Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 32 කොටස

32 කොටස

"නැහැ සප්ත.. ඔබට පමනයි මගේ හදවතේ දැන් ඉඩක් තිබෙන්නෙ.. මා කුමරු සමග විවාහ වන්නේ නැහැ.. අපට එක් වන්නට කිසිම දිනක අවස්තාවක්  නොලැබුනත් ඒ ඉඩ එලෙසින්ම ඔබ වෙනුවෙන් තිබේවි..." <3

කිව යුතු දේ බොහෝ තිබුනත් ඇය නැවතත් හඩනු දැකීම ඔහුට අවශ්‍ය නොවුන නිසා සප්ත කිසිවක් පැවසුවේ නැහැ..
තමා කුමරියක් යැයි ප්‍රභා පැවසූ පසු තමා මේ කතා බහ කරමින් සිටින්නේ කුමරියක් සමග යැයි සාමාන්‍ය තරුණයෙකුගේ සිතෙහි ඇති වන බියත් චකිතයත් සප්ත කෙරෙහි දක්නටවත් නොමැතිකම විශ්මයට කරුණක් වුනා.. ඔහු තම අතක් ඇය වටා යවා තමාට සමීප කර ගත්තා..

"මගේ කුමරිය මට ඔබගෙන් පොරොන්දුවක් අවශ්‍යයි... ඔබ එය ඉටු කරන බව මට පොරොන්දු විය යුතුයි..."

"පොරොන්දුවක්? ඒ කුමක්ද... "

කුමරිය විමසුවා..

"හෙට දින යුද්ධයේදි මට කුමක් හෝ සිදු වුනොත් ඔබ ආපසු ඔබේ රාජ්‍යට යා යුතුයි කුමරිය... මේ වනාන්තරයේ කිසිදු ආරක්ශාවක් ඔබට නැහැ.."

"සප්ත,, කුමක්ද ඔබ මේ පවසන්නෙ... ඔබට කුමක්වත් සිදුවන්නෙ නැහැ.."

ප්‍රභාගේ කදුළු වැල් නැවත අලුත් වුනා..

"මට නොහැකියි නැවතත් එහි යාමට.. කුමක් කල යුතුදැයි මා දන්නේ නැහැ.."

නමුත් සප්තට ඔහු ඉදිරියේ පැහැදිලි පිලිතුරු තිබුනා.. ඒවා ප්‍රභාට පැවසීමට මෙය අවස්ථාව නොවන බව ඔහු තීරණය කලා.. "ඉවසන්න මගේ කුමරිය, මා සටන ජය ගෙන පැමිනෙන තෙක්! " සප්ත තම සිතින් මිමිනුවා.. සප්තගේ බල කිරීම් නිසා එසේ පොරොන්දුවක් ඔහුට ලබා දීමට කුමරියට සිදු වුනා..

"කුමරිය දැන් ඔබ නිවසට යා යුතුයි.. ඔබ සටන සදහා යාමට අවශ්‍යම යැයි පවසනවනෙ.. නමුත් මා හෙට උදෑසන ඔබව රැගෙන යාමට පැමිනෙන තෙක් තනිව පැමිනෙන්නට එපා.."

ඔහු ප්‍රභා ව නිවසට ගොස් ඇරලුවා.. අතරමගදි අතොරක් නොමැතිව ඇගේ දෑසින් වැටෙන කදුළු නැවැත්වීමට නොහැකිම තැන සප්ත මෙසේ පැවසුවා...

"ඔබ ඔය ලෙස හඩමින් සිත දුර්වල කර ගෙන හෙට දින සටනට යන්නේ කෙසේද... ඔබ ඔය ලෙසින් හඩනවා නම් සටන සදහා සුදුසු නැහැ ඔබ..."

ඇය තම දෑස් වල වූ කදුළු පිසදා ගත්තේ ඉන් පසුවයි....
ආපසු යන ගමනේදී සප්ත තනිවම මෙසේ සිතුවා..

ඇය මගේ කුමරිය බව නොදැන සිටියදීත් ඇය සටන සදහා පැමිනෙනවාට මා කැමති වූයේ නැහැ.. දැනුත් එසේමයි. ඇයට අනතුරක් සිදු වුවොත් මට එය දරා ගන්නට බැහැ.. හෙට උදෑසන ඇය මා එනතෙක් රැදී සිටීවි.. නමුත් හෙට අළුයම අප කණ්ඩායම පිටත් වනවා..
ඔබව දමා ගියාට ඔබ මා හා උරණ වේවි... එහෙත් මා එසේ කරන්නෙ මට ඔබව නැති කර ගැනීමට අවශ්‍ය‍ය නොවන නිසයි මගේ කුමරිය...

************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment