Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 22 කොටස

22 කොටස

කිහිප දිනකින් සප්ත සෙන්පතිගේ ආබාධ තත්වය සුව  වුනා.. බිම්සර තමා අසලම සිට උපකාර කල නිසා ඔහුට බිම්සර පිලිබද දැඩි ලෙන්ගතුකමක් ඇති වී තිබුනා..
ඔවුන් දෙදෙනාම නැවත පුහුනුවීම් ඇරඹීම සදහා පිටත් වුනා..
සටනට සතියකට පමන පෙර දිනක බිම්සර පුහුනුවීම්  සදහා පැමින තිබුනේ නැහැ.සප්ත ඒ පිලිබදව විමසුවා..

"චිත්ත, කුමක්ද බිම්සර නොපැමිනීමට හේතුව? "

"සෙන්පතිතුමනි, අත්තම්මා මදක් අසනීපයෙන් යැයි ඔහු පනිවිඩයක් එවා තිබුනා.. ඔහු හැකි ඉක්මනින් පැමිනේවි.."

සවස එහි යෑමට සප්ත සෙන්පතිතුමා සිතා ගත්තා..

"ආහාර ගමෙන් ලබා ගන්නා නිසාත් යුද්ධය ආසන්නයේ පවතින නිසාත් බොහෝ විට සෙබලුන් මෙහෙ පැමිනෙන්නේ නැහැනෙ දැන්.. එ නිසා අද හැකියි මට තරුණියක් ලෙස ඉන්නට... මට මා තරුණියක් බවත් අමතක වෙමිනුයි තිබුනෙ.. :)

"අත්තම්මෙ... මා දොලට ගොස් ඉක්මනින් පැමිනෙන්නම්.."

එම සවස් යාමයේ ඇය දිය නාගෙන නැවත කුඩා නිවස වෙත පැමිනුනා..
ඒ වන විටත් යමෙකු ඔවුන්ගේ නිවසට පැමිනෙමින් සිටින බව ඔවුන් කිසිලෙසකත් සිතුවේවත් දැන සිටියේවත් නැහැ.
ඒ වන විටත් සප්ත කුඩා නිවසේ දොරකඩ අසලටම පැමින සිටියා.. දියණිය සමගින් යමක් කතා කිරීමට අත්තම්මාට අවශයව තිබුනා..

"දුවේ මට ඔබට යමක් පවසන්න තිබෙනවා...."

එය ඇසුනු සප්ත සෙන්පතිතුමන් දොරට තට්ටුවක් දමන්නට එසවූ අත ආපසු පහතට ගත්තා... "දුවේ යැයි පැවසුවෙ... කවුරුන්ද නිවසේ සිටින්නෙ.." ඔහු තනිවම සිතුවා..

"ඉතින් පවසන්නකො අත්තම්මේ.."

අත්තම්මා කල්පනා කරමින් සිටිනු දුටු ප්‍රභා එසේ විමසුවා..

"ඔබ සප්ත සෙන්පතිතුමා හා සමීප වනවා වැඩියි..මා දුටුවා ඔහු අසනීප වූ පසුගිය දිනවල පවා ඔහු අසලම සිටියා..
දුවේ ඔහු කුමරුගේ හමුදාවෙ ඉහල නිලධාරියෙක්... ඔබ සාමාන්‍ය තරුණියක් පමණයි.. ඔහු පිලිබඳ යමක් සිතේ තිබෙනවා නම් එය ඉවත් කර ගන්න.. ඔහුගෙන් ඈත්ව සිටින්න.."

මේ ඇස්න්නේ කුමක් දැයි සප්ත සෙන්පතිතුමාට අදහා ගත නොහැකි වුනා.. අසල කවුළුව වෙත ගිය ඔහු නිවස තුල බැලීමට ඉඩක් සොයා ගත්තා..
දිගු කේෂ කලාපයක් ඇති සුන්දර තරුණියක් ඔහුට පෙනෙන සීමාවට පිටුපා සිටියා.. ඇගේ මුහුණ දැක ගැනීමේ ආශාවක් ඔහු තුල ඇති වුනා..
රත් පැහැ පාද වලින් එහෙ මෙහෙ යමින් ඇය අත්තම්මාට මෙලෙස කියමින් සිටියා...

"ඔබ කුමක් පවසනවද අත්තම්මෙ.. මගේ සිතේ එවැන්නක් ඇත්තෙ නැහැ..
ඔහු හරිම නිර්භීතයි.. ඔහුගේ ගතිගුණ වලට මා කැමතියි.. නමුත් ඔහු පිලිබද එවැනි දෙයක් මගේ සිතෙහි නැහැ..අනෙක ඔහු ඉදිරියේදි මා තරුණියක් නොවේනෙ.."

ප්‍රභා තම සිතෙහි පවතින හැගීම් සගවා කතා කරමින් සිටියා.. ඇය මෙය සගවමින් සිටියේ අත්තම්මාට පමනක් නොවේ..තමාටමද එසේ පවසා ගනිමින් සිටියා..

*****************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment