Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 25 කොටස

25 කොටස

පසු දින සප්ත සෙන්පතිතුමා ගේ හැසිරීමෙහි පෙර දින මෙන් වෙනසක් දක්නට තිබුනේ නහැ.. ඔහු සුපුරුදු ලෙස බිම්සර සමග සුහදව කතා බහ කලා..

(සප්ත) :-  "බිම්සර මට ඔබගෙන් දැන ගතයුතු යමක් තිබෙනවා.."

(ප්‍රභා) :-  "පවසන්න සෙන්පතිතුමනි.."

(සප්ත) :-  "ඔබ සටන් කිරීම සදහා මෙතරම් ඇළුම් කිරීමට හේතුව කුමක්ද.."

ප්‍රභා යම්තම් සිනා සී, මදක් කල්පනා කරමින් හිද මෙසේ පැවසුවා..

"මටත් එය නිසි ලෙස තේරුම් ගන්න අපහසුයි සෙන්පතිතුමනි..
මගේ පියා රාජකාරි කලේ රාජකීය උයනෙ.. දිනෙක මට ඔහු මුණ ගැසීමට එහි යාමට සිදු වුනා.. මා දුටුවා සන්තූප කුමරු උයනේ පුහුණුවීම් කරනවා.. මට කඩු ශිල්පය දුනු ශිල්පය පිලිබද දැඩි ආශාවක් ඇති වුනා..
මා කෙදිනකවත් සිතුවේ නැහැ මට ඒ ආශාව ඉටු කර ගන්නට මේ ලෙස අවස්තාවක් ලැබෙයි කියලා.."

ප්‍රභා අර්ධයක් සත්‍ය වූත් අර්ධයක් මුසාවක් වූත් පිලිතුරක් ලබා දුන්නා..
බලාපොරොත්තු ඉටු වීම නිසා ලැබුනු ප්‍රීතිය ඇගේ දෑස් වලින් දක්නට තිබූ නිසා ඔහු ඇයව විශ්වාස කලා..
ඇත්තෙන්ම කාන්තාවක් නිසා ලගා කර ගන්නට නොහැකි වූ එම බලාපොරොත්තු හා ආශාවන් මෙසේ ඉටු කර ගැනීමට උත්සහ දරන තරුණියක් ලෙසටයි ඔහුට සිතුනෙ.. ඇය ගැන අනුකම්පාවක් ඔහුගේ සිතේ ඇති වුනා.. නමුත් ඇයව අවසානයේ සටන සදහා සහභාගි කර නොගැනීමට ඔහු ඒ වන විටත් තීරණය කර තිබුනා..

(සප්ත) :-  "සන්තූප යැයි පැවසුවෙ ප්‍රභා කුමරියගෙ මළනුවන් විය යුතුයි.."

(ප්‍රභා) :-  "එසේය සෙන්පතිතුමනි.."

(සප්ත) :-  "ඔවුන් දෙදෙනාව බොහෝ කාලයකින් දකින්නට ලැබුනෙ නැහැ.. "

(ප්‍රභා) :-  බොහෝ කල්? ඔබ ඔවුන්ව දැක තිබෙනවද.. :o ඔබ අපගේ දෘඩාංග රාජ්‍යට ගොස් තිබෙනවද..

(සප්ත) :-  නැහැ. ඔවුන් වරක් අපගේ රජ්‍යයට පැමින තිබෙනවා..එවිටයි ඔවුන්ව දුටුවෙ..  කුමරිය නම් බොහොම ආඩම්බරයි ඒ දිනවල..

සප්තගේ මුහුනෙහි ඒ අතීතය මතක්  වීමෙන් සිනහවක් ඇදුනා.. නමුත් මේ පවසමින් තිබෙන්නේ අනවශ්‍ය කතාබහක් වන බව එක් වරම ඔහුගේ සිතට නැගුනා.. ඔහු එම කතාව නැවැත්වීමට සිතා වෙනත් යමක් පැවසුවා..
නමුත් ප්‍රභාගේ සිත එතැන නතර වුනා.. "අප ඔවුන්ගේ රජ්‍යයට ගියා..? මට මතක ලෙසට ඒ අප බොහෝ කුඩා අවදියේදි.. සප්ත සෙන්පති මගේ වයසට ආසන්න වයසකයි.. අප ආ බව ඔහුට ඒ තරම් සමීප කෙසේද.. ඒ වන විටත් ඔහු මාලිගාවෙ සිටින්නට නොහැකියිනෙ.." ප්‍රභා තනිවම සිතුවා..
නමුත් ඒ පිළිබදව විමසන්නට හැකියාවක් ඇයට තිබුනේ නැහැ.මක් නිසාද යත් ඇගේ රහස් සියල්ලද එම ප්‍රශ්න කිරීම් තුල අන්තර්ගත කල යුතු වන නිසා..

****************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment