Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 26 කොටස

26 කොටස

සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇයි දැයි චිත්ත සිතමින් සිටියා.. නමුත් ඒ සදහා සුදුසුම දිනය සප්ත සෙන්පතිතුමා  ඒ වන විටත් තීරණය කර තිබුනා..

"චිත්ත.. පැමිනෙන්න මා සමග.. අප අද දින සැලසුම සකස් කර අවසන් කල යුතුයි.."

"අපගේ හමුදාව දහසකට ආසන්නයි.. ප්‍රතාපසිංහ රජුගේ හමුදාව ඒ තරමින් අඩකුයි මා දන්නා ලෙසට..
චිත්ත අපි අපගේ හමුදාව සිව් කොටසකට බෙදමු.. මා සිතා සිටින්නෙ ස්ථිරාංග රාජ්‍ය හා අප රාජ්‍ය වෙන් වන කඳු වැටිය ආසන්න සමතලා බිම අපගේ සටනට සුදුසුම ස්ථානය යැයි කියා.. එය එසේ නොවේද චිත්ත.. "

"එය කදිමයි!! මාත් එය අනුමත කරනවා.."

"යුද්ධය ප්‍රකාශ කරන විට අප එම ස්ථානය  සදහන් කල යුතුයි චිත්ත..
මා සදහන් කල පරිදි පලමුවෙන් අප බෙදූ සිව් කොටසින් එක් කොටසක් ඔවුන් සමග සටනට යවමු.. එම සෙබල පිරිසේ නයකත්වය මා දරන්නම්..
අපගේ පිරිස කුඩා යැයි සිතමින් ඔවුන් අනවශ්‍ය බියකින් තොරව සටනට  එලඹේවි..
එවිට අපගේ අනෙක් හමුදා කොටස් වෙන වෙනම  කදු වැටිය එපිටින් එමින් සටන සදහා එක් විය යුතුයි.. ඔවුන් නොසිතූ මොහොතක අපගේ සෙබල පිරිස් සටන සදහා  එක් කිරීමෙන් අපට වාසියක් ලබා ගත හැකියි...
චිත්ත, මට ඔබගේත් අදහස් අවශ්‍යයි.."

"අලුතින් ලබා දීමට කිසිදු අදහසක් නැහැ.. ඔබ එය මනා ලෙස සැලසුම් කර තිබෙනවා.  ඇත්තෙන්ම අපූරුයි සෙන්පතිතුමනි.."

"එලෙසම චිත්ත.., අනෙක් පිරිස් තුනෙහි නායකත්වය නන්දික, ඔබ සහ සාලිය දරන්න.. හෙට දිනයේ ඔවුන් රැස් කරවා මේ පිලිබදව දැනුවත් කරමු..
චිත්ත.. මා සිතා සිටින්නේ  ජාල ව මෙහි රැගෙන එන්නට.. සටන සදහා රැගෙන යාමට.."

චිත්ත විශ්මයෙන් මෙසේ විමසුවා..

"ජාල  හස්තියා..?  නමුත් ඒ සදහා ඔබට අවසර ලැබෙන එකක් නැහැ.. කුමක් පවසාද රැගෙන එන්නෙ..? "

සප්ත සිනා සී මෙසේ පැවසුවා..

"චිත්ත මා දැනටමත් ඒ සියල්ල සූදානම් කර තිබෙන්නෙ.. හෙට දින සවස් වන විට ජාල මෙහි සිටීවි.."

""""""""""""""""""""""""""""""""'"""""""""""""""""""""""
පියරජතුමාගේ රජ්‍යයේ කිසිදු අනු දැනුමකින් තොරව කුමරු මෙලෙස සේනාවක් සංවිධානය කිරීම පිලිබදව ප්‍රභා විශ්මයට පත්වුනා.. මෙලෙස සේනාවක් සංවිධානය කිරීමට කුමරුට මුදල් කෙසේ ලැබෙන්නේද.. යුද්ධයකට විශාල මුදලක් වැය වෙනවා..
සෙබළුන්ට ආහාර පාන  ආයුධ සදහා සියලු වියදම් ලබා දෙන්නේ සප්ත සෙන්පතීන් නිසා ඒ පිලිබදව ඔහුගෙන් අසා දැන ගැනීමට ප්‍රභා සිතා ගත්තා..

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment