Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 03 කොටස

03 කොටස

රජුගෙ එකම පුතු සන්තූප කුමරු නිතරම තම පියණන්ගේ ආශාවන් හා බලාපොරොත්තු අනුවම කටයුතු කලා..මේ නිසා තම පියාණන්ගේ මෙන්ම මෑණියන් ගේත් වැඩි ආදරයට ඔහු නොමදව ලක් වුනා.තම පුතුගේ දක්ශතා පිලිබදව අනෙක් රජ්‍ය වලද පැතිර වීමේ අදහසින් ඔහු සන්තූපයන්ගේ ශිල්ප දැක්වීමේ උත්සවය අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් කරමින් සිටියා..
පිය රජුගේත්, මව් බිසව ගේත්, මළණුවන්ගේත් මාලිගාවේ ජීවිතය ඇගේ සිත් ගත්තේ නැහැ.ඇය ඔවුන් තිදෙනා ගැන විටෙක පුදුමයටත් විටෙක කළකිරිමටත් පත්ව සිටියා.
බැස යන හිරුගේ රශ්මි කදම්භයන් ඇගේ කුටිය වෙතටද එබිකම් කරමින් තිබුණා..දිවා ආහාරය රැගෙන එන සේවිකාවන්ට වත් ඇතුල් විය නොහැකි වන පරිදි කුමරිය තම කුටිය අගුළු ලා ගෙන සිටියා.පිය රජු මාලිගාවෙන් බැහැරට ගොස් සිටි දිනයක් වූ බැවින් අද දිනයේ ඈ අතින් සිදු වන මේ මුරන්ඩුකම් පිලිබදව ඈ බිදක් වත් බිය වුනේ නැහැ.
කුමරිය සයන මත වැතිරී ගෙනම කල්පනා කරන්නට පටන් ගත්තා.

"මට මේ මලිගාවෙන් පිටතට යන්න අවස්තාවක් ලැබුනොත්!! මට හැකි වෙවි මේ ලෝකය කොච්චර සුන්දරද කියලා මගෙ ඇස් වලින්ම බලා ගන්න.. මම මෙතෙක් කල් ඒ ලෝකය සිතින් මවා ගත්තෙ  සචින්තනාගෙ වචන වලින් පමණයිනෙ.."

"කුමරියනි, කුටියෙහි දොර අරින්න..මා පැමිණියා.."

කුටියෙහි පිටතින් නැගුනු සචින්තනාගේ හඩින් කුමරිය වහා තම මනෝලොවින් පිටතට පැමිනියා..ඇය කුටියෙහි දොර හැර සචින්තනාට පමනක් කුටියට ඇතුල් වීමට ඉඩ ලබා දුන්නා..

වියලී ගිය කදුලු වැල් ප්‍රභා කුමරියගේ මුහුනේ රැදී තිබුනා.කුමරිය පැමින නැවත තම සයන මත හිද ගත්තා.සචින්තනා තම සුපුරුදු ලෙන්ගතු  සිනහවෙන්ම කුමරිය පසුපස පැමින කුමරියගේ අත මෘදුව අල්ලා ගත්තා..

"කුමරියනි.., සිදු වූ සියල්ල හිමන්කි මෙහෙකාරියගෙන් මා දැන ගත්තා.ඔබ දුක් නොවන්න කුමරියනි..
මා ඔබට පවසා තිබුනනෙ මෙවැනි දිනයක් එලඹෙන බව..
සෑම කුමරියක්ම මේ වයසෙදි විවාහ විය යුතුයි..ඇතැම් විට ඔබ සොයන නිදහස....."

"නවත්තන්න..සචින්තනා..ඇයි ඔබත් ඔය ලෙස කථා කරන්නෙ.. මේ මාලිගාවෙ හැම දෙනාටම වඩා මාව තේරුම් ගත්තෙ ඔබ..ඒත් දැන්  ඔබත් මාව තවත් හිර ගෙයකට මාරු කර යැවීමට සහය දෙනවද..කියන්න.."

ප්‍රභා කුමරියගේ කදුළු වැල් නැවත අලුත් වුණා..

"අනේ කුමරියනි මා එසේ පැවසුවෙ...."

"නැහැ සචින්තනා මට තව මොහොතක් වත් මේ මාලිගාවෙ ඉන්න ඕනෙ නැහැ.මා කෙසේ හෝ මෙහෙන් පලා යනවා.."

සචින්තනාට තම උගුර වියලී යන බවක් දැනුනා.ඇය බිය වූ මුවැත්තියක් මෙන් වටපිට විපරම් කලේ කිසිවෙකුට හෝ ඔවුන්ගේ කතාබහ ඇසුනේදැයි බියෙන් විය යුතුය.සෙමින් කතා කරන ලෙස ඇය  කුමරියට සංඥා කලා.

"කුමරියනි, ඔබ උමතුවෙන් කතා කරනවද.. ඒ ගැන නම් හිතන්නවත්  එපා.ඔබ දන්නවනෙ ඔබේ පිය රජු කෙබදු කෙනෙක්ද කියලා..
 පැන ගොස් හසු වුනොත් ලැබෙන දඩුවම  ඔබට සිතා ගන්නට වත් බැරි වේවි."

සචින්තනා කෙබදු දේ පැවසුවත් කුමරියගේ මුරන්ඩු සිත වෙනස් කිරීමට ඇයටත් අසීරු ලෙසක් දැනුනා..

***********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment