Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 33 කොටස

33 කොටස

සටන සදහා ගොස් තම දියණියට අනතුරක් වනු දැකීමට අත්තම්මාටද අවශය වූයේ නැහැ.. ප්‍රභා උදෑසන නිවසින් පිටත් වූ වෙලේ පටන් අත්තම්මා සිතමින් සිටියේ කෙසේ හෝ ප්‍රභා සටනට නොයවා නිවසේ නතර කර ගන්නා ආකාරයක් පිලිබදවයි..
අවසානයේදී අත්තම්මා විසදුමකට එලඹුනා.. ප්‍රභාගේ රාත්‍රී ආහාරයට නිද්‍රා ඖෂධයක් එක් කලා.. මා මෙය සිදු කරන්නේ ඔබට ඇති ආදරය නිසයි මගෙ දරුවො.. ඇය තමාටම මුමුනා ගත්තා..
දුර්වල වෙමින් තිබූ සිත ප්‍රභා කෙමෙන් කෙමෙන් ශක්තිමත් කර ගත්තා.. මෙතෙක් කල් තමාගේ අරමුණ වූයේ කෙසේ හෝ සටන ජය ගැනීම බව සිහි කර ගත්තා.. තමා සිතින් හෝ දුර්වලයෙකුව සිටිනු දැකීම ඇය ප්‍රතික්ශේප කලා..
අත්තම්මා ප්‍රභාගේ ආහාර ඇය අසලම තබා තිබුනා.. නමුත් රාත්‍රී ආහාරය ගන්නවා තබා එදෙස බැලීමට වත් ඇයට සිතක් තිබුනේ නැහැ.
සප්තගේ සිත කෙදිනක වත් නොමැති තරම් ප්‍රීතියකින් පිරී තිබුනා..

"චිත්ත.. චිත්ත ඔබ කොතැනකද.."

ආපසු පැමිනි ඔහු කලබලයෙන් චිත්තව සෙව්වා..

"ඔබ මෙතරම් සතුටින් සිටිනවා මා කෙදිනකවත් දැක නැහැ. ඔබේ මුහුණ උදෑසන පිපුනු මලක් මෙන් පියකරු වෙලා.. කුමක්ද මේ වෙනස..? "

චිත්ත විමතියෙන් විමසුවා..

"මට මගේ කුමරිය මුණ ගැසුනා චිත්ත.. මෙතෙක් කල් ඇය මා අසලමයි ඉද තිබෙන්නෙ.."

"කුමරිය? කුමන කුමරියක් පිලිබදවද ඔබ පවසන්නෙ.. මට කිසිවක් වැටහෙන්නෙ නැහැ."

චිත්ත පැවසුවා..

"මව් බිසවත් පිය රජුත් ඇය පිලිබද යෝජනාව ගෙනෙන විට පවා මගේ සිතේ කිසිදු හැගීමක් තිබුනෙ නැහැ. කුඩා කාලයෙන් පසුව මා ඇය දැක තිබුනේත් නැහැ. මට අවශ්‍ය වූයේ යුධ වියදම් ඉටු කර ගැනීම ට අවස්ථාව ලබා ගැනීම පමනයි..
නමුත් චිත්ත ඇය මෙතෙක් කල් මා අසලම සිටියා.. මට හදුනා ගත නොහැකි වුනා.. මා මෙතෙක් කල් සිතින් ආදරය කර තිබෙන්නෙත් ඇයටයි.. "

මෙලෙස පවසමින් සප්ත, බිම්සර ලෙස සිටි ප්‍රභා පිලිබදව සියලුම විස්තර චිත්තට පැවසුවා..
චිත්ත මේ සියල්ල විශ්මයෙන් අසා සිටියා..

" ඉතින් කුමරුනි ඔබත් ඇයට පැවසුවද හන්සක කුමරු වෙන කිසිවකු නොව ඔබ බව..? "

"නැහැ චිත්ත. සටන අවසන් වන තෙක් මා එය ඉවසා සිටිනවා.. සටන ජය ගැනීමෙන් පසුව පැමින ඇයව මාලිගාවට රැගෙන ගොස් ඇයට සියල්ලක්ම පවසනවා.... චිත්ත, මට ඔබෙන් උපකාරයක් සහ පොරොන්දුවක් අවශ්‍යයි.."

"පවසන්න කුමරුනි, ඕනෑම දෙයක් පවසන්න.."

"හෙට දිනයේ සටනින් පසු මගේ ජීවිතයට  කුමක් හෝ සිදු වුවොත් ඔබ මට පොරොන්දු වන්න ඇයව ඇයගේ රාජ්‍ය වෙත ගොස් භාර දෙන බවට.. මා අපහසුවෙන් වුවත් ඇගෙන් ඒ සදහා පොරොන්දු ලබා ගත්තා.."

***************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment