Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 14 කොටස

14 කොටස

" කුමරියනි, මහා මාලිගාව තුල කුමක්ද මේ ඇතිවී තිබෙන වෙනස..? රාජ සභාවත් කලබලකාරීයි... "

"ඔව් මුතූ.. පසු ගිය දින වල මටත් ඒ ගැන කුතුහලය තිබුනා.. පසුව මම මෑණියන්ගෙන් ගෙන් විමසා දැන ගත්තා.."

ඉන්පසු පැවසූ සියලු දේ කුමරිය පැවසුවේ ඉතා සෙමිනි..

"මුගලන්.. ඒ කියන්නෙ මගේ පියාණන්ගෙ සොහොයුරා ඉන්දියාවේ සිට පැමිනිලා යැයි ආරංචි වී තිබෙනවා..  ඔහු නිසැකවම සේනා සංවිධානය කරගෙනයි පැමිනෙන්න ඇත්තෙ..
කොයි යම් මොහොතක හෝ ඔහු යුද්ධය ප්‍රකාශ කල විට පියාණන්ට හා අප සේනාවට ඔවුන්  සමග යුධ වැදීමට සිදුවේවි... ඇත්තෙන්ම මට බියක් දැනෙනවා මුතූ.. ඔබ යමක් දන්නවා නම් පවසන්න මට කරුණාකරලා.. කුමක්ද සිදු වෙන්නෙ..? "

පෙර අවස්ථාවක රජු විමසූ දෙයම කුමරියත් මුතූ ගෙන් විමසා සිටී... තම පියාණන් සිය දිවි නසා ගෙන මිය යන බව  දියණියක් කෙසේ අසා දරා ගන්නද..

"නැහැ කුමරියනි මා ඒ පිළිබඳව කිසිවක්  දන්නේ නැහැ.. එහෙත් මා සිතන ලෙසට අපගේ රජු ජය ගනීවි.. ඔහුගේ හමුදාව බොහෝ ශක්තිමත්.. ඔබ දන්නවානෙ එය... "

මුතූ, බෝධි කුමරිය අස් වැසීමට එසේ පවසා නිහඩ විය..
නැවත කුටියට පැමිනි මුතූට තම දෙනෙත් තෙත් වනු දැනිනි.. වසර කිහිපයක්ම ඔවුන් සමඟ හිඳ ඇති වූ බැඳීම් නිසා රජ පවුලට, රාජධානියට ඇති වන්නට යන විනාශය ඇයට දරා ගත නොහැක.. 
'ඒත් මම මේ ගැන කරන්නෙ මොනවද... අතීතයට එන්නට මට පුළුවන් වුන බව ඇත්ත.. ඒත්...ඒත් අතීතයක් මට වෙනස් කරන්න බැහැ.. කාටවත් එහෙම කරන්න බැහැ.. :'( 
මේ සියලු දේ සිදුවන ලෙසට සිදු වන්නට ඉඩ හැර බලා සිටීම පමණයි මට කල හැකි වෙන්නෙ..

දින එකින් එක ගෙවී ගියේය... යුද්ධ ප්‍රකාශය කොයි මොහොතක සිදු වේ දැයි සැවොම දෙගිඩියාවෙන් බලා සිටියහ.. රජ පවුලේ කිසිවෙකුත් මාලිගාවෙන් පිටතට නොගියහ.. බෝධි කුමරියගේ වීණා හඬ ඒ කාලය තුලම ඇසුනේ නැත..
මෙය තමාට ආපසු යාමට කාලය යැයි මුතූ ට හැඟී තිබිනි.. නමුත් මෙසේ රාජධානිය කරදරයට පත් අත‍ර එසේ යාමට මුතූගේ සිත ඇයට අවසර නොදුනි..

............................................................

සැවොම දෙගිඩියාවෙන් බලාපොරොත්තුව සිටි දිනය උදා විය.. මුගලන් යුද්ධය ප්‍රකාශ කර සිටියේය..
රජුත් සෙබල පිරිසත් යුද්ධය සඳහා පිටත් වීමට සූදානම් විය..
රජු, මව් බිසවගෙනුත්, බිසව හා කුමරියන්ගෙනුත් සමු ගන්නා මොහොතේ අසල සිටි සියල්ලන්ටම හොරෙන් මුතූ ගේ දෑස් කඳුළින් තෙත් විය.. රජුගේ ජයග්‍රහනය සෑම දෙනාගේම බලාපොරොත්තුව විය..
සටන සිදුවන්නේ හබරණ ප්‍රදේශයේ බව වර්ථමාන තොරතුරු වලින් මුතූ දැන සිටියා ය.. කාශ්‍යප රජුගේ හා ඔහුගේ සොයුරු මුගලන් ගේ මෙම හබයට රණ බිමක් වූ ප්‍රදේශය හබූරණ පසුව මෙලෙස හබරණ වූ බව ඇය අසා තිබිනි...

රජු පිටත් ව ගිය පසු සියල්ලන්ම බලා සිටියේ සටනට කුමක් සිදු වී දැයි පණිවිඩයක් පැමිනෙන තුරු ය....
බිසව දෙවියන් සිහි කරමින් තම කුටියට වී කල් ගෙවුවා ය... මුතූ, කුමරියන් අසලටම වී සිටියා ය.
අවසානයේ සෙබලෙකු සටනේ පණිවිඩයක් ගෙන ආවේ ය.. එය මුතූ හැර අන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පණිවිඩයකි..

"අපගේ රජු පසු බැස්සා.. එබැවින් අප සේනාවත් ඔහු අනුවම පසු බසිනු ලැබුවා..."

කුමරියන් බියෙන් හඩන්නට විය..

"නැහැ.. මගේ පියාණන් කිසිදිනෙක පසු බසින්නේ නැහැ.. එය විය නොහැකියි.."

උත්පලවන්නා කුමරියත්, බෝධි කුමරියත් එකහෙලාම කියමින් හැඩුහ..

සිදුව ඇති දෙය මුතූට දැන සිටියා ය.. නමුත් එය කෙසේ නම්  කුමරියන්ට කියන්නද..
සත්‍ය පණිවිඩය ලැබෙන තුරු මුතූ ද ඉවසා සිටියා ය.. තවත් හෝරාවක් පමන ගත වන විට නැවතත් පණිවිඩකරුවකු පැමිණ සිටියේය.. සිදු වූ සියලු සිදුවීම ඔහුගෙන් දැන ගත හැකි විය.. ඔහුගේ මුහුනේ තිබූ භීතිය තැතිගැන්ම මාලිගාවේ සියලුදෙනා කලබල කිරීමට සමත් විය..

"අප සේනාවේ ඉදිරියෙන්ම ගමන් කලේ අපගේ මහ රජාණන්... විශාල මඩ වලක් ඔහු ඉදිරියේ.. මගුල් ඇතු මඩ වල ඔස්සේ යාම ප්‍රතික්ශේප කර ආපසු හැරී තිබෙනවා.. අප සේනාව සිතා තිබෙන්නෙ....රජු පසු බසිනවා  කියලයි... එවිටම සේනාවත් පසු බැස තිබෙනව....
සෙබල පිරිස පලා යනු දුටුවම....අප මහ රජු.... ඔහු..සියතින් ගෙල සිදගෙන මිය ගොසින්... :'(
ඔහු සිතන්නට ඇති... සතුරාට හසුව මිය යනවාට වඩා..එසේ මිය යාම හොද බව...
රජුගේ දේහයත් මුගලන් ගේ සේනාවෙන් රැගෙන ගොස් තිබෙනවා.."

පනිවිඩ කරු වෙව්ලමින් පැවසීය.. ඉන් පසු මුලු මාලිගාව තුලම වූයේ අදෝනා ය.. බිසව සිහිසුන් විය.. කුමරියනුත් මව් බිසවත් විලාප තබමින් හඩන්නට විය.. අන්තඃපුර කාන්තාවන්ගේ වැලපුම ද පසෙකින් ඇසෙන්නට විය..
රාජධානියේ විනාශය මෙසේ තම දෑස්  ඉදිරියේ දකින්නට ලැබීම මුතූටද දරා ගත නොහැකි විය..

********************************

(මතු සම්බන්දයි.)

** රජුගේ අවසානය පිළිබඳව මත 2ක් හම්බවුනා.. මම තෝර ගත්තෙ ගොඩක් තැන් වල මම දැකපු මතය.. මේ ඒ දෙක..

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
යුද්ධෙට යන කොට ඇතා පිට නැගලා ඉස්සරහින්ම ගිහිල්ලා තියෙන්නෙ කාශ්‍යප රජතුමාලු. ටික දුරක් ඉස්සරහට යන කොට විශාල මඩ වලක් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න අදිමදි කරපු ඇතා, පිටිපස්සෙන් පිටිපස්සට ගිහින්, කාශ්‍යප රජතුමාගේ සේනාව දිහාවට හැරිලා තියෙනවා. කාශ්‍යප රජතුමා පසු බහිනවා කියලා හිතපු සේනාව සී සී කඩ දිව්වලු. රජ කෙනෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්. රජතුමාගේ ජීවිතයට කැලලක් වුණොත්, ජීවත් වෙලා ඉන්න තාක් කල් රජවරු ඒ දේ ගැන කල්පනා කරමින් හිතින් විදවනවා. අභිමානය, පිළිගැනීම, තත්වය නැතුව යනවා. ඒ නිසා ලැජ්ජාවෙන් බේරිලා, තමන්ගෙ අභිමානය රැක ගන්න රජතුමා මගුල් ඇතා පිට ඉන්දැද්දිම කඩුවෙන් ඇන ගෙන, සියදිවි නසා ගත්තලු.
රජතුමාගේ මරණය ගැන තියෙන අනිත් මතය තමයි කාශ්‍යප රජතුමාගේ හමුදාව සහ මුගලන් කුමාරයාගේ හමුදාව අතර ඇති වෙච්ච සටනින්, කාශ්‍යප රජතුමාගේ හමුදාව අන්ත පරාජයක් ලැබුවා කියන මතය. ඒ නිසා කාශ්‍යප රජතුමා කන්දකින් පල්ලෙහට පැනලා සියදිවි නසා ගත්තා කියන එක. කොහොම වුණත් රජතුමාගේ අවසානය නම් ඛේදවාචකයක් කියලා මේ මත දෙකෙන්ම පැහැදිලි වෙනවා.
'''''''''''''''''''""""""""""""""""""""""""""'"""""

No comments:

Post a Comment