Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 27 කොටස

27 කොටස

කුමරුගේ යුධ වියදම් පිළිබව ප්‍රභා සප්තගෙන් විමසන විට ඔහු එම ප්‍රශ්නය මග හැර සිටියා..
බිම්සර  පිලිබදව සත්‍ය දැන සිටියද නොසිටියද මේ අවස්ථාවේ  කුමරු සම්බන්ද කිසිදු කරුණක් කිසිවෙකුට දිග හැර දැක්වීමට ඔහුට අවශ්‍ය නොවීය..
-------------------------------------------------
නමුත් සිදු වූයේ මෙයයි.. මෙකල වන විට කුමරුගේ වැඩිමල් සොයුරාගේ සරණ මංගල්‍යය සහ ඔටුනු අභිෂේකය පවත්වා අවසන් වූ කාලයයි.. කුමරුගේ මව්පියන්ට අවශ්‍ය වූයේ ඔහුටත් සුදුසු කුමාරිකාවක් සොයා සරණ මංගල්‍යක් සිදු කර දීමටයි.. නමුත් කුමරුට අවශ්‍යව තිබුනේ සටනක් මෙහෙයවා ප්‍රතාපසිංහ රජු පරාජය කිරීමටයි..
අනෙක් රාජ්‍ය  වල රජවරුන් මෙන්ම තම පියානන්ද  බියගුලු ලෙස කප්පම් ගෙවනු  දැකීම ඔහුට අප්‍රිය වුනා.. කුමරු සරණ මංගල්‍යයක් සදහා කැමැත්තක් පලකලේ නැහැ.නමුත් ඔහු සටන් කිරීම සදහා සැලසුම් සිතීමේදී යුධ වියදම් පිලිබද ඔහුගේ අවදානය යොමු වුනා..
අවසානයේදී ඔහු සරණ මංගල්‍යය පිලිබද යෝජනාව එයට පිළිතුර කර ගත්තා..

"පියාණනි, කුමාරිකාවක් සරණ පාවා ගැනීමට ප්‍රථම මට මාලිගාවක් තැනිය යුතුයි.."

නමුත් රජු පැවසුවේ මහා මාලිගාව අසල ඇති මාලිගා දෙකෙන් කුමරුට අවශ්‍ය ඕනෑම මාලිගාවක් තෝරා ගත හැකි බවයි.. නමුත් තම සිතැගි අනුව මාලිගාවක් තැනිය යුතු බවත් ඒ සදහා තමන්ම මැදිහත් විය යුතු බවත් කුමරු පැවසුවා..
ඔහු තම මාලිගාව තැනීම සදහා රාජ්‍ය සීමාව වනාන්තරය අසල තෝරා ගන්නවාට පියරජු ඒ තරම් කැමති වූයේ නැහැ..එය ප්‍රධාන මාලිගාවට විශාල දුරකින් පිහිටා තිබූ නිසා..
එහෙත් අකමැතිව සිටි කුමරු කෙසේ හෝ සරණ මංගල්‍ය සදහා කැමැත්ත පල කල නිසා රජුත් බිසවත් කුමරු කැමති අයුරක් ඉටු කර ගැනීමට ඉඩ දුන්නා.. එය සාදා නිම වන තෙක් කිසිවෙකුටත් නැරඹීමට ඉඩ නොදිය යුතුයැයි කුමරු පිය රජුගෙන් ඉල්ලීමක්ද කලා..
කුමරුගේ කැමැත්ත ලැබුනු බැවින් රජු සහ බිසව ඔහුට සුදුසු කුමාරිකාවක් අසල  රාජ්‍යයන් වලින් සොයා බැලුවා..
පන්ඩුක රජුගේ දෙටු දියණිය ප්‍රභා පිලිබද ඔවුන් යෝජනාව ගෙන ආවේ එලෙසයි.. තමාට විවාහ වීමට අවශ්‍ය නැතැයි කියමින් කුමරිය තම මව් බිසව සමග වාද කර ගත්තේ මෙම යෝජනාව පැමිනි පසුවයි..
මාලිගාව සෑදීම සදහා හන්සක කුමරුට රාජ්‍ය භාණ්ඩාගරයෙන් මුදල් ලැබුනා.. ඒ සියල්ලම ඔහු යුද්ධය සදහා වියදම් ලෙස යොදා ගත්තා.. කෙලෙසක වත් පරාජය වීමට ඔහුට අවශ්‍ය වුනේ නැහැ..
ප්‍රතාපසිංහ රජු පරදා ඔහුව සිරගත කිරීමෙන් එම රාජ්‍ය තමාට අත් වන බව හන්සක කුමරු දැන සිටියා.. නමුත් ඔහුට තිබුනේ එම රාජ්‍ය පිළිබද තන්හාවක් නොවේ.. කෙසේ හෝ දුෂ්ඨ පාලකයාව ඉවත් කර තම පියාණන්ටත් අනෙක් රාජ්‍ය වල  රජවරුන්ටත් සහනයක් සැලසීමයි.. රජවරුන්ගේ එම බදු බර, ඒ සෑම රාජ්‍යකම ජනතාව මතත් පැටවී තිබුනා..

***********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment