Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 18 කොටස

18 කොටස.

"මා එයට බොහෝ කැමතියි.මට අවශ්‍යය වුනේ මා සුදුසු බව චිත්ත සෙන්පතතුමාට ඔප්පු කර පෙන්වීමට.."

ආපසු පැමිනෙන අතරේදී බිම්සර සමග සප්ත සෙන්පතිතුමා බොහෝ දේ කථා බහ කලා..බිම්සර දෘඩාංග රාජ්‍යයේ අයෙකු බව දැන ගත්තා.

"ඔබේ රටේ කුමරියට වුණ විපත ඔබ දන්නවා ඇතිනෙ..මට බොහෝ කණගාටුයි ඇය ගැන..මේ දිවියගෙ විනාශය මෙයට පෙර සිදු වූවා නම්,, ඇය තවමත් ජිවත් වෙනවා..."

සප්ත බොහෝ කණගාටුවෙන් කතා කලා..
කුමරිය තනිවම මෙසේ සිතන්නට වුණා.. "එසේ නම් මා මිය ගොස් සිටින බවද ඔවුන් සිතා සිටින්නෙ... මව් බිසවත් පියරජුත් එය කෙසේ දරා ගන්නට ඇත්ද.." :'( :'(

ඇයට එම සිතිවිලි වල ගිලෙමින් දුක් වෙමින් වැඩි වේලා සිතමින් සිටින්නට ලැබුනේ නැහැ.සප්ත මෙසේ පැවසුවා..

"මා තීරණය කලා ඔබව අපේ සෙබල හමුදාවට බඳවා ගැනීමට..ඔබගේ නිර්භීත සිතුවිලි සහ ක්‍රියාවන් ඔප්පු කලා ඔබ එයට සුදුසුයි කියලා.."

"ඔබට ස්තූතියි සෙන්පතිතුමනි.."

ප්‍රභා සතුටින් පැවසුවා.. සෙන්පති සප්ත පිළිබඳ ප්‍රභා ඉතා පැහැදී සිටියා.. ඔහු මුණ ගැසුනු මොහොතේ පටන් තම සිත යම් කිසි ප්‍රීතියකින් පිරී තිබෙන බව ඇයට හැඟුනා..
මොහොතකින් ගල් තලාවට එපිටින් තරුණියක් විලාප ස්වරයෙන් කථා කරනු ඇසුනා..

"කවුරුන් හෝ උදවු කරන්න මට.."

ඔවුන් තිදෙනාම එකවර නැවතුනා.. බිම්සරට හා සප්තට එතනම නවතින ලෙස පැවසූ චිත්ත එතැනට ගියා.. ඔහු පැමිණියෙ පාදයක් තුවාල වූ තරුණියක් සමග..
සචින්තනා...ඇය දුටු විට ප්‍රභාට සිහි වුනේ සචින්තනාවයි.තමා දැන් තරුණයෙකු බවද අමතක වූ ප්‍රභා ගොස් ඇගේ අතින් අල්ලා ගත්තා.

"අක්කණ්ඩි, ඔබ මේ වනාන්තරේ තනිවම...? කුමක්ද සිදු වූයෙ..ඔබේ පාදයේ තුවාලයක් නේද.."

ප්‍රභාගේ ප්‍රශ්න කිරීම් අතරට සප්තද ප්‍රශ්න කලා..

"ඔබ කවුරුන්ද.. ඔබ අසල ගමෙහි විය යුතුයි.."

"මම සමුද්‍රා.අසල ගමෙහි තමයි මා.වනාන්තරයේ සීමවේ දර අහුලන්නට පැමිනියා..ටිකෙන් ටික ඇතුලට ආවා පළා ද සොයා ගත හැකියි කියලා..නමුත් මට පාර සොයා ගත නොහැකි වුනා.. හෝරා කිහිපයකට පෙර අර..දරුණු දිවියාගෙ හඩ ඇසුනා.ඉතින් මා ආපසු දුවන විට පය ලිස්සා ගල් තලාවෙ වැටුනා..
ඔබලා කවුරුන්ද... කුමක්ද මේ වනාන්තරයෙ කරන්නෙ..?

සමුද්‍රා ගෙන් ඔවුන්ට ප්‍රශ්නයක් නැගුනා..චිත්ත කිසිදු අමුත්තක් නොපෙන්වා මෙසේ පිළිතුරු දුන්නා..

"අප කුමරුගෙ හමුදාවෙ සෙබලුන්.රාජකාරි කටයුත්තක් සදහා යන අතරමගයි මේ.."

ඇය විශ්මයට පත් වී මෙසේ ඇසුවා..

"ඇත්තෙන්ම බියක් නැතිද ඔබලට..දරුණු දිවියා නිසා කිසිවෙකුත් මේ වනාන්තරය හරහා ගමන් ගන්නෙ නැහැ.."

"එකනෙ නැගණිය අප කුමරුගෙ හමුදාවෙ සෙබලුන් යැයි පැවසුවෙ.අපව කිසිවෙකුටත් බිය කල නොහැකියි.."

චිත්ත ආඩම්බර පෙනුමක් මවා ගන්නට උත්සහ කරමින් එසේ පැවසුවා..
ඔහු එය පැවසූ ආකාරයට ඔවුන් තිදෙනාට සිනා නොවී සිටීමට නොහැකි වුනා.. :D

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment