Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 16 කොටස

16 කොටස

"සෙන්පතිතුමනි, මේ අපට ආහාර සපයන අත්තම්මා..ඇගේ නෑදෑ දරුවෙකුයි ඔහු.බොහෝම ලාමක පිරිමි දරුවෙක්.බොහෝ වේලාවට සිටින්නෙත් අප සමග.. පසුගිය කාලයේදී දුණු ශිල්පත් පුහුණු වූවා අපගේ සෙබලුන් සමග..
ඔහු අපේ හමුදාවට බැඳීමට නොයෙක් වර මගෙන් අවසර ඉල්ලුවා.. නමුත් සෙන්පතිතුමනි, සෙබල කණ්ඩායමට බඳවා ගැනීමට අප තරුණයන්ගේ සොයන සුදුසුකම් මොහු සතුව නැහැ..
අවසානයේදී තමයි මා පැවසුවෙ කාලෑ දිවියා මරණයට පත් කිරීමට ඔබට හැකි වුවොත් අපගේ හමුදාවට බදවා ගන්නම් කියලා..එයින් පසු ඔහු එම ඉල්ලීම අතහැර දැමීමයි මාගේ අරමුණ වූයේ.."

මෙය ඇසූ අත්තම්මා තවත් කලබල වුණා..

"දෙවියනේ... ඔබ එසේ පැවසුවද සෙන්පතිතුමනි..ඔහු අභියෝග වලට කැමතියි.ඔහුට යමක් අවශ්‍ය වුනොත් කෙසේ හෝ එය කරනවා..
එසේ නම් ඊයේ රාත්‍රියේ මගෙන් විෂ වර්ග පිලිබදව විමසුවෙ මේ නිසා වත්ද..එසේත් නැතිනම් ජීවිතයට අනතුරක් කර ගැනීමට.... " :'(

මෙය ඇසීමෙන් පසු චිත්ත සෙන්පතිතුමාද කලබල වුනා..

සප්ත සෙන්පතිතුමා වහාම තම දුණු ඊතල ද රැගෙන පැමිණියා..

"චිත්ත ඉක්මන් කරන්න.. ඔහුට අනතුරක් වීමට පෙර අප යා යුතුයි.."

චිත්ත හා සප්ත සෙන්පතීන් වහා පිටත් වුණා..
ඔවුන් යන දෙස බලා සිටින අත්තම්මාගේ දෑසින කදුළු  වැටුණා.. ඇය තමාටම මෙසේ කියා ගත්තා..
"හිතුවක්කාර දරුව.. මා ඇයට පැවසුවානෙ තමා තරුණියක් බව මතක තබා ගෙන කටයුතු කරන්න කියලා.. මෙවැනි භයානක දෙයක් කරන්නට ඇගේ සිත කෙසේ පෙලඹුනාද...
ඇයට කුමක් හෝ අනතුරක් සිදු වුවොත්! මට එය දරා ගත නොහැකි වේවි...
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ අතර ප්‍රභා ගස මතට වී බොහෝ වේලා බලා සිටියා.. කෙමෙන් දහවල ලගා වුනා.. ඇයට කුසගින්නද දැනෙමින් තිබුනා.අවට බලමින් සිටි ප්‍රභාට හදිසියේම දිවියාගේ දසුන නෙත ගැටුනා.
ඇගේ සැලෙන දෑත් දුන්න සහ ඊතල වෙතට යොමු වුණා..දිවියා දොල පහර අසල කැරකෙමින් සිටියා.. නමුත් ඉලක්කය ගැනීමට ඌ සිටින ස්ථානය දුර වැඩි බව ඇයට තේරුම්  ගියා.. දිවියා තවත් අසලට පැමිනෙන තෙක් ඇය ඉවසීමෙන් බලා සිටියා..
කෙමෙන් කෙමෙන් දිවියා ලං වන විට ඇය දුන්න ගෙන ඊතලයක් සූදානම් කර ගත්තා..දිවියාගේ ඉදිරි ගාතයකට ඉහල ප්‍රදේශය ඇගේ ඉලක්කය වුනා.. තමන්ගේ හිසේ සිට හදවත දක්වා සීතල වී යනු ඇයට දැනුනා.. ප්‍රභා දෑස් පියාගෙන තමාටම මෙසේ කියාගත්තා.
"කුමක් සිදු වූවත් මා මෙය කල යුතුමයි.."
සියලු ශක්තීන් සිතට ගෙන ඇය ඊතලය මුදා හැරියා..

*********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment