Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 12 කොටස

12 කොටස

චිත්ත එම නිවස තුලට පැමිනෙන විටම දුටු දසුනින් විශ්මයට පත් වුනා.මෙයට පෙර දැක නුපුරුදු තරුණයෙකු අත්තම්මගෙ නිවස තුල..! මද සිනාවකින් එම තරුණයාට සංග්‍රහ කර අත්තම්මාගෙන් මෙසේ විමසුවා..

"ඔහු කවුරුන්ද අත්තම්මෙ..? "

"ඔහු මගේ නෑයෙකුගෙ දරුවෙක් සෙන්පතිතුමනි.අසරණයා.ඔහුගෙ මව මොහු කුඩා කාලයේදිම මිය ගියා..පියා මෑතකදි මිය ගියා..ඉතින් මා ඔහුව රැගෙන ආවා..
මේ නිවසේ මා සිටින්නේත් තනිවමනෙ.. "

අත්තම්මගෙ වදන් වල සැක කිරීමට යමක් චිත්ත සෙන්පතිට තිබුනේ නැහැ.ඔහු ප්‍රභා අසලට ගොස් ඇගේ කරට අතක්ද දමා ගත්තා..ප්‍රභාට ඒ ක්‍රියාවට නැගුනු කෝපය අපහසුවෙන් ඉවසා ගත්තා තමා දැන් කුමරිය නොවන බව මතක් වූ නිසා..

"ඔබගෙ නම කුමක්ද...? "

චිත්ත විමසුවා.

ම...ම...  මම බිම්සර.

පෙනුමෙන් මෙන්ම කටහඩින් ද ලා බාල තරුණයාගෙන් කවට කමට මෙන් චිත්ත මෙසේ විමසුවා..

"ඔබ කැමතිද අපේ සටන් සේනාවට එක් වන්න...? "

"මා එයට කැමතියි.."

ප්‍රභාගේ එම වදන් ඇගේ මස් නහර ඇට තුලින් මතු වූවා වැනිය..ප්‍රීතිය නිසා ඇගේ දෑස් දිලිසුනාය.. එය කෙතරම් අනගි ඇරයුමක්ද..
සටන් කිරීමට...සේනාවක් සමග එකතුවී සටන් කිරීමට...
සියලු දේ ඉගෙන ගත හැකියි..

පෙරදා රත්‍රියේ ඇය නිදිවර්ජිතව බොහෝ දේ කල්පනා කලා..ප්‍රතාපසිංහ  රජුට විරුද්ධව  සේනා රැස් කරන කුමරුගේ නිර්භීතකමට ඇය මහත් සේ ඇළුම් කලා.. තමාත් කුමරෙකු වූවා නම් තම රජ්‍යයේත් මෙලෙස තරුණයන් රැස් කර කුමරුගේ සේනාව ශක්තිමත් කිරීමට හැකි වන්නට තිබුනා යැයි ඇය කල්පනා කලා..
එම සේනාවට එක් වන ලෙස චිත්ත සෙන්පති කල ආරාධනයෙන් ඇය වචනයෙන් ප්‍රකාශ කල නොහැකි සතුටකට එලඹුනේ ඒ නිසාය..

"මා කැමතියි  මේ අද පටන් වුවත්.."

බිම්සර (ප්‍රභා කුමරිය) ට තව වචනයක් වත් කීමට ඉඩ නොතබා අත්තම්මා කෝපය මුසු හඩකින් කතා කලා..

"නැහැ. ඔබ සේනාවට එක් වන්නේ නැහැ. සෙන්පතිතුමනි ඔහු තාම ලාබාලයි.සටන් පුහුණුව ඔහුට කෙසේවත් ගැලපෙන්නෙ නැහැ.. මා ඔහුට අවසර දෙන්නෙ නැහැ.."

අත්තම්මා ගේ එම වදන් සමග චිත්ත සෙන්පතිතුමා සිනා වුනා..

"නැහැ අත්තම්මෙ.. මා ඔහුට කවටකමකුයි කලේ.. මා දන්නවා ඔහුට සටන් උචිත නොවන බව... "

එම වදන් ඇසීමත් සමග සදක් මෙන් සතුටින් බැබලෙමින් තිබුනු කුමරියගේ සිත අදුරු වලාවකින් වැසී ගියා..
ඇගේ සිතට නැගුනු ආවේගයන් ඔස්සේ පැමිනි කෝපය පිට නොකර අපහසුවෙන් ඉවසා සිටියේ මෙතනදී තමා කුමාරිකවක් නොවන බව නැවතත් මතක් වූ නිසාය...

අත්තම්ම සැනසුම් සුසුමක් හෙලුවා..කුමරියට තම දෑස් කදුලින් බොදවී යනු දැනුනා..ඔවුන්ට නොපෙනෙන ලෙස ඇය තම වත පසෙකට හරවා කදුළු පිස දා ගත්තා...

**********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment