Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 37 කොටස

37 කොටස

ප්‍රභාගේ පය පැකිලී  ඇයව බිම ඇද වැටුනා.. මොහොතකින් සටන් බිමේ සෙබලුන්ගේ පාද ප්‍රහාර ඇගේ ශරීරයේ වැදෙමින් තිබුනා..

"සප්ත මා මෙහි...."

එතරම් ඝෝෂා මැදින් නැගෙන ප්‍රභාගේ හඩ කෙදිරිල්ලක් තරම් වුනා..

"ප්‍රතාපසිංහ රජුගේ හමුදාව පලා යනු.!!
වහා පලා යනු!!  "

සටන දරා ගත නොහැකි ම තැන සතුරු හමුදාව පසු බසිමින් සිටියා .
සතුරු හමුදාවෙන් නැගුනු එම හඩත් කුමරුගේ හමුදාවේ ප්‍රීති ඝෝෂා හඩත් ඇයට ඇසුනා..

"ප්‍රතාපසිංහයන් වහා අල්ලාගෙන සිර කරනු!!! "

චිත්ත උස් හඩින් අණ දෙමින් සිටියා..

සෙබලුන්ගේ පාද වැදීමෙන් ප්‍රභාගේ හිස් ආවරණය ගැලවී ගියා.. අපහසුවෙන් නැගිට ගන්නට උත්සහ කලත් ප්‍රහාර නිසා එය පහසු වුනේ නැහැ.. ඇගේ මුව පසෙකින් රුධිරය ගලා යමින් තිබුනා..

"කුමරිය...."

බිම වැටී සිටි කුමරියගේ දසුන එක්වරම  හන්සකගේ නෙත ගැටුනා...

"ඔබ කෙසේද මෙහි පැමිනියෙ.. කුමරිය.. පවසන්න.. "

ප්‍රභා තම දෑස් අපහසුවෙන් ඇර ඔහු දෙස බැලුවා..

"සප්ත... ඔබට තුවාල............"

ප්‍රභාට කියා ගත හැකි වූයේ එපමනයි...
හන්සකගේ පපුව හරහා ගලා යමින් තිබූ ලේ දහරාව දැක ඇය සිහිසුන් වුනා....

"කුමරියනි........................."

"""""""""'"""''''''''''''''''''''''''''''''''''''''"""""""""""'"'''''''''''''''''''''''''''''''''""

ප්‍රතාපසිංහ රජුගේ හමුදාව පසු බසින්නට වුනා..  කුමරුගේ හමුදාව විසින් රජුව සිරභාරයට ගැනුනා..
මේ පුවත ලැව් ගින්නක් සේ අසල රාජ්‍යයන් වලටද පැතිර ගියා..
තුවාල වූ සෙබලුන්ට ප්‍රතිකාර ලබා දීම සදහා එම රාජ්‍යයේ වෙදැදුරන් කැදවාගෙන ඒමට චිත්ත විසින් සෙබලුන් පිටත් කර හැර තිබුනා..
දුෂ්ඨ රජු පරාජය වීම පිලිබදව ජීවාංග රාජ්‍යයේ වැසියන් ප්‍රීති උත්සව, සැනකෙලි පැවැත්වූවා..
නව රජු පිලිගැනීමට ඔවුන් ආශාවෙන් බලා සිටියා..
චමත්කාර දිනකට අරුණලු උදා වෙමින් තිබුනා.. ප්‍රතාපසිංහයන්ගේ මාලිගාව තුල   අලංකාර කුටියක සයනයක් මත ප්‍රභා කුමරිය සිහිය පැමිනෙන තෙක් ඖෂධ ලබා දෙමින් තබා  තිබුනා..

කුටිය පුරා විහිදුනු හිරු රැස් අතරින් කුමරිය තම දෑස් සෙමින් විවර කලා.. ඇය විශ්මයට පත් වුනා..

"මා මේ සිටින්නෙ කොහේද..."

"මගේ දියණිය.. ඔබට සිහිය පැමිනිලා.."

කුටියේ පසෙකින් කුමරියට තම මෑණියන්ගේ හඩ ඇසුනා.. සමුද්‍රදේවි බිසව  වහා තම දියණිය වෙතට ආවා...

"කුමක්ද ඔබ මේ කලේ මගේ දියණිය.. අප කෙතරම් දුක් වුනාද ඔබ නිසා.. දන්නවද.. ඔබ මිය ගොස් යැයි සිතා අපගේ මුලු රාජ්‍යම ශෝක වුනා...
ඔබ කෙදිනක වත් ඔබේ  පිය රජතුමන්ගෙ දෑස් වල කදුළු දැක තිබෙනවද.. ඔබ සිහි වන සෑම මොහොතකම ඔහුගේ දෑස් වල කදුළු අප දැක්කා.. "

"සමාවෙන්න මෑණියනි..මට සමාවෙන්න.. පියාණන්ව දැක ගත යුතුයි මට.."

පිය රජතුමන්ව දැකීමෙන් කුමරියට නිම් හිම් නැති සතුටක් දැනුනා..

"දන්නවද පියාණනි.. අප ඒ දුෂ්ඨ රජුව පරාජය කලා.. ඔබට දැන් ඔහු ගැන කෝපයෙන් සිටීමට අවශ්‍යය නැහැ.. නැවත කිසිවෙකුට කප්පම් ගෙවීමට ඔබට සිදු වන්නේ නැහැ.."

***************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment