Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 41 කොටස (අවසාන කොටස )

41 කොටස. (අවසාන කොටස)

අවුරුදු දහයක පමන කුඩා කුමරෙකු මාලිගා උයනෙහි කඩු සටන් පුහුනු වෙමින් සිටියා.. ඔහුගේ සොයුරිය ඈතින් හිද එය නරඹමින් සිටියා.. පියරජු එතනට පැමිනෙනවා වත් කුඩා කුමරියට දැනුනේ නැහැ.. ඇගේ මුළු අවධානයම සොහොයුරාගෙ සටන් පුහුණුව කෙරෙහි යොමු වී තිබුනා..

"දියණියනි.., ඔබ කුමක්ද කරන්නෙ..? "

"පියාණනි..., සමාවෙන්න.. මා දුටුවෙ නැහැනෙ ඔබව.. අයියණ්ඩි දක්ශයි නේද පියාණනි .. සටන් කරනවා බලා ඉන්න ආසයි මට.."

මගෙ දූ කුමරියත් කැමතියි ද අයියණ්ඩි  මෙන් සටන් පුහුණු වෙන්න.."

එය ඇසුනු කුඩා කුමරිය ප්‍රීතියටත් විශ්මයටත් පත් වුණා..

"ඇත්තෙන්ම පියාණෙනි..මටත් හැකියිද කඩු ශිල්ප පුහුනු වෙන්න..? එයට අවසර ඇත්තෙ අයියණ්ඩිට පමණයි කියා මා සිතා සිටියෙ.."

මද සිනාවක් පෑ හන්සක රජු තම කුඩා දියණියගේ අතින් අල්ලා ගෙන ශිල්ප පුහුනු වන ස්ථානය වෙත ගියා.. ඇගේ අතට කුඩා කඩුවක් දුන් රජතුමා ප්‍රථම පාඩම තමන් විසින්ම ඉගැන්වීමට පටන් ගත්තා..

මේ අතර මාලිගයේ....

"බිසවුනි, ඉක්මනින් පැමිනෙන්න..ඔබට යමක් පෙන්වීමට තිබෙනවා.."

ඒ සමුද්‍රා ගේ හඩයි.. ඇය සදළු තලයේ සිට යමක් දෙස බලමින්, ප්‍රභා බිසව එහි කැඳවමින් සිටියා..

"කුමක්ද සමුද්‍රා.. කුමක් පෙන්වීමටද කැදවූයේ මාව..? "

උයනේ පුහුණුවීම් කරන හන්සක රජුත් දූ  කුමරියත් සමුද්‍රා, ප්‍රභා බිසවට පෙන්වූවා..
වචනයෙන් විස්තර කල නොහැකි හැගීමක් ඇගේ සිතෙහි ඇති වුනා.. මොහොතකට තම අතීතය වෙත සිත දිව  ගියා.. බිසව පහත මාලයට පැමිණ රජු සිටි දෙසට ගමන් කලා....
බිසව එදෙසට එනු දුටු හන්සක, තමා ඉගැන්වූ දේ කුමරියට පුහුනු වීමට ඉඩ හැර බිසව වෙතට ගමන් කලා.. මොහොතකින් ආදරණීය සිනහවක්ද සමගින් හන්සක රජු තම කටහඩ අවදි කලා..

"දන්නවද ප්‍රභා.. මා ඔබට වැඩියෙන්ම කැමති වුනේ ඇයිද කියලා.. ඔබේ නිර්භීතකමට.. ඇතැම් විට එය ඔබේ මුරණ්ඩු බව ලෙසට පිටතට පෙනෙන්නට ඇති.. නමුත්.....ඔබේ හදවත තුළ නිර්භීත තරුණියක් ජීවත් වෙනවා..
ඔබව මට එසේ වනාන්තරය තුලදි හමු නොවී, මව් පියන් යෝජනා කල ප්‍රභා කුමරිය ලෙසට ඔබ සමග විවාහ වන්නට සිදු වූවා නම්..., මා කිසි දිනකත් ඔබ තුල ජීවත් වන ඒ නිර්භීත තරුණියව දකින එකක නැහැ..
පෙනෙනවද ප්‍රභා...මගේ දූ කුමරිය තුලත් එම ශක්තිය තිබෙනවා.. "  :*

"හන්සක..., ස්තූතියි ඔබට.. ඇය බොහෝ ආශාවෙන් එය ඉගෙන ගන්නවා.. මා කිහිප දිනක් දුටුවා පුත් කුමරුන් ශිල්ප පුහුණු වන අයුරු ඇය බලා සිටිනවා.. වසර ගනනාවකට පෙර මාව මම ඇය තුලින් දැක්කා.. දුක සිතුනා මට මගේ දූ කුමරිය ගැන.. මා සිතුවෙ නැහැ ඔබ ඇයට අවසර දේවි කියලා.."

"නැහැ ප්‍රභා... ස්තූති කල යුත්තෙ මමයි ඔබට.. දස වසරකට පෙර ඔබ මට ඔප්පු කර පෙන්වූවා, කෙනෙකු තුල පවතින දක්ශතාවයන් කිසිවෙකුටත්, කිසිම දෙයකටත් සීමා කර දැමිය නොහැකි බව..."

මොහොතකට පෙර තම සොයුරාගේ දස්කම් අගය කරමින් සතුටු වුනු පුංචි කුමරිය, දක්ශ ලෙස පුහුණුවීම් කරන අයුරු හන්සක රජුත්, ප්‍රභා බිසවත් බොහෝ ආදරයෙන් බලාසිටියා...

<3 :) :) <3 :) :) <3 :) :) <3 :) :) <3 :) :) <3

                ~ සමාප්තයි ~

No comments:

Post a Comment