Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 16 කොටස (අවසන් කොටස)

16 කොටස (අවසන් කොටස.)

සග්ගාර මෙසේ පැවසී ය..

" නැහැ මා මෙහිම මිය ගියත් පලා යන්නේ නම් නැහැ ඔවුන්ට බියෙන්!!
ඔබ පවසන්නෙ ඔබ ජීවත් වන අනාගතය දක්වාම මෙය භික්ෂූන් වහන්සේලා ජීවත් වන ස්ථානයක්ව පවතින බවද?
නැහැ.. මා දන්නවා... මා දන්නවා සිදුවන සියල්ලක්ම... මා කිසිවෙකුට විනාශ කරන්නට දෙන්නෙ නැහැ අපගේ රාජධානිය.. "

ඔහු කථා කරන අතර තුර පරිසරය වේගයෙන් අදුරු වෙමින් පැවතිනි.. අවට සියල්ල භ්‍රමනය වන්නාක් මෙන් ඇයට දැනිනි.. කෙමෙන් ඔහුගේ හඩ මහළු හඩක් බවට පරිවර්තනය විය...

"ඔබ දැන් දන්නවා අපගේ මේ රාජධානිය ගැන සියල්ලක්ම.. දැනුවත් කරන්න ඔබ ජීවත් වන අනාගතය..! ඔවුන් මෙහි ජීවත් වූ බඹරුන් අමුවේම පුලුස්සා දැමුවා.. ඔවුන් දන්නෙ නැහැ සිතුවම් රැකුනෙ බඹරුන්ගෙන් බව.."

එම මහළු කටහඩෙහි වෙදනාත්මක බවක් විය..

"දැන් ඔබ දන්නවා සිතුවම් බදාමය මී පැනි, මී ඉටි ආදී තවත් අමුද්‍රව්‍ය යොදාගෙනයි තනා තිබෙන්නෙ කියලා.. මේවායේ ජීවත් වන කෘමීන්, බඹරුන් විසින් කා දමනවා.. සිතුවම් රැක ගැනීමට ලැබුනු ස්වාභාවික දායාදයක් තමයි බඹරුන් කියන්නෙ..

සීගිරිය අවට වනාන්තරය විනාශ කරනව ඔවුන්..., මත්පැන් පානය කරලා සීගිරිය නරඹන්න පැමිනෙනවා... අප රාජධානිය මෙහි ආරම්භ කිරීමට පෙරත් රාජධානියෙන් පසුවත් මෙය භික්ෂූන් වහන්සේලා වැඩ විසූ භූමියක්.. ඔවුන්ගෙ නොදැනුවත්කමින් මේ පින් බිම කිළිටි කරනවා..
අධික සුවඳ විලවුන් ගල්වගෙන පැමිනෙනවා.. සුවඳ විලවුන් වගේම තද පැහැති ඇදුම් වලටත් බඹරුන් ආකර්ෂනය වෙනවා...
ඝෝෂාකාරීව සීගිරිය ගල නගිනවා.., ඔවුන්ගෙ ඝෝෂාකාරී හැසිරීම.., සීගිරි ගලෙන් ගලාගෙන පැමිණි දිය සීරාව නැති වන තැනට කටයුතු කරලා තිබෙනවා.., සීගිරි පර්වතය මුදුනේ කරල තියෙන වන විනාශය!! මේ හැම දෙයක්‌ම වර්තමානයේ බඹර ප්‍රහාර වැඩිවීමට හේතු වෙලා තියෙනවා... එයට පිළියම බඹරුන් පුළුස්සා විනාශ කිරීම නොවන බව ඔවුන්ට කියන්න.. :(
මේ වැරදි වහාම නවත්වන්නට උවමනායි...
කැනීම් කියලා විදේශිකයන් පුරා වස්තු සොරකම් කරනවා.. එයට හඩක් නගන්නට කිසිවෙකුත් නැහැ.. අප ගොඩ නැගූ රාජධානිය මෙසේ විනාශ වන්නට දී බලා සිටින්නට බැහැ... :(

මේ සියල්ලම මුතූ හොදින් අසා සිටියා ය..

"මම පොරොන්දු වෙනවා සීයෙ..
මේ ගැන මට පුලුවන් උපරිම ලෙස සමාජය දැනුවත් කරන්න මම උත්සහ ගන්නම්.."

"මා ඒක දන්නවා දරුවො... ඔබව විශ්වාස කරනවා.. ඔබට එය කල හැකියි කියා මා දන්නවා.. ඒ නිසයි ඔබව මා මේ දේවල් වලින් දැනුවත් කලේ.. ඔබට  එම අතීතයට යන්නට අවස්ථාවක් දුන්නෙ ඒ නිසයි.. "

ඔහු පැවසූ සියලු දේ සිතට ගත් මුතූ ඔහුගෙන් සමු ගෙන අපැහැදිලි සේයාවක් වන් කුහරය තුලට දෙවරක් නොසිතා ඇතුල් වූවා ය..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පෙර සේම එවරත් ඇය පර්වතය පාමුල විය.. අවුරුදු හතරකට ආසන්න කාලයක් අතීතයේ ගෙවූ මුතූ වර්තමානයට පැමිණි බව තහවුරු වීමෙන් සතුටක් දැනිනි...

'ඔහ්. දෙවියනේ එදා මගේ යාලුවො දෙන්නා මම එනකන් බලන් ඉදලා නැති තැන කලබල වෙලා මාව හොයන්න ඇත්ද...  එයාලා ආපහු යන්න ඇති.... මම නැහැ කියලා අම්මයි තාත්තයි දැන ගත්තම මොනව වෙන්න ඇත්ද.. :( අවුරුදු හතරක්! '
මේ සියල්ල සිතෙන විට ඇගේ හිසේ සිට දෙපතුල දක්වා සීතලක් පැතිර ගියේ ය..
තමා පසු කරමින් යන අයෙකුගෙන් ඇය මෙසේ ඇසීය..

"අයියෙ, අද දවස කවදද කියලා කියනවද.."

"අද  4  ඉරිදානෙ."

"මේ..අවුරුද්ද මොකද්ද කියලයි දැන ගන්න ඕනෙ..! "

ඔහු ඈ දෙස හිසේ සිට පාදාන්තය දක්වා බැලීය.. ඇය සිහිමද අයෙකුද  කියා හෝ සරදමක් කරන අයෙකු ලෙස ඔහු සිතුවා විය හැකියි.. එය තේරුම් ගත් මුතූ වහා එතැනින් ඈතට දිව ගියාය..

'මම ආවෙ අගෝස්තු 4 ඉරිදා තමයි.. එහෙනම්... එහෙනම් මේ 2019 හරි 2020 හරි වෙන්නැති.. එසේ සිතූ ඇය කෞතුකාගාරය දෙසට ගියා ය..

"හේයි.. මුදී.... ඔයා සීගිරි නැග්ග ගමන් බැස්සද.. මෙච්චර ඉක්මනට ආවෙ? "

"නිමාලි, මධූ තාමත් ඔයාලා මෙහෙ...? "

"තාමත් කියලා කියන්නෙ? ඔයාට මොනවා වෙලාද? අපි කිවුවනෙ ඔයා එනකම් මෙතන ඉන්නම් කියලා.."
නිමාලි විමසුවා ය..

කිසිදු පටලැවිල්ලක් නැත.. අතීතයේ ගත වූ කාලය වර්තමානයේ ගත වී නැත. එය වචනයෙන් විස්තර කල නොහැකි සැනසීමක් විය..

"ඔයා ට පොත ලියන්න කරුණු හොයන්නනෙ ගියෙ.. ගිය පයින්ම ආවෙ..මොකෝ වුනේ..?"  මධූ විමසුවා ය..

"කරුනු හම්බ වුණා.. මම අතීතයටම ගිහින් කරුණු හොයාගෙන ආවා.."

"අතීතයට? " ඔවුන් දෙදෙනා සරදමට මෙන් සිනාසෙන්නට විය...

කියන්නම් ඒ කථාව..
ඔයාලට විතරක් නෙමෙයි..
හැමෝටම දැනගන්න....
මුතූ ඒ කථාව කියාවි..................!

" මුතූ?? "

"ඔව්! මගේ කථාවෙ කථානායිකාව.."  ;)

************************************

(සමාප්තයි.)

5 comments:

  1. මේ කතා මාලාව කියෙව්වා.
    ඔබේ කතා හැඩය නම් නැවුම්. නමුත් මෙවන් ඉතිහාස කතාමාලාවන් වලදී කියවන්නා ආකර්ෂණය වන රචනා ශෛලියක් අනුගමනය කරනවා නම් ඉතාම අගෙයි. ඔබේ ශෛලිය නරක නැහැ, එය තව ඔපමට්ටම් කරගන්න. හොඳ හැකියාවක් ඔබට තිබෙනවා.
    උදාහරණයක් විදියට 'දේවදාසි - සුනේත්‍රා රාජකරුණානායක' පොත කියවනවිටත් මෙවන් ශෛලියක් අනුගමනය කරලා තියෙන්නේ.
    අනෙක් කාරණය, මෙවන් ඓතිහාසික කතාවන් වලදී කියවන්නාට නැවත නැවත කියන්නට අවශ්‍ය නැහැ ඔබේ පරිකල්පනයන් කොතනටද අදාළ කියලා. එය කියවන්නා තුල මැවෙන්නට ඉඩ හරින්න. ඉතිහාස කතා සියල්ලේම මුලාශ්‍ර වලට සාධාරණ වනලෙස ලියවුනු කිසිම ප්‍රභන්ධයක් මම දැකලා නැහැ. ඒ නිසා කරුණු දැක්වීම පසෙකට තබා නිර්මාණය ගැන හිතන්න.

    ගොඩක් හොඳයි. මම කියවනවා

    ReplyDelete
  2. ඔබේ අදහස් දැක්වීමට ස්තූතිවන්ත වෙනවා.
    ඇත්තෙන්ම අතීත මූලාශ්‍ර වලින් හෙලි නොවූ ඇතැම් කරුනු මා නිර්මානය කර ඉදිරිපත් කිරීම පිලිබද චකිතයක් ඇති වුනා.. පාඨකයාට මූලාශ්‍ර තොරතුරු හා මා නිර්මානය කල තොරතුරු වෙන් කර ඉදිරිපත් කිරීම සිදු කලේ ඒ නිසයි. එම අතීතය පිලිබදව මා නිර්මාණය කල ඇතැම් තොරතුරු සත්‍ය අතීතය යැයි ඔවුන් විශ්වාස කරති'යි මා බියවුනා.. කෙසේ නමුත් නිර්මානයක් ලෙස පමනක් සිතීමේදී නම් මමත් ඔබේ අදහස අනුමත කරනවා.. ස්තූතියි..කුමරිය ප්‍රභා කථාංගය කියවන්නට ආරාධනා කරනවා ඔබට. එය මගේ කුළුදුල් නිර්මාණය.

    ReplyDelete
  3. ආඩම්බරයි සහෝදරී... !

    කථා මාලාවම කියෙව්වා... හොඳින් රස වින්දා... අපූරුයි !!!

    අර මූලාශ්‍ර තොරතුරු ටිකත් අගෙයි. නොදන්නා අයගේ ( මගේ ඇතුලුව) දැනුම වැඩිකර ගන්නට ඒක හොඳ උදව්වක්...

    ඓතිහාසික කථාවක් පර්යේෂණාත්මක දෘෂ්ඨියකින් ඉදිරිපත් කිරීමට ඔබ උනන්දු වීම පිළිබඳව බ්ලොග්කරුවෙක් විදියට මගේ ප්‍රණාමය. මොකද මමත් දන්නවනේ මේවා කොටන්න තියෙන අමාරුව...!!!

    ඔයාගේ ශෛලිය හොඳයි... තව පාදා ගන්න ඕනේ...

    පුංචි දෙයක් කියන්නම්... කථාංග මේ තරම් පොඩියට කඩන්න එපා... මේ මුළු කථාවම කොටස් 05 කින් දාන්න පුළුවන්... අනෙක තමයි, හැම කථාංගයකම අන්තිමට ඊලඟ කථාංගයට ලිනක් එකක් දාන්න. එතකොට කියවන්නාට ලේසියි... ඒ වගේම අර cover graphic එක පෝස්ට් එකේ මුලට දැම්ම නම් තමයි හොඳ !!!

    කමෙන්ට් සහ හිට්ස් දිහා බලලා දුක් වෙන්න එපා. ඔබට දක්ෂතාවයක් තියෙනවා. දිගටම ලියන්න... ජයවේවා...!!!

    (නීන් බලන්න යමින් !!!)

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. :) මම fb දාන්න තමයි කථාව ලිව්වෙ. ලියලා ඉවරවෙන පිලිවෙලට කොටස් කරලා දැම්ම. ඇප් එකෙන් පෝස්ට් දාන නිසයි පික්චර් යටට එන්නෙ. පික්චර් වෙනම අප්ලෝඩ් කරලා කෝඩින් කරන්න ගියාම වෙලා යන නිසයි ඒ විදිහට දැම්මෙ. ඉදිරියට ඒකෙ වෙනසක් කරන්නම්.. නීන් බලන්නකො. ස්තූතියි.

      Delete
  4. ලස්සනයි හොදට ලියලා තියෙනවා... කාලෙකට පස්සේ කියවන්න බ්ලොග් එකක් සෙට් වුණා.

    ReplyDelete