Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 38 කොටස

38 කොටස

"මගේ දූ කුමරිය...කුමටද එවැනි භයානක සටනකට සම්බන්ධ වුනේ... ඔබ එතරම් නිර්භීත වුනේ කෙසේ දැයි මා දන්නේ නැහැ.. ඔබ සෙබලෙකුගේ  ඇදුම් වලින් සැරසීගෙන සටන් කල බව හන්සක කුමරු පැවසූ විට මට එය අදහා ගත් නොහැකි වුනා.. ආඩම්බරයි දූ කුමරිය! නමුත් ඔබ කල ඒ භයානක දෙය මා අනුමත කරන්නේ නම් නැහැ.. "

පණ්ඩුක රජු තම දියණියව වැලද ගත්තා..

කුමරියට එක් වරම පියාණන් පැවසූ දේ නැවත සිහි වුනා.. "කුමක්ද පියාණන් පැවසුවෙ.. කුමරු මා පිලිබදව පැවසුවා කියා.. කුමරුත් මා පිලිබදව දැන ගෙනද... ඇයක ක්ෂණයකින්ම සප්තව සිහි වුනා.. අවසන් වරට ඔහුගේ පපු පෙදෙස රුධිරයෙන් තෙමී ඇති අයුරු  දුටු බව ඇයට සිහි වුනා.. "සප්ත.....ඔහු කොහේද.."

හන්සක කුමරුන් විසින්  සටන ජය ගැනීමෙන් පසු අසල රාජ්‍යයේ තම මව්පියන්ටත්  ප්‍රභාගේ මව්බිසවටත් පියරජුටත්  නව රාජ්‍යට පැමිනෙන ලෙස පණිවිඩ යවා තිබුනා..
තම දියණිය ජීවාංග රාජ්‍යයේ සිටින බව පණ්ඩුක රජුටත් බිසවටත් අදහා ගත් නොහැකි පුවතක් වුනා.. තම දියණියට විවාහා යෝජනා කර තිබූ ස්ථිරාංග රාජ්‍යයේ හනසක කුමරුන් ගෙන් එම ආරාධනය ලැබීමත් ඔවුන්ට කිසිසේත් සිතා ගත් නොහැකි වුනා.. කිසි දිනෙක පය  තබා නොමැති කෘර ප්‍රතාපසිංහයන්ගේ රාජ්‍යයට ඔවුන් විශ්මයෙන් යුතුව පැමිනුනා.. කුමරුන් විසින් ඔවුන් ගෞරවයෙන් නව රාජ්‍යට පිලිගත්තා.. කුමරිය පිලිබද සියලු දේ ඔවුන්ට එහිදී කුමරුගෙන් දැන ගත හැකි වුනා..
එක් වරම සේවිකාවක් කුටිය තුලට පැමිනුනා.. ඇය මෙසේ පැවසුවා..

"කුමරියට නැවත සිහි ලැබුනු බව අසා කුමරු බොහෝ සතුටු වුනා.. කුමරියව හමු වීමට අවශ්‍යය බව ඔහු පවසනවා.."

ඇත්තෙන්ම ප්‍රභාට කුමරු හමු වීමට කිසිදු උවමනාවක් තිබුනේ නැහැ 

"සප්තට කෙසේද.. සප්ත සෙන්පතීන් මුණ ගැසීමට අවශ්‍යයි.. මාව රැගෙන යන්න ඔහු ලගට... කරුණාකරලා..."

කුමරුගේ ඉල්ලීම පරිදි කිසිවෙකුත් ඇයට කිසිවක් පැවසුවේ නැහැ.. සියල්ලන්ගේම මුවෙහි වූ මද සිනා දැක  කුමරිය කෝපයට පත් වුනා..

"දියණිය.., ඔබ සූදානම් වී කුමරු හමු වීමට යන්න.. පියරජුත් මමත් පහත මාලයට යන්නම්.. පසුව ඔබ පැමිනෙන්න.. මලණුවනුත් පැමිනිලයි සිටින්නෙ.."

කුමරියගේ මෑණියන් එසේ පැවසුවා.. පසුව ඔවුන් කුටියෙන් පිට වී ගියා.. ඉතිරි වූයේ පණිවිඩය රැගෙන ආ සේවිකාව පමනයි..

"කුමරියනි, ඔබට මා හැදිනිය හැකිද.."

ඇය කුමරිය අසලට පැමින ඇගේ අතකින් අල්ලා ගත්තා..

"සමුද්‍රා... අක්කණ්ඩි.... ඔබ මෙහි..? මට සිතා ගන්නට වත් බැහැ.."

කෝප ගැන්වී තිබූ ප්‍රභාගේ මුහුනට සතුටක් පැමිනියා..

"කුමරියනි..., මට අක්කණ්ඩි යැයි පවසන්න එපා දැන්.. මා ඔබේ ප්‍රධාන පරිවාර කාන්තාව ලෙස පත් කලා කුමරුන් විසින්....."

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment