Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 05 කොටස

05 කොටස

යා යුත්තේ කොතරම් දුෂ්කර ගමනක්ද යන වග ඔවුන් දෙදෙනාටම අවබෝධයක් තිබුනේ නැහැ..හිතුවක්කාර කුමාරිකාවත්, ඇයට අවනත සේවිකාවත් අරමුණකින් තොරව මාර්ගය දිගේ ඉදිරියටම ගියා..
මාර්ගයෙහි ගල් බොරලු කුමරියගේ මටසිළුටු පාද වලට වේදනාවක් ගෙන දුන්නා.නමුත් කිසිදු වේදනාවකට,බාධාවකට තම ගමන වලක්වන්නට ඉඩ නොදෙමි යැයි අදිටන් කරගෙන සිටි කුමරිය ඒ පිළිබඳ නොසිතා ඉදිරියටම ගියා..
මාලිගාව ගැනම සිතමින් පැමිනි සචින්තනාට මාලිගාවේ දැන් තත්වය කුමක් වේදැයි සිතුනා.කුමරිය මාලිගාවේ නැති බව දැන ගත් විටම රජුත් බිසවත් කලබල වන අයුරු ඇයට මැවී පෙනුනා.

"කුමරියත් මමත් සොයන්නට සෙබලුන් පිටත් කර හරීවි නිසැකවම.."
සචින්තනා ගේ සිතෙහි ගිනි ජාලාවක් නැගුනේ එවිටයි.ඇය සිතුවිලි වලින් වහා මිදී කුමරියගේ අතින් අල්ලා ගනිමින් මෙසේ පැවසුවා.

"කුමරියනි අපි...."

සචින්තනාට කියන්නට ලැබුනේ එපමනයි.කුමරිය ඇගේ කථාවට බාධා කරමින් මෙසේ පැවසුවා..

"සචින්තනා...මා තවත් ඒ මාලිගාව කියන සිර මැදිරියෙ සාමාජිකාවක් නොවෙයි.කුමරියන් සිටින්නෙ මාලිගාවල.මම දැන් ප්‍රභා.ප්‍රභා විතරමයි.මට ප්‍රභා යැයි කියන්න මින් පස්සෙ.."

සචින්තනාට තමා කියන්නට ආ දෙයත් අමතක වුනා.කුමක් කිවයුතු දැයි විශ්මයෙන් කුමරිය දෙස බලා සිටියා.

"කුමරියනි, මා කෙසේද ඔබට ඔබේ නමින් අමතන්නේ...? ඔබ කුමාරිකාවක්.මා සෙවිකාවක් පමනයි..."

ප්‍රභා එය නෑසුන ලෙස දිගටම කතා කලා..

"අනෙක ඔබ මට කුමරිය යැයි අමතනව කාට හෝ ඇසුනොත්   සෙබලුන්ටත්,සෙබලුන්ගෙන් පිය රජතුමාටත් අප ගැන ආරන්චිය යාවි.කේලම්..ඒ කේලම් වෙනුවෙන් ඔහු ඕනෑ අයෙකුට මුදල් තෑගි දීමට සූදානම්නෙ.. "

මාලිගාව ගැන කුමරියගේ අපැහැදීමත් කෝපයත් එම වදන් සමගම මුහුනෙන් පිළිඹිබු වුනා.සෙබලුන් ගැන ඇසෙත්දීම තමා කියන්නට ආ දෙය සචින්තනාට මතක් වුනා.

"කුමරියනි..., ස..සමාවෙන්න..
මා කියන්නට ගියේ අප නැති බව මාලිගාවෙන් දැන ගත් විට නිසැකවම මේ මාර්ගය දිගේ සෙබළුන් පැමිනේවි.අප මාර්ගය වෙනස් කල යුතුයි.. අනෙක මේ සේවිකා ඇදුම් ඉවත් කර අනෙක් ඇදුමක් ඇද ගත යුතුයි අප.."

ප්‍රභාට එය සිහි වුනෙත් සචින්තනා මතක් කල විටයි.
ඔවුන් මාර්ගයේ පසෙක වු කැලෑව ඔස්සේ ගමන් ගන්නට පටන් ගත්තා..ප්‍රභාගේ යටි පතුල් රත් පැහැ ගැන්වී තිබුනා.ගල් බොරලූ කෙසේ ඉවසාගෙන පැමිනියත් කැලෑවෙහි වූ කටු ඇනෙන්නට වූ බැවින් සිහින් කෙදිරියක් ඇගේ මුවින් නැගුනා.නමුත් සචින්තනාටද කල හැකි කිසිවක් තිබුනේ නැහැ.
යා  යුත්තේ කුමන තැනටද යන්න අරමුණු කොට නොගෙන සෙබළුන්ගෙන් බේරීම පමනක් අරමුණු කොට ගත් ඔවුන් දෙදෙනා වනාන්තරය තුලින් ඉදිරියටම ගියා..

********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment