Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 09 කොටස

09 කොටස

 ප්‍රභාගේ ඇතැම් හැසිරීම් විටෙක අත්තම්මා ට විශ්මයක් ගෙන දුන්නා..නිසි ලෙස තමාගෙ රෙදි සෝදා ගැනීමට වත් ඇය දැන සිටියේ නැහැ.අත්තම්මා එය සිදු කරන ආකාරය බලා හිද තමයි ඇයත් එය කලේ..නිතරම ආහාරයට ලැබුනෙ පළා වර්ග සමග.කුමරිය ඒ කෑම වලට ප්‍රිය කලා..අත්තම්මා ඒවා සාදන අයුරු ඇයට කියා දුන්නා සහ ප්‍රභා බොහෝ ආශාවෙන් ඒවා ඉගෙන ගත්තා..
මෙසේ දින කිහිපයක් ගත වුනා..
එක් දිනයක සවස මෙවැනි සිදුවීමක් වුනා.පැල්පතට පිටතින් පිරිමි කටහඩක් ඇසුනා.ඔහු නිවසේ දොරට තට්ටු කලා..අත්තම්මා බොහෝ කලබල වුනා.ඇය ප්‍රභා ට නිශ්ශබ්ද වන ලෙස සංඥා කර ඇයට සැගවීමට යැයි පවසුවා..ප්‍රභා විමතියෙන් බලා සිටියත් ඒ කුමක් නිසාදැයි අසන්නට එය අවස්ථාව නොවන බව ඇය තේරුම් ගත්තා.

"ඔබ නැවතත්..?

 අත්තම්මා ව්මසුවා.එවිට ඔහු ඉතා සෙමින් යමක් පවසුවා..සැඟවී සිටි ප්‍රභාට එය පැහැදිලිව ඇසුනේ නැහැ.
ඔහු පැවසුවෙ මෙයයි..

"ගිය වර මට අර දිවියගෙන් එල්ල වුන ප්‍රහාර නිසා හොදටම තුවාල වූ බව ඔබ දන්නවනෙ..එ නිසා අපේ පිරිසට නයකත්වයක් නැති වුනා.අපේ පුහුනුවීම් කල නොහැකි වූ නිසයි අතරමග නවතා දමා යාමට සිදු වුනේ.
කුමරු විසින් නව සෙන්පති කෙනෙකු එවීමටයි සූදානම්.මෙවර ඔහුත් මමත් අපේ සේනාව පෙරට වඩා සංවිධානාත්මකව ගොඩ නගනවා..ඔබට හැකියිනෙ අප ඔබෙන් බලාපොරොත්තු වන රාජකාරිය නැවත ඉටු කිරීමට..."

සියල්ල අස සිටි අත්තම්මා..

"හොදමයි සෙන්පතිතුමනි, නමුත් සේනාව වැඩි වන විට නම් මට එය තනිව කරන්නට අපහසු වේවි.."

"හොදයි අපි එයටත් විසදුමක් සොයා ගනිමුකො."

 ඔහු එසේ පැවසුවා..තව මොහොතක් ඒ කුඩා නිවසේ කතාබහ කරමින් සිටි
ඔහු ,අත්තම්මාගෙන් සමු ගෙන පිටව ගියා.

"අත්තම්මෙ කවුරුන්ද ඒ?

ප්‍රභා විමතියෙන් ප්‍රශ්න කලා..කුමකටද ඔබ හමු වන්න ආවෙ? ඇයි ඔබ මට සැඟවෙන්න යැයි පැවසුවෙ.. ?

මෙම කුඩා නිවසෙහි අමුත්තෙක් දුටු ප්‍රථම වතාව බැවින් ප්‍රභාගෙන් අත්තම්මා ට ප්‍රශ්න වැලක් යොමු වුනා..

අත්තම්මා ගේ මුවින් සුසුමක් නැගුනා..

"අත්තම්මේඒඒඒඒඒ..............
පවසන්නකො.."

ප්‍රභා නොයිවසිලිමත් ලෙස ඇය දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවා.

අත්තම්මා ඇයට සියලු සිදුවීම් මෙසේ පැවසුවා..

"හොදයි,මට ඔබට සියල්ල පවසන්නට සිදු වෙනවා ඔවුන් ආපසු පැමිනිලානෙ.නමුත් මෙය කිසිවෙකුගේ කනට නොයවන ලෙස ඔබ මට පොරොන්දු විය යුතුයි.

"අත්තම්මෙ මම කාට පවසන්නද..දැන් මට සිටින්නෙ ඔබ පමනයිනෙ."

ප්‍රභා දුකින් පැවසුවා.

"දුවේ මා එසේ සිතා කීවා නොවෙයි.නමුත් මෙය ඉතා රහසක්ව පවත්වා ගත යුතු දෙයක්..ඒ නිසයි මා එසේ පැවසුවෙ."

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment