Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 29 කොටස

29 කොටස

සෙබළුන් කණ්ඩායම් වෙන් වෙන් ස්ථානයන් වල විවේක ගනිමින් සිටියා.. සප්ත සෙන්පතින් බිම්සර සෙව්වද ඒ කිසිදු ස්ථානයක ඔහු සිටියේ නැහැ.
"මේ රාත්‍රියේ ඇය තනිවම නිවසට පිටත් වුනාද.."
සප්ත තනියම සිතුවා.. ඔහුගේ සිත ඇය පිලිබදව වෙහෙසුනා..

"නන්දික ඔබ බිම්සරව දුටුවද.."

සප්ත නන්දිකගෙන් විමසුවා..
අඩ හෝරාවකට පමන පෙර බිම්සරව දුටු දිශාව නන්දික ඔහුට පෙන්වූවා.. සප්ත ඉක්මනින් එතනට ගියා.. මොහොතකින් ඔහු දුටුවා බිම්සර ගසක් යට හිදගෙන සිටිනවා..

"බිම්සර ඔබ කුමක්ද මෙතන කරන්නෙ..? පවසන්න.. "

බිම්සරගේ මුහුනේ කදුළු දුටු සප්ත විශ්මයෙන් විමසුවා..

"ඔබ හඩනවා නේද...."

ඒ මොහොතේ තම දෑස් වල වූ කදුළු වසන් කිරීමට ඇයට අවශ්‍ය වූයේ නැහැ... සප්තව දැකීමෙන් පසු ඇගේ වතෙහි වූ කදුළු වැඩි වුනා..

"ඔබ හඩන්නට එපා.. මා කිසිසේත්ම කැමති නැහැ එයට.."

සප්ත ඇගේ වතෙහි වූ කදුළු තම දෑත් වලින් පිස දමමින් පැවසුවා..
තමන් දෙදෙනා සෙන්පතියෙකු හා සෙබලෙකු බව දෙදෙනාටම අමතකව තිබුනා.. ඇය තරුණියක් බව ඔහු දැන සිටියා.. ඔහු තම සිත බලාපොරොත්තු වන තරුණයාම පමණක් බව ඇය දැන සිටියා..
අසල සෙබල කූඩාරමෙහි වූ පහන් ආලෝකය ඔවුන් අසලට වැටී තිබුනා.. ඒ මොහොතෙහි යුධ  ජයග්‍රහනය බලාපොරොත්තුවෙන් ශක්තිමත් වන  හදවත් දහසක් අතර, වෙන් වීම දරා ගත නොහැකි වූ හදවත් දෙකක් දුර්වල වෙමින් සිටියා.. ප්‍රභා හැඩුම් අතරින්ම ඔහුගේ අත අල්ලා ගත්තා..

"සෙන්පතිතුමනි, මට ඔබට යමක් පැවසීමට තිබෙනවා.. එයට පෙර ඔබ මට පොරොන්දුවක් විය යුතුයි.."

"පොරොන්දුවක්? "

සප්ත විශ්මයෙන් විමසුවා..

"මා දැන් ඔබට කුමක් පැවසුවත්,  හෙට දිනයේ යුද්ධ කිරීම සදහා ඔබ මට ඉඩ ලබා දිය යුතුයි.. සෙන්පතිතුමනි..."

සප්ත කිසිවක් පැවසුවේ නැහැ. ඇය තරුණියක් බව දැන ගත් දා සිටම ඔහු තීරණය කර තිබුනේ ඇයව සටන සදහා  සහභාගි කර නොගන්නා බවයි.. ඇය සටන් සදහා කෙතරම් දක්ශ වූවත් සටනේ දී ඇයට අනතුරක් වනු දැකීමට ඔහු කිසිසේත්ම කැමති වූයේ නැහැ.. සටන සදහා ඇය සහභාගි වීම මග හැරීම සදහා ඔහු පෙර සිටම සැලසුමක් සිතා සිටියා...

****************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment