30 කොටස
ප්‍රභාගේ වේදනාත්මක මුහුණත් කදුළු පිරුනු දෑසත් දෙස බලමින් ඔහුට පොරොන්දු නොවී සිටිය නොහැකි වුනා.. ඇයට මෙලෙස බොරු පොරොන්දුවක් ලබා දෙන්නට වීම පිලිබඳව සප්තගේ හදවත් අභ්‍යන්තරය රිදුම් දෙන්නට වුනා..
ඔහු පොරොන්දු වූ පසු ප්‍රභා දිගටම කතා කලා..
"සෙන්පතිතුමනි, මා තරුණයෙකු නොවේ... තරුණියක්.."
එය ඇසීමෙන් සප්ත කලබල නොවීම පිලිබදව ප්‍රභා විශ්මයට පත් වුනා.. සප්ත මෙසේ පැවසුවා..
"මට දැන ගැනීමට අවශ්‍ය ඔබ මෙලෙස වෙස් වලාගෙන රංගනයක් කිරීමට හේතුව...."
"සමාවෙන්න සෙන්පතිතුමනි.., මෙය රංගනයක් නොවේ.. මෙලෙස හමුදාවක තරුණයින් විශාල පිරිසක් යන එන, නැවතී සිටින එම නිවසෙහි තරුණියක් ලෙස මට ආරක්ෂාවක් තිබේද.. මට එලෙස සිටිය හැකියිද කියන්න.. අත්තම්මා මෙයට කිසි ලෙසකත් කැමති වූයේ නැහැ.. මගේ බලකිරීමටයි සෑම දෙයක්ම සිදු වුනේ.."
ප්‍රභා හැඩුම් අතරින් පැවසුවා..
"ඔබ මෙලෙස හඩන්නට එපා.. මා පැවසුවනෙ මා එයට අකමැතියි කියලා..."
සප්ත මෘදු ලෙස පැවසුවා..
"මට ඔබෙන් ඉල්ලා සිටීමට සිදු වෙනවා යුද්ධය සදහා සහභාගි නොවන ලෙස..."
"සෙන්පතිතුමනි, ඔබ ඇයි මෙලෙස පවසන්නෙ.. ඔබ හොදින් දන්නවා මා දුර්වල සෙබලෙකු නොවන බව.. අනෙක් සෙබලුන් තරමටම මා පුහුණුවීම් කර තිබෙනවා.. ඔය ලෙස පවසන්න එපා.. මට යුද්ධය සදහා ඉදිරිපත් වීමට ඉඩ දෙන්න.."
සප්ත මෙසේ පැවසුවා..
"හේතුව.. හේතුව නම් මා කැමති නැහැ ඔබට කිසිදු අනතුරක් වනවා දැකීමට.."
ප්‍රභාගේ දෑස් ක්ෂණයකින්ම ඔහු වෙතට හැරුනා.. ඇගේ ප්‍රශ්නාර්ථ දෑසට පිලිතුරක් වශයෙන් ඔහු ඇගේ දෑතින්ම අල්ලා ගත්තා..
"ඔබ තරුණියක් බව පවසන්නට පෙර මා එය දැන සිටියා.. ඔබව එලෙස දුටු දිනයේ සිටම ඔබ පිලිබද ඇති වූ සිතුවිල්ල ඉවත් කර ගන්නට මට නොහැකි වුණා.."
පුර සද අහස් ගැබ මුදුනට ලගා වෙමින් තිබුනා.. වෙනදා සද දෙස සොම්නසින් බලා හිදින ප්‍රභාට අද එම සද පිලිබද වගක් තිබුනේ නැහැ. වැසි දිය මිරිකා හරිමින් සැහැල්ලු වන වලාකුලක් මෙන් ප්‍රභා තම කතාව ඔහු ඉදිරියෙ පවසමින් සිත නිදහස් කර ගැනීමට සිතුවා..
"සෙන්පතිතුමනි, මා මගේ කතාවේ සියල්ල ඔබට පවසා අවසන් නැහැ... මා මෙය පැවසීමෙන් පසු කුමක් වේ දැයි මා දන්නේ නැහැ.. නමුත් ඔබ ඉදිරියේ තවත් මෙලෙස ව්‍යාජව සිටින්නට මට සිත් දෙන්නේ නැහැ.."
සප්ත සන්සුන් ලෙස ඇය දෙස බලා සිටියා.. ඇය කුමක් පැවසුවත් ඈ පිලිබදව ඇති වූ හැඟීම් තම සිතින් ඉවත්ව නොයන බව ඔහු දැන සිටියා..
**************************************
~මතු සම්බන්දයි~
No comments:
Post a Comment