසිවිටෙකත් කුමරියට ඇගේ නමින් පමනක් ඇමතීමට සචින්තනාට කෙසේවත් හැකි වුනේ නැහැ.
ප්‍රභා මෙසේ විමසුවා.

"ඔබට සිතෙනවද මා මෙසේ පැමිනීම මා විසින් නොකල යුතුව තිබුනා කියලා..?"

සචින්තනා මද වේලාවක් කල්පනා කර මෙසේ පැවසුවා.

"මා ඔබත් සමග පැමිනියෙ ඔබට තනිව මෙසේ යන්නට දීම මට කල නොහැකි නිසා..ඔබට සිතෙනව නම්  ආපසු මාලිගාවට යා යුතුයි කියලා අපි ආපසු පිටත් වෙමු කුමරියනි.. ඕනෑ නම් ඔබ සමග පැමිනියාට මට දඩුවම් නියම කරාවි.එහෙත් ඔබට මෙලෙස දුක් විදින්නේ නැතිව සුව සේ මලිගාවෙ සිටිය හැකියිනෙ කුමරියනි.මා ගැන සිතන්නට එපා.අපි ආපසු යමු."

කුමරිය වහා මෙසේ පැවසුවා.

"කුමක්ද ඔබ මේ පවසන්නෙ.මා කෙසේවත් තැබූ පය ආපසු ගන්න කෙනෙකු නොවන බව ඔබ දන්නවනෙ..මා කෙදිනකවත් නැවත මාලිගාවට යන්නේ නැහැ.ඔබව නැති කර ගන්නෙත් නැහැ.එපමනයි.දැන් නිදා ගන්න.හෙට උදෑසනම පිටත් වන්නටත් තිබෙනවානෙ."

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

රැය කෙමෙන් පහන් වුනා..තුරු මුදුන් අතරින් හිරු එළිය පොලව මත හීන් සීරුවේ පතිත වන විටත් සචින්තනා සහ ප්‍රභා කුමරිය නින්දේ පසු වුනා.සැබවින්ම එය සුව නින්දක් යැයි කිව නොහැකියි.මාලිගාවේ සුව පහසු ලෙස නිදා පුරුදු ඔවුන් කෙසේ නම් ගල් තලාව කෙලවර වැතිරී සුව නින්දක් ලබන්නද..
චමත්කාර උදෑසනක් එළඹෙමින් තිබුනා..නමුත් ඒ චමත්කාරය අතරින් බියකරු යමක් සිදුවෙමින් තිබුනා..ඔවුන් එය කලින් දැන සිටියා නම්........... :'(
විශාල කැලෑ දිවියෙක් සචින්තනා වෙතට කඩා පැන්නා..සචින්තනා අවදි වූයේ කිසිවක් සිතා ගත නොහැකිවයි.ඇය බියෙන් මහ හඩින් කෑ ගැසුවා..ඒ ශබ්දයටම කුමරියත් අවදි වුනා.තමා දුටු දසුනින් ඇයගේ මුව වියලී ගියා..කෑ ගැසුවත් මුවින් කිසිදු ශබ්දයක් පිට වූයේ නැහැ.
විශාල උල් දත් ඇති සතෙකු සචින්තනාගේ මුහුන පහුරු ගාමින් සිටියා.රුධිරය ඒ මේ අත විසිරුනා.ඇත්තෙන්ම ඒ කුමන සතෙකු දැයි ප්‍රභා දැන සිටියේ නැහැ.එහෙත් සන්තූපගේ කඩු මිටෙහි කැටයම් කර තිබුනේ මෙවැනි සතෙකු බව ඇගේ මතකයට නැගුනා..මේ තරම් දරුණු සතෙකු ඇය බව ඇය සිහිනෙකින් හෝ දැක සිටියේත් දැන සිටියේත් නැහැ .

"කුමරියනි,පලා යන්න...."

වේදනාත්මක කෑ ගැසීම් අතරින් සචින්තනාගේ හඩ කුමරියට සිහිනෙන් මෙන් ඇසුනා.සිදුවීම දරා ගත නොහැකි වූ කුමරිය සිහිසුන් වුනා.යම් තරමක බෑවුමක් තිබූ බැවින් ඇය පෙරලී ගොස් ගල පාමුලට වැටුනා..

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment