Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 07 කොටස

7 කොටස

මේ යන්නේ කොහාටදැයි තමා සමග ගමන් ගන්නා සේවිකාවන්ගෙන් විමසීම නිෂ්ඵල බව මුතූ දැන සිටියා ය.. මේ වන තුරු කිසිම සේවිකාවක් අවශ්‍යම වචනයක් දෙකක් හැරෙන්නට ඈ සමග කථාවට එළඹුනේ නැත. එය ඔවුන්ට තහනම් කර තිබුනා විය හැක. ඔවුන් ජල මාර්ගයක් ආසන්නයෙන් ගමන් කලෝය.. අනෙක් පසෙහි වනාන්තරය පමනක්ම විය..

ඇත් රියෙන් ගමන් කලේ රජු පමණකි. රියට පරිවාර ලෙස පිටුපසින් ගමන් කල සියයකට අධික සෙබලුන් හා සේවිකාවන් ගෙන් යුක්ත වූ පිරිසගේ පා හඩ හැරුනු විට වෙනත් කිසිදු හඩක් කිසිවෙකුගේ මුවින් නැගුනේ නැත..
මෙතරම් සංවර බවක්!!
අවසානයේ ඔවුන් විහාරස්ථානය වෙත ලඟා වූහ. මුතූ අනුමාන කල අයුරින්ම ඒ පිදුරංගල විහාරයයි.. මේ පිළිබද තොරතුරු දැන ගැනීමට මුතූට අවශ්‍යව තිබූ නමුත් කිසිවෙකු ඇය හා කතා නොකිරීම එයට බාධාවක් විය..
පෙනෙන තෙක් මානයේ කුඩා කුටි කිහිපයක් විය .
රජුත් තවත් සෙබළුන් කිහිප දෙනෙකුත් එහි යන ලදී...

"ස්වාමීන් වහන්සේ වනයේ භාවනා කරනවා විය යුතුයි.."

යැයි සෙබලෙකු පවසනවා මුතූට ඇසුනි. එම ස්වාමීන් වහන්සේ වඩින තෙක් බලා සිටීමට ඔවුන්ට සිදුවිය..
විශාල දුරක් පයින්ම ගමන් කර සිටි පිරිස, ස්වාමීන් වහන්සේ වඩින තෙක් අවට වූ ගල් තලාව මත වාඩි වී ගිමන් නොහරින්නේ ඇයි දැයි මුතූ සිතුවාය.. පිරිසේ කිසිවෙකුවත්, රජු වත් එසේ හිද ගත්තේ නැත..
මුතූ ට නම් තවත් සිට ගෙන සිටීම අසීරු විය.. එහෙත් අනෙක් කිසිවෙකු ඉද ගැනීම නොකරන බැවින් ඇය අපහසුවෙන් සිටගෙන සිටියාය.. මෙය ඔවුන්ගේ ශරීර ශක්තියද එසේත් නැති නම් බය පක්ශපාතිත්වයද යන්න මුතූ කල්පනා කලාය..

අඩ හෝරාවක් පමන ගත විය.. දුඹුරුවන් සිවුරක් හැදි ස්වාමීන් වහන්සේ නමක් අප සිටින දෙසට වැඩියහ. රජු ඇතුලුව පැමිනි පිරිස ස්වාමීන් වහන්සේට වඳින ලදී..
මුතූ වඳින මොහොතේ ස්වාමීන් වහන්සේ ඇය දෙස බලා මද සිනා පෑහ. මේ අතීතයට නුහුරු ඇදුම් තමා ඇද සිටිනවාට විය යුතු යැයි සිතා ඇයට ලැජ්ජාවක් ඇති විය.. එවිටම භික්ෂූන් වහන්සේ මෙසේ පැවසූහ.

"කාලය හරහා අතීතයට පැමින ඔබට වුනු විපතක්! එහෙම නේද.." :)

එය ඇසීමෙන් විශ්මයට පත් වූ මුතූට කිසිවක් කියා ගත නොහැකි විය..
ස්වාමීන් වහන්සේට කලින්ම ආරංචි වී ඇත්ද.. නැතිනම් කිසිවෙකුත් පිළිනොගන්නා මා  අනාගතයෙන් පැමිණි කථාව ස්වාමීන් අහන්සේ එලෙසම පැවසුවේ කෙසේද.. මුතූ ඒ පිළිබඳව සිත සිතා සිටින විට ස්වාමීන් වහන්සේ කුටියට වැඩියහ. රජුද එතුලට ගමන් කලේය.. රජු විසින් ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාරනු පිටත සිටි ඔවුන්ට ඇසිනි.

"ඔබ වහන්සේලාගේ පැන් පහසුව සදහා තවත් පොකුණු කිහිපයක් තැනවීමටයි මගේ අදහස.."

රජු පැවසීය.. භික්ෂූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කලහ. පවතින පොකුනු ප්‍රමානවත් බව රජුට දැන්වීය..
රජු තමා ආ කාරණය පවසන්නට ආරම්භ කලේය..

"ස්වාමීන් වහන්සෙ, මට ගැටළුවක් තිබෙනවා.. එයට විසදුමක් ලබා ගැනීමටයි ඔබ වහන්සේ වෙත පැමිනියෙ."

එවිටම ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ..

"ඇය පවසන්නෙ සත්‍යක් රජතුමනි. ඇය අනාගතයේ සිට මෙහි පැමින ඇත්තේ මේ අතීතයේ තොරතුරු සෙවීමට.. "

ඉන් පසු පැවසූ කිසිවක් පිටත සිටි අපට පැහැදිලිව ඇසුනේ නැත.
මුතූට ඇගේ සවන් අදහා ගත නොහැකි විය.. රජු කිසි ම මොහොතක තමා ආ කාරණය ස්වාමීන් වහන්සේට නොපැවසූ බව ඇයට විශ්වාසය..
එසේ නම්..එසේ නම් මේ ධ්‍යාන ලාභී භික්ෂුවක් විය යුතුය.. ඇය තනිවම සිතුවා ය..
එය ආපසු යාමට කාලය වූ බැවින් නැවතත් සියලු දෙනාම ස්වාමීන් වහන්සේට වැඳ අවසර ගත්හ.
ඇත් රථයෙහි යාමට මුතූට තිබූ ආශාව ආපසු යන ගමනේදී ඉෂ්ඨ විය.. රජු අණ කල පරිදි සේවිකාවන් ඇයව එයට නැග්ගවීය.. කෙටි තරප්පුවක් ඔස්සේ ගොඩ විය යුතු වූ අතර රජුට ඉදිරියේ පසෙකින් වූ ආසනයක ඇයට ඉද ගැනීමට අවසර ලැබිනි.
ඇතෙකුගේ ගෙල දෙපස රැඳවුමක් රියට සම්බන්ධ කර ඇත. රෝද දෙකක් මතින් රථය ගමන් කරයි.දෙපස බැලීමට රථයෙහි කවුළු දෙකක් තිබිනි. එවර නම් රජු ඇයව පිළිගත්තේ සිනා මුසු මුහුනින්‍ ය..

"ඔබව අමුත්තකු ලෙස අප රාජ්‍යයට පිළිගන්නවා! "

*************************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment