Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 02 කොටස

02 කොටස.

"අහ්.ඒ ගැන මෙතරම් ඉක්මනට ඔබට කියන්න මා බලපොරොත්තු වුණේ නෑ.නමුත් ඔබ දැන ගත යුතුයි දැන්..
ඔබට විවාහ යෝජනාවක් පැමින තිබෙනවා ස්ථිරාංග රාජ්‍යයේ නිශ්ශංක රජුගේ දෙවන පුත් හන්සක කුමරු පිළිබදව.."

කුමරියගේ මුහුන හඩන්නට ආසන්න වූ ලෙසක් දිස් වුනා.ඇය වෙවුලන දෙතොලින් මෙසේ පැවසුවා..

"මෑණියණි, මට තවම වයස 18 යි.
මට දැන්ම විවාහ වීමට උවමනාවක් නැහැ."

"දියණිය ප්‍රභා, මේ අහන්න..
ඔබ කෙසේ සිතා සිටියත් මෙය තමයි කුමරියකට විවහ වීමට සුදුසුම වයස..දන්නවද..මා ඔබේ පියාණන් සමග සරණ බන්ධනයට ඇතුලත් වන විට වයස 16 පසු කලා පමනයි."

"එහෙත් මෑණියනි, මට  කා සමගවත්  විවාහ වීමට අවශ්‍ය  නැහැ.
මෙය මාලිගාවක්ද..සිර මැදිරියක්ද.. මගේ ජිවිතය ගැන තීරණයක් ගන්න මට නිදහසක් දෙන්නෙම නැත්ද..
මේ සිර   ගෙදරින් තවත් සිර ගෙදරකට මාව මාරු කිරීමක් තමයි ඔය විවාහය කියන්නෙ.."

කුමරිය තම දෑස් වලට නැගුනු කදුළු නිදහසේ ගලා යාමට ඉඩ දී සිටියා.ඒ කදුළු  දැකීමෙන් වත් මව් බිසවගේ සිත යම්තම් වත් උණු වූ ලෙසක් පෙනෙන්නට තිබුනේ නැහැ.

"ප්‍රභා,ඔබ මෙලෙස කථා කරන්නට පුරුදු වුනේ කෙසේද..
මෙහෙකාරියන්ව අනවශ්‍ය  ලෙස ලං කර නොගන්න යැයි මා ඔබට අවවද කලෙත් ඔය නිසයි.ඔබ ඔය කථා කරන්නෙ ඔවුනගෙන් පුරුදු වූ දේ.
පිය රජු මේ විවාහ යෝජනව පිලිබදව ඔබත් සමග කථා කරාවි..දන්නවනෙ පියාණන්ගෙ හැටි.
ඔබ එදාටත් ඔය ලෙස හැසිරුනොත් කිසිම සමාවක් නම් නොලැබේවි.."

කුමරියට තව මොහොතකුත් එතන සිටීමට නොහැකි වුනා.වේගයෙන් තම කුටිය වෙත දිව ගිය ඇය තම සයන මත වැතිරීගෙන ඉකිබිදිමින් හඩන්නට වුණා.
කුඩා කල සිටම ඇය ගත කලේ බොහොම දුක් මුසු ජීවිතයක්.
විදීමට කෙතරම් සැප සම්පත් තිබුනත් තමාව සිර කර ඇති ලෙසක් ඇයට දැනුනා.මාලිගාව තුලදී මව් බිසවගේත් පිය රජුගත් නීති නියෝග වලට අනුව රූකඩයක් ලෙස කටයුතු කරන්නට සිදු වීම කුමරිය අප්‍රිය කලා..
පිය රජුගේ ගම් නියම් සංචාර වලට එක් වීමට ඇය මහත් බලාපොරොත්තුවෙන් සිටියා.නමුත් එයට අවසර තිබුනේ සන්තූප කුමරුට පමනයි.
එය කුමරියකට නුසුදුසු දෙයක් යැයි රජු  දැඩි ලෙස පැවසුවා.
ඇත්තෙන්ම මලිගාවෙන් පිටත කෙබදු තැනක්ද යන වග වත් කුමරිය දැක තිබුනේ නැහැ.
දුණු ශිල්ප සහ කඩු සටන් පිලිබදව කුමරිය බොහෝ ඇල්මක් දැක්වුවා.නමුත් ඇය කුමරියක් නිසා ඇයට එවන් දේ ඉගෙන ගැනීමට ඉඩ ලැබුනේ නැහැ.
කුමරියගේ පියා පන්ඩුක රජු යහපත් පාලකයෙකු වුවත් ඔහුගේ තිබූ එකම අඩුපාඩුව සුළු දෙයකින් පවා කිපෙන සුළු වීමයි.මේ නිසා එවන් අවස්තාවක ඔහු ලබා දෙන  තීන්දු තීරණත් නියෝගත් කිසිවෙකුට වෙනස් කල නොහැකි ඒවා වුණා.
මේ නිසා කුමරිය පමනක් නොව සමුද්‍රදේවි බිසවත් ඔහු හා තර්ක කිරීමට තබා වචනයක් කතා කිරීමටත් බිය වුණා.

***********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment