Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 20 කොටස

20 කොටස

සප්ත සෙන්පතිතුමා බොහෝ වෙලා කල්පනා කලා..

"ඔබ නිවැරදියි. නමුත් අප බිය විය යුත්තෙ මෙය ප්‍රතාපසිංහ රජු ට ආරංචි වනවාට නොවේ.අපගේ රජුට ආරංචි වනවාට.. ඔහු නියෝග කරාවි මෙය නැවැත්වීමට.. එසේ සිදු වුවොත් අපගේ කැප කිරීම් සියල්ල අපතේ යනවා..
නමුත් මෙලෙස හමුදාව ශක්තිමත් නොකර තවත් ඉදිරියට යාම කල නොහැකි බවත් මා දන්නවා..අප එම අවධානම ගනිමු.අප හැකි ඉක්මනින් සේනාව සකසා ගෙන සටන් වැදීම සිදු කරමු.
චිත්ත මා ඔබට එම කටයුතු සියල්ල භාර දෙනවා..ගම් වැසියන්ට අවධාරනය කර මේ තත්වය පවසන්න.ඔවුන්ගෙන් ලබා ගතහැකි උපකාර ලබා ගනිමු."

"හොදයි සෙන්පතිතුමනි.."

චිත්ත කැමැත්තෙන් එය භාර ගත්තා.ප්‍රථමයෙන් ඔහු ගම වෙත ගොස් කම්මල් කරුවන් මුන ගැසී තමන්ගේ අවශ්‍යතා පැවසුවා.
අවශ්‍ය තරම් කාසි ලැබෙන  බැවින් හා කුමරුගේ අණක් බැවින් ඔවුන් කැමැත්තෙන්ම එය භාර ගත්තා.
එලෙසම ආහාර සැපයීම සදහාත් නිවාස කිහිපයකම ගැමියන් සමග චිත්ත කතා කලා..
සවස් වන විට චිත්ත ගමට පැමිනි කරුණු වලින් එකක් හැර ඉතිරි ඒවා ඉටු වී තිබුනා. ;) සමුද්‍රා... මේ කටයුතු වලට යන අතරමග ඔහුගේ දෑස් ඇයව සොයමින් සිටියා..නමුත් ඇය මුන ගැසුනේ නැහැ.එම කරුණ ඉටු නොවූ නමුත් සවස් වන විට ආපසු යා යුතු නිසා ඔහු පිටත් වුනා..
ඔවුන්ගේ අවශ්‍යතා ගමෙන් සපුරා ගත හැකි බව චිත්ත සෙන්පතිතුමා සප්ත හමු වී පැවසුවා..බිම්සර ද එතැන සිටියා..

"සෙන්පතිතුමනි,, නමුත් ඔබට අවශ්‍ය ම කරුණ ඉටුවී නැහැ වගේ..ඔබේ මුහුනින් මට එය කිව හැකියි.."

ප්‍රභා සිනාසෙමින් පැවසුවා..

"ඔබ කුමක් පවසනවද.. බිම්සර ඔබ කුමක් ගැනද පවසන්නෙ.."

චිත්ත බොරු කෝපයක් මවා ගනිමින් පැවසුවා.. සප්තටද සිනාවක් නැගුනා..සප්ත සෙන්පති ද මෙසේ පැවසුවා.

"ඔහෝ..එසේ නම් එයයි...චිත්ත හෙට දිනයේ පිටත් වන්න යැයි මා පවසන විටත් අද අළුයමම පිටත් වුනේ.." :D

"ඔබලා සිතන දෙයක් නොවෙයි..බිම්සර..සප්ත සෙන්පතිතුමනි..."

චිත්ත එවර නම් පැවසුවෙ තරමක් ලැජ්ජාවෙන්..

"හොදයි..හොදයි.  අපටත් බලා ගත හැකියිනෙ එසේ නොවේද කියලා..නේද සප්ත සෙන්පතිතුමනි.. "
යැයි සිනාසෙමින් කී ප්‍රභා නිවසට යාමට සැරසුනා..
"එසේ නම් මා යන්නම් සෙන්පතිතුමනි."

සප්ත මෙසේ විමසුවා..

"ඔබ ගැහැණු ළමයෙකු වගේ සෑම දිනකම නිවසට යන්නේඇයි බිම්සර.. අපත් සමග මෙහි නවතින්න.."

"නැහැ සෙන්පතිතුමනි..
අත්තම්ම තනිවමනෙ..මා නාවොත් ඇය මා සොයා පැමිනේවි..දැනටමත් මා එන තෙක් මග බලාගෙනයි  ඇත්තෙ.."

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment