Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 15 කොටස

15 කොටස

"සියල්ලන් ආරක්ෂාව සදහා පලා යනු! "

මාලිගාවේ සිටි අමාත්‍යයවරයෙකු නියෝග කලේය..
රාජධානියේ සියල්ලන්ටම ඉතිරිව තිබුනේ පළා යාම පමණකි..
මීලඟට මුගලන් පැමිනෙන්නේ මෙහි බව අමුතුවෙන් පැවසිය යුතු නොවුනි.. සියල්ලන් හිස් ලූ ලූ අත දිව ගියෝ ය.. අන්තඃපුර කාන්තාවන්ද පළා ගියහ. නමුත් රජ පවුලේ කිහිප දෙනා පමණක් හඩමින් එතැනම සිටියෝ ය..
මුතූ සෙමින් බෝධි කුමරිය වෙත ගියා ය..

"කුමරියනි හඩලා පලක් නැහැනෙ. දැන් මුගලන් මෙහි පැමිණිය හැකියි.. ඔබ සියලු දෙනාගේ ජීවිත වලටද අනතුරක් විය හැකියි.. පලා යාමයි කල යුතු හොඳම දෙය වන්නෙ... "

"මුතූ ඔබ මේ සියල්ල සිදු වන බව දැන සිටියා ද..? "

කුමරිය හැඩුම් අතරින් විමසුවා ය.. එයට පිළිතුරක් දීමට මුතූ උත්සහ නොකලාය.. ඇය බෝධි කුමරියට මෙසේ පැවසුවා ය..

"පිය රජු මිය ගිය බව සත්‍යක්..කුමරියනි... එහෙත් මව් බිසවගේත්, මිත්තණියගේත්, නැඟනියගේත් ජීවිත බේරා ගත යුතුයි ඔබ.. ඔවුන් සමග පලා යන්න.. "

"මුතූ ඔබත් අප සමඟ පැමිනෙන්න..."

කුමරිය ආයාචනාත්මක ලෙස මුතූගෙන් ඉල්ලා සිටියා ය..

"කුමරියනි, මා මේ අතීතයට අයත් කෙනෙකු නොවෙයිනෙ.. මා ජීවත් වන අනාගතයට මා නැවත යා යුතුයි.. ප්‍රමාද නොවී ඔබලා පිටත් වෙන්න.. ඉන් පසු මාත් අනාගතයට පිටත් වෙනවා.."

කුමරිය මවත් නැඟනියත් මිත්තනියත් සමඟ අනෙක් රහස් උමඟ වෙත ළඟා විය.. බිසවුන් හා කුමරියන් හැර නොයා ඉතිරි වූ සේවිකාවක් කිහිප දෙනෙක්ද ඔවුන් සමග විය..
සියල්ලන්ම උමඟ තුලින් ඇතුල් වූ පසු බෝධි කුමරිය මදක් නතර විය..

" මුතූ ඔබ මේ වන තෙක් අපත් සමග සිටියාට ස්තූතියි ඔබට.. ඔබගෙන් සමු ගැනීම දුකක් දැනෙනවා.. "

"කුමරියනි.., මට සමාවෙන්න.. සියල්ල දැන සිටියදීත් මා ඔබට සැඟවූවාට.. නමුත් කුමරියනි.. මේ අතීතය මට වෙනස් කල නොහැකියි.. මා කුමක් කලත් මේ සිදු වන දේවල් එලෙසම සිදු වෙනවා.. " :(

"කමක් නැහැ මුතූ.. මට එය වටහා ගත හැකියි.. ඔබ ඒ ගැන කණගාටු වන්නට එපා..! "

කුමරිය තම ඇගිල්ලෙහි වූ මැණික් ඔබ්බ වූ අලංකාර මුදුවක් මුතූගේ අතෙහි තබමින් මෙසේ පැවසුවා ය..

"මෙය ඔබ තබා ගන්න.. මා මතක් වීම සදහා.."

මුතූ එය භාර ගත්තේ නැත..

"කුමරියනි.. මෙය අතීතයට අයත් දෙයක්.. මෙය පෞද්ගලිකව මා සතු කර ගැනීම අනාගතයේ දී නම් විශාල වරදක්..! :)   මට මෙය භාර ගන්නට බැහැ.. අනෙක කුමරිය මට ඔබව සිහි වීමට යමක් උවමනා නැහැ.. ඔබ දන්නවාද කසුබ් රජු සිතුවම් කර වූ සිතුවම් පන්සිය ගනනින් අනාගතයේ ඉතිරිව තිබෙනව ඔබ දෙදෙනා දිය කෙලින සිතුවම කිහිපය..  අනාගතයේ දී මෙහි එන සෑම වාරයකම ඔබවත්, මේ අතීතයේ සිදුවීම් සියල්ලත් මට මතක් වේවි...
ප්‍රවේසමෙන් යන්න ඔබ...ප්‍රමාද නොවී.. "

උණුසුම් සමු ගැනීමෙන් පසු කුමරියත් උමඟ තුලින් නොපෙනී ගියා ය..
මුතූ තම කුටියට ගොස් ඈ මෙහි එන විට හැඳ සිටි ඇදුම් ඇද ගත්තාය.. බෑගයත් අතට ගත් ඇය වහාම මාලිගයෙන් පිටතට පැමිණියා ය.. කිසිවෙකුගේ හඩක් නොඇසේ.. සියල්ලෝම පලා ගොස් ඇත..

'ආපසු යන්නේ කෙසේ ද මම...'
කළු පැහැ සෙවනැලි රවුමක් කිසි තැනක නුවූයේ ය..
මුතූ උමතු වූවකු ලෙස එය සොයන්නට විය..
' මට නැවත යාමට අවශ්‍යයි..'
මෙහි සිට මරණයට පත් වීමට සිදුවෙතැයි බියෙන් මුතූ හැඩී ය..
මොහොතකින් කිසියම් අයෙකුගේ උගුර පෑදීමක් අසලම ඇසිනි.. මුතූ විශ්මයට පත් විය. කවුරුන්ද තවමත් මෙහි සිටින්නෙ...?
සග්ගාර!!...ඔබ...  මුතූට පෙර අවස්ථා වලදී රාජධානිය පිළිබඳ තොරතුරු ලබා දුන් ඔහු පලා නොයා තවමත් හිඳීම මුතූ තුල කුතුහලයක් ඇති කලේය..

"ඔබ සොයන්නේ මෙය නොවෙද...? "

ඔහු විමසී ය.. පුදුමයකි. ඔහු ඉදිරිපිට කළු සෙවනැලි රවුම විය... මුතූ එදෙසට දිව ගියා ය..

"ඔබ.. ඔබ කොහොමද මෙය දන්නේ..?"

මුතූ විශ්මයෙන් විමසුවාය..

"ඔබ... මාව මෙහි එවූ සීයාමෙන් හැඩරුව ඇත්තෙක්නෙ.. ඒ බවක් මට මෙයට පෙර සිහි වුනේ නැහැනෙ.. ඔබ එම සීයාගේ පුතෙකු ද.. "

මුතූ නැඟූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු නොදී සිනහ විය..

"ඔබ ඇයි පලා නොයන්නෙ..? මුගලන් මෙහි පැමිනේවි.."

මුතූ විමසුවා ය..

"මේ අප ඉතා දුක් මහන්සියෙන් ගොඩ නැගූ රාජධානිය.. කිසිවෙකුට එය විනාශ කිරීමට ඉඩ දෙන්නෙ නැහැ මම..!! " >:(

එවර ඔහුගේ ස්වරය දැඩි විය..

"නැහැ සග්ගාර, මා දන්නා අතීතයට අනුව ඔහු මෙය විනාශ කරන්නෙ නැහැ.. මෙය ඔහුගෙ රාජධානිය කර ගන්නෙත් නැහැ.. මේ ගිරිය භික්ෂූන් වහන්සේලා ට නැවතත් වාසය සදහා දී ඔහු අනුරාධපුරයට යනවා.. කසුබ් රජුගේ දේහය ආදාහනය කරලා හිරිවඩුන්න ප්‍රදේශයේ සෑයක් ද තැනුවා කියලා මා අසා තිබෙනවා.. ඔබ මෙහින් පලා ගොස් ජීවිතය රැක ගන්න සග්ගාර.."

********************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment