Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 13 කොටස


13  කොටස

චිත්ත සෙන්පතිතුමා දිගටම කතා කලා..
"ඔහ්.මා පවසන්නට ආ කාරණයත් අමතක වුනානෙ.. ගිය වරට වඩා සෙබල පිරිස වැඩි වේවි..ඔබේ උදව් සදහා අපේ පිරිසෙන්ම කොටස් මාරුවෙන් මාරුවට මෙහෙ පැමිනේවි.. අත්තම්මෙ ඔබට අපහසුවක් නොවෙයි නේද මෙය.."

"ඔබ කුමක් පවසනවද සෙන්පතිතුමනි..
මා කුමරුන්ට ණයගැතියි. මා මෙලෙස ජීවත් වන්නෙ ඔහු නිසයි.."

සියලු කතාබස් අවසානයේදී චිත්ත ආපසු පුහුනුවීම් ස්ථානය කරා පිටත් වුනේ බිම්සරගේ උරහිසට තට්ටුවක්ද දමමිනි..
ඇය හිස ඔසවා වත් බැලුවේ නැහැ.ඔහු කලේ කවටකමක් යැයි  දැනගත් මොහොතේ සිට ඇය සිටියේ ඔහු ගැන කෝපයෙන්..
ඔහු ගිය පසුව අත්තම්මා ඇයට දොස් නගන්නට පටන් ගත්තා..

"ඔබට තරුණයෙකු ලෙස වෙස් වලා ගන්නට මා අවසර දුන්නෙ කැමැත්තකින් නොවේ.. ඔබ කුමක් සිතා සිටිනවද..? සෙබලුන්ට එකතුවන්න? ඔබ මෙලෙස හැද පැලද ගත්තත් , ඔබ තරුණියක් බව අමතක කරන්න එපා ප්‍රභා.."

ප්‍රභා කිසිවක් පැවසුවේ නැහැ.ඇයටම ආවේණික මුරණ්ඩු සිත ඒ වන විටත් සිතමින් සිටියෙ කුමරුගෙ සෙබල කණ්ඩායමට කෙසේ හෝ එක් වන අයුරු ගැනය..
චිත්ත සෙන්පති ඇතුලු සෙබලුන් ආහාර ද්‍රව්‍ය ගෙනවිත් දැමීමට සහ ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට විටින් විට අත්තම්මාගේ නිවස කරා පැමිනියා..
අත්තම්මගෙ නිවසේ රැදී සිටින මේ අපූරු තරුණයා ඔවුන්ගේ මිතුරෙකු වීමට වැඩි කල් ගත වුනේ නැහැ.අත්තම්මාගේ වචන නොසලකා ඇතැම් විට ඇය ඔවුන් සමග පුහුණුවීම් කරන ස්ථාන වලට පවා ගියා..
ප්‍රභා වඩාත් ප්‍රිය කලේ දුනු ශිල්ප පුහුනු වන ස්ථානයේ සිටීමටයි..නොබෝ දිනකින්ම බිම්සරගේ උනන්දුව දුටු මිතුරන් බිම්සරට එය පුහුණු කරවීමට උත්සහ ගත්තා..පළමුව ඇයට දුණු ඊතල ඔසවා ගැනීමටත් අපහසු වුනා.ඇගේ මටසිළුටු දෑත් තුවාල වී රිදුම් දුන්නත් ඇය දුනු ශිල්පයට තිබූ ආශාව නිසා එය අත් හැරීමට සූදානම් වුනේ නැහැ..
සෑම දිනකම රාත්‍රියේ ඇය හඩමින් නින්දට ගියේ තුවාල වූ දෑත් වල වේදනාව නිසයි.ඒ සෑම දිනකම අත්තම්මාගේ බැනුම් වලට ලක් වන්නටත් ඇයට සිදු වුනා..

" ඔබ තරම් හිතුවක්කාර ගැහැණු දරුවුකු මා ජීවිතයට දැක නැහැ..මා සෑම විටම පවසනවනෙ ඔබ තරුණියක් බව සිහි තබා ගන්න කියලා..තරුණයෙක් මෙන් දුනු දිය  අදින්නට ඔබට හැකියාවක් නැහැ."

එම බැනුම් අතරින් ම අත්තම්මා ප්‍රභාගේ දෑත් වල බෙහෙත් ගැල්වුවා. ඒ කිසිදු වදනකට වත්, දැනුනු වේදනාවකට වත් ඇය ශිල්ප ඉගෙනීම නවත් වන්නට හැකිවූයේ නැහැ.සෑම දිනකම උනන්දුවෙන් කල පුහුණුවීම නිසා ඉලක්කයට දුනු විදින්නට ඇය දක්ශ වුනා..ඇයටත් වඩා සතුටු වූයේ ඇයට පුහුණු කල මිතුරන් පිරිස..
එක් දිනක් ඇය චිත්ත හමු වී මෙසේ විමසුවා..

"සෙන්පතිතුමනි,, මට හැකියිද ඔබේ සේනාවට එකතුවන්නට.. මට පුහුනුවීම් කරන්නට ඉඩ දෙන්න.. ඔබ දන්නවනෙ මට දැන් ඉලක්කයට දුණු විදින්නත් හැකියි."

චිත්ත නැවතත් බිම්සර දෙස බැළුවෙ කවටකමක් කරන ස්වරූපයෙන්..

"හොදයි ඔබව මා අපේ කණ්ඩායමට ඇතුල් කර ගන්නවා, කැලෑ දිවියාව මරණයට පත් කරන්නට ඔබට හැකි වුවොත්.."

සෙබල පිරිස සදහා තෝරා ගන්නා තරුණයෙකු තුල තිබිය යුතු කිසිදු ලක්ශනයක් නැති බිම්සර නම් ලපටි තරුණයගෙ මෙම ඉල්ලීම් එවිට හෝ නතර වී යාවි යැයි සිතා චිත්ත එවැනි අභියෝගයක් බිම්සර වෙත ප්‍රකාශ කලේය..

********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment