Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 28 කොටස

28 කොටස

යුද්ධය සදහා තවත් ඉතිරිව තිබුනේ එක් දිනයයි. සියලුම සෙබලුන් රැස් කරන ලෙස සප්ත සෙන්පති, චිත්ත වෙත පැවසුවා.. සියලු දෙනාම කැදවූ පසු සප්ත ඔවුන් අමතා කතා කලා..

"අප හෙට දිනයේ මුහුන දීමට සූදානම් වන්නේ ඇතැම් විට මේ රාජ්‍යන් වල වසර ගනනාවකින් සිදු නොවූ, සිදු නොවන යුද්ධයක් විය හැකියි..
ප්‍රතාපසිංහ රජුට සිටින්නේ අපගේ සේනාවෙන් අර්ධයක් පමන.. ඔවුන් සියලු දෙනා ප්‍රබල බවත් කිසිවෙකු ඔවුන් සමග සටන් කිරීමට වත් නොසිතන බවත් මගේ  සෙබලුනි ඔබට අමුතුවෙන් කිව යුතු නොවෙයි..
නමුත් අප බොහෝ කාලයක් පුහුනුවීම් සිදු කරමින් අපගේ සේනාව ශක්තිමත් කලා... මට විශ්වාසයි! අපට හැකියි  ඔවුන් පරාජය කරන්න!! අපගේ ජීවිත ආශාව අතහැර හෙට දින අප යුධ පිටියට බසින්නෙ එම කෘර රජුත්, ඔහු නිසා පීඩාවට පත්ව සිටින රජවරු, රට වැසියන් සියලු දෙනා ඉන් නිදහස් කර ගැනීමත් වෙනුවෙන්.."

මෙලෙස සප්ත සෙන්පති ඔවුන්ගේ අරමුණ නැවත සිහි ගන්වා සෙබල පිරිස ශක්තිමත් කලා.. පසු දින උදෑසනම පිටත් විය යුතු බැවින් සටනට පෙර විවේකයක් ගන්නා ලෙස ඔහු සෙබලුන්ට පැවසුවා..
-----------------------------------------------------------
යුධය සදහා නොයන ලෙස අත්තම්මා තමාට හැකි සෑම අයුරකින්ම ප්‍රභාගෙන් ඉල්ලා සිටියා.. ප්‍රභාගේ මෙම හිතුවක්කාර තීරණය පිලිබදව අත්තම්මා බොහෝ සේ දොස් නැගුවා.. නමුත් කුමරියට අවශ්‍ය වූයේ තම උපරිමය සටන වෙත ලබා දීමටයි.. ඇය ඒ සදහා හෙට දිනයේ සටන් කල යුතුව තිබුනා... කිසිදු හේතුවක් නිසා මෙය නවත්වා දමන්නට ඇයට අවශ්‍ය වූයේ නැහැ.. නමුත් අත්තම්මාගේ වචන ඇගේ සිත ව්‍යාකූල කර තිබුනා..
අත්තම්මාගේ වචන නිසා ඇතිවූ සිත් රිදීමට අමතරව තවත් කරුණක් ඇගේ සිතේ රිදුම් දෙමින් පැවතුනා..

"හෙට දිනයෙන් පසු කුමක් සිදු වේවිද.. අපගේ හමුදාව නිසැකවම ජය ගනීවි.. සප්ත සෙන්පතිතුමා කුමරුගේ හමුදාවට නයකත්වය දෙමින් නව රජ්‍යයේම සිටීවි.. ඇතැම් විට ඔහුට කුමරුන් විසින් ඉහල නිලයක් ලබා දේවි..
මට සෙබලෙකු ලෙස ඉතිරි ජීවිතය ගෙවන්නට බැහැ.. මා අත්තම්මා සමග මෙහි සිටිය යුතුයිනෙ.
ඉන්පසු.. ඉන්පසු කිසි දිනකවත් මට ඔහුව දකින්නට නොලැබේවි.. " :'(
ප්‍රභාගේ දෑස් කදුලින් පිරුනා..

"මා නැවත මාලිගයට ගියත් මව් බිසවත් පියරජුත් යෝජනා කල මේ කුමරු සමග විවාහ වීමට සිදු වේවි.. ඇතැම් විට මා මිය ගිය බව ආරංචි වූ විට ඔහුට වෙනත් කුමාරිකාවක් සොයා ගන්නටත් ඇතියි.. මා නැවත මාලිගාවට නම් යන්නේ නැහැ.. අප සෙබලුන් මෙතරම් ඔහුගේ බලාපොරොත්තු වෙනුවෙන් වෙහෙසෙනවා.. ඔහු වචනයකින් හෝ අපව ධෛර්යමත් කරන්නට මෙහි පැමිනියේ නැහැ.. කුමකටද එවැන්නෙක්! මුලදී ඔහු ගැන තිබූ ප්‍රසාදය නම් මා තුල දැන් නැහැ.. සප්ත පමනයි මගේ සිත බලාපොරොත්තුවෙන් සිටින්නෙ.."

ප්‍රභා පලමු වරට තම සිතෙහි ඔහු පිලිබද නැගුනු හැගීම් එලෙසින්ම පිලිගනිමින් සිටියා..

"නමුත්.. නමුත්..එය කෙසේවත්  සිදුවන්නක් නොවේනෙ.. "

ප්‍රභාට එම හැගීම් කිසි  ලෙසකත් දරාගත නොහැකි වුනා.. අසල වූ ගසක් යට හිද ගත් ප්‍රභා හඩන්නට පටන් ගත්තා...

***************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment