නමුත් ඒ මොහොතේ පටන් ප්‍රභාට අවශ්‍ය වූයේ තමා ඒ සදහා ගැළපෙන බව ඔප්පු කර පෙන්වීමටයි..
තමා සිතූ දෙයම කෙසේ හෝ කරන්නට අවශ්‍ය හිතුවක්කාර කුමරිය තම අභියෝගය ජය ගන්නා අයුරු කල්පනා කලා..
එදින රාත්‍රියේ ප්‍රභා නිදි නොලබා කල්පනා කලා..
" කෙලෙසද මා ඒ දිවියා මරා දමන්නෙ.."
දිවියා සචින්තනාට පහර දුන් අයුරු ඇගේ සිතේ මැවී පෙනුනා..ඒ සමගම දිවියා පිළිබද දැඩි කෝපයක් ද තමා කරන්නට යන දෙය පිලිබදව බියක්ද ඇගේ සිතින් මතුවී ආවා..
නමුත් සේනාවට බැඳීමට ඇති ආශාව නිසා ඇය තම සිත දැඩි කර ගත්තා.
මධ්‍යම රාත්‍රිය උදා වන විට ඇයට එක් අදහසක් ආවා..
"විෂක්! විෂක් ශරීර ගත කල හැකියි.. මට හැකි එකම ශිල්පය දුනු ශිල්පය..උගේ ශරීරයට විෂක් විදින්නට මට හැකි වුවොත්!"
"අත්තම්මෙ.. "
ඇගේ කෑගැසීම නිසා අත්තම්මා අවදි වුණා..
"ඇයි දරුවෝ .. කුමකටද මේ රත්‍රියේ කෑ ගසන්නෙ..?"
"ඔබ දන්නවද අත්තම්මෙ කුමක් හෝ විශක් පිළිබඳව..? ශරීර ගත වුවොත් මිය යන විශක් පිළිබදව.."
ප්‍රභා ප්‍රශ්න කලා..
"ඔබට කුමටද එවැනි දෙයක්? ඔබ සිහිනෙන් කියවනවද.. නිදාගන්න දරුවො..
කුමක් කිව යුතු දැයි ප්‍රභා මොහොතක් කල්පනා කලා..
"සේනාවෙ සිටින මගේ මිතුරෙකු කල ප්‍රශ්නයකට පිළිතුරයි අවශ්‍ය.. මට එම පිළිතුර දැන ගන්න තෙක් නින්ද යන්නේ නැහැ."
අත්තම්මාට මේ දියණිය ගේ කෑ ගැසීම් වලින් බේරීමට බැරිම තැන,,පිළිතුරක් දිය යුතු වුණා..
"ඔබ දන්නවාද බෝදම් යනුවෙන් පවසන ශාකය..දිනක් ඔබ එහි මලක් කඩන්නට යන විට මා වැළැක්වුවෙ..එම ශාකය..එහි කිරි බොහෝ විශයි..ශරීර ගත වුවොත් මිය යාවි..එහි කටු පවා විශයි.."
ප්‍රභා එම පිලිතුරෙන් බොහෝ සතුටු වුනා..
"එසේ නම් විසදුමක් තිබෙනවා..මට මතකයි එම ශාකය..හෙට උදෑසනින්ම අරම්භ කල යුතුයි මගේ රජකාරිය.."
උදෑසන එලඹෙත්ම ප්‍රභා පුහුණුවීම් කරන ස්ථානය වෙත ගියා..ආයුධ තබන ස්ථානය වෙත ගොස් ඊතල කිහිපයක් හා දුන්නක් අතැතිව පැමිනියා..
ඇතැම් දින වල උදෑසනම පුහුණු වීම් සහ නැරඹීම් සදහා බිම්සර පැමිනෙන නිසා මිතුරු සෙබළුන්ට එය විමතියක් වුනේ නැහැ..
අත්තම්ම පැවසූ ශාකය තිබූ ස්ථානය ප්‍රභාට යම්තමින් මතක තිබුනා.. අවසානයේදී ඇය එය සොයා ගත්තා..අත්තම්මා පැවසූ පරිදිම එහි විශාල කටු තිබුනා..
ඊතල සදහා විෂ යොදන්නේ කෙසේදැයි ඇය මද වේලාවක් කල්පනා කලා..ඉන්පසු ඇයට පැමිනි අදහස අනුව තමා ගෙනා ඊතල එම ගසෙහි ඇන්නා..මද වේලාවක් එලෙසම තබා ඒවාත් රැගෙන පිටත් වුණා.. ඇය අසා තිබුණා
කැළෑ දිවියා වැඩිපුර ගැවසෙන්නේ පෙර දිනෙක ඇයත් සචින්තනාත් නවාතැන් ගත් ගල් තලාව අසල බව..
~මතු සම්බන්දයි~
No comments:
Post a Comment